16 වන පරිච්ඡේදය
ලේමන්වරු ඇමෝනිහා හි ජනතාව විනාශ කරති – සෝරම් නීෆායිවරුන්ව ලේමන්වරුන්ට එරෙහිව ජයග්‍රහණය කරා ගෙන යයි – ඇල්මා ද ඇමියුලෙක් ද වෙනත් බොහෝ දෙනෙක් ද වචනය දේශනා කරති – උන්වහන්සේගේ උත්ථානයෙන් පසු ක්‍රිස්තුස්වහන්සේ නීෆායිවරුන් හට පෙනී සිටින බව ඔවුන් උගන්වති. ක්‍රි.පූ. 81–77 පමණ.
1 තවද එය මෙසේ සිදු විය, එනම් නීෆායි ජනතාව කෙරෙහි විනිශ්චකාරවරුන්ගේ රාජ්‍ය පාලන සමයේ එකොළොස්වන වසරේ දී, දෙවන මාසයේ පස්වන දවසේ දී, මෙතෙක් කල් සරහෙම්ලා දේශයේ බොහෝ සාමය තිබූ අතර, යම්කිසි වසර ගණනාවකට යුද්ධ හෝ මතභේද රහිතවූ අතර, එකොළොස් වන වර්ෂයේ දෙවන මාසයේ පස්වන දිනය දක්වා වුවද, දේශය පුරාවට යුද ඝෝෂාවක් ඇසුණි.
2 මක්නිසාද බලව, ලේමන්වරුන්ගේ හමුදාවන් වනාන්තරය දිශාවෙන්, දේශයේ සීමා තුළට පැමිණ, ඇමෝනිහා නගරය තුළට පවා පැමිණ, තවද ජනතාව මැරීමට සහ නගරය විනාශ කරන්නට විය.
3 තවද එය මෙසේ සිදු විය, එනම් නීෆායිවරුන් ඔවුන්ව දේශයෙන් පිටතට පලවා හැරීමට ප්‍රමාණවත් හමුදාවක් රැස් කිරීමට පෙර, ඔවුන් ඇමෝනිහා නගරයේ සිටි ජනතාව විනාශ කළෝය, තවද නෝවාහි සීමා වටා කිහිපදෙනෙක් ද, තවද අනෙක් අය වහලුන් ලෙස වනාන්තරයට ගෙන ගියෝය.
4 දැන් එය මෙසේ සිදු විය, එනම් නීෆායිවරුන්ට වහල්භාවය පිණිස වනාන්තරයට රැගෙන ගිය අය ලබා ගැනීමට වුවමනා විය.
5 එසේහෙයින්, නීෆායිවරුන්ගේ හමුදාවලට ප්‍රධාන කපිතාන් ලෙස පත් කළ ඔහු, (තවද ඔහුගේ නම සෝරම් විය, තවද ඔහුට පුත්‍රයින් දෙදෙනෙක් විය, ලීහායි සහ අහා) – දැන් සෝරම් සහ ඔහුගේ පුත්‍රයින් දෙදෙනා, ඇල්මා සභාවේ උත්තම පූජකයා බව දැන, තවද ඔහුට ආනාවැකියේ ආත්මය ඇති බව අසා, එසේහෙයින් ඔවුන් ඔහු වෙත ගොස් ලේමන්වරුන් විසින් වහල්භාවයට ගෙන ගිය, ඔවුන්ගේ සහෝදරයන් සෙවීමට ඔවුන් වනාන්තරය තුළට යා යුතු දැයි ස්වාමීන්වහන්සේගේ කැමැත්ත දැන ගැනීමට ඔහුගෙන් වුවමනා විය.
6 තවද එය මෙසේ සිදු විය, එනම් ඇල්මා ස්වාමීන්වහන්සේගෙන් කාරණාව පිළිබඳව විමසුවේය. තවද ඇල්මා නැවත පැමිණ ඔවුන් හට කීවේය: බලව, ලේමන්වරුන් මැන්ටායි දේශ සීමාවන්ට ඔබ්බට, දකුණු වනාන්තරයේ ශිදොන් ගඟ තරණය කරනු ඇත. තවද බලව එහිදී නුඹලාට ඔවුන් හමුවනු ඇත, ශිදොන් ගංගාවට නැගෙනහිර දිශාවෙන්, තවද එනැනදී ස්වාමීන්වහන්සේ ලේමන්වරුන් විසින් වහලුන් ලෙස රැගෙන ගිය නුඹේ සහෝදරයන්ව නුඹලාට භාර දෙන සේක.
7 තවද එය මෙසේ සිදු විය, එනම් සෝරම් හා ඔහුගේ පුත්‍රයන් ශිදොන් ගංගාව තරණය කළේය, ඔවුුන්ගේ හමුදාවන් සමඟින්, තවද ශිදොන් ගංගාවේ නැගෙනහිර දෙසින්වූ, මැන්ටායිහි දේශ සීමා පසුකර දකුණු වනානතරය තුළට ගමන් කළේය.
8 තවද ඔවුන් ලේමන්වරුන්ගේ හමුදා වෙත පැමිණ, තවද ලේමන්වරුන් විසිරුවා හැර වනාන්තරයට පලවා හරින ලදී; තවද ලේමන්වරුන් විසින් වහලුන් ලෙස රැගෙන ගිය ඔවුන්ගේ සහෝදරයන්ව ඔවුන් ගත්තේය, තවද වහලුන් ලෙස රැගෙන ගිය ඔවුන්ගේ එකම ප්‍රාණයක් වත් නැති වූයේ නැත. තවද ඔවුන්ගේ සහෝදරයන් විසින් ඔවුන්ගේම දේශයන් සතු කර ගැනීමට ඔවුන්ව රැගෙන යන ලදී.
9 තවද මෙසේ විනිශ්චකරුවන්ගේ එකොළොස්වන වසර අවසන් විය, ලේමන්වරුන්ව දේශයෙන් පිටතට පලවා හැර, තවද ඇමෝනිහා හි ජනතාව විනාශ කරනු ලැබ; එසේය, ඇමෝනිහාවරුන්ගේ සෑම ජීවත් වූ ප්‍රාණයක්ම විනාශ කරන ලදී, තවද එහි ශ්‍රේෂ්ඨත්වය නිසා, දෙවියන්වහන්සේ විසින් විනාශ කළ නොහැකි බව ඔවුන් කී, ඔවුන්ගේ මහඟු නගරය ද විනාශ කරනු ලැබුවේය.
10 එහෙත් බලව, එය එක් දිනයකින් පාළුකරයක් විය; තවද මළකඳන් බල්ලන් සහ වන මෘගයන් විසින් තළා පොඩි කරන ලදී.
11 එසේනමුත්, බොහෝ දිනකට පසු ඔවුන්ගේ මළ සිරුරු පොළෝ තලය මත ගොඩ ගසා, ඔවුන්ව තුනී ආවරණයකින් වසා දැමුවේය. තවද දැන් එහි ගන්ධය කෙතරම් ප්‍රබල ද යත් වසර ගණනාවකට ජනතාව ඇමෝනිහා දේශය සතු කර ගැනීමට නොයනු ඇත. තවද එය නිහෝර් හි පාළුකරය ලෙස හඳුන්වනු ඇත; මක්නිසාද ඔවුන් මරණයට පත් වූ, නිහෝර්ගේ ඇදහිල්ලේ අය විය; තවද ඔවුන්ගේ දේශයන් පාළුකර ලෙස පැවතුණි.
12 තවද නීෆායි ජනතාව මත විනිශ්චකරුවන්ගේ දහහතර වන වසර වන තුරු ලේමන්වරුන් නැවතත් නීෆායිවරුන්ට විරුද්ධව යුද්ධයට පැමිණියේ නැත. තවද මෙසේ වසර තුනක් තිස්සේ නීෆායි ජනතාවට මුළු දේශය පුරා අඛණ්ඩව සාමය පැවතුණි.
13 තවද ඔවුන්ගේ ශුද්ධස්ථානවල ද, තවද එසේම, යුදෙව්වන්ගේ විලාසය අනුගමනය කරමින් සාදන ලද ඔවුන්ගේ සිනගෝගවල ද, තවද ඇල්මා සහ ඇමියුලෙක් පෙරට යමින් ඔවුන්ගේ දේවමාළිගා තුළ ජනතාවට පසුතැවීම දේශනා කළෝය.
14 තවද කිසිඳු පුද්ගලයෙකුගේ තරාතිරම නොබලා, නිරන්තරයෙන්ම, ඔවුන්ගේ වචන අසන පමණට, ඔවුන් ඔවුන් හට දෙවියන්වහන්සේගේ වචනය අඛණ්ඩව ලබා දුන්නෝය.
15 තවද මෙලෙස ඇල්මා සහ ඇමියුලෙක් ඉදිරියට ගොස්, තවද කාර්යය සඳහා තෝරාගත් බොහෝ දෙනෙක් ද, මුළු දේශය පුරාවට වචනය දේශනා කිරීම පිණිස ඉදිරියට ගියෝය. තවද වටපිට සියලු ප්‍රදේශවල ද, නීෆායිවරුන්ගේ සියලු ජනතාව අතරේ, සභාව ස්ථාපිත කිරීම දේශය පුරාවටම පොදු විය.
16 තවද ඔවුන් අතර සමානත්වයක් නොවීය; නැතහොත් උන්වහන්සේගේ පැමිණීමේ දී ඔවුන් අතර ඉගැන්විය යුතු වචනය ලැබීමට ඔවුන්ගේ හදවත් සූදානම් කරන පිණිස, ස්වාමීන්වහන්සේ පොළෝ තලය පුරාවටම මනුෂ්‍ය දරුවන්ගේ සිත් සූදානම් කිරීමට උන්වහන්සේගේ ආත්මය වගුරුවන සේක –
17 එනම් ඔවුන් වචනයට විරුද්ධව දැඩි නොවන පිණිස ද, ඔවුන් අවිශ්වාස නොකරන පිණිස ද, තවද විනාශය කරා යමින්, එහෙත් ඔවුන් ප්‍රීතියෙන් වචනය ලබා ගන්නා පිණිස, තවද ශාඛාවක් සැබෑ වැලට බද්ධ කරනවාක් මෙන්, ඔවුන් ඔවුන්ගේ දෙවි වූ ස්වාමීන්වහන්සේගේ විශ්‍රාමයට ඇතුළු වන පිණිසය.
18 දැන් ජනතාව අතර පෙරට ගිය එම පූජකවරු, එනම් මෙම දේවල් එසේ නොවිය යුතු බව මොරගසමින් සියලු ව්‍යාජයන්ට ද, මුළාවන්ට ද, ඊර්ෂ්‍යාවන්ට ද, කෝලාහලයන්ට ද, ද්වේෂයන්ට ද, අපහාස කිරීම්වලට ද, සොරාකෑම්වලට ද, පැහැර ගැනීම්වලට ද, කොල්ලකෑම්වලට ද, මිනීමැරුම්වලට ද, කාම මිථ්‍යාචාරවලට ද, සියලු ආකාරයේ සල්ලාලකමට ද විරුද්ධව දේශනා කළෝය –
19 නුදුරේදීම පැමිණිය යුතු දේවල් ප්‍රකාශ කරමින්; එසේය, දෙවියන්වහන්සේගේ පුත්‍රයාණන්ගේ පැමිණීම, උන්වහන්සේගේ වේදනාවන් සහ මරණය, තවද මළවුන්ගේ උත්ථානය ද ප්‍රකාශ කරමින්.
20 තවද ජනතාව අතර බොහෝ දෙනෙකු දෙවියන්වහන්සේගේ පුත්‍රයාණන්ගේ පැමිණෙන ස්ථානය ගැන විමසුවෝය; තවද උන්වහන්සේගේ උත්ථානයෙන් පසු උන්වහන්සේ ඔවුන් හට දර්ශනය වනු ඇතැයි ඔවුන්ට උගන්වන ලදී; තවද ජනතාව මෙය මහත් ප්‍රීතියෙන් සහ සතුටින් ඇසුවෝය.
21 තවද දැන් මුළු දේශය පුරාවට සභාව ස්ථාපිත කිරීමෙන් පසු – යක්ෂයා කෙරෙහි ජයග්‍රහණය ලබා, තවද දෙවියන්වහන්සේගේ වචනය මුළු දේශයේම එහි පවිත්‍රභාවයෙන් දේශනා කරනු ලැබ, ස්වාමීන්වහන්සේ උන්වහන්සේගේ ආශිර්වාද ජනතාව මත වගුරුවනු ලැබ – මෙලෙස නීෆායිගේ ජනතාව මත විනිශ්චකරුවන්ගේ පාලන සමයේ දහහතර වන වසර අවසන් විය.