ඇල්මාගේ පොත
ඇල්මාගේ පුත්‍රයා
ඇල්මාගේ පුත්‍රයා වූ, නීෆායිගේ ජනතාවගේ පළමු සහ ප්‍රධාන විනිශ්චයකරු වූ, තවද එසේම සභාවේ උත්තම පූජකයා ද වූ, ඇල්මාගේ විස්තරය. විනිශ්චයකරුවන්ගේ පාලන සමය සහ ජනතාව අතර ඇති වූ යුද්ධ සහ ආරවුල් පිළිබඳව වාර්තාවකි. තවද එසේම පළමු සහ ප්‍රධාන විනිශ්චයකාර ඇල්මාගේ වාර්තාවට අනුව, නීෆායිවරුන් සහ ලේමන්වරුන් අතර යුද්ධයක් පිළිබඳව වාර්තාවක් ද වේ.
1 වන පරිච්ඡේදය
නෙහෝර් ව්‍යාජ ධර්මයන් උගන්වයි, සභාවක් පිහිටුවයි, පූජක උපායන් හඳුන්වා දෙයි, තවද ගිඩියොන්ව මරා දමයි – නෙහෝර් ඔහුගේ අපරාධ සඳහා මරා දමයි – පූජක උපායන් සහ පීඩාකිරීම ජනතාව අතර පැතිරී යයි – පූජකයන් තමන්ටම සහයෝගය දක්වයි, ජනතාව දුප්පතුන්ට සලකයි, තවද සභාව සමෘද්ධිමත් වේ. ක්‍රි.පූ. 91–88 පමණ.
1 දැන් එය මෙසේ සිදු විය, එනම් නීෆායිහි ජනතාව කෙරෙහි වූ විනිශ්චයකරුවන්ගේ පාලන සමයේ පළමුවන අවුරුද්දේ පටන්, මෙතැන් සිට, මොසායා රජු මුළු පොළොවේම ගමන් කර, යහපත් යුද්ධයක් කර, දෙවියන්වහන්සේ අබිමුඛයෙහි සෘජුව ගමන් කරමින්, ඔහු වෙනුවට පාලනය කිරීමට කිසිවෙකු ඉතිරි නොකෙරුවේය; එසේනමුත් ඔහු නීති ස්ථාපිත කර ඇති අතර, ඒවා ජනතාව විසින් පිළිගනු ලැබීය; එසේහෙයින් ඔහු විසින් සම්පාදනය කරන ලද නීතිවලට යටත් වීමට ඔවුහු බැඳී සිටියහ.
2 තවද එය මෙසේ සිදු විය, එනම් විනිශ්චයාසනයේ ඇල්මාගේ රාජ්‍ය පාලන සමයේ පළමුවන අවුරුද්දේ දී, ඔහුගේ විශාල ශක්තියෙන් කැපී පෙනුණාවූ, විශාල වූ මනුෂ්‍යයෙකු, විනිශ්චය කිරීමට ඔහු ඉදිරියට ගෙනා මනුෂ්‍යයෙකු එහි සිටියේය.
3 තවද ඔහු සභාවට විරුද්ධව, දෙවියන්වහන්සේගේ වචනය යැයි ඔහු ප්‍රකාශ කළ දේ ඔවුන්ට දේශනා කරමින්, ජනතාව අතරට ගියේය; සෑම පූජකයෙක්ම සහ ගුරුවරයෙක්ම ජනප්‍රිය විය යුතු බවත්; තවද ඔවුන් තම දෑතින් වැඩ නොකළ යුතු බවත්, එහෙත් ඔවුන්ට ජනතාවගෙන් සහයෝගය ලැබිය යුතු බවත් ජනතාවට ප්‍රකාශ කළේය.
4 තවද සියලු මනුෂ්‍ය වර්ගයා අවසාන දවසේදී ගැලවිය යුතු බවත්, තවද එනම් ඔවුන් බිය වීමට හෝ වෙව්ලන්නට අවශ්‍ය නැති බවත්, නමුත් ඔවුන් හිස ඔසවා ප්‍රීති විය යුතු බවත් ඔහු ජනතාවට සාක්ෂි දුන්නේය; මක්නිසාද ස්වාමීන්වහන්සේ සියලු මනුෂ්‍යයන්ව මවා, සියලු මනුෂ්‍යයන්ව මුදවා ගත් සේක; තවද, අවසානයේදී, සියලු මනුෂ්‍යයන්ට සදාකාලික ජීවිතය ලැබිය යුතුය.
5 තවද එය මෙසේ සිදු විය, එනම් ඔහු මේ දේවල් කොතරම් ඉගැන්වූයේද යත්, එනම් බොහෝ දෙනෙක් ඔහුගේ වචන විශ්වාස කළ අතර, එනම් බොහෝ දෙනෙක් පවා ඔහුට උපකාර කිරීමට සහ ඔහුට මුදල් දීමට පටන් ගත්තෝය.
6 තවද ඔහු තම හදවතේ උඩඟුකමෙන් උසස්වීමට පටන් ගත් අතර, ඉතා මිල අධික වස්ත්‍ර ඇඳීමට පටන් ගත්තේය, එසේය, තවද ඔහුගේ දේශනා වලට අනුකූලව සභාවක් පිහිටුවීමට පවා පටන් ගත්තේය.
7 තවද එය මෙසේ සිදු විය, ඔහු ඔහුගේ වචනය විශ්වාස කරන අයට දේශනා කිරීමට යන අතරතුර, ඔහුට දෙවියන්වහන්සේගේ සභාවට අයත් මනුෂ්‍යයෙකු වූ, එසේය, ඔවුන්ගේ ගුරුවරුන්ගෙන් කෙනෙකු පවා මුණගැසුණි; තවද ඔහු සභාවේ ජනතාව පිටතට ගෙන යන පිණිස ඔහු සමඟ දැඩි ලෙස තර්ක කිරීමට පටන් ගත්තේය; එහෙත්, මනුෂ්‍යයා දෙවියන්වහන්සේගේ වචනවලින් ඔහුට අවවාද කරමින්, ඔහුට විරුද්ධ විය.
8 දැන් එම මනුෂ්‍යයාගේ නම ගිඩියොන් විය; තවද ලිම්හායිහි වැසියන් වහල්භාවයෙන් මුදවාගැනීම සඳහා දෙවියන්වහන්සේගේ හස්තයේ උපකරණයක් වූයේ ඔහු ය.
9 දැන්, ගිඩියොන් දෙවියන්වහන්සේගේ වචනවලින් ඔහුට විරුද්ධ වූ නිසා, ඔහු ගිඩියොන් සමඟ උදහස් වී, තවද කඩුව ඇද ඔහුට පහර දීමට පටන්ගත්තේය. දැන් ගිඩියොන් අවුරුදු ගණනාවක් පීඩා විඳිමින් සිටි නිසා, එසේහෙයින් ඔහුගේ පහරවලට ඔරොත්තු දීමට ඔහුට නොහැකි විය, එසේහෙයින් ඔහුව කඩුවෙන් මරා දමන ලදී.
10 තවද ඔහුව මරා දැමූ මනුෂ්‍යයාව සභාවේ ජනතාව විසින් අල්ලාගෙන, ඔහු කළ අපරාධවලට අනුකූලව විනිශ්චය කිරීම සඳහා, ඇල්මා ඉදිරියට ගෙන යන ලැබුවේය.
11 තවද එය මෙසේ සිදු විය, එනම් ඔහු ඇල්මා ඉදිරියෙහි සිටගෙන, බොහෝ නිර්භීතව තමා වෙනුවෙන් ආයාචනා කළේය.
12 එහෙත් ඇල්මා ඔහුට මෙසේ කීවේය: බලව, මෙම ජනතාව අතරට පූජක උපායන් හඳුන්වා දුන් පළමු අවස්ථාව මෙය වන්නේය. තවද බලව, නුඹ පූජක උපායන් වල වැරදිකරුවෙක් පමණක් නොව, එය කඩුවෙන් බලාත්මක කිරීමට උත්සාහ කර ඇත්තේය; තවද පූජක උපායන් මෙම ජනතාව අතර ක්‍රියාත්මක කිරීමට බල කළේ නම් එයින් ඔවුන්ගේ සම්පූර්ණ විනාශය ඔප්පු කරනු ඇත්තේය.
13 තවද නුඹ ධර්මිෂ්ඨ මනුෂ්‍යයෙක් වූ, එසේය, මෙම ජනතාව අතරේ බොහෝ යහපත්කම් කළ මනුෂ්‍යයෙකුගේ ලේ වගුරුවා ඇත්තේය; තවද අප නුඹව ඉතුරු කරන්නේනම් ඔහුගේ ලේ අප උදෙසා පළිගැනීමක්ව පැමිණෙනු ඇත්තේය.
14 එසේහෙයින් අපගේ අන්තිම රජු වන මොසායා විසින්, අපට දුන් නීතියට අනුකූලව, නුඹව මරණයට නියම කරනු ලබන්නේය; තවද එය මෙම ජනතාව විසින් පිළිගෙන ඇත්තේය; එසේහෙයින් මෙම ජනතාව නීතියට යටත් විය යුතුය.
15 තවද එය මෙසේ සිදු විය, එනම් ඔවුන් ඔහුව අල්ලා ගත්තෝය; තවද ඔහුගේ නම නෙහෝර් විය; ඔවුන් ඔහුව මැන්ටයි කඳු මුදුනට ගෙන ගිය අතර, ඔහු මනුෂ්‍යයන්ට ඉගැන්වූ දේ දෙවියන්වහන්සේගේ වචනයට පටහැනි බව අහසත් පොළොවත් අතර, පිළිගැනීමට නොහොත් එසේ වීමට සැලැස්වූවේය; තවද එහිදී ඔහුට නින්දිත මරණයක් අත්විදීමට සිදු විය.
16 එසේනමුත්, මෙයින් පූජක උපායන් දේශය පුරා පැතිරීම නතර වූයේ නැත; මක්නිසාදයත්, එහි ලෝකයේ නිෂ්ඵල දේවලට ඇලුම් කරන බොහෝ දෙනෙක් සිටි අතර, ඔවුන් බොරු ඉගැන්වීම් දේශනා කරමින් ඉදිරියට ගියෝය; තවද ඔවුන් මෙය පොහොසත්කම හා ගෞරවය පිණිස සිදු කළෝය.
17 එසේනමුත්, එය දැන සිටින්නේනම්, ඔවුන් නීතියට බය නිසා, බොරුකාරයින්ට දඬුවම් කරන බැවින්, ඔවුන් බොරු කීමට නොපෙළඹුනෝය; එසේහෙයින් ඔවුන් ඔවුන්ගේ විශ්වාසයට අනුකූලව දේශනා කරන බවට මවා පෑවෝය; තවද දැන් කිසිම මනුෂයෙකුගේ ඔහුගේ විශ්වාසය සඳහා කිසිඳු බලයක් නීතියට නොවීය.
18 තවද ඔවුන් නීතියට බිය හෙයින්, සොරකම් කිරීමට නොපෙළඹුනේය, මක්නිසාද එවැන්නන්ට දඬුවම් කළේය; නැතහොත් ඔවුන් කොල්ලකෑම හෝ, මිනීමැරීමටවත් ඉක්මන් නොවීය, මක්නිසාද එනම් මිනිමරන්නාවූ තැනැත්තාට මරණය වෙත දඬුවම් ලැබුවෝය.
19 එහෙත් එය මෙසේ සිදු විය, තවද ඔවුන් මතට ක්‍රිස්තුස්වහන්සේගේ නාමය ලබා ගත්තාවූ, දෙවියන්වහන්සේගේ සභාවට අයත් අයවලුන්ට පීඩා කිරීමට එනම් දෙවියන්වහන්සේගේ සභාවට අයත් නොවන්නාවූ අය පටන් ගත්තෝය.
20 එසේය, ඔවුන් ඔවුන්ට හිංසා කළෝය, තවද සියලු ආකාර වචනවලින් ඔවුන්ට පීඩා කළෝය, තවද මෙසේ වූයේ ඔවුන්ගේ නිහතමානීකම නිසාය; මක්නිසාද ඔවුහු ඔවුන්ගේම ඇස් වලින් උඩඟු නොවූ නිසාත්, තවද ඔවුන් දෙවියන්වහන්සේගේ වචනය මුදල් නොමැතිව සහ මිලක් නොමැතිව, එකිනෙකා හට බෙදා දුන් නිසාත්ය.
21 දැන් සභාවේ එහි ජනතාව අතර දැඩි නීතියක් විය, එනම් සභාවට අයත් කිසිම මනුෂ්‍යයෙකු නැඟිට, තවද සභාවට අයත් නොවන්නාවූ අයට එනම් හිංසා නොකළ යුතු වන්නේය, තවද එනම් එහි ඔවුන් අතර හිංසා කිරීම් නොවිය යුතු වන්නේය.
22 එසේනමුත්, එහි ඔවුන් අතර බොහෝ අය උඩඟු වීමට පටන් ගත් අතර, තවද ඔවුන්ගේ විරුද්ධවාදීන් සමඟ උණුසුම් ලෙස සටන් කිරීමට පවා, පටන් ගත්තාවු බොහෝ දෙනෙකු සිටියෝය; එසේය, ඔවුන් ඔවුන්ගේ අත්මිටෙන් එකිනෙකාට පහර දෙන්නෝය.
23 දැන් මෙය ඇල්මාගේ රාජ්‍ය පාලන කාලයේ දෙවෙනි වසරේදී සිදු වූ අතර, තවද එය සභාවට බොහෝ පීඩාවන් ඇති කළේය; එසේය, එය සභාව සමඟ බොහෝ පරීක්ෂාවන් සිදුවූ හේතුව විය.
24 මක්නිසාද බොහෝ දෙනෙකුගේ හදවත් දැඩි විය, තවද ඔවුන්ගේ නාමයන් මකා දමනු ලැබුවේ, එනම් ඔවුන්ව දෙවියන්වහන්සේගේ ජනතාව අතරේ තවත් සිහි නොකරනු පිණිසය. තවද එසේම බොහෝ දෙනෙකු තවමන්වම ඔවුන් අතරෙන් ඉවත් කරගනු ලැබුවෝය.
25 දැන් එනම් ඇදහිල්ලෙහි ස්ථිරව සිටින්නාවූ අයට මෙය මහත් පරීක්ෂාවක් විය; එසේනමුත්, ඔවුන් දෙවියන්වහන්සේගේ අණ පනත් පිළිපැදීමෙහි ස්ථීරව සහ නොසැලී සිටි අතර, තවද ඔවුන් ඔවුන් මත ගොඩ ගසා තිබෙන්නාවූ පීඩා ඉවසීමෙන් දරා ගත්තෝය.
26 තවද පූජකවරයන් දෙවියන්වහන්සේගේ වචනය ජනතාව වෙත බෙදා දීම සඳහා ඔවුන්ගේ වෙහෙසවීම් අත්හැර දැමූ විට, ජනතාව එසේම දෙවියන්වහන්සේගේ වචනය ඇසීම පිණිස ඔවුන්ගේ වෙහෙසවීම් ද අත්හැරියෝය. තවද පූජකවරයා ඔවුන් කෙරෙහි දෙවියන්වහන්සේගේ වචනය ලබා දුන් පසු ඔවුන් සියල්ලෝම ඔවුන්ගේ වෙහෙසවීම් කෙරෙහි උද්‍යෝගයෙන් ආපසු හැරී ගියෝය; තවද පූජකවරයා, අසන්නන්ට වඩා තමන්ව උසස් ලෙස නොසලකන්නෝය, මක්නිසාද දේශකයා අසන්නාට වඩා යහපත් නොවන්නේය, නැතහොත් ගුරුවරයා ඉගෙන ගන්නාට වඩා යහපත් නොවන්නේය; තවද මෙසේ ඔවුන් සියල්ලෝම සමාන වූ අතර, තවද ඔවුන් සෑම මනුෂ්‍යයෙකුම ඔවුන්ගේ ශක්තියට අනුකුලව සියල්ලෝම වෙහෙස වූවෝය.
27 තවද සෑම මනුෂ්‍යයෙකුටම එනම් ඔහුට තිබෙන්නාවූ දේට අනුකූලව, දුත්පතුන්ට ද, අවශ්‍යවූවන්ට ද, ලෙඩවූවන්ට ද, පීඩිතයන්ට ද, ඔවුන් ඔවුන්ගේ වස්තුව බෙදා ගත්තෝය; තවද ඔවුන් වටිනා වස්ත්‍ර ඇඳ නොසිටි නමුත්, එහෙත් ඔවුන් පිළිවෙලට සහ ශෝභන වූවෝය.
28 තවද මෙසේ ඔවුන් සභාවේ කටයුතු ස්ථාපිත කළෝය; තවද මෙසේ ඔවුන්ගේ සියලු පීඩා කිරීම් නොතකා, ඔවුන් නැවතත් නොකඩවා සාමය ඇති කර ගැනීමට පටන්ගත්තෝය.
29 තවද දැන්, සභාවේ ස්ථිරභාවය නිසා ඔවුන් ඉතා පොහොසත් වීමට පටන් ගත්තෝය, ඔවුන්ට අවශ්‍ය කවරාකාර වූ සෑම දෙයක් වුවත් – රෑන් සහ රැළවල්වලින් බහුලවද, සෑම වර්ගයකම තරබාරු සතුන්ද, තවද එසේම ධාන්‍ය බහුලවද, රත්රන්ද, රිදීද, අගනා දේවල්ද, බහුල වූ සිහින් ලෙස කඨින ලද හණ රෙදිද, සියලු ආකාර හොඳ ගෘහයන්හි වස්ත්‍රයන්ගෙන්ද විය.
30 තවද මෙසේ, ඔවුන්ගේ සමෘද්ධිමත් තත්වයන් තුළ, ඔවුන් නිර්වර්ත්‍රව හෝ එනම් කුසගින්නෙන් පෙළෙන්නාවූ, හෝ එනම් පිපාසයෙන් පෙළෙන්නාවූ, හෝ එනම් රෝගීවූ, හෝ එනම් පෝෂණය නොලැබූ කිසිවෙකුව පිටත් කර හැරියේ නොමැත; තවද ඔවුන් පොහොසත්කම කෙරෙහි ඔවුන්ගේ හදවත නොතැබුවෝය; එසේහෙයින් ඔවුන් සියලුම වයසක සහ තරුණ දෙගොල්ලන්ටම, වහලුන්ට සහ නිවහලුන්ට දෙගොල්ලන්ටම, පිරිමි සහ කාන්තා දෙගොල්ලන්ටම, සභාවෙන් පිටත නැතහොත් සභාව තුළ, අවශ්‍යතාවයන් ඇතිව නැඟි සිටියාවූ පුද්ගලයන් විශේෂයක් නොමැතිව තාග්‍යශිලි වූවෝය.
31 තවද මෙසේ ඔවුන් සමෘද්ධිමත් වූ අතර ඔවුන්ගේ සභාවට අයත් නොවන්නාවූ අයට වඩා බොහෝ පොහොසත් වූවෝය.
32 මක්නිසාද ඔවුන්ගේ සභාවට අයත් නොවන්නාවූ අය ඔවුන්ගේම මන්තරකම්වලද, රූප වන්දනාවෙහි හෝ අලසකමෙහිද, හිස් වචන කියමින්, ඊර්ෂ්‍යාවෙන් සහ කෝලහාල වලද යෙදෙමින් සිටියෝය; වටිනා වස්ත්‍ර අදිමින්; ඔවුන්ගේ ස්වකීය ඇස්වල උඩඟුකමෙන් ආඩම්බර වෙමින්; පීඩා කරමින්, බොරු කියමින්, සොරකම් කරමින්, මංකොල්ල කමින්, වේශ්‍යාකම් කරමින්, සහ මිනීමරමින්, සහ සියලු ආකාරයේ දුෂ්ඨකම් කරමින් සිටියෝය; එසේනමුත්, පව් කර එය කඩ කරනු ලැබුවාවු සියලු දෙනා මත හැකි පමණින් නීතිය ක්‍රියාත්මක කරන ලැබුවෝය.
33 තවද එය මෙසේ සිදු විය, එනම් මෙසේ ඔවුන් මත නීතිය ක්‍රියාත්මක කරමින්, සෑම මනුෂ්‍යයෙක්ම තමන් කළ දේට අනුකූලව වේදනාවන් විඳිමින්, තවත් ඔවුන් නිශ්චල වූ අතර, තවද එය දැනගන්නට ලැබුනේනම් කිසිම දුෂ්ඨකමක් කිරීමට නොපෙළඹුනෝය; එසේහෙයින්, එහි විනිශ්චයකරුවන්ගේ රාජ්‍ය පාලනයේ පස්වන වසරතෙක් නීෆායි ජනතාව අතර මහත් සමාදානයක් විය.