ශුද්ධලියවිලි
ඇල්මා 59


59 වන පරිචිඡේදය

මොරෝනායි පහෝරන්ගෙන් හීලමන්ගේ හමුදා ශක්තිමත් කරන ලෙස ඉල්ලා සිටියි – ලේමන්වරුන් නෙෆීහා නගරය අල්ලා ගනිති – මොරෝනායි රජය සමඟ කෝපයට පත් වේ. ක්‍රි.පූ. 62 දී පමණ.

1 දැන් එය මෙසේ සිදු විය, නීෆායි ජනතාව කෙරෙහි විනිශ්චකාරවරුන්ගේ පාලන සමයේ තිස්වන වසරේ දී, මොරෝනායි හීලමන්ගේ හසුන ලැබ සහ කියවීමෙන් පසු, එසේය, අහිමි වූ එම දේශයන් ලබා ගැනීමේ දී, හීලමන් සතුව තිබූ අති මහත් සාර්ථකත්වයේ, ශුභසිද්ධිය නිසා ඔහු බොහෝසෙයින් ප්‍රීතිමත් විය.

2 එසේය, තවද ඔහු සිටිය එම කොටසේ අවට තිබුන සියලු දේශයන්හි, ඔහුගේ සියලු ජනතාවට එනම් ඔවුන්ද ප්‍රීති වන පිණිස එය දන්වා සිටියේය.

3 තවද එය මෙසේ සිදු විය, එනම් ඔහු හීලමන්ගේ හමුදාවන්, නැතහොත් හීලමන්ව ශක්තිමත් කිරීම සඳහා මනුෂ්‍යයින් එක්රැස් කිරීමට සලස්වන ලෙස ආශා වෙමින් ඔහු වහාම පහෝරන් වෙත හසුනක් යැවීය, එපමණකින් එනම් ඔහු මෙසේ හාස්කමකින් සාර්ථකව නැවත ලබාගත් දේශයේ එම කොටස ඔහුට පහසුවෙන් පවත්වා ගත හැකි වනු පිණිසය.

4 තවද එය මෙසේ සිදු විය, මොරෝනායි මෙම හසුන සරහෙම්ලා දේශයට යැවූ පසු, ලේමන්වරුන් විසින් අත්පත් කරගත් ඔවුන්ගේ එම දේපළ හා නගරවල ඉතිරි කොටස ඔහු ලබාගැනීම සඳහා නැවතත් සැලැස්මක් සකස් කිරීමට ඔහු පටන් ගත්තේය.

5 තවද එය මෙසේ සිදු විය, එනම් මොරෝනායි ලේමන්වරුන්ට විරුද්ධව සටනට යාමට මෙසේ සූදානම් වෙමින් සිටියදී, බලව, මොරෝනායි නගරයෙන් සහ ලීහායි නගරයෙන් සහ මොරියැන්ටන් නගරයෙන් රැස් වූ, නෙෆීහා ජනතාවට, ලේමන්වරුන් විසින් පහර දෙන ලදී.

6 එසේය, මැන්ටයි දේශයෙන්, තවද ඒ අවට දේශවලින් ද පලා යාමට බල කෙරුනු අය පවා, පැමිණ දේශයේ මේ කොටසෙහි සිටින ලේමන්වරුන් සමඟ එක් වී සිටියෝය.

7 තවද මෙසේ බොහෝ සංඛ්‍යවක්ව, එසේය, තවද දවසින් දවස ශක්තිය ලබා ගනිමින්, ඇමොරන්ගේ අණ පරිදි ඔවුන් නෙෆීහාහි ජනතාවට විරුද්ධව ඉදිරියට පැමිණියෝය, තවද ඔවුන් ඉමහත් වූ ඝාතනයකින් ඔවුන් මරා දැමීමට පටන් ගත්තෝය.

8 තවද ඔවුන්ගේ හමුදාවන් බොහෝ සංඛ්‍යවක් වූහ එනම් නෙෆීහාහි ඉතිරිවූවන්ට ඔවුන් ඉදිරියෙන් පලා යාමට බල කෙරුනි; තවද ඔවුන් පැමිණ තවද මොරෝනයිගේ හමුදාවට එක්වූවෝය.

9 තවද දැන් මොරෝනායි විසින් එනම් නෙෆීහා නගරයට මනුෂ්‍යයින් යැවිය යුතු බව සිතුව පරිදි, එම නගරය නඩත්තු කිරීමට ජනතාවගේ උපකාරය සඳහා, තවද නගරය ඔවුන්ගෙන් නැවත අත්පත් කරගැනීමට වඩා ලේමන්වරුන්ගේ දෑත්වලට පත්වීම වළක්වා ගැනීම පහසු බව දැන, ඔවුන් පහසුවෙන් එම නගරය නඩත්තු කරනු ඇතැයි ඔහු සිතුවේය.

10 එසේහෙයින් ඔහු නැවත ලබාගත් එම ස්ථාන නඩත්තු කිරීම සඳහා ඔහු ඔහුගේ සියලු බලකායන් රඳවා ගත්තේය.

11 තවද දැන්, නෙෆීහා නගරය නැති වී ඇති බව මොරෝනායිදුටු විට, ඔහු අතිශයින් ශෝකයට පත් වූහ, ජනතාවගේ දුෂ්ටකම නිසා, ඔවුන් ඔවුන්ගේ සහෝදරයන් අතට පත් නොවිය යුතු දැයි, තවද සැක කිරීමට පටන් ගත්තේය.

12 දැන් ඔහුගේ ප්‍රධාන කපිතාන්වරුන් සියලු දෙනා සමඟ තත්වය මෙය විය. ඔවුන් ජනතාවගේ දුෂ්ටකම නිසා සැක කළා සේම තවද පුදුමයට පත්වූවෝය, තවද මෙය ඔවුන් කෙරෙහි ලේමන්වරුන්ගේ සාර්ථකත්වය නිසා විය

13 තවද එය මෙසේ සිදු විය, එනම් ඔවුන්ගේ රටේ නිදහස උදෙසා ඔවුන්ගේ උදාසීනත්වය නිසා මොරෝනායි රජය සමඟ කෝපයට පත්ව සිටියේය.