13 වන පරිච්ඡේදය
මනුෂ්‍යයන් උත්තම පූජකයන් ලෙස කැඳවනු ලබන්නේ ඔවුන්ගේ අධිකවූ ඇදහිල්ල සහ යහපත් ක්‍රියාවන් නිසාය – ඔවුහු අණ පනත්ඉගැන්විය යුතුය – ධර්මිෂ්ඨකම තුළින් ඔවුන් පාරිශුද්ධ කරනු ලබන්නෝය – මෙල්කිසදෙක් මොවුන්ගෙන් එක් අයෙකි – දේවදූතයෝ දේශය මුලුල්ලේ යහපත් ආරංචි ප්‍රකාශ කරන්නෝය – ඔවුන් ක්‍රිස්තුස්වහන්සේගේ සැබෑ පැමිණීම ප්‍රකාශ කරනු ඇත. ක්‍රි.පූ. 82 පමණ.
1 තවද නැවතත්, මාගේ සහෝදරයෙනි, දෙවියන් වූ ස්වාමීන්වහන්සේ උන්වහසේගේ දරුවන් වෙත මෙම අණ පනත් දුන් කාලය වෙත මම නුඹේ මනස යොමු කරමි; තවද නුඹලා එනම් දෙවියන් වූ ස්වාමීන්වහන්සේ පූජකවරුන්ව නියම කළ බව මතක තබා ගත යුතු යැයි මම කැමැත්තෙමි, උන්වහන්සේගේ ශුද්ධ වූ පිළිවෙළට අනුව, උන්වහන්සේගේ පුත්‍රයාණන්ගේ පිළිවෙළ අනුව, මෙම දේවල් ජනතාවට උගන්වන පිණිසය.
2 තවද එම පූජකවරුන්ව උන්වහන්සේගේ පුත්‍රයාණන්ගේ පිළිවෙළට අනුව නියම වූ ආකාරයට, එනම් එමගින් උන්වහන්සේගේ පුත්‍රයාණන් දෙස මිදීම සඳහා බැලිය යුත්තේ කුමන ආකාරයෙන්ද යන්න ජනතාවට දැනගත හැකි වන පරිදිය.
3 තවද ඔවුන් නියම කරවූ ආකාරය මෙයයි – ඔවුන්ගේ අධික ඇදහිල්ල සහ යහපත් ක්‍රියා හේතුවෙන් දෙවියන්වහන්සේගේ පෙර දැනුමට අනුව ලෝකයේ පටන්ගැන්මේ සිටම කැඳවනු ලැබ සූදානම් කර තිබුණි; පළමුව යහපත හෝ නපුර තෝරා ගැනීමට නිදහස දෙන ලදී; එසේහෙයින් ඔවුන් යහපත තෝරාගෙන, තවද අධිකවූ බලවත් ඇදහිල්ලක් ක්‍රියාත්මක කළ හෙයින්, ශුද්ධවූ කැඳවීමකින් කැඳවනු ලද්දෝය, එසේය, ඒ ශුද්ධ වූ කැඳවීම සමඟ, එම කැඳවීමට සූදානම් කරන ලද, තවද මිදීමේ සැලැස්මකට අනුව වූ ආකාරයෙනි.
4 තවද මෙසේ ඔවුන්ගේ ඇදහිල්ල නිසා ඔවුන්ව මෙම ශුද්ධ කැඳවීමට කැඳවනු ලද්දේය, එහෙත් අනෙක් අය ඔවුන්ගේ හදවත්වල දැඩිභාවය සහ ඔවුන්ගේ මනසෙහි අන්ධභාවයද නිසා දෙවියන්වහන්සේගේ ආත්මය ප්‍රතික්ෂේප කරනු ඇත, එය මෙසේ නොවන්නේ නම් ඔවුහු ඔවුන්ගේ සහෝදරයන් මෙන්ම බලවත් ලෙස වරප්‍රසාදලත් අය වන්නෝය.
5 නැතහොත් කෙටියෙන්, මුල්ම අවස්ථාවේ ඔවුන් ඔවුන්ගේ සහෝදරයන් සමඟ එකම ස්ථාවරයක සිටියෝය; මෙසේ මෙම ශුද්ධවූ කැඳවීම ලෝකයේ පටන් ගැන්මේ සිට සූදානම් සුදානම්ව වූයේ පවතින්නේ තම හදවත් දැඩි කර නොගන්නා එවැන්නන්ටය, ඒකජාතක පුත්‍රයාණන්ගේ වන්දි ගෙවීම සමඟින් සහ ඒ තුළින්, සූදානම් කරන ලද්දේය –
6 තවද මෙසේ මෙම ශුද්ධවූ කැඳවීමෙන් කැඳවනු ලැබ, තවද දෙවියන්වහන්සේගේ ශුද්ධවූ පිළිවෙලට අනුව උත්තම පූජකත්වයට නියම වූයේ, මනුෂ්‍ය දරුවන්ට උන්වහන්සේගේ අණ පනත් ඉගැන්වීමට, එනම් ඔවුන්ද උන්වහන්සේගේ විශ්‍රාමයට ඇතුල්වීම පිණිසය –
7 මෙම උත්තම පූජකවරය උන්වහන්සේගේ පුත්‍රයාණන්ගේ පිළිවෙල අනුවය, එම පිළිවෙල ලෝකය ආරම්භයේ සිට පැවතුනි; නැතහොත් වෙනත් වචන වලින් කිවහොත්, දින ආරම්භයක් හෝ වසර අවසානයක් නොමැතිව, සියලු දේ පිළිබඳ උන්වහන්සේගේ පෙරදැනුමට අනුව සදාකාලයෙන් සියලු සදාකාලිකත්වයටම සූදානම් කරනු ලද්දේය –
8 දැන් ඔවුන් මේ ආකාරයෙන් නියම කර ඇත්තේය – ශුද්ධවූ කැඳවීමකින් කැඳවනු ලැබ, තවද ශුද්ධවූ වත්පිළිවෙතකින් නියම වී, තවද ශුද්ධවූ පිළිවෙල අනුව උත්තම පූජකවරය ලබා ගනිමින්, එම කැඳවීම, තවද වත් පිළිවෙත්, සහ උත්තම පූජකවරයට, ආරම්භයක් හෝ අවසානයක් නොමැත්තේය.
9 මෙසේ දින වල ආරම්භයක් හෝ අවුරුදු වල අවසානයක් නැති, කරුණාවෙන්, සමානාත්මතාවයෙන් සහ සත්‍යයෙන් පිරිපුන් පුත්‍රයාණන්ගේ, පියාණන්වහන්සේගේ ඒක ජාතක පුත්‍රයාණන්ගේ, පිළිවෙලට අනුව, ඔවුන් සදාකාලයටම උත්තම පූජකවරුන් බවට පත් වේ, තවද එය එසේමය. ආමෙන්.
10 දැන්, ශුද්ධ වූ පිළිවෙල හෙවත්, මෙම උත්තම පූජකවරය සම්බන්ධයෙන් මා පැවසූ පරිදි, බොහෝ දෙනෙක් නියම වී දෙවියන්වහන්සේගේ උත්තම පූජකයන් බවට පත් වූහ; තවද එය ඔවුන්ගේ අධිකවූ ඇදහිල්ල සහ පසුතැවීම දෙවියන්වහන්සේ ඉදිරියෙහි ඔවුන්ගේ ධර්මිෂ්ඨකම, ඔවුන් විනාශ වීමට වඩා පසුතැවීමට තෝරා ගනිමින් තවද ධර්මිෂ්ඨව ක්‍රියා කිරීමට ගණනය කොට ඇත්තෝය;
11 එසේහෙයින් ඔවුන් මෙම ශුද්ධ වූ පිළිවෙලට අනුව කැඳවනු ලැබූ අතර, තවද පාරිශුද්ධ කරනු ලැබ, තවද ඔවුන්ගේ වස්ත්‍ර බැටළු පෝතකයාණන්ගේ රුධිරය මගින් සෝදා සුදු කරනු ලැබීය.
12 දැන් ඔව්හු ශුද්ධාත්මයාණන්වහන්සේ විසින් පාරිශුද්ධ කරනු ලැබූ පසු, ඔවුන්ගේ වස්ත්‍ර සුදු කරනු ලැබ, දෙවියන්වහන්සේ ඉදිරියෙහි පවිත්‍රව සහ නොකැළැල්ව සිටිමින්, පාපය දෙස පිළිකුලෙන් තොරව බැලීමට නොහැකි විය; තවද එහි බොහෝ දෙනෙක් විය, අධික ලෙස බොහෝ දෙනෙක් විය, ඔවුන්ව පවිත්‍ර කරනු ලැබ තවද ඔවුන්ගේ දෙවියන් වූ ස්වාමීන්වහන්සේගේ විශ්‍රාමයට ඇතුලත් කරනුු ලැබුවෝය.
13 දැන් මාගේ සහෝදරයෙනි, එනම් දෙවියන්වහන්සේ ඉදිරියෙහි නුඹලා නිහතමානී වීම මම කැමැත්තෙමි, තවද පසුතැවිල්ලට සුදුසු ඵලය ගෙනෙන්න, එනම් එය නුඹලා හට විශ්‍රාමයට ඇතුළු වීමට හැකි වනු පිණිසය.
14 එසේය, මෙල්කිසදෙක්ගේ දවස්වල සිටි ජනතාව මෙන් නුඹලා නිහතමානී වන්න, ඔහු ද මා කියූ මෙම පිළිවෙලට අනුව උත්තම පූජකයෙකු විය, ඔහු උත්තම පූජකවරය සදකාලයටම ඔහු මත ගත්තේය.
15 තවද ආබ්‍රහම් දසයෙන් කොටස ගෙව්වේද මෙම මෙල්කිසදෙක්ටම ය; එසේය, අපගේ පියා වූ ආබ්‍රහම් පවා ඔහු සතු සියල්ලෙන් දසයෙන් කොටසක් ගෙව්වේය.
16 දැන් මෙම වත්පිළිවෙත් මේ ආකාරයට අනුව දෙන ලද්දේය, එනම් එමගින් ජනතාව දෙවියන්වහන්සේගේ පුත්‍රයාණන් වෙතට බලන පිණිසය, එය උන්වහන්සේගේ ආකාරයට අනුව පිළිවෙල, නැතහොත් එය උන්වහන්සේගේ පිළිවෙලය, තවද මෙය එනම් ඔවුන් ඔවුන්ගේ පාපයන් සඳහා පව් කමාව ලබා ගැනීමට උන්වහන්සේ වෙතට බලන මෙන්, එනම් ඔවුන් ස්වාමීන්වහන්සේගේ විශ්‍රාමයට ඇතුළු වන පිණිසත්ය.
17 දැන් මෙම මෙල්කිසදෙක් සාලෙම් දේශයේ රජෙක්ව සිටියේය; තවද ඔහුගේ ජනතාව අයුතුකමෙන් හා පිළිකුල් සහගතකමෙන් ශක්තිමත් වූහ; එසේය, ඔවුන් සියල්ලෝම නොමඟ ගොස් සිටියහ; ඔවුන් සියලු ආකාරයේ දුෂ්ටකම්වලින් පිරී සිටියහ;
18 නමුත් මෙල්කිසදෙක් බලවත් වූ ඇදහිල්ලෙන් ක්‍රියා කළේය, තවද දෙවියන්වහන්සේගේ ශුද්ධ පිළිවෙලට අනුව උත්තම පූජකවර තනතුර ලැබ, ඔහුගේ ජනතාව හට පසුතැවීම දේශනා කළේය. තවද බලව, ඔවුන් පසුතැවිලි වූවෝය; තවද මෙල්කිසදෙක් ඔහුගේ කාලයේ දී දේශයේ සාමය තහවුරු කළේය. එසේහෙයින් ඔහුව සාමයේ කුමාරයා ලෙස නම් කරනු ලැබීය; මක්නිසාද ඔහු සාලෙම්හි රජු වූ බැවින්; තවද ඔහු ඔහුගේ පියා යටතේ රාජ්‍ය පාලනය කළේය.
19 දැන්, එහි ඔහුට පෙර බොහෝ දෙනෙක් විය, තවද එසේම පසුවද එහි බොහෝ දෙනෙක් විය, නමුත් කිසිවෙකු ශ්‍රේෂ්ඨ නොවීය, එසේහෙයින්, ඔවුන් ඔහු ගැන විශේෂයෙන් සඳහන් කර ඇත.
20 දැන් මට කාරණය පෙරහුරු කිරීමට අවශ්‍ය නැත; මා කථා කළ දේ සෑහෙන්නේය. බලව, ශුද්ධ ලියවිලි නුඹලා ඉදිරියෙහි තිබෙන්නේය; නුඹලා ඒවා විකෘති කළහොත් එය නුඹලාටම විනාශයක් වන්නේය.
21 තවද දැන් එය මෙසේ සිදු විය, එනම් ඇල්මා මෙම වචන ඔවුන් හට පැවසූ කල්හි, ඔහු ඔවුන් දෙසට ඔහුගේ අත දිගු කර තවද බලවත් හඬින් මොරගසමින්, කීවේ: දැන් පසුතැවිලි වීමට කාලයයි, මක්නිසාද ගැලවීමේ දවස ළඟා වන්නේය;
22 එසේය, තවද දේවදූතයන්ගේ මුඛයෙන්, ස්වාමීන්වහන්සේගේ හඬ, සියලු ජාතීන් හට ප්‍රකාශ කරනු ලබන්නෝය; එසේය, එය ප්‍රකාශ කරන්නේය, එනම් ඔවුන්ට යහපත් ආරංචිවල මහත් ප්‍රීතියක් ලැබෙන පිණිසය; එසේය, තවද උන්වහන්සේ උන්වහන්සේගේ සියලු ජනතාව අතරේ මෙම යහපත් ආරංචි ප්‍රකාශ කරයි, එසේය, පොළෝ තලය මත විසිරී සිටින්නාවූ අයට පවා වන්නෝය; එබැවින් ඔවුන් අප වෙත පැමිණ ඇත.
23 තවද ඒවා අප හට පැහැදිලි පදවලින් දන්වා ඇත, එනම් අපට තේරුම් ගැනීම පිණිසය, එනම් අප වැරදි නොකරන පිණිසය; තවද මෙය අප නොපුරුදු දේශයක සැරිසරන්නන් වීම නිසාය; මක්නිසාද අපගේ මිදිවත්තේ සියලු කොටස්හි මෙම යහපත් ආරංචි අපට ප්‍රකාශ කර ඇති බැවින්, එසේහෙයින්, අප බොහෝ සෙයින් ප්‍රසාදය ලබන්නෙමු.
24 මක්නිසාද බලව, දේවදූතයෝ එය අපේ දේශයේ බොහෝ දෙනෙකුට මේ කාලයේදී ප්‍රකාශ කරන්නෝය; තවද මෙය උන්වහන්සේගේ මහිමයෙන් පැමිණෙන කාලයේදී උන්වහන්සේගේ වචනය ලැබීමට මනුෂ්‍ය දරුවන්ගේ හදවත් සූදානම් කිරීමේ අරමුණ සඳහාය.
25 තවද දැන් අපි බලා සිටින්නේ දේවදූතයන්ගේ මුවින් උන්වහන්සේගේ පැමිණීමේ ප්‍රීතිදායක පණිවිඩය අපට අසන්නට ප්‍රකාශ කරන තුරුය; මක්නිසාද කාලය පැමිණෙන්නේය, කොතරම් ඉක්මනින්දැයි අපි නොදන්නෙමු. දෙවියන්වහන්සේට ප්‍රාර්ථනා කරන්නේ එය මාගේ දවසේදී වේවා කියායි; එහෙත් එය ඉක්මනින් හෝ පසුව වේවා, ඒ තුළ මම ප්‍රීති වන්නෙමි.
26 තවද එය යුක්ති සහගත සහ ශුද්ධ වූ මනුෂ්‍යයන්ට දැන ගැනීමට හැකිවන පරිදි, දේවදූතයන්ගේ මුඛයෙන් උන්වහන්සේ පැමිණෙන කාලයෙහි එනම් අපගේ පියවරුන්ගේ වචන සම්පූර්ණ වන පිණිසය, උන්වහන්සේ සම්බන්ධව ඔවුන් කථා කළ දේවල් අනුව, එය ඔවුන් තුළ වූ අනාවැකියේ ආත්මයට අනුව විය.
27 තවද දැන්, මාගේ සහෝදරවරුනි, මාගේ හදවතේ ගැඹුරින් මම ප්‍රාර්ථනා කරන්නේ, එසේය ඉමහත් කනස්සල්ලෙන් වේදනාවට පවා පත්ව, එනම් නුඹලා මාගේ වචනවලට ඇහුම්කම් දෙමින්, තවද නුඹලාගේ පාපයන් ඉවත දමමින්, තවද නුඹලාගේ පසුතැවිලි වීමේ දවස ප්‍රමාද නොකරනු ලෙසය.
28 එහෙත් එනම් නුඹලා ස්වාමීන්වහන්සේ ඉදිරියෙහි නුඹලාවම යටහත් පහත් වී, තවද උන්වහන්සේගේ ශුද්ධ වූ නාමයෙන් හඬ ගසමින්, තවද අවදිව හිඳ නිරන්තරයෙන් යාච්ඤා කරන්න, එනම් නුඹලාට දරාගත හැකි තරමට වඩා නුඹලාව පරීක්ෂාවට පත් නොවන පිණිස, තවද මෙසේ ශුද්ධාත්මයාණන්වහන්සේ විසින් මඟ පෙන්වනු ලැබ, නිහතමානීව, යටහත්පහත්ව, අවනතව, ඉවසිලිවන්තව, ප්‍රේමයෙන් පිරී සහ දිගු – දරාගැනීමෙන් යුක්තව සිටින්න;
29 ස්වාමීන්වහන්සේ කෙරෙහි ඇදහිල්ල ඇතිව; එනම් නුඹලා සදාතන ජීවනය ලැබෙන්නේ යැයි බලාපොරොත්තුව ඇතිව; දෙවියන්වහන්සේගේ ප්‍රේමය සැමවිටම නුඹලාගේ හදවත් තුළ තබාගෙන, එනම් නුඹලා අන්තිම දවසේදී උසස් කරනු ලැබ තවද උන්වහන්සේගේ විශ්‍රාමයට ඇතුළු වන්න.
30 තවද ස්වාමීන්වහන්සේ නුඹලාට පසුතැවිල්ල ලබා දෙන සේක්වා, එනම් උන්වහන්සේගේ උදහස නුඹලා මතට ගෙන නොයෙන පිණිසත්, එනම් නුඹලා නිරයේ දම්වැල්වලින් බැඳ නොතබන පිණිසත්, එනම් නුඹලා දෙවන මරණයේ වේදනාව නොවිඳන පිණිසය.
31 තවද ඇල්මා ජනතාවට තවත් බොහෝ වචන කතා කළද, ඒවා මෙම පොතෙහි නොලියන ලද්දේය.