ශුද්ධලියවිලි
ඇල්මා 47


47 වන පරිච්ඡේදය

ලේමන්වරුන්ගේ රජ වීමට ඇමලකායා ද්‍රෝහිකම්, මිනීමැරුම් සහ කූටෝපායන් භාවිතා කරනු ලබයි – නීෆායිවර විරුද්ධවාදීන් ලේමන්වරුන්ට වඩා දුෂ්ට සහ දරුණු වෙති. ක්‍රි.පූ. 72 පමණ.

1 දැන් අප ඇමලකායා සහ ඔහු සමඟ වනාන්තරයට පලා ගිය අයගේ අපගේ වාර්තාව වෙත ආපසු හැරෙන්නෙමු; මක්නිසාද, බලව, ඔහු තමා සමඟ ගිය අයව කැඳවාගෙන ගොස්, තවද නීෆායිගේ දේශයේ ලේමන්වරුන් අතරට ගොස්, තවද නීෆායිගේ ජනතාවට විරුද්ධව ලේමන්වරුන්ව කැළඹීමට පත් කළේය, එපමණකින්ම, එනම් ලේමන්වරුන්ගේ රජ තම දේශය පුරා, ඔහුගේ සියලු ජනතාව අතරෙහි, එනම් නීෆායිවරුන්ට විරුද්ධව සටනට යාමට නැවත ඔවුන් ඔවුන්වම රැස් කරගන්නා ලෙස ප්‍රකාශයක් යැවීය.

2 තවද එය මෙසේ සිදු විය, එනම් ප්‍රකාශය ඔවුන් අතරට ගිය විට ඔවුන් අතිශයින් බියට පත් වූවෝය; එසේය, ඔවුන් රජුව අසතුටට පත් කිරීමට බිය වූ අතර, තවද එසේම ඔවුන්ගේ ජීවිත අහිමි නොවන පරිදි නීෆායිවරුන්ට විරුද්ධව සටනට යාමටද ඔවුන් බිය වූවෝය. තවද එය මෙසේ සිදු විය, එනම් ඔවුන් රජුගේ අණවලට කීකරු නොවන බව හෝ ඔවුන්ගෙන් වැඩි කොටසක් එසේ නොකරන ලෙසට සිදු විය.

3 තවද දැන් එය මෙසේ සිදු විය, එනම් ඔවුන්ගේ අකීකරුකම නිසා රජු කෝපයට පත් විය; එසේහෙයින් ඔහුගේ අණට කීකරු වූ ඔහුගේ හමුදාවේ කොටසෙහි අණ ඇමලකායාට පවරා, ඔහු ඉදිරියට ගොස් ඔවුන්ව බලෙන් සන්නද්ධ කරන ලෙස ඔහුට අණ කළේය.

4 දැන් බලව, ඇමලකායාගේ ආශාව මෙය වූවේය; මක්නිසාද ඔහු නපුර කිරීමට ඉතා සූක්‍ෂම මනුෂ්‍යයෙකු වූ නිසා, එසේහෙයින් ඔහු ලේමන්වරුන්ගේ රජුව සිහසුනෙන් පහ කිරීමට ඔහුගේ සිතේ සැලැස්මක් තැබුවේය.

5 තවද දැන් ඔහු රජුට පක්ෂව සිටි ලේමන්වරුන්ගේ අණදීම ලබාගෙන සිටියේය; තවද ඔහු කීකරු නොවන අයගේ පක්ෂපාතීත්වය ලබා ගැනීමට උත්සාහ කළේය; එසේහෙයින් ඔහු ඕනිඩා නම් ස්ථානයට ඉදිරියට ගියේය, මක්නිසාදයත්, සියලු ලේමන්වරුන් එහි පලා ගිය බැවින්ය; මක්නිසාද හමුදාව පැමිණෙන බව ඔවුන් සොයාගත් අතර, තවද, ඔවුන් ඔවුන්ව විනාශ කිරීමට පැමිණෙන බව සිතූ නිසා, ඔවුන් ඕනිඩා දෙසට, ආයුධ වූ ස්ථානයට පලා ගියෝය.

6 තවද දැන් ඔහු රජුට පක්ෂව සිටි ලේමන්වරුන්ගේ කොටසෙහි අණ ලබාගෙන සිටියේය; තවද ඔහු සෙවූ අතර, ඔවුන් නීෆායිවරුන්ට එරෙහිව යාමට යටත් නොවන බවට අධිෂ්ඨානශීලී තීරණයක් සමඟ ඔවුන්ගේ මනසෙහි ස්ථිරව තබාගනිමින්, ඔවුන් තමන් කෙරෙහි රජෙකු සහ නායකයෙකු ලෙස මනුෂ්‍යයෙකු පත් කොට සිටියෝය.

7 තවද එය මෙසේ සිදු විය, එනම් ඔවුන් සටනට සූදානම් වීම සඳහා, ඇන්ටිපාස් නම් කන්ද මුදුනට ඔවුන් ඔවුන්වම රැස් කොට සිටියෝය.

8 දැන් එය රජුගේ අණට අනුව ඔවුන්ට යුද්ධයක් දීම ඇමලකායාගේ අභිප්‍රාය නොවීය; එහෙත් බලව, ලේමන්වරුන්ගේ හමුදාවන්ගේ ප්‍රසාදය ලබාගැනීම ඔහුගේ අරමුණ වූවේය, එනම් ඔහු ඔවුන්ගේ ප්‍රධානියා බවට පත් කර, රජු සිහසුනෙන් පහ කර, රාජ්‍යය අයිති කර ගන්නා පිණිසය.

9 තවද බලව, එය මෙසේ සිදු විය, එනම් ඔහු ඇන්ටිපාස් කන්ද අසල තිබූ මිටියාවතේ තම හමුදාවට කූඩාරම් ගසාගැනීමට ඔහු ඉඩ සැලැස්වූයේය.

10 තවද එය මෙසේ සිදු විය, එනම් රාත්‍රිය වන විට ඔහු ඇන්ටිපාස් කන්දට රහසිගත දූතයෙකු යවා, ලෙහොන්ටි නම් වූ, කන්ද උඩ සිටි අයගේ නායකයා, ඔහු සමඟ කතා කිරීමට අවශ්‍ය වූ බැවින්, ඔහු කන්ද පාමුලට බැස එන ලෙස ඉල්ලා සිටියේය.

11 තවද එය මෙසේ සිදු විය, එනම් ලෙහොන්ටි වෙත පණිවිඩය ලැබුණු විට ඔහු කන්ද පාමුලට නොබැස්සේය. තවද එය මෙසේ සිදු විය, එනම් ඇමලකායා ඔහුට බැස එන ලෙස ඉල්ලා දෙවෙනි වතාවටත් යැව්වේය. තවද එය මෙසේ සිදු විය, එනම් ලෙහොන්ටි එසේ සිදු නොකෙරුවේය; තවද තුන්වෙනි වතාවටත් ඔහු නැවත යැව්වේය.

12 තවද එය මෙසේ සිදු විය, එනම් ඇමලකායා ලෙහොන්ටිව කන්දෙන් බැසීමට නොහැකි බව දැනගත් විට, ඔහු ලෙහොන්ටිගේ කඳවුරට ආසන්නව, කන්දට නැග්ගේය; තවද ඔහු හතරවෙනි වතාවටත් ලෙහොන්ටිට ඔහුගේ පණිවිඩය යැව්වේය, එනම් අපේක්ෂිතව ඔහුට බැස එන ලෙසත්, තවද තමා සමඟ තම ආරක්ෂකයන් රැගෙන එන ලෙසත්ය.

13 තවද එය මෙසේ සිදු විය, එනම් ලෙහොන්ටි තම මුරකරුවන් සමඟ ඇමලකායා වෙතට පැමිණි විට, ඇමලකායා ඔහු රාත්‍රියේදී තම හමුදාව සමඟ පැමිණෙන ලෙස ආශා විය, තවද එනම් රජු ඔහුට අණදීම දුන් මනුෂ්‍යයන් සිටි ඔවුන්ගේ කඳවුරුවල වට කර, තවද ඔහුව (ඇමලකායාව) මුළු හමුදාවටම දෙවන නායකයා කළහොත්, ඔහු ඔවුන්ව ලෙහොන්ටිගේ අතට පාවා දෙනු පිණිසය.

14 තවද එය මෙසේ සිදු විය, එනම් ලෙහොන්ටි තම මනුෂ්‍යයන් සමඟ බැස ඇවිත් ඇමලකායාගේ මනුෂ්‍යයන්ව වට කර ගත්තේය, එනම් ඔවුන් අලුයම අවදි වීමට පෙර ඔවුන් ලෙහොන්ටිගේ හමුදාවන් විසින් වට කරන පිණිසය.

15 තවද එය මෙසේ සිදු විය, එනම් ඔවුන් වට වී සිටින බව ඔවුන් දුටු විට, ඔවුන් විනාශ නොවන පිණිස, තම සහෝදරයන් සමඟ ඔවුන්ට යටත් වීමට ඉඩ දෙන ලෙස ඇමලකායාගෙන් ඉල්ලා සිටියෝය. දැන් ඇමලකායා ඉතා ආශා වූ දෙය මෙය වූවේය.

16 තවද එය මෙසේ සිදු විය, එනම් රජුගේ අණට පටහැනිව, ඔහු තම මනුෂ්‍යයන්ව මුදා හැරියේය. දැන් එනම් රජුව සිහසුනෙන් නෙරපා හැරීමේදී ඔහුගේ සැලසුම් ඉටු කිරීමට, ඇමලකායා ආශා වූ දෙය මෙය විය.

17 දැන් තම ප්‍රධාන නායකයා මරා දැමුවහොත්, දෙවන නායකයා තම ප්‍රධාන නායකයා ලෙස පත් කිරීම, එය ලේමන්වරුන් අතර සිරිතක් විය.

18 තවද එය මෙසේ සිදු විය, එනම් ඇමලකායා ඔහුගේ එක් සේවකයෙකු ලෙහොන්ටි හට ක්‍රමයෙන් වස දීමට සැලැස්වූ අතර, ඔහු මිය ගියේය.

19 දැන්, ලෙහොන්ටි මිය ගිය විට, ලේමන්වරුන් ඔවුන්ගේ නායකයා සහ ඔවුන්ගේ ප්‍රධාන අණ දෙන නිලධාරියා ලෙස ඇමලකායාව පත් කළෝය.

20 තවද එය මෙසේ සිදු විය, එනම් ඇමලකායා තමන්ගේ හමුදාවන් සමඟ (ඔහු ඔහුගේ ආශාවන් ඉටු කරගත් බැවින්) නීෆායිගේ දේශයට, එනම් ප්‍රධාන නගරය වූ, නීෆායි නගරය වෙතට ගමන් කළේය.

21 තවද රජු තමන්ගේ රැකවලුන් සමඟ ඔහුව මුණ ගැසීමට පිටතට පැමිණියෝය, මක්නිසාද ඇමලකායා තමන්ගේ අණ සම්පුර්ණ කළ බවත්, තවද නීෆායිවරුන්ට විරුද්ධව සටනට යාමට ඇමලකායා ඉතා විශාල හමුදාවක් රැස් කර ඇති බවත් ඔහු සිතුවේය.

22 එහෙත් බලව, රජු ඔහුව හමුවීමට පිටතට පැමිණෙන්නාවු විට ඇමලකායා එනම් ඔහුගේ සේවකයන් පෙරට ගොස් රජු හමුවීමට සැලැස්වූයේය. තවද ඔවුන් ගොස් තවද ඔවුන්ම රජු ඉදිරියෙහි ඔහුගේ ශ්‍රේෂ්ඨත්වය නිසා ඔහුට ගෞරව කරන්නාක් මෙන් නමස්කාර කළෝය.

23 තවද එය මෙසේ සිදු විය, එනම් රජු ඔවුන්ව නැඟිටවීමට ඔහුගේ දෑත පෙරට දැමුවේය, ලේමන්වරුන් සමඟ සම්ප්‍රදායක් මෙන්, සාමයේ සංකේතයක් ලෙස, එම සම්ප්‍රදාය ඔවුන් නීෆායිවරුන් වෙතින් ලබාගත්තේය.

24 තවද එය මෙසේ සිදු විය, එනම් ඔහු පළමුවැන්නා පොළොවෙන් එසවු විට, බලව ඔහු රජුගේ හදවතට ඇන්නේය; තවද ඔහු පොළොවට වැටුණේය.

25 දැන් රජුගේ සේවකයන් පලා ගියෝය; තවද ඇමලකායාගේ සේවකයන් මෙසේ කියමින්, මොරගැසුවේය:

26 බලව, රජුගේ සේවකයන් ඔහුගේ හදවතට පිහියෙන් ඇන්නෝය, තවද ඔහු වැටී ඇත්තේය තවද ඔවුන් පලා ගියෝය; බලව, පැමිණ තවද දැකගනිල්ලා.

27 තවද එය මෙසේ සිදු විය, එනම් ඇමලකායා තම හමුදාවන් පෙරට ගොස් එනම් රජු හට සිදු වූයේ කුමක්දැයි කියා බැලීමට අණ කළේය; තවද ඔවුන් එම ස්ථානයට පැමිණි විට, තවද රජු ඔහුගේ ලේ මත වැතිර සිටිනු සොයාගත් අතර, ඇමලකායා කෝපයෙන් සිටින්නාවු බව මවාපාමින්, තවද මෙසේ කීවේය: රජු හට ප්‍රේම කලාවු කවරෙකු වුවද, ඔහු පිටතට ගොස්, තවද ඔහුගේ සේවකයන් මරා දමන පිණිස ඔවුන් හඹා යා යුතු වන්නේය.

28 තවද එය මෙසේ සිදු විය, එනම් රජු හට ප්‍රේම කළා වූ සියල්ලෝම, මෙම වචන ඔවුන් ඇසු විට, පෙරට පැමිණ තවද රජුගේ සේවකයන් ලුහුබැඳ ගියෝය.

29 දැන් රජුගේ සේවකයන් හමුදාවක් තමන් පසුපස ලුහුබැඳ පැමිණෙන්නාවූ බව දුටු විට, ඔවුන් නැවතත් බියට පත් වී, තවද වනාන්තරය තුළට පලා ගියෝය, තවද සරහෙම්ලා දේශය තුළට පැමිණ, තවද ඇමන්ගේ ජනතාව සමඟ එකතු වූවෝය.

30 තවද ඔවුන් පසුපස ලුහුබැඳ ගිය හමුදාව, ඔවුන් පසුපස හඹා යාම නිෂ්ඵල වු හෙයින් ආපසු අවෝය; තවද මෙසේ ඇමලකායා, ඔහුගේ වංචාවෙන්, ජනතාවගේ හදවත් දිනා ගත්තේය.

31 තවද එය මෙසේ සිදු විය, එනම් පසුදා ඔහු තම හමුදාවන් සමඟ නීෆායි නගරයට ඇතුළු වී, තවද නගරය අත්පත් කරගත්තේය.

32 තවද එය මෙසේ සිදු විය, එනම් රජුව, මරා දැමූ බව එනම් රැජින ඇසූ විට – මක්නිසාද එනම් රජුගේ සේවකයන් විසින් ඔහුව මරණයට පත් කලාවු බවත්, එනම් ඔහු තම හමුදාව සමඟ ඔවුන් ලුහුබැඳ ගියද, එහෙත් එය නිෂ්ඵල වූ බවත්, තවද ඔවුන් ඔවුන්ගෙන් පලා ගියාවු බවට ඇයට දන්වමින්, ඇමලකායා රැජින වෙත නියෝජිතයෙක්ව යවා තිබුණේය –

33 එසේහෙයින්, රැජිනට මේ පණිවිඩය ලැබුණු විට, ඇය ඇමලකායා වෙත යවා, එනම් ඔහු නගරයේ ජනතාව බේරා ගැනීම සඳහා ආශා විය; තවද එසේම ඇයද, ඔහු තමා වෙතට පැමිණිමට ඔහුගෙන් ආශා විය; තවද එසේම රජුගේ මරණය ගැන සාක්ෂි දැරීම සඳහා ඔහු එනම් ඔහු සමඟ සාක්ෂිකරුවන් රැගෙන එන ලෙසට ඇය ආශා විය.

34 තවද එය මෙසේ සිදු විය, එනම් ඇමලකායා රජුව මරා දැමූ සේවකයාද, තවද ඔහු සමඟ සිටියාවූ සියල්ලන්ද රැගෙන, තවද රැජින වෙතට, ඇය වාඩි වී සිටින්නාවූ ස්ථානයට ගියෝය; තවද එනම් රජුව ඔහුගේම සේවකයන් විසින් මරා දැමූ බව ඔවුන් සියල්ලෝම ඇය හට සාක්ෂි ලබා දුන්නෝය; තවද එසේම ඔවුන් මෙසේ කීවෝය: ඔවුන් පලා ගියෝය; මෙය ඔවුන්ට විරුද්ධව සාක්ෂි නොදරන්නෙහිද? තවද මෙසේ ඔවුන් රජුගේ මරණය සම්බන්ධව රැජින තෘප්තිමත් කළෝය.

35 තවද එය මෙසේ සිදු විය, එනම් ඇමලකායා රැජිනගේ පක්ෂපාතීත්වය පතා, තවද ඇයව ඔහු කෙරෙහි භාර්යාව කරගත්තේය; තවද මෙසේ ඔහුගේ වංචාවෙන්, සහ කපටි සේවකයන්ගේ සහායෙන් ද, ඔහු රාජධාණිය ලබා ගත්තේය; එසේය, නීෆායිගේ පාලනයේ සිට වර්තමානය දක්වා, ලේමන්වරුන්ගේද, ලෙමුවෙල්වරුන්ද, ඉෂ්මායෙල්වරුන්ගේද, තවද සියලු විරුද්ධවාදීන්ගෙන් සමන්විත වූ නීෆායිවරුන්ගේද සියලු ජනතාව අතරේ, සියලු දේශය පුරාම ඔහුව රජු ලෙස පිළිගනු ලැබුවේය.

36 දැන් මෙම විරුද්ධවාදීන්, නීෆායිවරුන්ගේ එකම උපදේශයන් සහ එකම තොරතුරු ඇතිව, එසේය, ස්වාමීන්වහන්සේ පිළිබඳ එකම දැනුමෙන් උපදේශයන් ලැබ, එසේනමුත්, ඔවුන්ගේ මතභේදවලින් වැඩි කල් නොගොස් ඔවුන් වඩාත් දැඩි හා පසුතැවිලි නොවන, ලේමන්වරුන්ට වඩා වනචාරී, තවද දුෂ්ට සහ දරුණු ලෙස ලේමන්වරුන්ගේ සම්ප්‍රදායන් සමඟ බීම පුදුමාකාරය; අලස මාර්ගයන්ට, සහ සියලු ආකාර කාමයට මඟ සලසා දෙමින්; එසේය, සම්පූර්ණයෙන්ම ඔවුන්ගේ දෙවි වූ ස්වාමීන්වහන්සේව අමතක කළෝය.