ශුද්ධලියවිලි
ඇල්මා 63


63 වන පරිච්ඡේදය

ශිබ්ලොන් සහ පසුව හීලමන් පූජනීය වාර්තාවන් අත්පත් කර ගනී – බොහෝ නීෆායිවරුන් උතුරු දෙසට වූ දේශයට ගමන් කරති – හැගත් නැව් සාදයි, ඒවා බටහිර මුහුදේ යාත්‍රා කරයි – මොරෝනිහා ලේමන්වරුන්ව සටනේදී පරාජය කරයි. ක්‍රි.පූ. 56–52 පමණ.

1 තවද එය මෙසේ සිදු විය, නීෆායි ජනතාව කෙරෙහි විනිශ්චයකරුවන්ගේ රාජ්‍යය පාලනයේ තිස් හයවන වසරේ ආරම්භයේදී, එනම් ඇල්මා විසින් හීලමන්ට භාර දෙන ලද එම පූජනීය දේවල් ශිබ්ලොන් විසින් අත්පත් කර ගත්තේය.

2 තවද ඔහු සාධාරණ මනුෂ්‍යයෙකු වූ අතර, තවද දෙවියන්වහන්සේ අභිමුඛයෙහි අවංකව ගමන් කළේය; තවද ඔහු නිරන්තරයෙන් යහපත කිරීමටත්, ඔහුගේ දෙවියන් වූ ස්වාමීන්වහන්සේගේ අණ පනත් පිළිපැදීමටත් වගබලා ගත්තේය; තවද ඔහුගේ සහෝදරයාද එසේම කළේය.

3 තවද එය මෙසේ සිදු විය, එනම් තවද එසේම මොරෝනායි මිය ගියේය. තවද මෙසේ විනිශ්චයකරුවන්ගේ රාජ්‍යය පාලනයේ තිස් හයවන වසර අවසන් විය.

4 තවද එය මෙසේ සිදු විය, එනම් විනිශ්චයකරුවන්ගේ රාජ්‍යය පාලනයේ තිස් හත්වන වසරේදී, මනුෂ්‍යයන් පන්දහස් හාරසියයක් පමණ වූ විශාල කණ්ඩායමක් එහි විය, ඔවුන්ගේ භාර්යාවන් සහ ඔවුන්ගේ දරුවන් සමඟ, සරහෙම්ලා දේශයෙන් උතුරු දෙසට වූ දේශය තුළට පිටත්ව ගියෝය.

5 තවද එය මෙසේ සිදු විය, එනම් හැගත්, ඔහු අතිශයින් කුතුහලයෙන් පිරි මනුෂ්‍යයෙකු විය, එසේහෙයින් ඔහු පිටතට ගොස්, පාළු දේශය අසල, බෞන්ටිෆුල් දේශයේ මායිම්වල, තමා වෙතටම අතිශයින් විශාල නැවක් සාදා, තවද උතුරු දෙසට දේශයට මඟ පෙන්වන පටු බොටුවෙන්, බටහිර මුහුද දෙසට එය දියත් කළේය.

6 තවද බලව, එහි ඇතුළු වූ නීෆායිවරුන් බොහෝදෙනෙකු සිටියෝය, තවද එසේම ඔවුන් බොහෝ ප්‍රතිපාධන සමඟ රැගෙන යාත්‍රා කළ අතර, තවද එසේම බොහෝ කාන්තාවන් සහ දරුවන් ද සිටියෝය; තවද ඔවුන් ඔවුන්ගේ ගමන උතුරු දෙසට ගෙන ගියෝය. තවද මෙසේ තිස් හත්වන වසර අවසන් විය.

7 තවද තිස් අටවන වසරේදී, මෙම මනුෂ්‍යයා වෙනත් නැව් සෑදුවේය. තවද එසේම පළමු නැව ද ආපසු පැමිණියේය, තවත් බොහෝදෙනෙකු එයට ඇතුළු විය; තවද ඔවුන් එසේම බොහෝ ප්‍රතිපාධන ද රැගෙන, තවද උතුරු දෙසට දේශයට නැවත ගමන් කළෝය.

8 තවද එය මෙසේ සිදු විය, එනම් ඔවුන් ගැන තවත් කිසිදා අසන්නට නොලැබුණි. තවද එනම් ඔවුන් මුහුදේ ගැඹුරේ ගිලී මිය යන්නට ඇතැයි අප සිතන්නෙමු. තවද එය මෙසේ සිදු විය, එනම් අනෙක් එක් නැව ද යාත්‍රා කළේය; තවද ඇය ගියේ කොහේදැයි අප නොදනිමු.

9 තවද එය මෙසේ සිදු විය, එනම් මෙම වසරේදී උතුරු දෙසට දේශයට ගිය බොහෝ ජනතාවක් සිටියෝය. තවද මෙසේ තිස් අටවන වසර අවසන් විය.

10 තවද එය මෙසේ සිදු විය, විනිශ්චයකාරවරුන්ගේ රජ්‍යය පාලනයේ තිස් නවවන වසරේදී, එසේම ශිබ්ලොන්ද මරණයට පත්විය, තවද කොරියැන්ටන් උතුරු දෙසට වූ දේශයට නැවකින් ගොස්, එම දේශය තුළට ගිය ජනතාව හට කළමනා රැගෙන ගියේය.

11 එසේහෙයින් ශිබ්ලොන් එම පූජනීය දේවල්, ඔහුගේ මරණයට පෙර, හීලමන් ලෙස හඳුන්වන ලද, හීලමන්ගේ පුත්‍රයා හට, ඔහුගේ පියාගේ නමින් හඳුන්වනු ලැබු, ප්‍රදානය කිරීම යෝග්‍ය විය.

12 දැන් බලව, ඇල්මා විසින් පෙරට නොයා යුතු බවට අණ කරන ලද එම කොටස් හැර, හීලමන්ගේ සන්තකයේ තිබූනාවු එම සියලුම කැටයම් ලියා මුළු දේශය මුළුල්ලෙහිම මනුෂ්‍ය දරුවන් අතරට යවන ලැබුවේය.

13 එසේනමුත්, මෙම දේවල් පූජනීයව තබා ගත යුතු අතර, තවද එක් පරම්පරාවකින් අනෙකට භාර දිය යුතු විය; එසේහෙයින්, මෙම වසරේදී, ශිබ්ලොන්ගේ මරණයට පෙර, ඒවා හීලමන් හට ප්‍රදානය කරන ලදී.

14 තවද එය මෙසේ සිදු විය, එසේම එනම් මෙම වසරේදීද ලේමන්වරුන් වෙතට ගිය සමහර විරුද්ධවාදීන් සිටියෝය; තවද ඔවුන්ව නැවතත් නීෆායිවරුන්ට විරුද්ධව කෝපයෙන් කළඹවනු ලැබුවෝය.

15 තවද එසේම මෙම වසර තුළම මොරොනිහා ජනතාවට, නැතතොත් මොරොනිහාගේ හමුදාවට විරුද්ධව යුද්ධ කිරීමට විශාල හමුදාවක් සමඟ ඔවුන් පැමිණියෝය, එහිදී මහත් නැතිවීමක් විඳගනිමින්, ඔවුන් පරාජය කරනු ලැබ තවද ඔවුන්ගේම දේශයන් වලට නැවත පලවා හරිනු ලැබුවෝය.

16 තවද මෙසේ නීෆායි ජනතාව කෙරෙහි විනිශ්චයකරුවන්ගේ රාජ්‍යය පාලනයේ තිස් නවවන වසර අවසන් විය.

17 තවද මෙසේ ඇල්මා සහ ඔහුගේ පුත්‍රයා වූ හීලමන්ගේ, සහ එසේම ඔහුගේ පුත්‍රයා වූ ශිබ්ලොන්ගේ වාර්තාව අවසන් විය.