ශුද්ධලියවිලි
ඇල්මා 8


8 වන පරිච්ඡේදය

ඇල්මා මෙලෙක්හිදී දේශනා කර බෞතීස්ම කරයි – ඔහු ඇමෝනිහාහිදී ප්‍රතික්ෂේප කරනු ලැබ තවද පිටව යයි – ජනතාව වෙත නැවත ගොස් පසුතැවිලි වන ලෙස මොරගැසීමට දේවදූතයෙක් ඔහුට ආඥා කරන සේක – ඔහුව ඇමියුලෙක් විසින් පිළිගනු ලබන අතර, තවද ඔවුන් දෙදෙනා ඇමෝනිහාහිදී දේශනා කරති. ක්‍රි.පූ. 82 පමණ.

1 තවද දැන් එය මෙසේ සිදු විය, එනම් ලිවිය නොහැකි බොහෝ දේවල් ගිඩියොන්ගේ ජනතාවට ඉගැන්වීමෙන් පසුව, ඇල්මා ගිඩියොන් දේශයෙන් ආපසු පැමිණි අතර, ඔහු සරහෙම්ලා දේශයේ පෙර කළාක් මෙන්, සභාව නිසි ආකාරයට සංවිධානය කර, එසේය, ඔහු ඔහුගේම සරහෙම්ලාහි නිවසට ඔහු කළාවූ වෙහෙසවීම් වලින් විවේක ගැනීම පිණිස ආපසු පැමිණියේය.

2 තවද මෙසේ නීෆායි ජනතාව මත විනිශ්චයකරුවන්ගේ රාජ්‍ය පාලනයේ නව වන අවුරුද්ද අවසන් විය.

3 තවද එය මෙසේ සිදු විය, නීෆායි ජනතාව මත විනිශ්චයකරුවන්ගේ රාජ්‍ය පාලනයේ දස වන අවුරුද්දේ පටන් ගැන්මේදි, එනම් ඇල්මා එතැනින් පිටත්ව ශිදොන් ගංඟාවට බටහිරින් වූ, වනාන්තරයේ බටහිර මායිම් වෙතින්, මෙලෙක් දේශය වෙතට ඔහුගේ ගමන ගියේය.

4 තවද ඔහු මෙලෙක් දේශයෙහි ජනතාවට, ඔහුව කැඳවන ලද්දාවූ, දෙවියන්වහන්සේගේ ශුද්ධවූ පිළිවෙලට අනුව ඉගැන්වීමට පටන්ගත්තේය; තවද ඔහු මෙලෙක් දේශය මුළුල්ලේහි සියලුම ජනතාවට ඉගැන්වීමට පටන්ගත්තේය.

5 තවද එය මෙසේ සිදු විය, එනම් වනාන්තරය පැත්තේ පිහිටි දේශයේ සියලු සීමාවල් මුළුල්ලේහිම ජනතාව ඔහු වෙතට පැමිණියෝය. තවද ඔවුන් මුළු දේශය මුළුල්ලේහිම බෞතීස්මය වූවෝය.

6 එනම්, ඔහු මෙලෙක්හි ඔහුගේ සේවය නිම කළ පසු ඔහු එතැනින් පිටත් විය, තවද දින තුනක ගමනක් මෙලෙක් දේශයේ උතුරු දෙසින් ගමන් ගත්තේය; තවද ඔහු ඇමෝනිහා යැයි නම් කළාවූ නුවරට පැමිණියේය.

7 දැන් ඔවුන්ගේ දේශයන් ද, ඔවුන්ගේ නගර ද, ඔවුන්ගේ ගම් ද, එසේය, ඔවුන්ගේ සියලු කුඩා ගම්මානයන් පවා, ඒවා මුලින්ම අයත් කරගත්තාවූ අයගේ නමින් හැඳින්වීම නීෆායි ජනතාවගේ සිරිතක් විය; තවද ඇමෝනිහා දේශයේ ද එය මෙසේ විය.

8 තවද එය මෙසේ සිදු විය, එනම් ඇල්මා ඇමෝනිහා නගරයට පැමිණි විට ඔහු දෙවියන්වහන්සේගේ වචනය ඔවුන් හට දේශනා කිරීමට පටන් ගත්තේය.

9 දැන් සාතන් ඇමෝනිහා නගරයේ ජනතාවගේ හදවත් බලවත් ලෙස අල්ලාගෙන සිටියේය; එසේහෙයින් ඔවුන් ඇල්මාගේ වචනයට සවන් නොදුන්නෝය.

10 එසේවූවත්, ඇල්මා ආත්මයෙන් බොහෝසෙයින් වෙහෙස වී, නගරයෙහි වූ ජනතාව මත එනම් උන්වහන්සේගේ ආත්මය වගුරුවන පිණිස, බලවත් යාච්ඤාවෙන් දෙවියන්වහන්සේ සමඟ පොරබැද්දේය; එනම් එසේම පසුතැවිලි වීම සඳහා ඔවුන්ව බව්තීස්ම කිරීමට උන්වහන්සේ ඔහුට අවසර දෙන පිණිසත්ය.

11 එසේවූවත්, ඔවුහු ඔවුන්ගේ හදවත් දැඩි කරගෙන, ඔහුට මෙසේ කීවේය: බලව, එනම් නුඹ ඇල්මා බව අප දන්නෙමු; තවද නුඹගේ සම්ප්‍රදායන්ට අනුව, දේශයේ බොහෝ ප්‍රදේශවල නුඹ විසින් පිහිටුවා ඇති සභාවෙහි උත්තම පූජකයා නුඹ බව අප දන්නෙමු; තවද අප නුඹගේ සභාවේ අය නොවන අතර, තවද මෙවැනි අණුවන සම්ප්‍රදායන් අප විශ්වාස නොකරන්නෙමු.

12 තවද දැන් අප දන්නෙමු, එනම් අප නුඹගේ සභාවේ නොවන්නාවු නිසා නුඹට අප කෙරෙහි බලයක් නොමැති බව අප දන්නෙමු; තවද නුඹ විනිශ්චයේ ආසනය නෙෆීහා වෙත භාර දී ඇත්තේය; එසේහෙයින් නුඹ අප කෙරෙහි ප්‍රධාන විනිශ්චයකරු නොවන්නෙහිය.

13 දැන් මෙසේ ජනතාව පැවසූ විට, තවද ඔහුගේ සියලු වචනවලට විරුද්ධ වී, තවද ඔහුට නින්දා කර, තවද ඔහු හට කෙළ ගසා, තවද එනම් ඔහුව ඔවුන්ගේ නගරයෙන් පිටතට දැමීමට සැළැස්වූවෝය, ඔහු එතැනින් පිටත්ව තවද ආරොන් යැයි නම් කරනු ලැබු නගරය දෙසට ඔහු ගමන් ගත්තේය.

14 තවද එය මෙසේ සිදු විය, එනම් ඔහු ඒ දෙසට ගමන් කරමින් සිටින විට, ඇමෝනිහා නගරයේ සිටි ජනතාවගේ දුෂ්ඨකම නිසා, වේදනාවෙන් බර වී, මහත් පීඩාවෙන් සහ ප්‍රාණයේ සංවේගයත් සමඟ ගමන් කළේය, එය මෙසේ සිදු විය, ඇල්මා මෙසේ වේදනාවෙන් බරවි සිටින විට, බලන්න ස්වාමීන්හන්සේගේ දේවදූතයෙකු ඔහු වෙත දර්ශනය වී, මෙසේ කීවේය:

15 ඇල්මා, නුඹ ආශිර්වාද ලද්දේය; එසේහෙයින්, නුඹගේ හිස ඔසවා තවද ප්‍රීති වන්න, මක්නිසාද නුඹට ප්‍රීතිවීමට බලවත් හේතුවක් ඇත්තේය; මක්නිසාද, නුඹ දෙවියන්වහන්සේගේ අණ පනත් පිළිපැදීමට ඇදහිලිවන්තව සිටිනුයේ නුඹ හට උන්වහන්සේ වෙතින් පළමු පණිවිඩය ලැබුණු කාලයේ සිටය, බලව, එනම් එය නුඹට ලබාදුන්නාවූ තැනැත්තා මම වන්නෙමි.

16 තවද බලව, එනම් නුඹ ඇමෝනිහා නගරයට ආපසු ගොස්, තවද නගරයේ ජනතාවට නැවත දේශනා කරනු පිණිස, නුඹ හට ආඥා කිරීමට මා එවනු ලැබුවේය; එසේය, ඔවුන් හට දේශනා කරන්න. එසේය, ඔවුන් හට කියන්න, ඔවුන් පසුතැවිලි වුවහොත් මිස, දෙවියන් වූ ස්වාමීන්වහන්සේ ඔවුන්ව විනාශ කරන සේක.

17 මක්නිසාද බලව, ඔවුන් මෙම අවස්ථාවේදී එනම් නුඹගේ ජනතාවගේ නිදහස විනාශ කරන පිණිස අධ්‍යනය කරන්නේය, (මක්නිසාද මෙසේ ස්වාමීන්වහන්සේ පවසන සේක) ඒවා උන්වහන්සේ, උන්වහන්සේගේ ජනතාවට ලබා දුන්නාවූ ව්‍යවස්ථාවන්ටද, විනිශ්චයන්ටද, සහ අණ පනත් වලටද ඒවා පටහැනි වන්නේය.

18 දැන් එය මෙසේ සිදු විය, එනම් ඇල්මාට ස්වාමීන්වහන්සේගේ දේවදූතයාගෙන් ඔහුගේ පණිවිඩය ලැබුණු පසු ඔහු ඉක්මණින්ම ඇමෝනිහා දේශයට ආපසු ගියේය, තවද ඔහු වෙනත් මාර්ගයකින් නගරයට ඇතුල් විය, එසේය, එය ඇමෝනිහා නගරයේ දකුණු මාර්ගය තුළින්ය.

19 තවද ඔහු නගරයට ඇතුළු වූ විට ඔහුට බඩගින්නක් විය, තවද ඔහු මනුෂ්‍යයෙකුට මෙසේ කීවේය: නුඹ දෙවියන්වහන්සේගේ නිහතමානී සේවකයෙකුට කෑමට යමක් දෙන්නෙහිද?

20 තවද මනුෂ්‍යයා ඔහුට මෙසේ කීවේය: මම නීෆායිවරයෙක්, තවද නුඹ දෙවියන්වහන්සේගේ ශුද්ධවූ අනාගතවක්තෘවරයෙකු බව මම දන්නෙමි, මක්නිසාද දේවදූතයා දර්ශනයකින් පැවසූ මනුෂ්‍යයා නුඹ වන්නේය: නුඹව භාරගනු ලබන්නේය. එසේහෙයින්, මා සමඟ මාගේ නිවසට යන්නෙමු, තවද මම මාගේ ආහාර නුඹට බෙදා දෙන්නෙමි; තවද එනම් නුඹ මට සහ මාගේ නිවසට ආශීර්වාදයක් වන බව මා දන්නෙමි.

21 තවද එය මෙසේ සිදු විය, එනම් මනුෂ්‍යයා ඔහුව ඔහුගේ නිවසට භාර ගත්තේය; තවද එම මනුෂ්‍යයා ඇමියුලෙක් ලෙස හැඳින්විය. තවද ඔහු රොටි සහ මාංස ගෙනැවිත් ඇල්මා ඉදිරියෙහි තැබුවේය.

22 තවද එය මෙසේ සිදු විය, එනම් ඇල්මා රොටි අනුභව කර පූර්ණ විය; තවද ඔහු ඇමියුලෙක්ට සහ ඔහුගේ නිවසට ආශීර්වාද කර, තවද ඔහු දෙවියන්වහන්සේ හට ස්තුති කළේය.

23 තවද ඔහු අනුභව කර පූර්ණ වූ පසු ඔහු ඇමියුලෙක්ට මෙසේ කීවේය: මම ඇල්මා වන්නෙමි, තවද මම දේශයේ මුළුල්ලේහිම දෙවියන්වහන්සේගේ සභාව මත උත්තම පූජකයා වන්නෙමි.

24 තවද බලව, එළිදරව් කිරීමේ ආත්මයෙන් සහ අනාවැකි කීමට අනුව, මෙම සියලු ජනතාව අතර දෙවියන්වහන්සේගේ වචනය දේශනා කිරීමට මා කැඳවනු ලැබුවෙමි; තවද මා මෙම දේශයේ සිටි අතර, තවද ඔවුන් මා පිළි නොගත්තෝය, එහෙත් ඔවුන් මා පිටතට පලවා තවද මම සදහටම මේ දේශයට පිටුපෑමට ආසන්නව සිටියෙමි.

25 එහෙත් බලව, තවද ඔවුන්ගේ අයුතුකම් ගැන ඔවුන්ට විරුද්ධව සාක්ෂි දරන පිණිස, එසේය, එනම් මා නැවත හැරී මෙම ජනතාවට අනාවැකි කීමට මා හට ආඥා කරනු ලැබුවෙමි.

26 තවද දැන්, ඇමියුලෙක්, නුඹ මා පෝෂණය කර තවද මා ඇතුළට ගත් නිසා, නුඹ ආශිර්වාද ලද්දේය; මන්ද මා බොහෝ දිනක් නිරාහාරව සිටි බැවින්, මක්නිසාද මා බඩගින්නෙහි සිටියෙමි.

27 තවද ඇල්මා ජනතාවට දේශනා කිරීමට පටන් ගැනීමට පෙර ඇමියුලෙක් සමඟ බොහෝ දිනක් රැඳී සිටියේය.

28 තවද එය මෙසේ සිදු විය, එනම් ජනතාව ඔවුන්ගේ අයුතුකමින් බොහෝ වැඩි වී දරුණු වූවෝය.

29 තවද වචනය ඇල්මා වෙත පැමිණ, මෙසේ කීය: යන්න; තවද එසේම මාගේ සේවක ඇමියුලෙක්ටද කියන්න, ඉදිරියට ගොස් තවද මෙම ජනතාවට අනාවැකි, මෙසේ කියමින් – නුඹලා පසුතැවිලි වෙයල්ලා, මක්නිසාද ස්වාමීන්වහන්සේ මෙසේ පවසන සේක, නුඹලා පසුතැවිලි වුවහොත් මිස, මා මෙම ජනතාව මාගේ කෝපයෙන් බැහැදකින්නෙමි; එසේය, තවද මා මාගේ දැඩි කෝපය පහ නොකරන්නෙමි.

30 තවද ඇල්මා ඉදිරියට ගියේය, තවද එසේම ඇමියුලෙක් ද, දෙවියන්වහන්සේගේ වචන ඔවුන්ට ප්‍රකාශ කරන පිණිස ජනතාව අතරට ගියෝය; තවද ඔවුහු ශුද්ධාත්මයාණන්ගෙන් පූර්ණ වූහ.

31 තවද ඔවුන්ට බලය දී තිබුනේය, එපමණින් එනම් ඔවුන්ව සිරගෙවල් වලට සීමා කිරීමට නොහැකි විය; නොහොත් ඔවුන්ව මරාදැමීමටද එනම් කිසිඳු මනුෂ්‍යයෙකුට නොහැකි විය; එසේනමුත් ඔවුන්ව පටිවලින් බැඳ තවද සිරගෙයි දමන තුරු ඔවුන් ඔවුන්ගේ බලය ක්‍රියාත්මක නොකළෝය. දැන්, මෙය සිදු කරනු ලැබුවේ එනම් ස්වාමීන්වහන්සේ ඔවුන් තුළ උන්වහන්සේගේ බලය පෙන්වන පිණිසය.

32 තවද එය මෙසේ සිදු විය, එනම් ස්වාමීන්වහන්සේ ඔවුන් හට ලබා දුන්නාවු ආත්මය සහ බලයට අනුව, ඔවුන් ඉදිරියට ගොස් ජනතාවට දේශනා කිරීමට සහ අනාවැකි කීමට පටන් ගත්තෝය.