ශුද්ධලියවිලි
ඇල්මා 29


29 වන පරිච්ඡේදය

ඇල්මා දේවදූත උද්‍යෝගයෙන් පසුතැවිල්ල මොරගැසීම සඳහා ආශා වෙයි – ස්වාමීන්වහන්සේ සියලු ජාතීන් සඳහා ගුරුවරුන් ලබා දෙන සේක – ඇල්මා ස්වාමීන්වහන්සේගේ ක්‍රියාවන් තුළ සහ ඇමන් සහ ඔහුගේ සහෝදරයන්ගේ සාර්ථකත්වය ගැන මහිමයට පත් කරයි. ක්‍රි.පූ. 76 පමණ.

1 අහෝ එනම් මා දේවදූතයෙක් වී, තවද මාගේ හදවතේ වූ පැතුම ඉටු කර ගැනීමට හැකි වූවා නම්, එනම් මම ඉදිරියට ගොස් පොළොව සොලවන හඬකින් කතා කර, දෙවියන්වහන්සේගේ හොරණෑව සමඟ කතා කිරීමටත්, තවද මනුෂ්‍යයන් සෑම දෙනෙකුටම පසුතැවිලි වන ලෙසත් කන්නලව් කරනු පිණිසය!

2 එසේය, එනම් ඔවුන් පසුතැවිලි වී අපගේ දෙවියන්වහන්සේ වෙතට පැමිණිය යුතු බවත්, එනම් එහි මුළු පොළොවේ මුහුණතෙහි තවත් දුකක් ඇති නොවන පිණිසත්, ගිගුරුම් හඬින්, පසුතැවිල්ලෙන් සහ මිදීමේ සැලැස්ම මෙන්, මම සෑම ප්‍රාණයකටම ප්‍රකාශ කරන්නෙමි.

3 එහෙත් බලව, මම මනුෂ්‍යයෙකු වෙමි, තවද මාගේ පැතුම තුළ පව් කරමි; මක්නිසාද, ස්වාමීන්වහන්සේ මා හට වෙන් කළ දෙයින් මම සෑහීමට පත් විය යුතු වන්නෙමි.

4 සාධාරණ වූ දෙවියන්වහන්සේ කෙනෙකුගේ ස්ථිර නියෝගය මම මගේ ආශාවන් තුළ විවර්තනය නොකළ යුතු ය, මක්නිසාදයත් උන්වහන්සේ ඔවුන්ගේ ආශාවට අනුව, එය මරණයට වෙත හෝ ජීවිතයට වෙත වුවත් මනුෂ්‍යයන්ට ලබා දෙන බව මම දනිමි; එසේය, උන්වහන්සේ මනුෂ්‍යයන්ට වෙන් කොට දෙන බවත්, එසේය, ඒවා ගැලවීම වෙත හෝ විනාශය වෙත වුවද, ඔවුන්ගේ කැමැත්තට අනුව, වෙනස් කළ නොහැකි නියෝග ඔවුන්ට නියම කරන බව මම දනිමි.

5 එසේය, තවද යහපත සහ අයහපත සියලු මනුෂ්‍යයන් ඉදිරියෙහි පැමිණ ඇති බව මම දන්නෙමි; නපුරෙන් යහපත නොදන්නා තැනැත්තා නිර්දෝෂී වන්නේය; එහෙත් එනම් යහපත හා අයහපත දන්නා තැනැත්තාට, ඔහු යහපත හෝ අයහපත, ජීවිතය හෝ මරණය, ප්‍රීතිය හෝ හෘදසාක්ෂියේ වූ පසුතැවීම ආශා වූවත්, එය ඔහුගේ ආශාවන්ට අනුව දෙනු ලබන්නේය.

6 දැන්, මම මේ දේවල් දන්නා බව දැක ඇති විටත්, මා කැඳවා ඇති එම කාර්යය ඉටු කිරීමට වඩා, මා වඩාත් ආශාවිය යුතු වන්නේ මන්ද?

7 මා දේවදූතයෙකු වීමටත්, පොළොවේ සියලු කෙළවරවල් වලට කතා කිරීමටත් මා ආශා වන්නේ මන්ද?

8 මක්නිසාද බලව, ස්වාමීන්වහන්සේ සියලු ජාතීන් හට, ඔවුන්ගේම ජාතියේ සහ භාෂාවෙන්, තමන්වහන්සේගේ වචනය ඉගැන්වීමට, එසේය, ප්‍රඥාවෙන් යුතුව, ඔවුන්ට තිබිය යුතු සුදුසු යැයි තමන්වහන්සේ දකින්නා වූ සියල්ල ලබා දෙන සේක; එසේහෙයින් ස්වාමීන්වහන්සේ යුක්තියට සහ සත්‍යයට අනුව, ප්‍රඥාවෙන් උපදෙස් දෙන බව අපට පෙනෙන්නේය.

9 එනම් ස්වාමීන්වහන්සේ මා හට ආඥා කළ දේ මම දන්නෙමි, තවද එය මම තුළ මහිමවත් වන්නෙමි. මම මා ගැනම මහිමවත් නොවන්නෙමි, එහෙත් ස්වාමීන්වහන්සේ මට ආඥා කළා වූු එම දේ තුළ මම මහිමවත් කරගන්නෙමි; එසේය, එනම් සමහරවිට යම් ප්‍රාණයක් පසුතැවිල්ලට ගෙන ඒමට මා හට දෙවියන්වහන්සේගේ හස්තයෙහි උපකරණයක් වීම, තවද මෙය මාගේ මහිමයයි; තවද මෙය මාගේ ප්‍රීතියයි.

10 තවද බලව, මාගේ සහෝදරයන් බොහෝ දෙනෙකු සැබවින්ම පසුතැවිලි වී, තවද දෙවියන් වූ ඔවුන්ගේ ස්වාමීන්වහන්සේ වෙතට පැමිණෙනවා දකින විට, එවිට මාගේ ප්‍රාණය ප්‍රීතියෙන් පිරී යන්නේය; එවිට ස්වාමීන්වහන්සේ මා උදෙසා කළාවු දේ, එසේය, එනම් උන්වහන්සේ මාගේ යාච්ඤාව ඇසූ බව පවා මම සිහිකරන්නෙමි; එසේය, උන්වහන්සේ මා වෙතට දිගු කළ උන්වහන්සේගේ කරුණාවේ හස්තය එවිට මම සිහිකරන්නෙමි.

11 එසේය, තවද එසේම මාගේ පියවරුන්ගේ වහල්භාවයද මම සිහිකරන්නෙමි; මක්නිසාද ස්වාමීන්වහන්සේ ඔවුන්ව වහල්භාවයෙන් පිටතට මුදාගත් බවත්, තවද මේ මගින් උන්වහන්සේගේ සභාව ස්ථාපිත කළ බවත් මම සැබවින්ම දන්නෙමි; එසේය, ආබ්‍රහම්ගේ දෙවියන්වහන්සේ, ඊසාක්ගේ දෙවියන්වහන්සේ, සහ යාකොබ්ගේ ස්වාමීන්වහන්සේ වන දෙවියන්වහන්සේ ඔවුන්ව වහල්භාවයෙන් පිටතට මුදවා ගත් සේක.

12 එසේය, මම මාගේ පියවරුන්ගේ වහල්භාවය සැමවිටම සිහිපත් කර ඇත්තෙමි; තවද එනම් මිසරවරුන්ගේ දෑතින් පිටතට ඔවුන් මුදාගත් එම දෙවියන්වහන්සේම ඔවුන්ව වහල්භාවයෙන් පිටතට මුදාගත් සේක.

13 එසේය, තවද එම දෙවියන්වහන්සේම ඔවුන් අතර උන්වහන්සේගේ සභාව ස්ථාපිත කළ සේක; එසේය, තවද ඒම දෙවියන්වහන්සේම මෙම ජනතාවට වචනය දේශනා කිරීම පිණිස ශුද්ධවු කැඳවීමකින් මා කැඳවු අතර, තවද මා හට බොහෝ සාර්ථකත්වයක් ලබා දී ඇත්තේය, එතුළ මාගේ ප්‍රීතිය සම්පුර්ණය.

14 එහෙත් මම මාගේම සාර්ථකත්වය තුළ පමණක් ප්‍රීති නොවෙන්නෙමි, එහෙත් නීෆායි දේශය දක්වා ගමන් කළ මගේ සහෝදරයන්ගේ සාර්ථකත්වය නිසා, මාගේ ප්‍රීතිය වඩාත් සම්පුර්ණව ඇත්තේය.

15 බලව, ඔවුන් බෙහෙවින් වෙහෙස වුවෝය, තවද බොහෝ ඵල ගෙන ආවෝය; තවද ඔවුන්ගේ යහපත් ත්‍යාගය කෙතරම් උතුම් වන්නේද!

16 දැන්, මාගේ මේ සහෝදරයන්ගේ සාර්ථකත්වය ගැන මා සිතන්නාවු විට, මාගේ ප්‍රාණය ශරීරයෙන් වෙන් වීමට පවා රැගෙන යන්නේය, එසේ වන්නාක් මෙන්, මාගේ ප්‍රීතිය බලවත් වන්නේය.

17 තවද දැන් එනම් දෙවියන්වහන්සේගේ රාජ්‍යයෙහි හිඳගැනීමට, මාගේ සහෝදරයන් වන මොවුන්ට, දෙවියන්වහන්සේ අවසර දෙන සේක්වා; එසේය, තවද එසේම ඔවුන්ගේ වෙහෙසවිමේ ඵලයද වන සියල්ලන්ම එනම් තවදුරටත් පිටතට නොයන පිණිස, එහෙත් එනම් ඔවුන් සඳහටම උන්වහන්සේට ප්‍රශංසා කරන පිණිසය. තවද මා පැවසූ පරිදිම, එනම් මාගේ වචනවලට අනුව එය සිදු වීමට දෙවියන්වහන්සේ අවසර දෙන සේක්වා. ආමේන්.