ශුද්ධලියවිලි
ඇල්මා 51


51 වන පරිච්ඡේදය

රජ-මනුෂ්‍යයන් නීතිය වෙනස් කර රජෙකු පත් කිරීමට උත්සාහ කරති – පහෝරාන් සහ නිදහස් මනුෂ්‍යයන් ජනතාවගේ හඬින් සහය ලබයිි – මොරෝනායි රජ-මනුෂ්‍යයන් තම රට ආරක්ෂා කිරීමට නැතහොත් මරණයට පත් කිරීමට බල කරයි – ඇමලකායා සහ ලේමන්වරුන් බොහෝ බලකොටු සහිත නගර අල්ලා ගනිති – ටියැන්කම් ලේමන්වර ආක්‍රමණය වළක්වා ඇමලකායාව ඔහුගේ කූඩාරමේ දී මරා දමයි. ක්‍රි.පූ. 67–66 පමණ.

1 තවද දැන් එය මෙසේ සිදු විය, නීෆායිහි ජනතාව කෙරෙහි විනිශ්චයකරුවන්ගේ පාලනයේ විසිපස් වන වසරේ ආරම්භයේදී, ඔවුන් ලීහායි වැසියන් සහ මොරියැන්ටන් වැසියන් අතර ඔවුන්ගේ දේශයන් සම්බන්ධයෙන් සාමය ඇති කර, තවද විසිපස් වන වසර සාමයෙන් ආරම්භ කළෝය;

2 එසේනමුත්, ප්‍රධාන විනිශ්චයකරු පහෝරාන් සම්බන්ධයෙන් ජනතාව අතර මතභේදයක් ඇති වීමට පටන් ගත් නිසාවෙන්, ඔවුන් වැඩි කලක් දේශයේ සම්පූර්ණ සාමයක් පවත්වා නොගත්තෝය; මක්නිසාද බලව, නීතියේ විශේෂිත කරුණු කිහිපයක් වෙනස් කළ යුතු යැයි අපේක්ෂා කළ ජනතාවගෙන් කොටසක් එහි සිටියෝය.

3 එහෙත් බලව, පහෝරාන් නීතිය වෙනස් කිරීමට හෝ වෙනස් කිරීමට ඉඩ නොදෙන්නේය; එසේහෙයින්, නීතිය වෙනස් කිරීම සම්බන්ධයෙන් ඔවුන්ගේ පෙත්සම් සමඟ ඔවුන්ගේ හඬ එවා ඇති අයට ඔහු සවන් නොදුන්නේය.

4 එසේහෙයින්, එනම් නීතිය වෙනස් කළ යුතු යැයි අපේක්ෂා කළාවූඅය ඔහු සමඟ කෝපයට පත් වූ අතර, තවද ඔහු තවදුරටත් දේශය සම්බන්ධයෙන් ප්‍රධාන විනිශ්චයකාරයා නොවිය යුතු බවට ආශාවූහ; එසේහෙයින් මෙම කාරණය සම්බන්ධයෙන් උණුසුම් ආරවුලක් ඇති වූ නමුත්, ලේ වැගිරීම් සඳහා නොවීය.

5 තවද එය මෙසේ සිදු විය, එනම් පහෝරාන් විනිශ්චයාසනයෙන් නෙරපා හැරීමට කැමති අයවලුන් රජ-මනුෂ්‍යයන් ලෙස හැඳින්වූයේය, මක්නිසාද එනම් ඔවුන් නිදහස් වූ රජය පෙරළා දේශය පාලනය කිරීමට රජෙකු පත් කිරීමට නීතිය වෙනස් කළ යුතුය යන ආශාව නිසාවෙන්ය.

6 තවද පහෝරාන් දේශයේ ප්‍රධාන විනිශ්චයකාරයා ලෙස සිටිය යුතුයයි ආශාවෙන් සිටි අය නිදහස් මනුෂ්‍යයන් යන නාමය ලබා ගත්හ; තවද මෙසේ නිදහස් රජයක් මගින් ඔවුන්ගේ අයිතිවාසිකම් සහ ඔවුන්ගේ ආගමේ වරප්‍රසාද පවත්වා ගැනීමට නිදහස් මනුෂ්‍යයන් දිවුරුම් දී හෝ ගිවිසුම් කර ඇති නිසාවෙන්, ඔවුන් අතර වූ බෙදීම එසේ වූවේය.

7 තවද එය මෙසේ සිදු විය, එනම් ඔවුන්ගේ මෙම මතභේද ජනතාවගේ හඬින් සමථයකට පත් වූහ. තවද එය මෙසේ සිදු විය, එනම් නිදහස් මනුෂ්‍යයන්ට පක්ෂව ජනතාවගේ හඬ පැමිණි අතර, තවද පහෝරාන් විනිශ්චයාසනය රඳවා තබා ගත් අතර, එය පහෝරාන්ගේ සහෝදරයන් සහ බොහෝ නිදහස් මනුෂ්‍යයන් අතර ප්‍රීතියට හේතු වූ අතර, රජ-මනුෂ්‍යයන් ද නිහඬ කොට, ඔවුන් නිදහසේ අරමුණට විරුද්ධ නොවී, නමුත් එය පවත්වා ගැනීමට බැඳී සිටියෝය.

8 දැන් රජවරුන්ට පක්ෂ වූ අය උසස් උපන් අය වූ අතර, තවද ඔවුන් රජ වීමට උත්සාහ කළහ; තවද ජනතාව කෙරෙහි බලය සහ අධිකාරය සොයන අයගේ සහය ඔවුන්ට ලැබුණෝය.

9 එහෙත් බලව, නීෆායිහි ජනතාව අතර එවැනි මතභේද ඇති වීමට මෙය තීරණාත්මක කාලයක් විය; මක්නිසාද බලව, ඇමලකායා නැවතත් නීෆායිවරුන්ගේ ජනතාවට විරුද්ධව ලේමන්වරුන්ගේ හදවත් අවුස්සමින්, තවද තම දේශයේ සෑම පෙදෙසකින්ම සොල්දාදුවන් එකට එක්රැස් කර, තවද ඔවුන් සන්නද්ධ කර, තවද සියලු උද්යෝගයෙන් යුද්ධයට සූදානම් වෙමින් සිටියේය; මක්නිසාදයත් ඔහු මොරෝනායිගේ රුධිරය පානය කිරීමට දිවුරුම් දුන් බැවින්ය.

10 එහෙත් බලව, ඔහු දුන් ඔහුගේ පොරොන්දුව කලබලයෙන් වූ බව අප දකිමු; එසේනමුත්, ඔහු නීෆායිවරුන්ට විරුද්ධව සටනට පැමිණීමට තමා සහ ඔහුගේ හමුදාවන් සූදානම් කළේය.

11 දැන් නීෆායිවරුන් අතින් දහස් ගණනක් මාරා දැමු නිසාවෙන්, දැන් ඔහුගේ හමුදාවන් මෙතෙක් තිබූන්නාවූතරම් විශාල නොවීය; එහෙත් ඔවුන්ගේ විශාල පාඩුව නොතකා, ඇමලකායා පුදුමාකාර ලෙස විශාල හමුදාවක් එක්රැස් කර තිබූ අතර, එපමණකින් එනම් සරහෙම්ලා දේශයට පැමිණීමට ඔහු බිය නොවීය.

12 එසේය, ඇමලකායා පවා, ලේමන්වරුන්ගේ මූලික ස්ථානයේ ඔහුවම තබා පැමිණියේය. තවද එය විනිශ්චයකරුවන්ගේ පාලන සමයේ විසිපස්වන අවුරුද්දේදී වූවේය; තවද එය ඔවුන් ප්‍රධාන විනිසුරු පහෝරාන් සම්බන්ධයෙන් ඔවුන්ගේ මතභේදවල කටයුතු සමථයකට පත් කිරීමට පටන් ගත්තේ ඒ සමඟමය.

13 තවද එය මෙසේ සිදු විය, එනම් ලේමන්වරුන් තමන්ට විරුද්ධව සටනට එන බව රජ-මනුෂ්‍යයන් ලෙස හඳුන්වනු ලැබූ මනුෂ්‍යයන්ට ආරංචි වූ විට, ඔවුන්ගේ සිත් තුළ ඔවුන්ට සතුටක් ඇති විය; තවද ඔවුන් ආයුධ අතට ගැනීම ප්‍රතික්ෂේප කළෝය, මක්නිසාද ඔවුන් ප්‍රධාන විනිශ්චයකාරවරයා සමඟ, තවද එසේම නිදහසේ මනුෂ්‍යයන් සමඟද කොතරම් කෝපයට පත් වීද යත්, එනම් ඔවුන් තම රට ආරක්ෂා කිරීමට ආයුධ නොගන්නා ලෙස සිටියෝය.

14 තවද එය මෙසේ සිදු විය, එනම් මොරෝනායි මෙය දුටු විටත්, තවද එසේම ලේමන්වරුන් දේශයේ සීමාවන්ට පැමිණෙන බව දුටු විටත්, ඔහු ආරක්ෂා කිරීමට මහත් උද්‍යෝගයෙන් වැඩ කළ එම ජනතාවගේ මුරණ්ඩුකම නිසාවෙන් ඔහු අතිශයින් කෝපයට පත් විය; එසේය, ඔහු අතිශයින් කෝපයට පත් විය; ඔහුගේ ප්‍රාණය ඔවුන්ට එරෙහිව කෝපයෙන් පිරී තිබුණේය.

15 තවද එය මෙසේ සිදු විය, එනම් ඔහු එය කියවා, තවද එම විරුද්ධවාදීන්ට තම රට ආරක්ෂා කිරීමට හෝ ඔවුන්ව මරා දැමීමට බල කිරීමට ඔහුට (මොරෝනායිට) බලය ලබා දෙන ලෙස ඉල්ලා දේශයේ ආණ්ඩුකාරවරයා වෙත, ජනතාවගේ හඬිත් සමග ඔහු පෙත්සමක් යැවීය.

16 මක්නිසාද ජනතාව අතර එවැනි ආරවුල් සහ මතභේද අවසන් කිරීම එය ඔහුගේ පළමු සැලකිල්ල විය; මක්නිසාද බලව, මෙය මෙතෙක් ඔවුන්ගේ සියලු විනාශයට හේතුවක් වී තිබුණේය. තවද එය මෙසේ සිදු විය, එනම් එය ජනතාවගේ හඬට අනුකූලව එය ලබා දුන්නේය.

17 තවද එය මෙසේ සිදු විය, එනම් මොරෝනායි තම හමුදාව එම රජ – මනුෂ්‍යයන්ට එරෙහිව ගොස්, ඔවුන්ගේ උඩඟුකම සහ ඔවුන්ගේ වංශවත් බව බිම හෙළා ඔවුන්ව පොළොවට සමතලා කරන ලෙසටත්, නැතහොත් ඔවුන් ආයුධ අතට ගෙන නිදහසේ අරමුණට සහාය විය යුතු බවටත් අණ කළේය.

18 තවද එය මෙසේ සිදු විය, එනම් හමුදාව ඔවුන්ට විරුද්ධව ඉදිරියට ගමන් කළෝය; තවද ඔවුන් ඔවුන්ගේ උඩඟුකම සහ ඔවුන්ගේ වංශවත් බව පහතට ඇද දැමූ අතර, එපමණකින්ම මොරෝනායිගේ මනුෂ්‍යයන්ට එරෙහිව සටන් කිරීමට ඔවුන්ගේ යුද ආයුධ ඔසවන විට ඔවුන්ව කපා බිමට සමතලා කරන ලදී.

19 තවද එය මෙසේ සිදු විය, එනම් එහි කඩුවෙන් කපා දමනු ලැබු එම විරුද්ධවාදීන් හාරදහසක් සිටියෝය; තවද සටනේදී මරා නොදැමූ ඔවුන්ගේ නායකයින් රැගෙන සිරගෙයි තුළට දමන ලදී, මක්නිසාද මෙම කාල පරිච්ඡේදයේදී ඔවුන්ගේ නඩු විභාග කිරීම සඳහා එහි කාලයක් නොතිබුණේය.

20 තවද එම විරුද්ධවාදීන්ගෙන් ඉතිරි වුවන්, කඩුවෙන් බිම හෙළනු වෙනුවට, තවද ඔවුන්ගේ කුළුණු මත සහ ඔවුන්ගේ නගරවල නිදහසේ නාමය ඔසවා තැබීමට, නිදහසේ ධජයට යටත් වූ අතර, තවද ඔවුන්ගේ රට ආරක්ෂා කිරීම සඳහා ආයුධ අතට ගැනීමට බල කරන ලදී.

21 තවද මෙසේ මොරෝනායි එම රජ-මනුෂ්‍යයන් අවසන් කරනු ලැබු අතර, එනම් එහි රජ-මනුෂ්‍යයන් යන නාමය දන්නාවූ කිසිවෙකු නොමැති විය; තවද මෙසේ ඔහු වංශවත් රුධිරය යැයි සඳහන් කරගත්තාවූ එම ජනතාවගේ මුරණ්ඩුකම සහ උඩඟුකම අවසන් කරනු ලැබීය; එහෙත් ඔවුන්ව ඔවුන්ගේ සහෝදරයන් මෙන් නිහතමානී වීමටත්, තවද වහල්භාවයෙන් නිදහස් වීම සඳහා නිර්භීතව සටන් කිරීමට පහත් කරනු ලැබීය.

22 බලව, එය මෙසේ සිදු විට, එනම් මොරෝනායි මෙසේ තමන්ගේම ජනතාව අතර යුද්ධ සහ මතභේදයන් බිඳ දමමින්, තවද ඔවුන්ව සාමයට සහ ශිෂ්ටාචාරයට යටත් කරමින්, තවද ලේමන්වරුන්ට එරෙහිව යුද්ධයට සූදානම් වීම සඳහා නියාමනයන් සකස් කරමින් සිටියදී, බලව, ලේමන්වරුන් මුහුදු වෙරළේ සීමාවන් මත පිහිටි, මොරෝනායි දේශය තුළට පැමිණ සිටියෝය.

23 තවද එය මෙසේ සිදු විය, එනම් මොරෝනායි නගරයේ නීෆායිවරුන් ප්‍රමාණවත් තරම් ශක්තිමත්ව නොසිටියහ; එසේහෙයින් ඇමලකායා ඔවුන්ව පලවා හැර, බොහෝ දෙනෙකු මරා දැමීය. තවද එය මෙසේ සිදු විය, එනම් ඇමලකායා නගරය අත්පත් කර ගත්තේය, එසේය, ඔවුන්ගේ සියලුම බලකොටු අත්පත් කර ගත්තේය.

24 තවද මොරෝනායි නගරයෙන් පිටතට පලා ගියාවූ අය නෙෆීහා නගරය වෙතට පැමිණියෝය; තවද එසේම ලීහායිගේ නගරයේ ජනතාවද එකට එක්රැස් වී, තවද සූදානම් කිරීම් කර, තවද සටනට ලේමන්වරුන්ව පිළිගැනීමට සූදානම්ව සිටියහ.

25 එහෙත් එය මෙසේ සිදු විය, එනම් ඇමලකායා ලේමන්වරුන්ට නෙෆීහා නගරයට එරෙහිව සටන් කිරීමට ඉඩ නොදුන්නේය, එහෙත් ඔවුන් මුහුදු වෙරළ තුළ තබා ගනිමින්, සෑම නගරයකම එය පවත්වා ගැනීමට සහ ආරක්ෂා කිරීමට මනුෂ්‍යයන් හට ඉඩ හැරියෝය.

26 තවද මෙසේ ඔහු ඉදිරියට ගොස්, නෙෆීහාගේ නගරයද, ලීහායිගේ නගරයද, මොරියැන්ටන්ගේ නගරයද, ඔම්නර්ගේ නගරයද, ගිඩ්ගේ නගරය සහ මියුලේක් නගරය යන බොහෝ නගර අත්පත් කර ගත් අතර, ඒ සියල්ල මුහුදු වෙරළේ නැගෙනහිර සීමාවන්වල පිහිටා තිබුණේය.

27 තවද මෙසේ ඇමලකායාගේ කපටිකම මඟින්, ලේමන්වරුන් ඔවුන්ගේ සංඛ්‍යාවක් නොමැතිවූ සේනාංක මඟින් බොහෝ නගර අත්පත් කර ගත් අතර, ඒ සියල්ල මොරෝනායිගේ බලකොටුවල ආකාරයටම දැඩි ලෙස ශක්තිමත් කරන ලදී; ලේමන්වරුන්ට ඒවා සියල්ල ශක්තිමත් ස්ථානයන් බවට පත් විය.

28 තවද එය මෙසේ සිදු විය, එනම් ඔවුන් ඉදිරියෙන් නීෆායිවරුන්ව පලවා හරිමින්, සහ බොහෝ දෙනෙකු මරා දමමින්, ඔවුන් බෞන්ටිෆුල් දේශයේ සීමාවන්වලට ගමන් කළෝය.

29 එහෙත් එය මෙසේ සිදු විය, එනම් මොරියැන්ටන් මරා දමා තවද ඔහුගේ සටනේදී ජනතාව මෙහෙයවූ තැනැත්තා, ටියැන්කම්ව ඔවුන්ට හමු විය.

30 තවද එය මෙසේ සිදු විය, එනම් ඔහු තමන්ගේ අසීමිත හමුදාව සමඟ බෞන්ටිෆුල් දේශය සහ එසේම උතුරු දෙසට වූ දේශය අත්පත් කර ගැනීමට ඔහුට හැකි වන පිණිස ඉදිරියට යමින් සිටියදී, ඔහු එසේම ඇමලකායාට නායකත්වය දුන්නේය.

31 එහෙත් බලව, ටියැන්කම් සහ ඔහුගේ මනුෂ්‍යයන් විසින් ඔහුව පසුබස්වනු ලැබීමෙන් ඔහු කලකිරීමට පත් විය, මක්නිසාද ඔවුන් ශ්‍රේෂ්ඨ රණශූරයන් වූහ; මක්නිසාද ටියැන්කම්ගේ සෑම මනුෂ්‍යයෙකුම ඔවුන්ගේ ශක්තියෙන් සහ ඔවුන්ගේ යුධ කුසලතාවයෙන් ලේමන්වරුන් අභිබවා ගිය අතර, එපමණින් ඔවුන් එනම් ලේමන්වරුන් මත වාසිය අත්පත් කර ගත්තෝය.

32 තවද එය මෙසේ සිදු විය, එනම් ඔවුන් ඔවුන්ට හිරිහැර කළෝය, එපමණින් ඔවුන් අඳුර වැටෙන තුරු පවා ඔවුන්ව මරා දැමුවෝය. තවද එය මෙසේ සිදු විය, එනම් ටියැන්කම් සහ ඔහුගේ මනුෂ්‍යයන් බෞන්ටිෆුල් දේශයේ සීමාවන්වල ඔවුන්ගේ කූඩාරම් ගසා ගත්හ; තවද ඇමලකායා මුහුදු වෙරළ තීරයේ සීමාවන්ව අසල ඔහුගේ කූඩාරම් ගසා ගත් අතර, තවද මේ ආකාරයෙන් ඔවුන් පලවා හරිනු ලැබීය.

33 තවද එය මෙසේ සිදු විය, එනම් රාත්‍රිය පැමිණි විට, ටියැන්කම් සහ ඔහුගේ මෙහෙකරුවන් රහසින් රාත්‍රියේදී පිටතට ගොස්, තවද ඇමලකායාගේ කඳවුරට ගියෝය; තවද බලව, දවසේ මහත් වෙහෙස සහ උණුසුම නිසා ඇති වූ ඔවුන්ගේ අධික තෙභෙට්ටුව නිසාවෙන් නින්ද ඔවුන්ව යටපත් කරනු ලැබුවෝය.

34 තවද එය මෙසේ සිදු විය, එනම් ටියැන්කම් රහසින් රජුගේ කූඩාරම තුළට ඇතුළු වී, තවද හෙල්ලයක් ඔහුගේ හදවතට ගැසුවේය; තවද ඔහු, ඔහුගේ සේවකයන් අවදි නොකළ රජුව ඔහු වහාම මරණයට පත් කළේය.

35 තවද ඔහු රහසින් තමාගේ කඳවුරට නැවත පැමිණියහ, තවද බලව, ඔහුගේ මනුෂ්‍යයන් නිදාගෙන සිටියෝය, තවද ඔහු ඔවුන්ව අවදි කර එනම් තමා කළාවූ සියලු දේවල් ඔවුන්ට කීවේය.

36 තවද එනම් ලේමන්වරුන් අවදිව ඔවුන් වෙත නොපැමිණෙන පිණිස, ඔහු තම හමුදාවන් සූදානම්ව සිටීමට සැලැස්වූවේය.

37 තවද මෙසේ නීෆායිගේ ජනතාව මත විනිශ්චයකරුවන්ගේ රාජ්‍යය පාලනයේ විසිපස් වන වසර අවසන් විය; තවද මෙසේ ඇමලකායාගේ දවස් අවසන් විය.