52 වන පරිච්ඡේදය
ඇමොරන් ඇමලකායාගෙන් පසු ලේමන්වරුන්ගේ රජු ලෙස පත් වෙයි – මොරෝනායි, ටියැන්කම් සහ ලීහායි නීෆායිවරුන්ව ලේමන්වරුන්ට එරෙහිව ජයග්‍රාහී යුද්ධයක නායකත්වය දරති – මියුලෙක් නගරය නැවත අත්පත් කර ගන්නා අතර, සෝරම්වර ජේකබ්ව මරා දමනු ලැබේ. ක්‍රි.පූ. 66–64 පමණ.
1 තවද දැන්, එය මෙසේ සිදු විය, නීෆායි ජනතාව කෙරෙහි වූ විනිශ්චයකාරයන්ගේ රාජ්‍ය පාලන සමයේ විසිහය වන අවුරුද්දේ දී, බලව, පළමු මාසයේ පළමු වන දින උදෑසන ලේමන්වරුන් අවදි වූ විට, බලව, ඇමලකායා තමාගේම කූඩාරම තුළ මියගොස් සිටින්නාවූ බව සොයාගත්තෝය; තවද එසේම එනම් එදින ඔවුන්ට සටනක් දීමට ටියැන්කම් සූදානම්ව සිටින බව ද ඔවුන් දුටුවෝය.
2 තවද දැන්, ලේමන්වරුන් මෙය දුටු විට බියට පත් වූවෝය; තවද ඔවුන් ඔවුන්ගේ උතුරු දෙසට දේශයට ගමන් කිරීමේ සැලසුම අත්හැර දමා, තවද ඔවුන්ගේ මුළු හමුදාව සමඟ මියුලෙක් නගරයට පසු බැස, තවද ඔවුන්ගේ බලකොටුවල ආරක්ෂාව සෙව්වෝය.
3 තවද එය මෙසේ සිදු විය, එනම් ඇමලකායාගේ සහෝදරයා ජනතාව කෙරෙහි රජු ලෙස පත් කරන ලදී; තවද ඔහුගේ නම ඇමොරන් විය; මෙසේ ඔහු වෙනුවට, ඇමලකායා රජුගේ සහෝදරයා වූ ඇමොරන් රජු, රජකමට පත් කරන ලදී.
4 තවද එය මෙසේ සිදු විය, එනම් ඔහුගේ ජනතාව රුධිර වැගිරීම්වලින් අල්ලාගත් එම නගර, නඩත්තු කරන ලෙස ඔහු අණ කළේය; මක්නිසාද ඔවුන් බොහෝ රුධිර නැතිවූවකින් මිසක, ඔවුන් කිසිදු නගරයක් අල්ලා නොගත්තෝය.
5 තවද දැන්, එනම් ලේමන්වරුන් ඔවුන් අල්ලාගත් නගර සහ ඔවුන් අත්පත් කරගත් දේශයේ කොටස් නඩත්තු කිරීමට අදිටන් කරගෙන සිටින බව ටියැන්කම් දුටුවේය; තවද එසේම ඔවුන්ගේ සංඛ්‍යාවේ විශාලත්වය ද දුටු ටියැන්කම්, එනම් ඔහු ඔවුන්ගේ බලකොටුවලදී ඔවුන්ට පහර දීමට උත්සාහ කිරීම සුදුසු නොවන බව සිතුවෝය.
6 එහෙත් ඔහු යුද්ධයට සූදානම් වන්නාක් මෙන් තම මනුෂ්‍යයන්ව අසල තබා ගත්තේය; එසේය, තවද සැබැවින්ම ඔහු ඔවුන්ගෙන් ආරක්ෂා වීම පිණිස, අවට වටා බැමි දමා ගැවසීමට වූ ස්ථාන සකස් කරමින් සූදානම් වෙමින් සිටියේය.
7 තවද එය මෙසේ සිදු විය, එනම් මොරෝනායි ඔහුගේ හමුදාව ශක්තිමත් කිරීම සඳහා විශාල සංඛ්‍යාවකින් යුත් මනුෂ්‍යයන් පිරිසක් එවන තෙක් ඔහු යුද්ධයට මෙසේ සූදානම් වෙමින් සිටියේය.
8 තවද එනම් එසේම ඔහු අතට පත් වූ සියලුම සිරකරුවන් ඔහු රඳවා ගත යුතු ලෙස මොරෝනායි ඔහුට නියෝග යැවුවේය; මක්නිසාද ලේමන්වරුන් බොහෝ සිරකරුවන් අල්ලාගෙන සිටි නිසාවෙන්, එනම් ඔහු ලේමන්වරුන් අල්ලාගත් අයගේ මිදීමේ මිලයක් ලෙස, ලේමන්වරුන්ගේ සියලු සිරකරුවන් රඳවා තබාගන්නා පිණිසය.
9 තවද එසේම ලේමන්වරුන් එම ස්ථානය ලබාගෙන සෑම පැත්තකින්ම ඔවුන්ට හිරිහැර කිරීමට බලය නොලබන පිණිසත්, බෞන්ටිෆුල් දේශය ශක්තිමත් කරන ලෙසත්, තවද උතුරු දේශයට යන පටු මාර්ගය ආරක්ෂා කරන ලෙසත් ඔහු ඔහුට නියෝගයන් යවන ලදී.
10 තවද එසේම ඔහු දේශයෙන් එම දිග්භාගය නඩත්තු කිරීමට විශ්වාසවන්තව සිටින ලෙසත්, තවද එම දිග්භාගයේ ලේමන්වරුන්ට පහර දීමට හැකි සෑම අවස්ථාවක්ම සොයන ලෙසත්, තමාගේ බලය හැකි පමණින්්, එනම් සමහරවිට උපක්‍රමයෙන් හෝ වෙනත් ආකාරයකින් ඔවුන් අතින් උදුරා ගත් නගර ඔහු නැවත ලබා ගත හැකි වන ලෙසත් ද, මොරෝනායිද ඔහු වෙත යැවීය; තවද එසේම ඔහු එනම් ලේමන්වරුන්ගේ අතට නොවැටුණු, අවට නගර බලවත් කර ශක්තිමත් කරන ලෙසත්ය.
11 තවද ඔහු එසේම ඔහුට මෙසේ කීවේය, මම නුඹ වෙතට එන්නෙමි, එහෙත් බලව, බටහිර මුහුද අසල දේශ සීමාවේ ලේමන්වරුන් අප වෙත පැමිණ සිටිති; තවද බලව, මම ඔවුන්ට විරුද්ධව යමි, එසේහෙයින් මා හට නුඹ වෙතට ඒමට නොහැකිය.
12 දැන්, රජු (ඇමොරන්) සරහෙම්ලා දේශයෙන් පිටතට පිටත්ව ගොස්, තවද තම සහෝදරයාගේ මරණය ගැන රැජිනට දන්වා, තවද මනුෂ්‍යයන් විශාල පිරිසක් එකට එක්රැස් කොට, තවද බටහිර මුහුදේ මායිම්වල වූ නීෆායිවරුන්ට එරෙහිව ඉදිරියට ගමන් කළේය.
13 තවද මෙසේ ඔහු නීෆායිවරුන්ට හිරිහැර කිරීමටත්, තවද ඔවුන්ගේ හමුදාවෙන් කොටසක් දේශයේ එම කොටසට ඇදගෙන යාමටත් උත්සාහ කළ අතර, ඔහු අල්ලා ගත් නගර අයිති කර ගැනීමට ඉතිරි වූ අයට අණ කර ඇති අතරතුර, එනම් ඔවුන් එසේම නැගෙනහිර මුහුදේ මායිම්වල සිටින නීෆායිවරුන්ටත් හිරිහැර කරන ලෙසත්, තවද ඔවුන්ගේ හමුදාවන්ගේ බලය අනුව, ඔවුන්ගේ දේශයන් ඔවුන්ගේ බලයෙන් අත්පත් කර ගන්නා ලෙසත්ය.
14 තවද නීෆායි ජනතාව කෙරෙහි විනිශ්චයකරුවන්ගේ රාජ්‍ය පාලනයේ විසිහය වන වසර අවසානයේදී නීෆායිවරුන් එසේ එම භයානක තත්වයන්ට මුහුණ දුන්නෝය.
15 එහෙත් බලව, එය මෙසේ සිදු විය, විනිශ්චයකරුවන්ගේ රාජ්‍ය පාලන සමයේ විසිහත් වන අවුරුද්දේ දී, එම ටියැන්කම්, දේශයේ දකුණු සහ බටහිර මායිම් ආරක්ෂා කිරීමට හමුදාවන් පිහිටවූ, තවද බෞන්ටිෆුල් දේශය දෙසට තම ගමන් කිරීමට පටන්ගත්තා වූ, එනම් ඔවුන්ට අහිමි වූ නගර නැවත අත්පත් කර ගැනීම සඳහා ටියැන්කම් සමඟ ඔහුගේ මනුෂ්‍යයන්ට සහය වීමට ආ, මොරෝනායිගේ අණ පරිදි –
16 තවද එය මෙසේ සිදු විය, එනම් මියුලෙක් නගරයට ප්‍රහාරයක් එල්ල කර, තවද හැකිවන්නේ නම් එය නැවත අත්පත් කර ගන්නා ලෙස ටියැන්කම්ට නියෝග ලැබුණේය.
17 තවද එය මෙසේ සිදු විය, එනම් ටියැන්කම් මියුලෙක් නගරයට ප්‍රහාරයක් එල්ල කිරීමටත්, තවද තම හමුදාව සමඟ ලේමන්වරුන්ට එරෙහිව පෙරට යාමටත් සූදානම්වීම් කරවීය; එහෙත් ඔවුන් ඔවුන්ගේ බලකොටුවල සිටියදී ඔවුන්ව පරාජය කිරීම කළ නොහැකි බව ඔහු දුටුවේය; එසේහෙයින් ඔහු තම සැලසුම් අත්හැර දමා, එනම් මොරෝනායිගේ පැමිණීම බලා සිටීම සඳහා, එනම් ඔහු ඔහුගේ හමුදාවට ශක්තිය ලබා ගනු පිණිස, නැවතත් බෞන්ටිෆුල් නගරයට පැමිණියේය.
18 තවද එය මෙසේ සිදු විය, එනම් මොරෝනායි තම හමුදාව සමඟ නීෆායි ජනයා කෙරෙහි විනිශ්චයකරුවන්ගේ රාජ්‍ය පාලනයේ විසිහත් වන වසරේ අගභාගයේදී බෞන්ටිෆුල් දේශයට පැමිණියේය.
19 තවද විසි අට වන වසර ආරම්භයේදී, මොරෝනායි සහ ටියැන්කම් සහ බොහෝ ප්‍රධාන සේනාංක ප්‍රධානීන් යුද මන්ත්‍රණ සභාවක් පැවැත්වීය – එනම් ලේමන්වරුන් ඔවුන්ට විරුද්ධව සටනට පිටතට පැමිණීමට ඔවුන් කළ යුත්තේ කුමක්ද යන්නයි; එසේත් නැතිනම් ඔවුන් යම් ආකාරයකින් රවටා ඔවුන්ගේ බලකොටුවලින් පිටතට ගෙන, එනම් ඔවුන් මත වාසි ලබා ගැනීමටත්, තවද මියුලෙක් නගරය නැවත අල්ලා ගැනීමටත් ය.
20 තවද එය මෙසේ සිදු විය, ඔවුන් මියුලෙක් නගරය ආරක්ෂා කල, ඔහුගේ නම ජේකබ් නම් වූ, ඔවුන්ගේ නායකයා වෙත, ලේමන්වරුන්ගේ හමුදාවේ නියෝජිතයන් යැවීය, එනම් ඔහු ඔහුගේ හමුදාවන් සමඟ නගර දෙක අතර ඇත්තාවූ තැනිතලාව මත ඔවුන් හමුවීමට පිටතට පැමිණෙනවාට ඔවුන් කැමති වූවෝය. එහෙත්, බලව, ජේකබ්, සෝරම්වරයෙකු වූ අතර, තැනිතලාව මත තමන්ගේ හමුදාව සමඟ ඔවුන්ව හමුවීමට පිටතට නොපැමිණියේය.
21 තවද එය මෙසේ සිදු විය, එනම් සාධාරණ තත්වයන් මත ඔවුන් හමුවීමට බලාපොරොත්තු නොවූ මොරෝනායි, එසේහෙයින්, ලේමන්වරුන්ව එනම් ඔවුන්ගේ ශක්තිමත් ස්ථානයන්ගෙන් පිටතට ගැනීම සඳහා ඔහු සැලැස්මක් සකස් කළේය.
22 එසේහෙයින් ඔහු එනම් ටියැන්කම් මනුෂ්‍යයන් කුඩා සංඛ්‍යාවක් රැගෙන මුහුදු වෙරළ අසලට පහතට යාමට සැලැස්වූවේය; තවද මොරෝනායි සහ ඔහුගේ හමුදාව, රාත්‍රි කාලයේදී, මියුලෙක් නගරයේ බටහිර දෙසින් වන වනාන්තරයේ ගමන් කළෝය; තවද මෙසේ, පසුදා, ලේමන්වරුන්ගේ මුරකරුවන් ටියැන්කම් සොයාගත් විට, ඔවුන් දුව ගොස් තවද ඔවුන්ගේ නායකයා වූ ජේකබ් හට එය කීවෝය.
23 තවද එය මෙසේ සිදු විය, එනම් ඔහුගේ සංඛ්‍යාවේ කුඩාකම නිසාවෙන්, ඔවුන්ගේ සංඛ්‍යාවෙන් ටියැන්කම්ව අභිබවා යාමට සිතමින්, ලේමන්වරුන්ගේ හමුදාවන් ටියැන්කම්ට විරුද්ධව පෙරට ගමන් කළෝය. තවද ලේමන්වරුන්ගේ හමුදාවන් තමාට විරුද්ධව පිටතට පැමිණෙන්නාවූ බව ටියැන්කම් දුටු විට, ඔහු උතුරු දෙසින්, මුහුදු වෙරළෙන් පහතට බැස යන්නට පටන් ගත්තේය.
24 තවද එය මෙසේ සිදු විය, එනම් ඔහු පලා යාමට පටන්ගත් බව ලේමන්වරුන් දුටු විට, ඔවුන් ධෛර්යය ගෙන තවද ජවයෙන් ඔවුන්ව ලුහුබැඳ ගියෝය. තවද මෙසේ ටියැන්කම් නිෂ්ඵල ලෙස ලේමන්වරුන්ව පිටතට ඔවුන් පසුපස ලුහුබැඳ රැගෙන යද්දී, බලව, එනම් තමන් සමඟ සිටින්නාවූ ඔහුගේ හමුදාවෙන් කොටසක් නගරය තුළට ගොස්, තවද එය අත්පත් කර ගන්නා ලෙසට මොරෝනායි අණ කළේය.
25 තවද මෙසේ ඔවුන් කළෝය, තවද නගරය ආරක්ෂා කිරීමට ඉතිරිව සිටියාවූ සියල්ලන්, එසේය, ඔවුන්ගේ යුද ආයුධ අත් නොහරින්නාවූ සියල්ලන් මරා දැමුවෝය.
26 තවද මෙසේ, මොරෝනායි තමන්ගේ හමුදාවේ කොටසක් සමඟ මියුලෙක් නගරය අත්පත් කර ගත් අතර, ටියැන්කම්ව ලුහුබැඳ ගොස් ඔවුන් ආපසු පැමිණෙන්නාවූ විට ලේමන්වරුන් හමුවීම සඳහා ඉතිරිවුවන් සමඟ ඔහු ගමන් කළේය.
27 තවද එය මෙසේ සිදු විය, එනම් ලේමන්වරුන් බෞන්ටිෆුල් නගරය අසලට පැමිණෙන තුරු ටියැන්කම් ලුහුබැඳ ගිය අතර, තවද එවිට ඔවුන්ට බෞන්ටිෆුල් නගරය ආරක්ෂා කිරීම පිණිස තබා තිබුනාවූ, ලීහායි සහ කුඩා හමුදාවක් හමු විය.
28 තවද දැන් බලව, ලේමන්වරුන්ගේ ප්‍රධාන සේනාංක ප්‍රධානීන් ලීහායි ඔහුගේ හමුදාව සමඟ තමන්ට විරුද්ධව පැමිණෙන බව දුටු විට, සමහරවිට ලීහායි ඔවුන්ව අල්ලා ගැනීමට පෙර ඔවුන්ට මියුලෙක් නගරය අල්ලා ගැනීමට නොහැකි වනු ඇතැයි බියෙන්, ඔවුන් මහත් ව්‍යාකූලත්වයකින් පලා ගියෝය; මක්නිසාද ඔවුන්ගේ ගමන නිසා ඔවුන් විඩාවට පත්ව සිටි අතර, තවද ලීහායිගේ මනුෂ්‍යයන් නැවුම්ව සිටි බැවින්ය.
29 දැන් එනම් මොරෝනායි ඔහුගේ හමුදාව සමඟ ඔවුන්ගේ පිටුපස සිටින්නාවූ බව ලේමන්වරුන් දැන නොසිටියේය; තවද ඔවුන් ලීහායි සහ ඔහුගේ මනුෂ්‍යයන් හට පමණක් බිය වූවෝය.
30 දැන් ඔවුන් මොරෝනායි සහ ඔහුගේ හමුදාව හමුවන තුරු ඔවුන් අභිබවා යාමට ලීහායි ආශා නොවීය.
31 තවද එය මෙසේ සිදු විය, එනම් ලේමන්වරුන් බොහෝ දුරට පසු බැසීමට පෙර ඔවුන්ව නීෆායිවරුන් විසින් වට කරනු ලැබුවෝය, එක් අතකින් මොරෝනායිගේ මනුෂ්‍යයන් ද, තවද අනෙක් අතකින් ලීහායිගේ මනුෂ්‍යයන් ද, ඔවුන් සියල්ලෝම නැවුම් සහ ශක්තියෙන් පිරී සිටියෝය; එහෙත් ලේමන්වරුන් ඔවුන්ගේ දිගු ගමන නිසාවෙන් වෙහෙසට පත්ව සිටියෝය.
32 තවද මොරෝනායි තමන්ගේ මනුෂ්‍යයන් හට එනම් ඔවුන් ඔවුන්ගේ යුද ආයුධ අත්හරින තුරු ඔවුන් මතට පහර දෙන ලෙස ඔවුන්ට අණ කළේය.
33 තවද එය මෙසේ සිදු විය, එනම් ජේකබ්, ඔවුන්ගේ නායකයාව, එසේම සෝරම්වරයෙකුව, තවද පරාජය කළ නොහැකි ආත්මයක් ඇතිව සිට, ඔහු මොරෝනායිට විරුද්ධව අධික කෝපයක් සමඟ ලේමන්වරුන්ව සටනට මෙහෙයවීය.
34 මොරෝනායි ඔවුන්ගේ ගමන් මාර්ගයේ සිටියේය, එසේහෙයින් ජේකබ් ඔවුන්ව මරා දැමීමට සහ මියුලෙක් නගරයට ඔහුගේ ගමන් මාර්ගය කපා දැමීමට අධිෂ්ඨාන කරගත්තේය. එහෙත් බලව, මොරෝනායි සහ ඔහුගේ මනුෂ්‍යයන් වඩා බලවත් විය; එසේහෙයින් ඔවුන් ලේමන්වරුන් ඉදිරියෙහි ඉඩක් නොදුන්නෝය.
35 තවද එය මෙසේ සිදු විය, එනම් ඔවුන් අත් දෙකෙන්ම අධිකවූ කෝපයකින් සටන් කළහ; තවද එහි දෙපැත්තෙහිම බොහෝ දෙනෙකු මරණයට පත් වූවෝය; එසේය, තවද මොරෝනයි තුවාල ලැබූ අතර තවද ජේකබ්ව මරා දමන ලදී.
36 තවද ලීහායි ඔහුගේ ශක්තිමත් මනුෂ්‍යයන් සමඟ මහත් කෝපයකින් ඔවුන්ගේ පසුපසට පීඩනය කළ අතර, එනම් පසුපසින් සිටියාවූ ලේමන්වරුන් ඔවුන්ගේ යුද ආයුධ භාර දුන්නෝය; තවද ඔවුන්ගෙන් ඉතිරිවූවන්, මහත් ව්‍යාකූලව, පහර දෙන්නේ නැතහොත් යන්නේ කොතැනට දැයි කියා නොදැන සිටියෝය.
37 දැන් මොරෝනායි ඔවුන්ගේ ව්‍යාකූලත්වය දැක, ඔහු ඔවුන් හට මෙසේ කීවේය: නුඹලා නුඹලාගේ යුද ආයුධ පිටතට ගෙනැවිත් තවද ඒවා භාරදෙන්නේ නම්, බලව නුඹලාගේ රුධිර වැගිරීම අප නවත්වන්නෙමු.
38 තවද එය මෙසේ සිදු විය, එනම් ලේමන්වරුන් මෙම වචන ඇසූ විට, මරා නොදමන ලද සියලුම ඔවුන්ගේ ප්‍රධාන සේනාංක ප්‍රධානීන්, පෙරට පැමිණ තවද මොරෝනායිගේ දෙපා ලඟ ඔවුන්ගේ යුද ආයුධ බිම දැමූ අතර, තවද ඔවුන් ද එසේම කරන ලෙසට ඔවුන්ගේ මනුෂ්‍යයන් හට අණ කළෝය.
39 එහෙත් බලව, එනම් එසේ නොකරන්නාවූ බොහෝ දෙනෙකු එහි සිටියෝය; තවද ඔවුන්ගේ කඩු භාර නොදෙන්නාවූ අයව රැගෙන බැඳ දමා, තවද ඔවුන්ගේ යුද ආයුධ ඔවුන් වෙතින් රැගෙන, තවද ඔවුන්ගේ සහෝදරයන් සමඟ බෞන්ටිෆුල් දේශය වෙතට ගමන් කිරීමට ඔවුන්ට බල කරනු ලැබුවෝය.
40 තවද දැන් අල්ලාගනු ලැබුවාවූ සිරකරුවන්ගේ සංඛ්‍යාව මරා දමනු ලැබුවාවූ අයගේ සංඛ්‍යාවට වඩා බොහෝසෙයින් වැඩි විය, එසේම, දෙපැත්තෙන්ම මරා දමනු ලැබුවාවූ අයට වඩා වැඩි විය.