ශුද්ධලියවිලි
ඇල්මා 32


32 වන පරිච්ඡේදය

ඇල්මා ඔවුන්ගේ පීඩාවන් නිසා ඔවුන්ව නිහතමානීකමට පත් කළ දුප්පතුන් හට උගන්වයි – ඇදහිල්ල යනු නොපෙනෙන සත්‍ය දෙයක් තුළ බලාපොරොත්තුවකි – දේවදූතයන් පුරුෂයින්ට, ස්ත්‍රීන්ට, තවද දරුවන්ට මෙහෙ කරන බවට ඇල්මා සාක්ෂි දරයි – ඇල්මා වචනය බීජයකට සම කරයි – එය පැළ කර පෝෂණය කළ යුතුයි – එවිට එය සදාකාලික ජීවනයේ ඵලය නෙලා ගන්නට හැකි වන වෘක්ෂයක් දක්වා වර්ධනය වේ. ක්‍රි.පූ. 74 පමණ.

1 තවද එය මෙසේ සිදු විය, තවද දෙවියන්වහන්සේගේ වචනය ජනතාවට දේශනා කිරීමට පටන්ගෙන, ඔවුන්ගේ සිනගෝගවලට ඇතුළු වී, තවද ඔවුන්ගේ නිවෙස් තුළට, එනම් ඔවුන් පෙරට ගියෝය; එසේය, තවද ඔවුන් ඔවුන්ගේ වීදිවල පවා වචනය දේශනා කළෝය.

2 තවද එය මෙසේ සිදු විය, එනම් ඔවුන් අතරේ බොහෝ වෙහෙස වීමෙන් පසු, ඔවුන් දුප්පත් සමාජ තලයේ ජනතාව අතර සාර්ථකත්වය ලබා ගැනීමට පටන් ගත්තේය; මක්නිසාද බලව, ඔවුන්ගේ වස්ත්‍රවල වටිනාකමෙන් අඩු බව නිසා ඔවුන්ව සිනගෝගවලින් පලවා හැර තිබුණි –

3 එසේහෙයින් අපවිත්‍ර ලෙස සැලකූ බැවින්, ඔවුන්ට දෙවියන්වහන්සේ හට නමස්කාර කිරීමට ඔවුන්ගේ සිනගෝගවලට ඇතුළු වීමට අවසර නොලැබුණි; එසේහෙයින් ඔවුන් දුප්පත් විය; එසේය, ඔවුන්ගේ සහෝදරයන් විසින් ඔවුන්ව නොවටිනා ලෙස සලකනු ලැබීය; එසේහෙයින් ඔවුන් ලෝකයේ දේවල් වලට අනුව දුප්පත්ව සිටියෝය; තවද එසේම ඔවුන් හදවතින් දුප්පත් විය.

4 දැන්, ඇල්මා ඕනිඩා කන්ද මත සිට ජනතාවට උගන්වමින් සහ කතා කරමින් සිටිය දී, ඔහු වෙත මහත් ජන සමූහයක් පැමිණියේය, ඔවුන් අප කතා කරමින් සිටි අයවලුන්ගෙන් විය, එනම් හදවතින් දුප්පත් වූ අයවලුන්ගෙන් විය, මක්නිසාද ලෝකයේ දේවල්වලට අනුව ඔවුන්ගේ දුප්පත්කම නිසාවෙන් විය.

5 තවද ඔවුන් ඇල්මා වෙත පැමිණ; තවද ඔවුන් අතර ප්‍රධානියා වන තැනැත්තා ඔහුට මෙසේ කීවේය: බලව, මේ මාගේ සහෝදරයන් කුමක් කළ යුතු ද, මක්නිසාද ඔවුන් ඔවුන්ගේ දුප්පත්කම නිසා සියලු මනුෂ්‍යයින් විසින්, එසේය, තවද විශේෂයෙන්ම අපගේ පූජකයින් විසින්, පහත් කොට සලකනු ලැබේ; මක්නිසාද අපගේම දෑත්වලින් බොහෝ වෙහෙස වී ගොඩනැගූ අපගේ සිනගෝගවලින් ඔවුන් අපව පිටතට පලවා හැර ඇත; තවද ඔවුන් අපව පලවා හැරියේ අපගේ මහත් දුප්පත්කම නිසාවෙනි; තවද අපට අපගේ දෙවියන්වහන්සේ හට නමස්කාර කිරීමට තැනක් නොමැත; තවද බලව, අප කුමක් කළ යුතු ද?

6 තවද දැන් ඇල්මා මෙය ඇසූ විට, ඔහු තමාව හරවා, තම මුහුණ වහාම ඔහු දෙසට, තවද ඔහු මහත් ප්‍රීතියෙන් බැලුවේය; මක්නිසාද ඔවුන්ගේ පීඩා සැබැවින්ම ඔවුන්ව නිහතමානී කළ බව, තවද එනම් ඔවුන් වචනය ඇසීමට සූදානමින් සිටින බව ඔහු දුටුවේය.

7 එසේහෙයින් ඔහු අනෙක් සමූහයාට තවත් නොකීවේය; එහෙත් ඔහු තම අත දිගුකර, සැබැවින්ම පසුතැවිලිවන්නාවූ, තවද ඔහු දුටු අයට මොරගසමින්, තවද ඔවුන්ට කීවේය:

8 නුඹලා හදවතේ යටහත් බව මම දකිමි; තවද එසේ නම්, නුඹලා ආශීර්වාද ලද්දෝය.

9 බලව නුඹලාගේ සහෝදරයා කීවේය, අපි කුමක් කළ යුතු ද? – මක්නිසාද අපගේ සිනගෝගවලින් අපව පලවා හැර ඇත, එනම් අපට අපගේ දෙවියන්වහන්සේ හට නමස්කාර කළ නොහැක.

10 බලව මම නුඹලාට කියමි, නුඹලාගේ සිනගෝගයන් තුළ හැර නුඹලාට දෙවියන්වහන්සේ හට නමස්කාර කළ නොහැකි යැයි නුඹලා සිතන්නෙහුද?

11 තවද වැඩිදුරටත්, මම අසන්නෙමි, නුඹලා සතියකට එක් වරක් පමණක් දෙවියන්වහන්සේ හට නමස්කාර නොකළ යුතු යැයි නුඹලා සිතන්නෙහුද?

12 මම නුඹලාට කියමි, එනම් නුඹලා නිහතමානී වන පිණිසත්, තවද නුඹලා එනම් ප්‍රඥාව ඉගෙන ගන්නා පිණිසත් නුඹලාගේ සිනගෝගවලින් පලවා හැරීම යහපත්ය; මක්නිසාද නුඹලා ප්‍රඥාව ඉගෙනීම අවශ්‍ය වේ; මක්නිසාද එනම් නුඹලාව පලවා හැර ඇති නිසා ද, එනම් නුඹලාගේ අධික දිළිඳුකම නිසා නුඹලාගේ සහෝදරයන් කෙරෙහි නුඹලා අවමන් ලබන නිසා ද, එනම් නුඹලා හදවතේ යටහත්කමට ගෙනෙනු ලබන්නෙහුය; මක්නිසාද නුඹලා නිහතමානී වීමට ගෙන ඒම අවශ්‍යව තිබෙන්නේය.

13 තවද දැන්, නුඹලා ව නිහතමානී වීමට බල කළ ඇති බැවින් නුඹලා ආශිර්වාදලත් වේ; මක්නිසාද මනුෂ්‍යයෙක් සමහරවිට, ඔහුව නිහතමානී වීමට බල කළ විට, පසුතැවීම සොයයි; තවද දැන් නිසැකවම, පසුතැවිලි වන කවුරුන් හෝ දයාව සොයා ගනු ඇත; තවද දයාව සොයාගෙන අවසානය දක්වා විඳ දරන තැනැත්තාා, එවැන්නා ගැලවෙන්නේය.

14 තවද දැන්, මා නුඹලාට පැවසූ ලෙස, එනම් නුඹලා නිහතමානී වීමට පොළඹවා ඇති නිසා නුඹලා ආශිර්වාද ලද්දෝය, වචනය නිසා සැබැවින්ම තමන්ව නිහතමානී කරන ඔවුන් වඩා ආශිර්වාදලත් බව නුඹලා නොසිතන්නේද?

15 එසේය, සැබැවින්ම තමාව නිහතමානී කරන පුද්ගලයා, තවද ඔහුගේ පව්වලට පසුතැවිලි වන, තවද අවසානය දක්වා විඳ දරාගන්නා, එවැන්නාම ආශිර්වාදලත් වනු ඇත – එසේය, ඔවුන්ගේ බොහෝ දුප්පත්කම නිසා නිහතමානී වීමට බල කළ අයවලුන්ට වඩා බෙහෙවින් ආශිර්වාදලත් වේ.

16 එසේහෙයින්, නිහතමානී වීමට බල නොකර තමන්ව නිහතමානී කරන අයවලුන් ආශිර්වාදලත් වේ; නැතහොත්, වෙනත් වචනවලින් කිවහොත්, දෙවියන්වහන්සේගේ වචනය තුළ විශ්වාස කරන්නා, තවද එසේය, ඔවුන් විශ්වාස කිරීමට පෙර, වචනය දැනගැනීමකට, නැතහොත් දැනගැනීමට පවා බල කර නැතිව, හදවතේ මුරණ්ඩුකම නැතිව බෞතිස්ම වන්නා ආශිර්වාදලත් වේ.

17 එසේය, බොහෝදෙනෙකු මෙසේ කියති: ඔබවහන්සේ අපට ස්වර්ගය වෙතින් සලකුණක් පෙන්වන්නේ නම්, එවිට අපි නිසැකවම දැනගන්නෙමු; එවිට අපි විශ්වාස කරන්නෙමු.

18 දැන් මම අසමි, මෙය ඇදහිල්ල ද? බලව, මම නුඹලාට කියමි, නැත; මක්නිසාද මනුෂ්‍යයෙකු යමක් දන්නේනම් ඔහුට විශ්වාස කිරීමට කාරණයක් නොමැත්තේය, මක්නිසාද ඔහු එය දන්නා බැවිනි.

19 තවද දැන්, විශ්වාස කිරීම පමණක් කරන තැනැත්තාට වඩා, නැතහොත් විශ්වාස කිරීමට පමණක් කාරණා ඇතිව, වරදට වැටුුුණු තැනැත්තාට වඩා, දෙවියන්වහන්සේගේ කැමැත්ත දන්නා තවද එය නොකරන්නා කෙතරම් ශාප ලද්දෙක් ද?

20 දැන් මේ දේ ගැන නුඹලා විනිශ්චය කළ යුතුයි. බලව, මම නුඹලාට කියමි, එනම් එය එක් අතකින් අනෙක් අතට මෙන්; තවද එය සෑම මනුෂ්‍යයෙකු වෙත ඔහුගේ ක්‍රියාවන්ට අනුව වන්නේය.

21 තවද දැන් මම ඇදහිල්ල ගැන කියූ පරිදි – ඇදහිල්ල යනු දේවල් ගැන පරිපූර්ණ දැනුමක් තිබීම නොව; එසේහෙයින් නුඹලාට ඇදහිල්ල තිබේනම් නුඹලා නොපෙනෙන, සත්‍ය වූ, දේවල් කෙරෙහි නුඹලා බලාපොරොත්තු වන්නෙහුය.

22 තවද දැන්, බලව, මම නුඹලාට කියමි, තවද නුඹලා මතක තබා ගන්නේනම් මම කැමැත්තෙමි, එනම් උන්වහන්සේගේ නාමය විශ්වාස කරන සියල්ලන් හට දෙවියන්වහන්සේ දයාවන්ත වන සේක; එසේහෙයින් උන්වහන්සේ කැමති වන්නේ, පළමුව, එනම් නුඹලා විශ්වාස කරන බවට, එසේය, උන්වහන්සේගේ වචනය ද පවාය.

23 තවද දැන්, එසේය, පුරුෂයින්ට පමණක් නොව කාන්තාවන්ට ද පවා, උන්වහන්සේ උන්වහන්සේගේ වචනය දේවදූතයන් මඟින් මනුෂ්‍යයන් හට ලබා දෙන සේක. දැන් මෙපමණක් නොව; බොහෝ අවස්ථාවල කුඩා දරුවන් හට, ප්‍රඥාවන්තයන් සහ උගතුන් ද ව්‍යාකූල කරන, වචන ලබා දෙනු ඇත.

24 තවද දැන්, මාගේ දයාබර සහෝදරයෙනි, නුඹලාව පීඩාවට පත් කර පලවා හරින ලද බැවින් නුඹලා මාගෙන් කුමක් කළ යුතු දැයි දැන ගැනීමට නුඹලා කැමති වූ බැවින් – දැන් සත්‍ය වන දේ අනුව පමණක් මම නුඹලාව විනිශ්චය කරනු ඇති බව නුඹලා සිතනවාට මම ආශා නොකරන්නෙමි –

25 මක්නිසාද මා අදහස් කරන්නේ නුඹලා සියල්ලන්ම තමාව නිහතමානී කිරීමට බල කර ඇති බව නොවන්නේය; මක්නිසාද ඔවුන් කුමන හෝ තත්වයක සිටිය ද, නුඹලා අතරේ ඇතැමෙක් තමන්වම නිහතමානී කරන බව මම සැබැවින්ම විශ්වාස කරමි.

26 දැන්, ඇදහිල්ල පිළිබඳව මා පැවසූ පරිදි – එනම් එය පරිපූර්ණ දැනුමක් නොවූ බව – මාගේ වචනය සමඟ ද පවා එය එසේමය. ඇදහිල්ල පරිපූර්ණ දැනුමක් වනවාට වඩා, පරිපූර්ණ ලෙස, නුඹලාට එහි නිසැක බව පළමුව දැනගත නොහැක.

27 එහෙත් බලව, නුඹලා අවදිව නුඹලාගේ හැකියාවන් උද්දීපනය කරන්නේ නම්, මාගේ වචන අත්හදා බැලීමකට පවා, තවද ඇදහිල්ලේ අංශුවක් භාවිතා කරන්නේ නම්, එසේය, නුඹලාට විශ්වාස කිරීමට ආශා කිරීමට වඩා වැඩි යමක් කළ නොහැකි වුවද, මාගේ වචනවලින් කොටසකට වුවද නුඹලාට තැනක් දිය හැකි ආකාරයෙන් විශ්වාස කරන තුරු පවා, මෙම ආශාව නුඹලා තුළ ක්‍රියාත්මක වේවා.

28 දැන්, අපි වචනය බීජයකට සමාන කරන්නෙමු. දැන්, නුඹලාගේ හදවතේ බීජයක් රෝපණය කරන පිණිස, නුඹලා තැනක් දෙන්නේ නම්, බලව, එය සැබෑ බීජයක් නම්, හෝ යහපත් බීජයක් වන්නේ නම්, එනම් නුඹලා ස්වාමීන්වහන්සේගේ ආත්මයට විරුද්ධ වන පිණිස, එනම් නුඹලාගේ අවිශ්වාසය නිසා නුඹලා එය ඉවත නොදමන්නේ නම්, බලව, එය නුඹලාගේ ළය තුළ වැඩීමට පටන් ගනු ඇත; තවද මෙම විශාල වීමේ චර්යා නුඹලාට දැනෙන විට, නුඹලා, නුඹලා තුළම පවසන්නට පටන් ගනු ලබන්නෝය – එය යහපත් බීජයක් විය යුතු වන්නේය, නැතහොත් එනම් වචනය යහපත්ය, මක්නිසාද එය මාගේ ප්‍රාණය වර්ධනය වීමට පටන් ගත්තේය; එසේය, එය මාගේ අවබෝධ වීම ආලෝකමත් කිරීමට පටන් ගත්තේය, එසේය, එය මා හට රසවත් වීමට පටන් ගත්තේය.

29 දැන් බලව, මෙය නුඹලාගේ ඇදහිල්ල වැඩි නොකරන්නේ ද? මම නුඹලාට කියමි, එසේය; එසේනමුත් එය පරිපූර්ණ දැනුමක් දක්වා වර්ධනය වී නොමැත.

30 එහෙත් බලව, බීජය වැඩීමට, තවද දළුලන්නට, තවද වර්ධනය වීමට පටන්ගන්නා විට, එවිට නුඹ බීජය යහපත් බව කිව යුතු වන්නේය; මක්නිසාද බලව එය වැඩීමට, තවද දළුලන්නට, තවද වර්ධනය වන්නට පටන් ගෙන ඇත. තවද දැන්, බලව, මෙය නුඹලාගේ ඇදහිල්ල ශක්තිමත් නොකරන්නේ ද? එසේය, එය නුඹලාගේ ඇදහිල්ල ශක්තිමත් කරන්නේය: මක්නිසාද මෙය යහපත් බීජයක් බව මම දනිමි යැයි නුඹලා පවසනු ලබන්නෙහිය; මක්නිසාද බලව එය දළුලන්නට තවද වර්ධනය වීමට පටන් ගන්නේය.

31 තවද දැන්, බලව, මෙය යහපත් බීජයක් බව නුඹලාට නිසැක ද? මම නුඹලාට කියමි, එසේය; මක්නිසාද සෑම බීජයක්ම එහි සමානතාවයට අනුව පෙරට ගෙන එයි.

32 එසේහෙයින්, බීජයක් වර්ධනය වන්නේ නම් එය යහපත්ය, එහෙත් එය වර්ධනය නොවන්නේ නම්, බලව එය යහපත් නොවන්නේය, එසේහෙයින් එය ඉවතට දමනු ලබන්නේය.

33 තවද දැන්, බලව, නුඹ අත්හදා බැලීම උත්සාහ කළ බැවින්, තවද බීජය පැළ කල බැවින්, තවද එය වැඩෙන හා දළුලන නිසාත්, වර්ධනය වීමට පටන් ගන්නා නිසාත්, බීජය යහපත් බව නුඹලා දැනගත යුතු වන්නේය.

34 තවද දැන්, බලව, නුඹලාගේ දැනුම පරිපූර්ණ ද? එසේය, නුඹලාගේ දැනුම ඒ දෙය තුළ පරිපුර්ණයි, තවද නුඹලාගේ ඇදහිල්ල අක්‍රියව ඇත; තවද මෙය නුඹලා දන්නා නිසාවෙනි, මක්නිසාද එනම් වචනය නුඹලාගේ ප්‍රාණයන් පුබුදුවා ඇති බවත්, තවද එසේම එනම් එය දළුලා ඇති බවත්, එනම් නුඹලාගේ අවබෝධය ආලෝකමත් වීමට පටන් ගන්නා බවත්, තවද නුඹලාගේ මනස පුළුල් වීමට පටන් ගෙන ඇති බව නුඹලා දනිති.

35 අහෝ එවිට, මෙය සැබෑ නොවේද? මම නුඹලාට කියමි, එසේය, එය ආලෝකය නිසාවෙනි; තවද ආලෝකය වන්නේ කුමක් වුවද, යහපත් වේ, එය වටහාගත හැකි බැවින්, එසේහෙයින් එය යහපත් බව නුඹලා දැනගත යුතුය; තවද දැන් බලව, නුඹලා මෙම ආලෝකය රසවිඳි පසු නුඹලාගේ දැනුම පරිපූර්ණ වන්නෙහුද?

36 බලව මම නුඹලාට කියමි, නැත; නුඹලාගේ ඇදහිල්ල නුඹලා පසෙක නොතැබිය යුතුය, මක්නිසාද නුඹලා බීජය යහපත් ද බව දැන ගැනීමට පරීක්ෂා කිරීමට බීජය පැළ කිරීමට පමණක් නුඹලා, නුඹලාගේ ඇදහිල්ල ක්‍රියා කර ඇත.

37 තවද බලව, වෘක්ෂය වර්ධනය වීමට පටන් ගන්නා විට, නුඹලා කියනු ඇත: එය මුල් බැස ගන්නා පිණිස, එනම් එය වැඩෙන පිණිස, අපට ඵල ගෙන දෙන පිණිස, තවද එය ඉතා සැලකිල්ලෙන් පෝෂණය කරමු. තවද දැන් බලව, නුඹලා එය බොහෝ සැලකිල්ලෙන් පෝෂණය කරන්නේ නම් එය මුල් බැස, තවද වර්ධනය වී, තවද ඵල ගෙන එනු ලබන්නේය.

38 එහෙත් නුඹලා වෘක්ෂය නොසලකා හරින්නේ නම්, තවද එහි පෝෂණය ගැන නොසිතන්නේ නම්, බලව එය කිසිදු මුලක් නොබසිනු ඇත්තේය; තවද සූර්යයාගේ උණුසුම පැමිණ එය දැල්වූ විට, එහි මුලක් නොමැති නිසා එය වියළී යනු ඇත, තවද නුඹලා එය උදුරා ගෙන තවද එය විසි කර දමන්නෙහුය.

39 දැන්, මෙය බීජය යහපත් නොවූ නිසාවත්, නැතහොත් එහි ඵලය මිහිරි නොවන නිසාවත් නොව; එහෙත් නුඹලාගේ භූමිය නිසරු බැවින් ද, තවද නුඹලා වෘක්ෂය පෝෂණය නොකරන නිසාවෙනි, එසේහෙයින් නුඹලාට එහි ඵලය ලබා ගත නොහැක.

40 තවද මෙසේ, නුඹලා වචනය පෝෂණය නොකරන්නේ නම්, එහි ඵලය කෙරෙහි ඇදහිල්ලේ ඇසකින් බලා සිටින නුඹලාට කිසි විටෙකත් ජීවන වෘක්ෂයේ ඵලය නෙලාගත නොහැකි වන්නේය.

41 එහෙත් නුඹලා වචනය පෝෂණය කරන්නේ නම්, එසේය, වෘක්ෂය වර්ධනය වන්නට පටන් ගන්නා විට එය පෝෂණය කරන්නේ නම්, නුඹලාගේ ඇදහිල්ල තුළින් මහත් උද්‍යෝගයෙන්, තවද ඉවසීමෙන්, ඉදිරියට එහි ඵලය බලාපොරොත්තුවෙන්, එය මුල් බැස ගනු ඇත; තවද බලව එය සදාකාලික ජීවනය කරා පැන නගින වෘක්ෂයක් වනු ලබන්නේය.

42 තවද වචනය සමඟ සහ එය පෝෂණය කිරීමට නුඹලාගේ උද්‍යෝගය සහ නුඹලාගේ ඇදහිල්ල සහ නුඹලාගේ ඉවසීම නිසාත්, එනම් එය නුඹලා තුළ මුල් බැස ගන්නා පිණිස, බලව, නුඹලා විසින් ඉතා ඉක්මනින් එහි ඵලය නෙලනු ඇත, එය ඉතා වටිනා වූ, එය මිහිරි සියල්ලට වඩා මිහිරි වන අතර, සුදු පැහැ සියල්ලට වඩා සුදු පැහැතිය, එසේය, තවද පවිත්‍ර සියල්ලට වඩා පවිත්‍රය; තවද නුඹලාගේ කුස පිරෙන තුරු නුඹලා මෙම ඵලය අනුභව කරන්නෙහුය, එනම් නුඹලා කුසගින නොවන්නෙහුය, එමෙන්ම පිපාස නොවන්නෙහුය.

43 එවිට, මාගේ සහෝදරයෙනි, තවද නුඹලාගේ උද්‍යෝගයෙන්, තවද ඉවසීමෙන්, තවද බොහෝ ඉවසීමෙන්, නුඹලා වෘක්ෂයෙන් ඵල ලැබෙන තුරු බලා සිටිනා විට, නුඹලාගේ ඇදහිල්ලේ දීමනාවන් නුඹලා නෙලා ගන්නෙහුය.