57 වන පරිච්ඡේදය
අන්තිපාරාව අල්ලා ගැනීම සහ යටත් වීම සහ පසුව කුමේනි ආරක්ෂා කිරීම පිළිබඳ හීලමන් විස්තර කරයි – ඔහුගේ ඇමොනිවර තරුණයන් නිර්භීතව සටන් කරති; සියල්ලෝම තුවාල ලැබූවද, එහෙත් කිසිවෙකු මරණයට පත් නොවෙයි – ලේමන්වරුන්ගේ සිරකරුවන්ගේ මරණය සහ පලා යාම ගිඩ් වාර්තා කරයි. ක්‍රි.පූ. 63 පමණ.
1 තවද දැන් එය මෙසේ සිදු විය, එනම් අප අල්ලා ගනු ලැබුවාවූ එම යුධ සිරකරුවන් මම භාරදෙන්නේ නම්, එනම් ඔහු අප හට අන්තිපාරා නගරය භාර දෙන බව පවසමින් ඇමොරන් රජු වෙතින් මට ලිපියක් ලැබුණි.
2 එහෙත් මම රජු හට ලිපියක් යවමින්, එනම් අපගේ බලය මඟින් අපගේ හමුදාවන් අන්තිපාරා නගරය අල්ලා ගැනීමට සෑහෙන්නෙයැයි අප විශ්වාස කරන්නෙමු; තවද එම නගරය සඳහා සිරකරුවන් භාර දීමෙන් අප අඥානයන්යැයි අපම සිතන්නෙමු, තවද එනම් අප අපගේ සිරකරුවන් භාර දෙනු ලබන්නේ හුවමාරුවකට පමණි.
3 තවද ඇමොරන් මාගේ ලිපිය ප්‍රතික්ෂේප කළේය, මක්නිසාද ඔහු සිරකරුවන් හුවමාරු කර නොගත්තේය; එසේහෙයින් අප අන්තිපාරා නගරයට විරුද්ධව යාමට සූදානම් වීමට පටන් ගත්තෙමු.
4 එහෙත් අන්තිපාරාහි ජනතාව නගරයෙන් ඉවත්ව ගියෝය, තවද ඔවුන්ගේ අයිතියෙහි තිබූනාවු ඔවුන්ගේ අනෙකුත් නගර වෙතට, එවා ශක්තිමත් කර ගැනීම පිණිස, පලා ගියෝය; තවද මෙසේ අන්තිපාරා නගරය අපගේ දෑත්වලට පත් විය.
5 තවද මෙසේ විනිශ්චයකාරවරුන්ගේ රාජ්‍ය පාලන සමයේ විසිඅටවන වසර අවසන් විය.
6 තවද එය මෙසේ සිදු විය, එනම් විසි නවවන වසර පටන් ගැනීමේදී, අපට ප්‍රතිපාදනයන් කොටසක් ලැබුණේය, තවද එසේම අපගේ හමුදාවට, සරහෙම්ලා දේශය වෙතින්ද, තවද වටා අවට වූ දේශය වෙතින්ද, ඔවුන්ගේ සහෝදරයන් සමඟ එක්වීමට පැමිණි ඇමොනිවරුන්ගේ පුත්‍රයන් හැට දෙනාට අමතරව, මනුෂ්‍යයන් හයදහසක් පමණවූද, දෙදහසකින් යුත් මාගේ කුඩා කණ්ඩායමට, එකතු කිරීමක් ලැබුණේය. තවද දැන් බලව, අප ශක්තිමත්ව සිටියෙමු, එසේය, තවද අපට එසේම අධික ප්‍රතිපාදනයන් ද අප හට ගෙනවිත් තිබුණේය.
7 තවද එය මෙසේ සිදු විය, එනම් එම කුමේනි නගරය ආරක්ෂා කිරීම සඳහා ස්ථානගත කර ඇති හමුදාව සමඟ සටනක් කිරීම එය අපගේ කැමැත්ත වී තිබුණේය.
8 තවද දැන් බලව, එනම් අප ඉක්මණින්ම අපගේ ආශාවන් සම්පුර්ණ කළ බව මා නුඹලාට පෙන්වන්නමි; එසේය, අපගේ ශක්තිමත් හමුදාව සමඟ, නැතහොත් අපගේ ශක්තිමත් හමුදාවෙන් කොටසක් සමඟ, ඔවුන්ට ප්‍රතිපාදනයන් කොටසක් ලැබීමට මඳකට පෙර, රාත්‍රිය තුළදී, අප කුමේනි නගරය වට කළෙමු.
9 තවද එය මෙසේ සිදු විය; එනම් අප රාත්‍රී කිහිපයක් නගරය වටා අවට කඳවුරු බැඳ ගත්තෙමු; එහෙත් එනම් ලේමන්වරුන් රාත්‍රියේදී අප වෙත පැමිණ තවද අපව මරා නොදමන පිණිස, අප අපගේ කඩු මත නිදාගත්තෙමු, තවද රැකවලුන් තබාගත්තෙමු, ඔවුන් එය බොහෝ අවස්ථාවන්හීදී උත්සාහ කළෝය; එහෙත් ඔවුන් මෙය උත්සාහ කළ බොහෝ අවස්ථාවන්හීදී ඔවුන්ගේ ලේ වැගිරී ගියේය.
10 අවසානයේ ඔවුන්ගේ සැපයුම් පැමිණි අතර, තවද ඔවුන් රාත්‍රිය තුළදී නගරයට ඇතුළු වීමට ආසන්නව සිටියෝය. තවද අප, ලේමන්වරුන් වීම වෙනුවට නීෆායිවරුන් වූවෙමු; එසේහෙයින්, අප ඔවුන්ව සහ ඔවුන්ගේ සැපයුම් ලබා ගත්තෙමු.
11 තවද මේ ආකාරයෙන් ලේමන්වරුන් ඔවුන්ගේ උපකාරයන් වෙතින් කපා හරිනු ලැබුවද, ඔවුන් තවදුරටත් නගරය නඩත්තු කිරීමට අධිෂ්ඨාන කරගෙන සිටියෝය; එසේහෙයින් එනම් අප එම සැපයුම් රැගෙන තවද ඒවා ජුදාවට, සහ අපගේ සිරකරුවන් සරහෙම්ලා දේශයට යැවීම එය යෝග්‍ය විය.
12 තවද එය මෙසේ සිදු විය, එනම් දින කිහිපයක් ගත වීමට පෙර ලේමන්වරුන් ආධාර ලැබීමේ සියලු බලාපොරොත්තු නැති කර ගැනීමට පටන් ගත්තෝය; එසේහෙයින් ඔවුන් නගරය අපගේ අත්වලට භාර දුන්නෝය; තවද මෙසේ අප කුමේනි නගරය ලබා ගැනීමේ අපගේ සැලසුම් ඉෂ්ඨ කරගත්තෙමු.
13 එහෙත් එය මෙසේ සිදු විය, එනම් අපගේ සිරකරුවන් බොහෝ සංඛයාවක් වූ බැවින්, එසේවූවත් අපගේ සංඛ්‍යාවේ අතිවිශාලත්වය නොතකා, ඔවුන්ව පවත්වා ගැනීමට, නැතහොත් ඔවුන්ව මරණයට පත් කිරීමට, අපගේ සියලු බලය යෙදවීමට අප බැඳී සිටියෙමු.
14 මක්නිසාද බලව, ඔවුන් විශාල සංඛ්‍යාවකින් කඩා වැදී, තවද ගල් සමඟද, තවද මුගුරු සමඟද, නැතහොත් ඔවුන්ගේ දෑත්වලට හසුවන්නාවූ කුමනාකාර දෙයක් වුවද ගෙන සටන් කළෝය, එපමණකින් ඔවුන්ව එනම් ඔවුන් යුද සිරකරුවන් ලෙස යටත් වූ පසු අප ඔවුන්ගෙන් දෙදහසකට වැඩි පිරිසක් මරා දැමුවෙමු.
15 එසේහෙයින් එනම් අප ඔවුන්ගේ ජීවිතවලට අවසානයක් තැබීම, නැතහොත් කඩුව අත ඇතිව, සරහෙම්ලා දේශය දක්වා පහතට, ඔවුන් ආරක්ෂා කිරීම අපට යෝග්‍ය විය; තවද එසේම අප ලේමන්වරුන් වෙතින් ලබාගත්තාවූ එය එසේ තිබියදීත්, අපගේ සැපයුම් අපගේ ස්වකීය ජනතාවට තවදුරටත් ප්‍රමාණවත් නොවීය.
16 තවද දැන්, එම තීරණාත්මක තත්වයන් යටතේ, මෙම යුද සිරකරුවන් සම්බන්ධයෙන් තීරණයක් ගැනීම ඉතා බරපතල කාරණයක් බවට පත් විය; එසේනමුත්, අප ඔවුන්ව සරහෙම්ලා දේශය වෙතට යැවීමට තීරණය කළෙමු; එසේහෙයින් අප අපගේ මනුෂ්‍යයන් කොටසක් තෝරාගෙන, තවද සරහෙම්ලා දේශය වෙත යාමට අපගේ සිරකරුවන් කෙරෙහි පාලනය ඔවුන්ට දුන්නෝය.
17 එහෙත් එය මෙසේ සිදු විය, එනම් පසුදා ඔවුන් ආපසු හැරී ආවෝය. තවද දැන් බලව, අප සිරකරුවන් සම්බන්ධයෙන් ඔවුන්ගෙන් විමසුවේ නැත; මක්නිසාද බලව, ලේමන්වරුන් අප මත වූවෝය, තවද ඔවුන් නියමිත අවස්ථාවේදී ඔවුන්ගේ අත්වලට අපව හසුවීමෙන් ගලවා ගැනීමට ආපසු පැමිණියෝය. මක්නිසාද බලව, ඇමොරන් ඔවුන්ගේ උපකාරය සඳහා සැපයීමේ නව කළමනා සහ එසේම මනුෂ්‍යයන්ගෙන් යුත් විශාල සංඛයාවක හමුදාවක් යවා තිබුණි.
18 තවද එය මෙසේ සිදු විය, එනම් අප සිරකරුවන් සමඟ යැවූවාවූ එම මනුෂ්‍යයන්, ඔවුන් අපව යටපත් කිරීමට ආසන්නව සිටියදී මෙන් ඔවුන් පරීක්ෂා කිරීමට නියමිත අවස්ථාවේදී පැමිණියෝය.
19 එහෙත් බලව, දෙදහස් හැට දෙනෙකුගෙන් යුත් මාගේ කුඩා කණ්ඩායම ඉතාමත් දැඩි ලෙස සටන් කළෝය; එසේය, ඔවුන් ලේමන්වරුන් ඉදිරියේ ස්ථිරව සිටියෝය, තවද ඔවුන්ට විරුද්ධ වූ සියල්ලන්ටම මරණය ලබා දුන්නෝය.
20 තවද අපගේ හමුදාවේ ඉතිරි වූවන් ලේමන්වරුන් ඉදිරියේ යටත් වීමට මෙන් ආසන්න වූ විට, බලව, එම දෙදහස් හැටදෙනා ස්ථිරව තවද නොබියව සිටියෝය.
21 එසේය, තවද ඔවුන් කීකරු වී තවද ආඥාවේ සියලුම වචනයක්ම සම්පූර්ණයෙන්ම නිවැරදිව ක්‍රියාත්මක කිරීමට වග බලාගත්තෝය; එසේය, තවද ඔවුන්ගේ ඇදහිල්ලට අනුව පවා එය ඔවුන් හට සිදු කරනු ලැබීය; තවද එනම් ඔවුන්ගේ මව්වරුන් ඔවුන්ට ඉගැන්වූ එම වචන ඔවුන් මට පැවසූ බව මට මතක් විය.
22 තවද දැන් බලව, මෙම මාගේ පුත්‍රයන්, සහ සිරකරුවන් ගෙනයාමට තෝරාගනු ලැබුවාවූ එම මනුෂ්‍යයන් වෙත, අප මෙම ශ්‍රේෂ්ඨ ජයග්‍රහණය දිය යුතු වන්නේය; මක්නිසාද ලේමන්වරුන්ට පහර දුන්නේ ඔවුන්ය; එසේහෙයින් ඔවුන්ව මැන්ටයි නගරය දෙසට ආපසු පලවා හරිනු ලැබුවෝය.
23 තවද අප අපගේ කුමේනි නගරය තබා ගත්තෙමු, තවද කඩුවෙන් සියල්ලන්ම විනාශ නොවීය; එසේනමුත්, බලවත් නැතිවීමක් අප වින්දෙමු.
24 තවද එය මෙසේ සිදු විය, එනම් ලේමන්වරුන් පලා ගිය පසු, එනම් මරණයට පත්වූවන් අතරින් තුවාල ලැබුවාවූ මාගේ මනුෂ්‍යයන් රැගෙන, එනම් ඔවුන්ගේ තුවාල සාත්තු කිරීමට සලස්වන පිණිස මම වහාම නියෝග දුන්නෙමි.
25 තවද එය මෙසේ සිදු විය, එනම් එහි මාගේ දෙදහස් හැට දෙනාගෙන්, ලේ අහිමි වීම නිසා ක්ලාන්ත වූ, දෙසිය දෙනෙකු සිටියෝය; එසේනමුත්, දෙවියන්වහන්සේගේ යහපත්කමට අනුව, තවද අපගේ මහත් පුදුමයට, සහ එසේම අපගේ සියලු හමුදාවේම ප්‍රීතියට, එහි ඔවුන්ගෙන් එක් ප්‍රාණයක්වත් නැසී නොගියේය; එසේය, තවද නැතහොත් ඔවුන් අතර බොහෝ තුවාල ලැබුවාවූ එක් ප්‍රාණයක්වත් නොවීය.
26 තවද දැන්, ඔවුන්ගේ සුරක්ෂිතභාවය, එසේය එනම් එහි අපගේ සහෝදරයන් දහස් ගණනක් මරණයට පත්වන අතරතුර ඔවුන් ඉතිරිවීම අපගේ සියලු හමුදාවටම පුදුමසහගත විය. මක්නිසාද එනම් ඔවුන්ට විශ්වාස කිරීමට උගන්වා තිබූ දේ කෙරෙහි ඔවුන්ගේ අධික ඇදහිල්ල නිසා, තවද අප එය සාධාරණ ලෙස දෙවියන්වහන්සේගේ හාස්කමේ බලයට පැවරුවෙමු – එනම් එහි සාධාරණ වූ දෙවියන්වහන්සේ කෙනෙකු සිටින බවත්, තවද සැක නොකරන කවරෙකුවුවද, එනම් උන්වහන්සේගේ හාස්කමේ බලය මඟින් ඔවුන් සුරක්ෂිත විය යුතු වන්නෝය.
27 දැන් මෙය මා විසින් කතා කළාවූ මොවුන්ගේ ඇදහිල්ල විය; ඔවුන් තරුණයන් විය, තවද ඔවුන්ගේ මනස ස්ථිර විය, තවද ඔවුන් නිරන්තරයෙන් දෙවියන්වහන්සේ තුළ ඔවුන්ගේ විශ්වාසය තැබුවෝය.
28 තවද දැන් එය මෙසේ සිදු විය, එනම් අපගේ තුවාල ලැබුවාවූ මනුෂ්‍යයන් මෙසේ රැකබලා ගැනීමෙන් පසුව, තවද අපගේ මරණයට පත්වූවන් සහ එසේම මරණයට පත් වූ බොහෝ ලේමන්වරුන් භුමදානය කිරීමෙන් පසුව, බලව, අප ගිඩ්ගෙන් ඔවුන් සරහෙම්ලා දේශය වෙතට යාමට පටන් ගනු ලැබූ සිරකරුවන් සම්බන්ධයෙන් විමසුවෙමු.
29 දැන් දේශය දක්වා පහතට ඔවුන්ව ආරක්ෂා කිරීමට පත් කරන ලද කණ්ඩායමේ ප්‍රධාන කපිතාන් ගිඩ් විය.
30 තවද දැන්, ගිඩ් මා හට පවසන ලද වචන මේවා විය: බලව, අප අපගේ සිරකරුවන් සමඟ සරහෙම්ලා දේශය වෙත පහතට යාමට පටන් ගත්තෙමු. තවද එය මෙසේ සිදු විය, එනම් ලේමන්වරුන්ගේ කඳවුර නිරීක්ෂණය කරන පිණිස යවනු ලැබුවාවූ අපගේ හමුදාවන්ගේ ඔත්තුකරුවන් අපට මුණ ගැසුණේය.
31 තවද ඔවුන් අප හට මෙසේ කියමින්, කෑගැසුවෝය – බලව, ලේන්වරුන්ගේ හමුදාවන් කුමේනි නගරය දෙසට ගමන් කරමින් සිටින්නෝය; තවද බලව, ඔවුන් ඔවුන් මතට කඩා වැටෙනු ඇත්තේය, එසේය, තවද අපගේ ජනතාව විනාශ කරනු ඇත්තේය.
32 තවද එය මෙසේ සිදු විය, එනම් අපගේ සිරකරුවන්ට ඔවුන්ගේ කෑගැසීම් ඇසුනු අතර, එය ඔවුන්ව ධෛර්යමත් වීමට සැලැස්වීය; තවද ඔවුන් අපට විරුද්ධව කැරැල්ලකින් නැඟී සිටියෝය.
33 තවද එය මෙසේ සිදු විය, ඔවුන්ගේ කැරැල්ල නිසාවෙන් අප අපගේ කඩු ඔවුන් මත පැමිණවීමට සැලැස්වූවෙමු. තවද එය මෙසේ සිදු විය, එනම් ඔවුන් අපගේ කඩු මතට කණ්ඩායමක් වශයෙන් දිව ආවෝය, එහිදී ඔවුන්ගෙන් බලවත් සංඛ්‍යාවක් මරණයට පත් වූවෝය; තවද ඔවුන්ගෙන් ඉතිරිවූවන් කඩා යමින් තවද අප වෙතින් පලා ගියෝය.
34 තවද බලව, ඔවුන් පලා ගිය විට තවද අපට ඔවුන්ව පසුකර යාමට නොහැකි වූවෝය, අප කුමේනි නගරය දෙසට වේගයෙන් අපගේ ගමන යොමු කළෙමු; තවද බලව, එනම් නගරය ආරක්ෂා කර ගැනීම සඳහා අපගේ සහෝදරයන්ට සහාය වීමට අප නියමිත වේලාවට පැමිණියෙමු.
35 තවද බලව, අප නැවතත් අපගේ සතුරන්ගේ දෑත්වලින් පිටතට මුදවාගනු ලැබුවෙමු. තවද අපගේ දෙවියන්වහන්සේගේ නාමයට ආශීර්වාද වේවා; මක්නිසාද බලව, අපව ගලවා ගනු ලැබුවේ උන්වහන්සේය; එසේය, එනම් අප වෙනුවෙන් මෙම බලවත් දේ උන්වහන්සේ කළ සේක.
36 දැන් එය මෙසේ සිදු විය, එනම් හීලමන් වන මම, ගිඩ්ගේ මෙම වචන ඇසූ විට, අප විනාශ නොවන පිණිස, අපව ආරක්ෂා කිරීමේදී දෙවියන්වහන්සේගේ යහපත්කම නිසා මා මහත් ප්‍රීතියෙන් පුරවනු ලැබුවෙමි; එසේය, තවද එනම් මරා දමනු ලැබුවාවූ ඔවුන්ගේ ප්‍රාණයන් ඔවුන්ගේ දෙවියන්වහන්සේගේ විශ්‍රාමය තුළට ඇතුළු වී ඇති බව මම විශ්වාස කරමි.