ශුද්ධලියවිලි
ඇල්මා 24


24 වන පරිච්ඡේදය

ලේමන්වරු දෙවියන්වහන්සේගේ ජනතාවට විරුද්ධව පැමිණෙති – ඇන්ටි-නීෆායි-ලීහායිවරු ක්‍රිස්තුස්වහන්සේ තුළ ප්‍රීති වෙති, තවද දේවදූතයන් විසින් බැහැදකිනු ලබයි – ඔවුන් ඔවුන්ව ආරක්ෂා කර ගැනීම වෙනුවට මරණය විඳීමට තෝරා ගනී – තවත් ලේමන්වරුන් හැරවෙනු ලබයි. ක්‍රි.පූ. 90–77 දී පමණ.

1 තවද එය මෙසේ සිදු විය, එනම් ඇමියුලොන් දේශයේ සිටි ඇමෙලකායිවරුන් සහ ඇමියුලොන්වරු සහ ලේමන්වරු, තවද හෙලම් දේශයේ ද, තවද එසේම ජෙරුසලම් දේශයේ ද, තවද අවසාන වශයෙන්, අවට මුළු දේශයන්හි ද, හැරුණ නැති සහ ඇන්ටි-නීෆායි-ලීහායි නාමය ඔවුන් මත නොගත්තා වූ, ඇමෙලකායිවරුන් විසින් සහ ඇමියුලොන්වරුන් විසින් කලඹවනු ලැබ ඔවුන්ගේ සහෝදරයන්ට විරුද්ධව කෝපයට පත් කරනු ලැබුවෝය.

2 තවද ඔවුන්ගේ වෛරය ඔවුන්ට විරුද්ධව බොහෝසෙයින් වේදනාකාරී විය, ඔවුන් තම රජුට විරුද්ධව කැරලි ගැසීමට පවා පටන්ගත්තෝය, එපමණකින් එනම් ඔවුන් ඔහු ඔවුන්ගේ රජු වෙනවාට අකමැති වූවෝය; එසේහෙයින්, ඔවුන් ඇන්ටි-නීෆායි-ලීහායි ජනතාවට විරුද්ධව ආයුධ අතට ගත්තෝය.

3 දැන් රජු තම පුත්‍රයා හට රාජ්‍යය පවරන ලදි, තවද ඔහු ඔහුගේ නම ඇන්ටි-නීෆායි-ලීහායි ලෙස හැඳින්වීය.

4 තවද ලේමන්වරුන් දෙවියන්වහන්සේගේ ජනතාවට විරුද්ධව යුද්ධයට සූදානම් වීමට පටන් ගත් එනම් එම වසරේදීම රජු මිය ගියේය.

5 දැන් ඇමන් සහ ඔහුගේ සහෝදරයන් සහ ඔහු සමඟ පැමිණි සියල්ලෝම ඔවුන්ගේ සහෝදරයන් විනාශ කිරීම සඳහා ලේමන්වරුන්ගේ සූදානම දුටු විට, ඔවුන් මිදියන් දේශය වෙතට පැමිණියෝය, තවද එහි දී ඇමන් හට ඔහුගේ සියලු සහෝදරයන් හමු විය; තවද එතැන් සිට ඔවුන් ඉෂ්මායෙල් දේශයට එනම් ඔවුන් ලැමෝනි සමඟ සහ ඔහුගේ සහෝදරයා ඇන්ටි-නීෆායි-ලීහායි සමඟ ද, ලේමන්වරුන්ට විරුද්ධව ඔවුන්ව ආරක්ෂා කර ගැනීම සඳහා ඔවුන් කුමක් කළ යුතු ද පිණිස මන්ත්‍රණ සභාවක් පවත්වන්නට පැමිණියෝය.

6 දැන් ස්වාමීන්වහන්සේ වෙතට හැරවුන ලද සියලු ජනතාව අතරින් ඔවුන්ගේ සහෝදරයන්ට විරුද්ධව ආයුධ අතට ගන්නට එකදු ප්‍රණයක් වත් නොසිටියේය; නැත, ඔවුන් යුද්ධයකට කිසිඳු සුදානමක් වත් සිදු නොකෙරුවෝය; එසේය, තවද ඔවුන්ගේ රජු ඔවුන්ට අණ කළේ එනම් ඔවුන් එසේ නොකළ යුතු ලෙසටය.

7 දැන්, මේ කාරණය පිළිබඳව ඔහු ජනතාවට පැවසූ වචන මේවාය: මාගේ දෙවියන්වහන්සේ හට මම ස්තූතිවන්ත වෙමි, මාගේ ප්‍රියාදර ජනතාවෙනි, එනම් අපගේ ශ්‍රේෂ්ඨ දෙවියන්වහන්සේ උන්වහන්සේගේ යහපත්කමෙන් අපගේ මෙම සහෝදරයන්, වන නීෆායිවරුන්, අප වෙතට අප හට දේශනා කිරීමට, තවද අපගේ දුෂ්ඨ පියවරුන්ගේ සම්ප්‍රදායන් අපට ඒත්තු ගැන්වීමටත් අප වෙත එවූ සේක.

8 තවද බලව, මම මාගේ ශ්‍රේෂ්ඨ දෙවියන්වහන්සේ හට ස්තූතිවන්ත වෙමි, එනම් උන්වහන්සේ උන්වහන්සේගේ ආත්මයාණන්ගෙන් කොටසක් අපගේ හදවත් මෘදු කිරීමට අප හට ලබා දී ඇති සේක, එනම් නීෆායිවරුන් වන, මෙම සහෝදරයන් සමඟ අපි මිත්‍ර සම්බන්ධකමක් ආරම්භ කළෙමු.

9 තවද බලව, එසේම මම මාගේ දෙවියන්වහන්සේ හට ස්තූතිවන්ත වෙමි, එනම් මෙම මිත්‍ර සම්බන්ධකම ආරම්භ කිරීමෙන්, තවද අප විසින් සිදු කර ඇති බොහෝ මිනීමැරුම් සහ අපගේ පාපයන් පිළිබඳව අපට ඒත්තු ගන්වන ලදී.

10 තවද එසේ මම මාගේ දෙවියන්වහන්සේ හට ස්තූතිවන්ත වෙමි, එසේය, මාගේ ශ්‍රේෂ්ඨ දෙවියන්වහන්සේ, එනම් උන්වහන්සේ අප මෙම දේවල්වලින් පසුතැවිලි වන පිණිස අපට අවසර දුන් සේක, තවද එසේම එනම් උන්වහන්සේ අප විසින් කරන ලද අපගේ බොහෝ පාපයන් සහ මිනීමැරුම්වලට අප හට සමාව දුන් සේක, තවද උන්වහන්සේගේ පුත්‍රයාණන්ගේ ධර්මිෂ්ඨ ක්‍රියාවන් තුළින්, අපගේ හදවත්වලින් වරදකාරීත්වය ඉවතට ගත් සේක.

11 තවද දැන් බලව, මාගේ සහෝදරයෙනි, අපට කළ හැකි සියල්ල එය වූයෙන් (සියළුම මනුෂ්‍ය වර්ගයාගෙන් වඩාත්ම නැති වූ අය නිසා බැවින්) අපගේ සියලු පව්වලට සහ අප සිදු කළාවූ බොහෝ මිනීමැරුම්වලට පසුතැවිලි වී, තවද දෙවියන්වහන්සේ හට එවා අපගේ හදවත්වලින් ඉවතට ගැනීමට සැලැස්වීමයි, මක්නිසාද අපට කළ හැකි සියල්ල වන්නේ දෙවියන්වහන්සේ ඉදිරියේ ප්‍රමාණවත් ලෙස පසුතැවිලිවීමයි, එනම් උන්වහන්සේ හට අපගේ පැල්ලම ඉවතට ගැනීම පිණිසයි –

12 දැන්, මාගේ වඩාත් ප්‍රියාදර සහෝදරවරුනි, දෙවියන්වහන්සේ අපගේ පැල්ලම් ඉවතට ගෙන ඇති බැවින්, තවද අපගේ කඩු දීප්තිමත් වී ඇති බැවින්, එසේ නම් අපි අපගේ කඩු තවදුරටත් අපගේ සහෝදරවරුන්ගේ රුධිරයෙන් පැල්ලම් ඇතිකර නොගනිමු.

13 බලව, මම නුඹට කියමි, නැත, අපි අපගේ කඩු අපේ සහෝදරයන්ගේ රුධිරයෙන් පැල්ලම් නොවන ලෙස රඳවා ගනිමු; මක්නිසාද සමහරක් විට, අපගේ කඩුවල නැවතත් පැල්ලම් ඇතිවුව හොත් ඒවා තව දුරටත් අපගේ ශ්‍රේෂ්ඨ දෙවියන්වහන්සේගේ පුත්‍රයාණන්ගේ රුධිරයෙන් දීප්තිමත් ලෙස සෝදා ගත නොහැක, එය අපගේ පාපයන් සඳහා වන්දිගෙවීමක් ලෙස වැගිරෙනු ලබන්නේය.

14 තවද ශ්‍රේෂ්ඨ දෙවියන්වහන්සේ අප හට දයාවන්ත වූ සේක, තවද එනම් අප විනාශ නොවන පිණිස මේ දේවල් අපට දන්වා වදාළ සේක; එසේය, තවද උන්වහන්සේ මේ දේවල් අපට පෙර සිටම දන්වනු ලැබූ සේක, මක්නිසාද උන්වහන්සේ අපගේ ප්‍රාණයන්ට ප්‍රේම කරනවාක් මෙන් අපගේ දරුවන්ටද ප්‍රේම කරන සේක; එසේහෙයින්, උන්වහන්සේගේ දයාවෙන් උන්වහන්සේ දේවදූතවන් මඟින් අප බැහැ දකින සේක, එනම් ගැළවීමේ සැලැස්ම අපට මෙන්ම අපගේ අනාගත පරම්පරාවන්ටද දන්වන පිණිසය.

15 අහෝ, අපගේ දෙවියන්වහන්සේ කෙතරම් කරුණාවන්තද! තවද දැන් බලව, අපගේ පැල්ලම් අපෙන් ඉවත් කර ගැනීමට අපට කළ හැකි තරම් වී ඇති බැවින්, තවද අපගේ කඩු දීප්තිමත් වීය, ඒවා දීප්තිමත්ව තබා ගන්නා පිණිස එනම් අප ඒවා සඟවා තබා ගනිමු, අන්තිම දවසේ දී අපගේ දෙවියන්වහන්සේ හට සාක්ෂියක් වන පිණිස, නැතහොත් විනිශ්චය කිරීම සඳහා උන්වහන්සේ අභියස පෙනී සිටීමට අප ගෙන එන දවසේ දී, තවද අපි අපගේ කඩු අපගේ සහෝදරයන්ගේ රුධිරයෙන් පැල්ලම් නොකළෙමු එනම් උන්වහන්සේ උන්වහන්සේගේ වචනය අප වෙතට බෙදා දුන් දා පටන් තවද එය කරණකොට ගෙන අපි පවිත්‍ර කරනු ලැබුවෙමු.

16 තවද දැන්, මාගේ සහෝදරවරුනි, අපගේ සහෝදරවරුන් අපව විනාශ කිරීමට සොයන්නේ නම්, බලව, අපි අපගේ කඩු සඟවන්නෙමු, එසේය, අවසාන දවසේ දී, එනම් අප ඒවා කිසි විටෙකත් භාවිතා නොකළ බවට සාක්ෂියක් ලෙස, එනම් ඒවා දීප්තිමත්ව තබා ගනු පිණිස, අපි ඒවා පොළොවේ ගැඹුරෙහි වළලන්නෙමු; තවද අපගේ සහෝදරයන් අපව විනාශ කළේ නම්, බලව, අපි අපගේ දෙවියන්වහන්සේ වෙතට ගොස් තවද ගැළවීම ලබන්නෙමු.

17 තවද දැන් එය මෙසේ සිදු විය, එනම් රජු මෙම දේවල් කියා අවසන් කළ විට, තවද සියලු ජනතාව එක් රැස් වූ කල, ඔවුන් ඔවුන්ගේ කඩු ගෙන, තවද මනුෂ්‍යයාගේ රුධිරය වැගිරවීමට භාවිතා කළ සියලු ආයුධ, තවද ඔවුන් ඒවා පොළොවේ ගැඹුරෙහි වළලනු ලැබූහ.

18 තවද මෙය ඔවුන් කරණ ලද්දේ, එය ඔවුන්ගේ අදහස අනුව දෙවියන්වහන්සේ හට සාක්ෂියක් ලෙසය, තවද එසේම මනුෂ්‍යයා හට, එනම් ඔවුන් නැවත කිසි දවසක මනුෂ්‍යයාගේ රුධිරය වැගිරවීම සඳහා ආයුධ භාවිතා නොකරන බවටය; තවද මෙය ඔවුන් කරණ ලද්දේ, දෙවියන්වහන්සේ සමඟ ගිවිසුම් ගත වෙමින් සහ සහතික වෙමින්, එනම් ඔවුන් තම සහෝදරයන්ගේ රුධිරය වැගිර වීමට වඩා තමන්ගේ ජීවිත අත් හැරීමටය; තවද සහෝදරයෙකුගෙන් ලබා ගන්නවාට වඩා ඔවුන් ඔහු හට ලබා දීමටය; තවද ඔවුන්ගේ දවස් අලසකමෙන් ගත කරනවාට වඩා ඔවුන් ඔවුුුුුන්ගේ දැතේ මහන්සියෙන් බොහෝ වෙහෙසෙන්නටය.

19 තවද එනම් මෙම ලේමන්වරුන් විශ්වාස කිරීමට හා සත්‍ය දැන ගැනීමට ගෙන එන ලද විට, පව් කරනවාට වඩා මරණය පවා විඳින්න කැමති වූ බවත්, තවද ඔවුන් ස්ථිරව සිටිය බවත් අපි මෙසේ දකිමු; තවද එනම් ඔවුන් ඔවුන්ගේ සාමයේ ආයුධ වල දැමූ බවත්, නැතහොත් සාමය පිණිස, ඔවුන් යුද්ධායුධ වල දැමූ බව මෙසේ අප දකින්නෙමු.

20 තවද දැන් එය මෙසේ සිදු විය, එනම් ඔහු වෙනුවට වෙනත් අයෙකු පත් කරන්නටත්, තවද එසේම දේශයෙන් පිටතට ඇන්ටි-නීෆායි-ලීහායි ජනතාව විනාශ කර දමන්නටත් ඔවුන්ගේ සහෝදරයන් වන ලේමන්වරුන් යුද්ධයට සූදානම්ව, තවද රජු විනාශ කිරීමේ අරමුණින් නීෆායි දේශයට පැමිණියෝය.

21 තවද දැන් ජනතාව ඔවුන්ට විරුද්ධව ඔවුන් පැමිණෙන බව දුටු විට ඔවුන් ඔවුන්ව හමුවන්නට ඉදිරියට ගියෝය, තවද ඔවුන් ඉදිරියේ ඔවුන්ම පොළොවේ මුණින් වැටී සිටියේය, තවද ඔවුන් ස්වාමීන්වහන්සේ නාමයෙන් අයැදින්නට පටන් ගත්තෝය; තවද මෙසේ සිටිනා කළ ලේමන්වරුන් ඔවුන් හට පහර දෙන්නට පටන් ගත්තෝය, තවද කඩුවෙන් ඔවුන්ව මරණයට පත් කරන්න පටන් ගත්තෝය.

22 තවද මෙසේ කිසිඳු විරුද්ධකම් පෑමක් නොමැතිව, ඔවුන් ඔවුන්ගේ දහසකුත් හා පස්දෙනෙකු මරණයට පත් කරන ලදි; තවද ඔවුන් ආශිර්වාද ලත් බව එනම් අපි දනිමු, මක්නිසාද ඔවුන් ඔවුන්ගේ දෙවියන්වහන්සේ සමඟ ජීවත් වන පිණිස ගියෝය.

23 දැන් ඔවුන්ගේ සහෝදරයන් කඩුවෙන් පලා නොයන බවත්, එමෙන්ම ඔවුන් දකුණු පැත්තට හෝ වම් පැත්තට වත් නොහැරුන බවත්, නමුත් එනම් ඔවුන් බිම වැතිර විනාශ වන බවත්, තවද කඩුවෙන් විනාශ වීමේ ක්‍රියාවේ දී පවා දෙවියන්වහන්සේ හට ප්‍රශංසා කරන බවත් ලේමන්වරුන් දුටු විට –

24 දැන් ලේමන්වරුන් මෙය දුටු විට ඔවුන් ඔවුන්ව මැරීමෙන් වැලකී සිටියෝය; තවද කඩුවට යටවූ තම සහෝදරයන් වෙනුවෙන් ඔවුන්ගේ හදවත් දුක්බර වූ බොහෝ දෙනෙක් සිටියෝය, මක්නිසාද ඔවුන් සිදු කළ දේවල් ගැන ඔවුන් පසුතැවිලි වූවෝය.

25 තවද එය මෙසේ සිදු විය, එනම් ඔවුන් ඔවුන්ගේ යුද්ධායුධ බිම හෙළුහ, තවද ඔවුන් ඒවා නැවත අතට නොගත්තෝය, මක්නිසාද ඔවුන් සිදු කළා වූ මිනිමැරුම් නිසා ඔවුන් වේදනාවට පත් වූවෝය; තවද ඔවුන් මරා දැමීමට දෑත් එසවූ අයගේ දයාව මත බලාපොරොත්තු තබමින්, ඔවුන්ගේ සහෝදරයන් මෙන් ඔවුන්ද පොළොවේ මුණින් වැටුණෝය.

26 තවද එය මෙසේ සිදු විය, එනම් එම දවසේ දී මරණ ලද සංඛ්‍යාවට වඩා වැඩි පිරිසක් දෙවියන්වහන්සේගේ ජනතාවට එක් වූවෝය; තවද මරණයට පත්වූවන් ධර්මිෂ්ඨ ජනතාවක් වූවෝය, එසේහෙයින් ඔවුන් ගැලවූූ අය හැර අපට සැක කිරීමට හේතුවක් නොමැත්තෙමු.

27 තවද ඔවුන් අතරින් දුෂ්ඨ මනුෂ්‍යයෙක් මරණයට පත් වූයේ නැත; නමුත් සත්‍ය පිළිබඳ දැනුමට ගෙන එන ලද දහසකට වඩා වැඩියෙන් සිටියේය; එසේම ස්වාමීන්වහන්සේ තමන්වහන්සේගේ ජනතාවගේ ගැලවීම සඳහා බොහෝ ආකාරවලින් ක්‍රියා කරන බව අපි දකින්නෙමු.

28 දැන් ලේමන්වරුන්ගේන් ඔවුන්ගේ සහෝදරයන් විශාලතම සංඛ්‍යාවත් මරණයට පත් කරනු ලැබුුුවේ ඇමෙලකායිවරුන් සහ ඇමියුලොන්වරුන්ය, ඔවුන්ගෙන් විශාලතම සංඛ්‍යව නිහෝර්ගේ සංවිධානයට අනුවය.

29 දැන් ස්වාමීන්වහන්සේගේ ජනතාව සමඟ එකතු වූ අය අතර, ඇමෙලකායිවරුන් හෝ ඇමියුලොන්වරුන් සිටියේ නොමැත, නැතහොත් නිහෝර්ගේ සංවිධානයට අයත් වූ අය, එහෙත් ඔවුන් ලේමන් සහ ලෙමුවෙල්ගේ සැබෑ පැවතෙන්නන් වූවෝය.

30 තවද එනම් ජනතාවක් වරක් දෙවියන්වහන්සේගේ ආත්මයාණන් විසින් අවබෝධය කළ පසු, තවද ධර්මිෂ්ඨකමට අදාළ දේ පිළිබඳ මහත් දැනුමක් ලබා ගත් පසුත්, තවද එවිට පාපයට හා වරදට වැටුණු විට, ඔවුන් වඩාත් දැඩි වන බව මෙසේ අපට පැහැදිලිව වටහාගත හැක්කේය, තවද මෙලෙස ඔවුන්ගේ තත්වය ඔවුන් කිසි විටෙකත් මේ දේවල් නොදැන සිටියාට වඩා නරක අතට පැමිණෙන්නෝය.