ශුද්ධලියවිලි
ඇල්මා 5


දේශය පුරා සිටින ඔවුන්ගේ නගරවල සහ ගම්වල මනුෂ්‍යයන්ට ලබා දුන්, දෙවියන්වහන්සේගේ ශුද්ධ නියෝගයට අනුකූලවූ උත්තම පූජක වූ, ඇල්මාගේ වචන.

5 වන පරිච්ඡේදයෙන් ආරම්භ වේ.

5 වන පරිච්ඡේදය

ගැලවීම ලබා ගැනීමට, මනුෂ්‍යයන් පසුතැවිලි වී අණ පිළිපැදිය යුතුය, නැවත ඉපදිය යුතුය, ක්‍රිස්තුස්වහන්සේගේ රුධිරයෙන් තම වස්ත්‍ර පවිත්‍ර කොට, යටහත් පහත් වී තමන්වම උඩඟුකමෙන් සහ ඊර්ෂ්‍යාවෙන් ඉවත් කර, ධර්මිෂ්ඨකමේ ක්‍රියාවන් කළ යුතුය – යහපත් එඩේරයාණන් උන්වහන්සේගේ ජනතාව කැඳවන්නේය – දුෂ්ඨ ක්‍රියා කරන අයවලුන් යක්ෂයාගේ දරුවන් වන්නේය – ඇල්මා ඔහුගේ ධර්මයේ සත්‍යය පිළිබඳව සාක්ෂි දෙන අතර මනුෂ්‍යයන්ට පසුතැවිලි වන ලෙස අණ කරයි – ධර්මිෂ්ඨයන්ගේ නම් ජීවන පොතේ ලියා තිබෙන්නේය. ක්‍රි.පූ. 83 පමණ.

1 දැන් එය මෙසේ සිදු විය, එනම් ඇල්මා දෙවියන්වහන්සේගේ වචනය ප්‍රථමයෙන් සරහෙම්ලා දේශයේ ද, එතැන් සිට මුළු දේශය පුරා ද, ජනතාව වෙතට බෙදා දීමට පටන් ගත්තේය.

2 තවද ඔහුගේම වාර්තාවට අනුව, සරහෙම්ලා නගරයේ පිහිටුවා ඇති සභාවේදී ඔහු ජනතාවට මෙසේ කියමින්, පැවසූ වචන මේවාය:

3 ඇල්මා වන මම, මගේ පියා වන ඇල්මා විසින් දෙවියන්වහන්සේගේ සභාවෙහි, උත්තම පූජකවරයෙකු වීමට කැප කරන ලදුව, ඔහුට මේ දේවල් කිරීමට දෙවියන්වහන්සේගෙන් බලය සහ අධිකාරී බලය ලැබ, බලව, ඔහු නීෆායිහි දේශ සීමාවේ තිබූ දේශයෙහි සභාවක් පිහිටුවීමට පටන් ගත් බව මම නුඹලාට කියමි; එසේය, එය මොර්මන්ගේ දේශය ලෙස හැඳින්වූ දේශය වන්නේය; එසේය, තවද ඔහු තම සහෝදරයන්ව මොර්මන්ගේ ජලයෙහි බෞතීස්ම කළේය.

4 තවද බලව, මම නුඹලාට කියන්නෙමි, ඔවුන්ව දෙවියන්වහන්සේගේ දයාවෙන් හා බලයෙන්, නෝවා රජුගේ ජනතාව අතින් ගළවනු ලැබුවෝය.

5 තවද බලව, එයින් පසු, ඔවුන් වනාන්තරයෙහි ලේමන්වරුන්ගේ අතින් වහල්කමට ගෙන යනු ලැබුවේය; එසේය, මම නුඹලාට කියමි, ඔවුන් වහල්භාවයේ සිටි අතර, නැවතත් ස්වාමීන්වහන්සේ තමන්වහන්සේගේ වචනයේ බලයෙන් ඔවුන් වහල්භාවයෙන් මුදාගත් සේක; තවද අප මෙම දේශයට ගෙන එනු ලැබ, තවද එසේම අප මෙම දේශය පුරාම දෙවියන්වහන්සේගේ සභාව පිහිටුවීමට පටන් ගත්තෙමු.

6 තවද දැන් බලව, මාගේ සහෝදරයෙනි, මම නුඹලාට කියන්නෙමි, මෙම සභාවට අයත් නුඹලා, නුඹලාගේ පියවරුන්ගේ වහල්භාවය සිහිකරමින් ප්‍රමාණවත් තරම් නුඹලා මතක තබාගෙන තිබේද? එසේය, ඔවුන් කෙරෙහි උන්වහන්සේගේ දයාව සහ බොහෝ ඉවසිලිවන්තකම නුඹලා ප්‍රමාණවත් ලෙස මතක තබාගෙන තිබේද? එපමණක්ද නොව, උන්වහන්සේ ඔවුන්ගේ ප්‍රාණයන් නිරයෙන් මුදාගත් බවත් නුඹලා ප්‍රමාණවත් ලෙස මතක තබාගෙන තිබේද?

7 බලව, උන්වහන්සේ ඔවුන්ගේ සිත් වෙනස් කළ සේක; එසේය, උන්වහන්සේ ඔවුන්ව ගැඹුරු නින්දකින් අවදි කළ අතර, ඔවුන් දෙවියන්වහන්සේ වෙතට අවදි විය. බලව, ඔවුන් අන්ධකාරයේ මාධ්‍යයේ සිටියේය; එසේනමුත්, ඔවුන්ගේ ආත්මයන් සදාකාලික වචනයේ ආලෝකයෙන් ආලෝකමත් විය; එසේය, ඔවුන් මරණයේ බැමිවලින් සහ නිරයේ දම්වැල්වලින් වට වී සිටි අතර, සදාකාල විනාශයක් ඔවුන් වෙනුවෙන් බලා සිටියේය.

8 තවද දැන් මම නුඹලාගෙන් අසමි, මගේ සහෝදරයෙනි, ඔවුන් විනාශ වූවාද? බලව, මම නුඹලාට කියමි, නැත, ඔවුන් එසේ නොවූවෝය.

9 තවද මම නැවතත් අසන්නෙමි, මරණයේ බැමි කැඩී ගොස්, ඔවුන් වට කර තිබූ නිරයේ දම්වැල් ගැලවී ගියේද? මම නුඹලාට කියන්නෙමි, එසේය, ඒවා ලිහිල් විය, තවද ඔවුන්ගේ ප්‍රාණයන් පුළුල් විය, තවද ඔවුන් මුදවාගැනීමේ ප්‍රේමය ගායනා කළෝය. තවද ඔවුන් ගැලවී ඇති බව මම නුඹලාට කියන්නෙමි.

10 තවද දැන් ඔවුන් ගැලවී ඇත්තේ කුමන කොන්දේසි මතදැයි මම නුඹලාගෙන් අසන්නෙමි? එසේය, ඔවුන්ට ගැලවීමට බලාපොරොත්තු වීමට තිබූ හේතු මොනවාද? ඔවුන් මරණයේ බැමිවලින්, එසේම, තවද නිරයේ දම්වැල්වලින් ද ගැලවීමට හේතුව කුමක්ද?

11 බලව, මා හට නුඹලාට පැවසීමට හැක්කේය – අබිනඩායිගේ මුවින් පිට වූ වචන මගේ පියා ඇල්මා විශ්වාස නොකළේද? තවද ඔහු ශුද්ධ වූ අනාගතවක්තෘවරයෙකු නොවුනේද? ඔහු දෙවියන්වහන්සේගේ වචන කතා නොකළේද, තවද මගේ පියා ඇල්මා ඒවා විශ්වාස නොකළේද?

12 තවද ඔහුගේ ඇදහිල්ලට අනුව ඔහුගේ සිතේ බලවත් වෙනසක් ඇති වූවේය. බලව මේ සියල්ල සත්‍ය බව මම නුඹලාට කියමි.

13 තවද බලව, ඔහු නුඹලාගේ පියවරුන්ට වචනය දේශනා කළ අතර, ඔවුන්ගේ සිත්වල ද බලවත් වෙනසක් ඇති විය, තවද ඔවුහු ඔවුන්වම නිහතමානී කොටගෙන තවද සත්‍යය වූ සහ ජීවමාන දෙවියන්වහන්සේ කෙරෙහි ඔවුන්ගේ විශ්වාසය තැබූහ. තවද බලව, ඔවුන් අවසානය දක්වා විශ්වාසවන්තව සිටියෝය; එසේහෙයින් ඔවුන් ගැලවූවෝය.

14 තවද දැන් බලව, මම නුඹලාගෙන් අසන්නෙමි, මාගේ සභාවේ සහෝදරයෙනි, නුඹලා ආත්මිකව දෙවියන්වහන්සේගෙන් උපත ලබා තිබේද? නුඹලාගේ මුහුණුවරයට උන්වහන්සේගේ රූපය නුඹලාට ලැබී තිබේද? නුඹලාගේ හදවත් තුළ මෙම බලවත් වෙනස නුඹලා අත්විඳ තිබේද?

15 නුඹලාව මැවූ තැනැන්වහන්සේගේ මිදීම ගැන නුඹලා විශ්වාස කරන්නේද? නුඹලා ඇදහිල්ලේ ඇසින් බලා, අමරණීයභාවයෙන් නැඟී සිටින මෙම මරණීය ශරීරයත්, තවද දූෂිත භාවයෙන් නැඟී සිටින මේ අදූෂිතභාවයත්, මරණීය ශරීරයෙහි කරන ලද ක්‍රියාවන් අනුව විනිශ්චය කිරීමට දෙවියන්වහන්සේ ඉදිරියෙහි පෙනී සිටීමට නුඹලා බලා සිටින්නේද?

16 මම නුඹලාට කියන්නෙමි, එම දවසේදී: ආශිර්වාදවන්තයෙනි, මා වෙතට එන්න, මක්නිසාද බලන්න, නුඹලාගේ ක්‍රියා පොළෝතලය මත ධර්මිෂ්ඨකමේ ක්‍රියා බවට පත් වී ඇති සේක, යන ස්වාමීන්වහන්සේගේ හඬ නුඹලාට ඇසෙන බව නුඹලාට සිතාගත හැක්කේද?

17 එසේත් නැතිනම්, ඒ දවසේදී නුඹලාට ස්වාමීන්වහන්සේට බොරු කීමට හැකි බව නුඹලා සිතන්නේද, තවද එනම් මෙසේ උන්වහන්සේ නුඹලාව ගළවන බව කියන්නේද? – ස්වාමීන්වහන්ස, අපගේ ක්‍රියා පොළෝතලයෙහි ධර්මිෂ්ඨ ක්‍රියා වී ඇත්තේය –

18 එසේත් නැතිනම්, නුඹලාගේ සියලු වැරදි සිහිකරමින්, වරදකාරී හැඟීමෙන් හා පසුතැවිල්ලෙන් පිරුණු නුඹලාගේ ප්‍රාණයන් සමඟ එසේය, නුඹලාගේ සියලුදුෂ්ඨකම් පිළිබඳ පරිපූර්ණ මතකයක්ද, එසේය, නුඹලා දෙවියන්වහන්සේගේ අණ පනත් වලට පටහැනිව විරුද්ධත්වයක් තබා ඇති සිහිකිරීමක්ද සහිතව, නුඹලා දෙවියන්වහන්සේගේ විනිශ්චය සභාව ඉදිරියට ගෙන යනු ඇතැයි නුඹලාට සිතාගත හැක්කේද?

19 මම නුඹලාට කියන්නෙමි, එම දවසේදී නුඹලාට පවිත්‍ර වූ හදවතකින් සහ පිරිසිදු දෑතින් දෙවියන්වහන්සේ දෙස බැලිය හැක්කේද? මම නුඹලාට කියන්නෙමි, නුඹලාගේ මුහුණුවරයේ දෙවියන්වහන්සේගේ රූපය කොටා ගෙන, නුඹලාට හිස ඔසවා බැලිය හැක්කේද?

20 මම නුඹලාට කියන්නෙමි, නුඹලා යක්ෂයාට යටත් වීමට අවනත වූ විට, ගැලවීම පිළිබඳව නුඹලාට සිතිය හැකිද?

21 මම නුඹලාට කියන්නෙමි, එනම් නුඹලාට ගැලවීම ලැබිය නොහැකි බව ඒ දවසේදී නුඹලා දැනගන්නවා ඇත්තේය; මක්නිසාදයත් ඔහුගේ වස්ත්‍ර සුදු වන තෙක් සෝදනු ලැබුවොත් මිස කිසි මනුෂ්‍යයෙකුට ගැළවිය නොහැක; එසේය, අපගේ පියවරුන් විසින් ප්‍රකාශ කරන ලද, උන්වහන්සේගේ ජනතාව ඔවුන්ගේ පාපවලින් මුදවා ගැනීමට පැමිණිය යුතු තැනැන්වහන්සේගේ රුධිරය කරණකොටගෙන, ඔහුගේ වස්ත්‍ර ශුද්ධ වන තුරු සියලු පැල්ලම්වලින් පවිත්‍ර විය යුතුය.

22 තවද මාගේ සහෝදරයෙනි, නුඹලාගේ වස්ත්‍ර ලෙයින් හා සියලු ආකාර අපිරිසිදුකම්වලින් තැවරී, දෙවියන්වහන්සේගේ විනිශ්චාසනය ඉදිරියෙහි නුඹලා සිටියහොත්, නුඹලාගෙන් කිසිවෙකුට කෙසේ හැඟේදැයි මම නුඹලාගෙන් අසන්නෙමි?, බලව, මේ දේවල් නුඹලාට විරුද්ධව කුමක් සාක්ෂි දරන්නේද?

23 බලව, නුඹලා මිනීමරුවන් බවත්, එසේය, එනම් නුඹලා එසේම සියලු ආකාරදුෂ්ඨකම්වලට වැරදිකරුවන් බවත්, ඒවා සාක්ෂි නොදෙන්නේද?

24 බලව, මාගේ සහෝදරයෙනි, එබඳු කෙනෙකුට ආබ්‍රහම්, ඊසාක් සහ යාකොබ් සමඟ ද, වස්ත්‍ර පිරිසිදු වූ සහ නොකැළැල් වූ ද සුදු සහ පවිත්‍ර වූ, සියලු ශුද්ධ වූ අනාගතවක්තෘවරුන් සමඟ ද, දෙවියන්වහන්සේගේ රාජ්‍යයෙහි හිඳගන්නට තැනක් ඇතැයි නුඹලා සිතන්නෙහි ද?

25 මම නුඹලාට කියමි, නැත; නුඹලා අපගේ මැවුම්කරුවාණන්ව පටන් ගැන්මේ සිටම බොරුකාරයෙකු කරන්නේ නම් හෝ ආරම්භයේ සිටම උන්වහන්සේ බොරුකාරයෙක් යැයි සිතනවා නම්, එවැනි අයට ස්වර්ග රාජ්‍යයේ ස්ථානයක් තිබිය හැකි යැයි නුඹලාට සිතිය නොහැක්කේය; නමුත් ඔවුන් යක්ෂයාගේ රාජ්‍යයේ දරුවන් වන බැවින් ඔවුන්ව නෙරපා හරිනු ලබන්නේය.

26 තවද දැන් බලව, මගේ සහෝදරවරුනි, මම නුඹලාට කියන්නෙමි, නුඹලා හදවතේ වෙනසක් අත්විඳ ඇත්නම්, සහ මුදවාගැනීමේ ප්‍රේමයේ ගීතය ගායනා කිරීමට නුඹලාට හැඟී ඇත්නම්, මම අසන්නෙමි, නුඹලාට දැන් එසේ හැඟෙන්නේද?

27 නුඹලා දෙවියන්වහන්සේ ඉදිරියෙහි, නුඹලාව නිර්දෝෂීව තබා ගනිමින් ගමන් කළේද? මේ අවස්ථාවේදී නුඹලාව මිය යාමට කැඳවනු ලැබුවහොත්, නුඹලා ප්‍රමාණවත් තරම් නිහතමානී වී ඇති බවත්, එනම් උන්වහන්සේගේ ජනතාව ඔවුන්ගේ පාපවලින් මුදවාගැනීමට පැමිණෙන්නා වූ, ක්‍රිස්තුස්වහන්සේගේ රුධිරයෙන් නුඹලාගේ වස්ත්‍ර පවිත්‍ර කර සුදු කර තිබෙන බවත්, නුඹලා තුළම, නුඹලාට පැවසීමට හැකිද?

28 බලව, නුඹලගෙන් උඩඟුකම නැති වී තිබේද? මම නුඹලාට කියන්නෙමි, නුඹලා එසේ නොවේ නම්, නුඹලා දෙවියන්වහන්සේ හමුවීමට සූදානම් වී නොමැත්තේය. බලව, නුඹලා ඉක්මනින් සූදානම් විය යුත්තේය; මක්නිසාද ස්වර්ග රාජ්‍යය අත ළඟ පැමිණ ඇත්තේය, තවද එවැන්නෙකුට සදාකාලික ජීවිතය නොමැත්තේය.

29 බලව, මම කියන්නෙමි, නුඹලා අතර ඊර්ෂ්‍යාව දුරු නොකළ කෙනෙක් සිටීද? මම නුඹලාට කියන්නෙමි, එවැන්නෙකු සූදානම් වී නැත්තේය; පැය ළං වී ඇති නිසාත්, වේලාව පැමිණෙන්නේ කවදාදැයි ඔහු නොදන්නා නිසාත්, ඔහු ඉක්මනින් සූදානම් වෙනවාට මම කැමැත්තෙමි; මක්නිසාද එබඳු කෙනෙකු නිදොස් ලෙස සොයා නොගන්නේය.

30 තවද නැවතත් මම නුඹලාට කියන්නෙමි, එහි තම සහෝදරයාට සමච්චල් කරන හෝ ඔහුට හිංසා පීඩා කරන කෙනෙකුන් නුඹලා අතරේ සිටීද?

31 එවැනි අයෙකුට දුක් වේ, මක්නිසාද ඔහු සූදානම් වී නොමැත්තේය, තවද ඔහු පසුතැවිලි විය යුතු කාලය අත ළඟය නැතහොත් ඔහුට ගැලවීමට නොහැකිවන්නේය!

32 එසේය, අයුතුකම් කරන්නාවු නුඹලා සියල්ලන් හටම දුක් වේ; පසුතැවිලි වන්න, පසුතැවිලි වන්න, මක්නිසාද දෙවි වූ ස්වාමීන්වහන්සේ එය පැවසූ සේක!

33 බලව, උන්වහන්සේ සියලු මනුෂ්‍යයන්ට ආරාධනාවක් යවනු ලබන්නේය, මක්නිසාද ඔවුන් කෙරෙහි කරුණාවේ හස්තය දිගු කර ඇත්තේය, තවද උන්වහන්සේ මෙසේ කියන සේක: පසුතැවිලි වන්න, තවද මම නුඹලාව පිළිගන්නෙමි.

34 එසේය, උන්වහන්සේ පවසන සේක: මා වෙතට පැමිණ තවද නුඹලා ජීවන වෘක්ෂයෙහි ඵල භුක්ති විඳින්නෙහිය; එසේය, නුඹලා ජීවනයේ කෑම සහ ජලය නොමිලයේ කන්නෙහිය, බොන්නෙහිය;

35 එසේය, මා වෙතට පැමිණ, ධර්මිෂ්ඨ ක්‍රියා ඉදිරියට ගෙන එන්න, තවද නුඹලා කපා දමනු ලබන්නේවත්, ගින්න තුළට දමන්නේවත් නැත –

36 මක්නිසාද බලව, කවරෙකුවූවත් යහපත් ඵල ගෙන එන්නේ නොමැති නම්, හෝ කවරෙකුවූවත් ධර්මිෂ්ඨ ක්‍රියාවන් නොකරන්නේ නම්, ඒම තැනැත්තා හටම තැවීමට සහ වැලපීමට කාලය පැමිණ තිබෙන්නේය.

37 අහෝ අයුතුකම් කරන්නාවූ නුඹලා; නුඹලා එනම් ලෝකයේ නිෂ්ඵල දේවලින් උඩඟුව ඇත්තේය, එනම් ධර්මිෂ්ඨකමේ මාර්ග දැන සිටි බව ප්‍රකාශ කළ ද, එසේනමුත් නුඹලා නොමඟ ගොස් ඇත්තේය, එසේ සිදුවුවත් එඬේරෙකු නුඹලා කැඳවන අතර, තවමත් නුඹලාව කැඳවන්නේය, එහෙත් එඬේරෙකු නොමැති බැටළුවෙකු මෙන්, නුඹලා උන්වහන්සේගේ හඬට සවන් නොදෙනු ඇත්තේය!

38 බලව, මම නුඹලාට කියන්නෙමි, එනම් යහපත් එඬේරාණන් නුඹලාට කථා කරන්නේය; එසේය, තවද උන්වහන්සේගේ ස්වකීය නාමයෙන් උන්වහන්සේ නුඹලාට කථා කරන්නේය, එය ක්‍රිස්තුස්වහන්සේගේ නාමයයි; තවද නුඹලාව හඳුන්වනු ලැබු නාමයට, නුඹලා යහපත් එඩේරාණන්ගේ හඬට ඇහුම්කම් නොදෙන්නේනම්, බලව, නුඹලා යහපත් එඩේරාණන්ගේ බැටළුවන් නොවන්නෙහිය.

39 තවද දැන් නුඹලා යහපත් එඩේරාණන්ගේ බැටළුවන් නොවන්නේනම්, නුඹලා කවර ගාලේහි වන්නෙහිද? බලව, මම නුඹලාට කියන්නෙමි, එනම් නුඹලාගේ එඬේරා යක්ෂයා වන බවත්, තවද නුඹලා ඔහුගේ ගාලට අයත් වන්නෙහිය; තවද දැන්, කවරෙකුට මෙය ප්‍රතික්ෂේප කළ හැකිද? බලන්න, මම නුඹලාට කියන්නෙමි, මෙය ප්‍රතික්ෂේප කරන්නාවු කවරෙකු වුවද බොරුකාරයෙක් සහ යක්ෂයාගේ දරුවෙක්ය.

40 මක්නිසාද මම නුඹලාට කියන්නෙමි, එනම් කවරාකාර යහපත් දෙයක් පැමිණෙන්නේ දෙවියන්වහන්සේ මඟින් වන අතර, තවද කවරාකාර නපුරු දෙයක් පැමිණෙන්නේ යක්ෂයා මඟින්ය.

41 එසේහෙයින්, මනුෂ්‍යයෙකු යහපත් ක්‍රියාවන් ගෙන එන්නේ නම්, ඔහු යහපත් එඩේරාණන්ගේ හඬට ඇහුම්කන් දෙන්නේය, තවද ඔහු උන්වහන්සේව අනුගමනය කරන්නේය; එහෙත් කවරෙකුවුවද නපුරු ක්‍රියාවන් ගෙන එන්නේ නම්, එවැන්නෙකු යක්ෂයාගේ දරුවෙකු වන්නේය, මක්නිසාද ඔහු ඔහුගේ හඬට ඇහුම්කන් දී, තවද ඔහුව අනුගමනය කරන්නේය.

42 තවද කවරෙකුවුවද මෙසේ කරන්නේ ද ඔහුගේ කුලිය ඔහුගෙන් ලැබිය යුතුවන්නේය; එසේහෙයින්, මක්නිසාද, ඔහුගේ කුලිය වූ මරණය ඔහු ලබන්නේය, ධර්මිෂ්ඨකමට සම්බන්ධ දේවල් ගැනත්, සියලු යහපත් ක්‍රියාවන් වෙතට මිය ගොස් සිටින්නේය.

43 තවද දැන්, මාගේ සහෝදරයෙනි, එනම් නුඹලා මට ඇහුම්කම් දෙනවාට මම කැමැත්තෙමි, මක්නිසාද මම මාගේ ප්‍රාණයේ ශක්තියෙන් කථා කරන්නෙමි; මක්නිසාද බලව, මම නුඹලාට පැහැදිලිව කථාකර ඇත්තෙමි, එනම් නුඹලාට වැරදි කිරීමට නොහැක, නැතහොත් දෙවියන්වහන්සේගේ අණ පනත් වලට අනුකූලව කථාකර ඇත්තෙමි.

44 මක්නිසාද ක්‍රිස්තුස්වහන්සේ වූ ජේසුස්වහන්සේ තුළ ඇති, දෙවියන්වහන්සේගේ ශුද්ධ වූ පිළිවෙලට අනුකූලව, මෙම ආකාරයෙන් කථා කරන පිණිස මා කැඳවනු ලැබුවේය; එසේය, මතු පැමිණෙන්නට තිබෙන්නාවූ දේවල් පිළිබඳව අපගේ පියවරුන් පැවසූ දේවල් මෙම ජනතාවට ස්ථාවරව සාක්ෂි දැරීමට මා හට අණ කර ඇත්තේය.

45 තවද මෙය සියල්ලම නොවන්නේය. එනම් මා විසින්ම මෙම දේවල් දන්නා බව නුඹලා සිතන්නේ නැත්තෙහිද? බලව, එනම් මා කථා කළාවූ මෙම දේවල් සත්‍යය යැයි මා දන්නා බවට මම නුඹලාට සාක්ෂි දරන්නෙමි. තවද ඒවායේ සත්‍යභාවය මා දන්නේ කෙසේ දැයි නුඹලා සිතන්නෙහිද?

46 බලව, ඒවා දෙවියන්වහන්සේගේ ශුද්ධාත්මයාණන් මඟින් මා හට දන්වනු ලැබූ බව මම නුඹලාට කියන්නෙමි. බලව, එනම් මෙම දේවල් පිළිබඳව මා විසින්ම දැනගන්නා පිණිස මම බොහෝ දවසක් නිරාහාරව සිට යාච්ඤා කළෙමි. තවද දැන් එනම් මම ඒවා සත්‍ය බව මා විසින්ම දන්නෙමි; මක්නිසාද දෙවි වූ ස්වාමීන්වහන්සේ උන්වහන්සේගේ ශුද්ධාත්මයාණන් විසින් මා හට ඒවා ප්‍රකාශ කළ සේක; තවද මෙය මා තුළ ඇත්තාවූ එළිදරව්වේ ආත්මය වන්නේය.

47 තවද තවදුරටත්, මම නුඹලාට කියන්නෙමි, එනම් අපගේ පියවරුන් විසින් පවසන ලද වචන, සත්‍ය බව මට මෙසේ එළිදරව් වී ඇත්තේය, එය එසේම දෙවියන්වහන්සේගේ ආත්මයෙන් ප්‍රකාශ වූ, මා තුළ ඇත්තාවු අනාවැකි කීමේ ආත්මයට පවා අනුකූලව ය.

48 මම නුඹලාට කියන්නෙමි, එනම් මම නුඹලාට කියන්නාවූ එනම් පැමිණෙන්නට තිබෙන්නාවූ කවරාකාර දෙයක් වුවද, සත්‍යය බව, මා විසින්ම දන්නෙමි; තවද මම නුඹලාට කියන්නෙමි, කරුණාවෙන් ද, දයාවෙන් ද, සත්‍යයෙන් ද පූර්ණ වූ, එසේය, පුත්‍රයාණන් වූ ද, පියාණන්වහන්සේගේ ඒකජාතක පුත්‍රයාණන් වූ, එනම් ජේසුස් ක්‍රිස්තුන්වහන්සේ පැමිණෙන බව මම දන්නෙමි. තවද බලව, එනම් උන්වහන්සේ පැමිණෙන්නේ ලෝකයේ පාපයන්, එසේම, උන්වහන්සේගේ නාමය ස්ථීරව විශ්වාස කරන්නාවූ සෑම මනුෂ්‍යයෙකුගේම පාපයන් දුරු කිරීමටය.

49 තවද දැන් මම නුඹලාට කියන්නෙමි, තවද දේශයේ වසන්නාවු සියලු දෙනාටම, එසේය, මාගේ ප්‍රියාදර සහෝදරයන් හට දේශනා කිරීමට, එනම් මා කැඳවනු ලැබූ පිළිවෙල මේ ආකාරයට වන්නේය; එසේය, මහළු සහ තරුණ දෙගොල්ලන් ද, බැඳුන සහ නිදහස් වූ දෙගොල්ලන්ටම ද, සියල්ලන්ටම දේශනා කිරීම සඳහාය; එසේය, වයසට පත්වූ අයට ද, තවද එසේම මැදි වියේ අයට ද, තවද නැඟී එන්නාවූ පරම්පරාවට ද, මම නුඹලාට කියන්නෙමි; එසේය, එනම් ඔවුන් පසුතැවිලිවීමට සහ නැවත ඉපදිය යුතු බව ඔවුන් හට මොරගැසීම පිණිසය.

50 එසේය, ආත්මයාණන්වහන්සේ මෙසේ කියන සේක: පොළොවේ කෙලවරෙහි නුඹලා සියල්ලෙනි, පසුතැවිලි වන්න, මක්නිසාද ස්වර්ග රාජ්‍යය ඉක්මනින් ළංව ඇත්තේය; එසේය, දෙවියන්වහන්සේගේ පුත්‍රයාණන් උන්වහන්සේගේ මහිමයෙන්, උන්වහන්සේගේ බලයෙන්, මහිමයෙන්, තේජසින්, ශක්තියෙන් සහ ආධිපත්‍යයෙන් පැමිණෙන්නේය. එසේය, මාගේ ප්‍රියාදර සහෝදරයෙනි, මම නුඹලාට කියන්නෙමි, එනම් ආත්මයාණන්වහන්සේ කියන සේක: මුළු පොළොවේහිම රජුගේ මහිමය බලව; තවද එසේම ස්වර්ගයේ රජු ඉතා ඉක්මනින් සියලු මනුෂ්‍ය දරුවන් අතර ද බැබළෙන්නේය.

51 තවද එසේම ආත්මයාණන් මට මෙසේ කියන සේක, එසේය, බලවත් වූ හඬකින් මා හට මොරගසමින්, මෙසේ කිවේය: ඉදිරියට යන්න තවද මෙම ජනතාවට පසුතැවිලි වන්නැයි – පවසන්න, මක්නිසාද නුඹලා පසුතැවිලි නොවන්නේ නම් නුඹලාට ස්වර්ග රාජ්‍යය කිසිම ආකාරයකින් උරුම කරගැනීමට නොහැකිවන්නේය.

52 තවද නැවතත් මම නුඹලාට කියන්නෙමි, ආත්මයාණන් කියන සේක: බලව, පොරව ගසෙහි මුල මත තබා ඇත්තේය; එසේහෙයින් යහපත් ඵල නොදරන්නාවු සෑම ගසක්ම කපා තවද ගින්න තුළට දමන්නේය, එසේය, නොනිවෙන ගින්නක් පවා වූ, දවා දැමිය නොහැකි ගින්නක් වන්නේය. බලව, තවද සිහිකරන්න, එය ශුද්ධ වූ තැනැන්වහන්සේ පවසන ලදී.

53 තවද දැන් මාගේ ප්‍රියාදර සහෝදරයෙනි, මම නුඹලාට කියන්නෙමි, නුඹලා හට මෙම ප්‍රකාශ දරාගත හැකි වන්නේද? එසේය, නුඹලාට මේ දේවල් පසෙකලා, තවද ශුද්ධ වූ තැනැන්වහන්සේ නුඹලාගේ පාද යටින් පාගා දැමිය හැකි වන්නේද? එසේය, නුඹලාගේ හදවතේ මාන්නයෙන් නුඹලාට උඩඟු විය හැකි වන්නේද? එසේය, නුඹලා තවමත් මිල අධික වස්ත්‍ර අඳිමින් සහ ලෝකයේ නිෂ්ඵල දේවල් කෙරෙහිත්, නුඹලාගේ ධනය කෙරෙහිත් නුඹලාගේ හදවත් යොමු කර තබාගන්නෙහිද?

54 එසේය්, එනම් නුඹලා අනෙකාට වඩා යහපත් යැයි නුඹලා සිතමින් සිටින්නෙහිද; එසේය, තමන්වම නිහතමානී කරගනිමින් දෙවියන්වහන්සේගේ ශුද්ධ වූ පිළිවෙළ අනුගමනය කරන්නාවු නුඹලාගේ සහෝදරයන්ට නුඹලා පීඩා කරමින් සිටින්නෙහුද, තවද ඔවුන් පසුතැවිලිවීම උදෙසා සුදුසු ක්‍රියාවන් ඉදිරියට ගෙන ආ අතර, ශුද්ධාත්මයාණන්වහන්සේ විසින් පාරිශුද්ධ කරනු ලැබ, එම ආකාරයෙන් ඔවුන්ව මෙම සභාව තුළට ගෙන එනු ලැබුවෝය –

55 එසේය, තවද නුඹලා දුප්පතුන්ට, සහ අවශ්‍යවූවන් කෙරෙහි නුඹලාගේ පිටුපස හරවමින්, තවද නුඹලාගේ වස්තුව ඔවුන් කෙරෙන් වළක්වා ගනිමින් පවතින්නෙහිද?

56 තවද අවසානවශයෙන්, එනම් නුඹලාගේ දුෂ්ඨකමේහි දිගටම පවතින්නාවූ නුඹලා සැමට, මම නුඹලාට කියන්නෙමි, එනම් ඔවුන් ඉක්මණින් පසුතැවිලි නොවන්නේ නම් මිස, එනම් මෙවැන්නන් වූ මොවුන්ව කපා දමා ගින්නට හෙළනු ලබන්නෝය.

57 තවද දැන් මම නුඹලාට කියන්නෙමි, එනම් යහපත් එඩේරාණන්ගේ හඬ අනුගමනය කිරීමට ආශා වූ සියල්ලෙනි, නුඹලා දුෂ්ඨයන් වෙතින් පිටතට පැමිණ, නුඹලා වෙන්ව සිටින්න, තවද ඔවුන්ගේ අපවිත්‍ර දේවලට අත නොතබන්න; තවද බලව, එනම් දුෂ්ඨයන්ගේ නම් ධර්මිෂ්ඨයන්ගේ නම් අතරට ගණන් ගනු නොලබන පරිදි, ඔවුන්ගේ නම් මකා දමනු ලබන්නෝය: එනම් දුෂ්ඨයන්ගේ නම් සමඟ මාගේ ජනතාවගේ නම් එක් නොවිය වුතු බවට වන්නාවූ ලෙස පවසන ලද, දෙවියන්වහන්සේගේ වචනය සම්පුර්ණ වන පිණිසය;

58 මක්නිසාද ධර්මිෂ්ඨයන්ගේ නම් ජීවනයේ පොතෙහි ලියනු ලබන්නේය, තවද මම ඔවුන් වෙත මාගේ දකුණු පසෙහි උරුමකම් කීමට අවසර ලබා දෙන්නෙමි. තවද දැන්, මාගේ සහෝදරයෙනි, මෙයට විරුද්ධව නුඹලාට කුමක් කිව හැකිද? මම නුඹලාට කියන්නෙමි, නුඹලා එයට විරුද්ධව කථා කරන්නෙ නම්, එය ඵලක් නොවන්නේය, මක්නිසාද දෙවියන්වහන්සේගේ වචනය සම්පුර්ණ විය යුතු වන්නේය.

59 මක්නිසාද එනම් වෘකයන් ඇතුළු වී තම රැළ ගිල නොදමන පිණිස, ඔවුන්ව රැක බලා නොගන්නා බැටළුවන් බොහෝ දෙනෙකු සිටින්නාවු එඬේරෙකු නුඹලා අතරේ සිටින්නේද? තවද බලව, වෘකයෙක් ඔහුගේ රැළට ඇතුල් වුවහොත් ඔහු ඌව පිටතට එළවා නොහරින්නේද? එසේය, තවද අවසානයේදී ඔහුට හැකි නම්, ඔහු ඌව විනාශ කරන්නේය.

60 තවද දැන් මම නුඹලාට කියන්නෙමි, එනම් යහපත් එඩේරාණන් නුඹලාට කථා කරන්නේය; තවද නුඹලා උන්වහන්සේගේ හඬට ඇහුම්කන් දෙන්නේහු නම් උන්වහන්සේ නුඹලාව උන්වහන්සේගේ රැළ වෙත ගෙන එන්නේය, තවද නුඹලා උන්වහන්සේගේ බැටළුවන් වන්නේය; එනම් නුඹලා විනාශ නොවන පිණිස, එනම් නුඹලා අතරට දරුණු වෘකයෙකුට ඇතුල් වීමට ඉඩ නොදෙන ලෙසට උන්වහන්සේ නුඹලාට අණ කරන සේක.

61 තවද දැන් මම, ඇල්මා, එනම් මා නුඹලාට පැවසූ වචන පිළිපැදීමට නුඹලා අවධානයෙන් සිටින පිණිස, මා හට අණ කළ තැනැත්තාගේ භාෂාවෙන් නුඹලාට අණ කරන්නෙමි.

62 සභාවට අයත් වන්නාවූ නුඹලා වෙත මම අණවක ආකාරයෙන් කථා කරන්නෙමි; තවද සභාවට අයත් නොවන්නාවූ අයට මම ආරාධනාවක් මෙන්, මෙසේ කථා කරන්නෙමි: එනම් නුඹලාද එසේම ජීවන වෘක්ෂයේ ඵලයෙහි භුක්තිවිඳින්නන් වන පිණිස, පැමිණ පසුතැවිල්ල වෙතින් බෞතීස්ම වන්න.