ශුද්ධලියවිලි
ඇල්මා 3


3 වන පරිච්ඡේදය

ඇම්ලිකායිවරු අනාවැකි වචනයට අනුව තමන්ව සලකුණු කරගත්තේය – ලේමන්වරුන් හට ඔවුන්ගේ කැරලිකාරකම නිසා ශාප කරන ලදී – මනුෂ්‍යයන් ඔවුන්ගේ ශාප ඔවුන්ම වෙත ගෙන එයි – නීෆායිවරුන් තවත් ලේමන් ජාතික හමුදාවක් පරාජය කරති. ක්‍රි.පූ. 87–86 දී පමණ.

1 තවද එය මෙසේ සිදු විය, එනම් යුධ ආයුධවලින් මරණයට පත් නොවුන නීෆායිවරුන්, මරණයට පත් වූවන් භූමදානය කිරීමෙන් පසු – දැන් මරණයට පත් වූවන්ගේ ගණන ගණන් නොකළේය, මක්නිසාද ඔවුන්ගේ සංඛ්‍යාව මහත් විය – ඔවුන්ගේ මළවුන් භූමදානය කිරීමෙන් පසු ඔවුන් සියල්ලෝම ඔවුන්ගේ දේශයන්ට, තවද ඔවුන්ගේ නිවෙස්වලට, තවද ඔවුන්ගේ භාර්යාවන් වෙතට, තවද ඔවුන්ගේ දරුවන් වෙතට ආපසු ගියෝය.

2 දැන් බොහෝ කාන්තාවන් සහ දරුවන් කඩුවෙන් මරණයට පත් විය, තවද ඔවුන්ගේ බොහෝ රැළවල් සහ පට්ටි ද; තවද ඔවුන්ගේ ධාන්‍ය කෙත් බොහෝමයක් ද විනාශ විිය මක්නිසාද ඒවා මනුෂ්‍ය සේනාවක් විසින් පාගා දමන ලදී.

3 තවද දැන් ශිදොන් ගං ඉවුරේ මරනු ලැබූ ලේමන්වරුන් සහ ඇම්ලිකායිවරු බොහෝමයක් ශිදොන්හි ජලයන්ට විසි කරනු ලැබුණි; තවද බලව ඔවුන්ගේ ඇටකටු මුහුද ගැඹුරේය, තවද ඒවා බොහෝමයක් විය.

4 තවද ඇම්ලිකායිවරු නීෆායිවරුන්ගෙන් කැපී පෙනුණි, මක්නිසාද ඔවුන් ලේමන්වරුන්ගේ ආකාරයට ඔවුහු ඔවුන්ගේ නළලෙහි රතු පැහැයෙන් සලකුණුකර තිබුණෝය; එසේනමුත් ඔවුන් ලේමන්වරුන් මෙන් ඔවුන්ගේ හිස් මුඩු නොකළේය.

5 දැන් ලේමන්වරුන්ගේ හිස් මුඩු කර තිබුණි; තවද ඔවුන් නිර්වස්ත්‍ර වූවෝය, ඉඟටිය වටා බැඳ සිටි හම හැරුනු කොට, තවද ඔවුන් වටා බැඳ තිබුණු, ඔවුන්ගේ සන්නාහ ද, තවද ඔවුන්ගේ දුනු ද, තවද ඔවුන්ගේ ඊතල ද, තවද ඔවුන්ගේ ගල් ද, තවද ගල්පටි ද, යනාදිය විය.

6 තවද ඔවුන්ගේ පියවරුන් මත තබන ලද සලකුණ අනුව, ලේමන්වරුන්ගේ හම් අඳුරු විය, එය ඔවුන් මත ශාපයක් වූයේ ඔවුහු යුක්ති සහගත සහ ශුද්ධ මනුෂ්‍යයන් වූ නීෆායි, ජේකබ්, ජෝසෆ් සහ සෑම්ගෙන් සමන්විත වූ, ඔවුන්ගේ සහෝදරයන්ට විරුද්ධව ඔවුන්ගේ වූ වැරදි සහ ඔවුන්ගේ කැරලිකාරිත්වය නිසාවෙන්ය.

7 තවද ඔවුන්ගේ සහෝදරයෝ ඔවුන්ව විනාශ කිරීමට සෙව්වෝය, එසේහෙයින් ඔවුන් ශාප ලැබුවෝය; එසේය, ලේමන් සහ ලෙමුවෙල් ද, තවද ඉෂ්මායෙල්ගේ පුත්‍රයන් ද, තවද ඉෂ්මායෙල් ජාතික කාන්තාවන් ද මත, තවද දෙවි වූ ස්වාමීන්වහන්සේ ඔවුන් මත සලකුණක් තැබූ සේක.

8 තවද මෙය සිදු කරන ලද්දේ, එනම් ඔවුන්ගේ වංශය ඔවුන්ගේ සහෝදරයන්ගේ වංශයෙන් වෙන්කර හඳුනාගත හැකි වන පිණිසය, එමඟින් දෙවි වූ ස්වාමීන්වහන්සේ උන්වහන්සේගේ ජනතාව ආරක්ෂා කරන පිණිසත්, එනම් මිශ්‍ර වී ඔවුන්ගේ විනාශය සනාථ කරන වැරදි සම්ප්‍රදායන් තුළ විශ්වාස නොකරන පිණිසත්ය.

9 තවද එය මෙසේ සිදු විය, එනම් තමන්ගේ වංශය ලේමන්වරුන් සමඟ මිශ්‍ර කරන කවරෙකු වන්නේ ද ඔහුගේ වංශය මත එම ශාපයම ගෙන එන්නේය.

10 එසේහෙයින්, වූවත් ලේමන්වරුන් විසින් තමන්ව ම ගෙන යන්නට කවරෙකු ඉඩ දෙන්නේද, එම ශීර්ෂය යටතේ නම් කරනු ලැබුවේය, තවද ඔහු මත සලකුණක් තබනු ලැබුවේය.

11 තවද එය මෙසේ සිදු විය, එනම් කවරෙක් ලේමන්වරුන්ගේ සම්ප්‍රදායන් විශ්වාස නොකරන්නේ ද, නමුත් ජෙරුසලම් දේශයෙන් පිටතට ගෙනා වර්තාවන් විශ්වාස කර, තවද එසේම නිවැරදි වූ, ඔවුන්ගේ පියවරුන්ගේ සම්ප්‍රදායන් තුළ ද, දෙවියන්වහන්සේගේ අණ පනත් විශ්වාස කර ඒවා තබනු ලබන කවරෙක් වූවත් ද, නීෆායිවරු ලෙස, හෝ නීෆායිගේ ජනතාව ලෙස නම් කරනු ලැබුවෝය, එම කාලයේ සිට ඉදිරියට –

12 තවද ඔවුන්ගේ ජනතාවගේ ද, තවද එසේම ලේමන්වරුන්ගේ ජනතාවගේ ද සත්‍ය වූ වාර්තාවන් තබන ලද්දේ ඔවුන්ය.

13 දැන් අපි නැවතත් ඇම්ලිකායිවරුන් වෙතට ආපසු යන්නෙමු, එසේය, ඔවුන් ඔවුන් මතම සලකුණ තබා තිබුණි, එසේය, ඔවුන්ගේ නළල මත රතු සලකුණක් පවා; මක්නිසාද ඔවුන් හට ද ඔවුන් මත සලකුණක් තබා තිබුණි.

14 මෙසේ දෙවියන්වහන්සේගේ වචනය ඉටු විය, මක්නිසාද උන්වහන්සේ නීෆායිට පැවසූ වචන මෙසේ විය: බලව, ලේමන්වරුන් හට මම ශාප කළෙමි, තවද ඔවුන් සහ ඔවුන්ගේ වංශය නුඹත් සහ නුඹගේ වංශයෙනුත් වෙන් වන පිණිස, මෙතැන් සිට මින් ඉදිරියට සහ සදාකාලයට, ඔවුන් ඔවුන්ගේ දුෂ්ඨකම්වලට පසුතැවිලි වී තවද මා වෙත හැරී එන්නට මිස එනම් මා ඔවුන් වෙත කරුණාව දක්වනු පිණිසය.

15 තවද නැවතත්: නුඹේ සහෝදරයන් සමඟ තමාගේ වංශය මිශ්‍ර කරන තැනැත්තා කෙරෙහි මම සලකුණක් තබමි, එනම් ඔවුන් ද ශාප වන පිණිසය.

16 තවද නැවතත්: මම නුඹට සහ නුඹේ වංශයට විරුද්ධව සටන් කරන තැනැත්තා මත සලකුණක් තබන්නෙමි.

17 තවද නැවතත්, නුඹෙන් ඉවත්වන තැනැත්තා තව දුරටත් නුඹගේ වංශය ලෙස නම් කරනු නොලබන්නේ යැයි මම කියමි; තවද මම නුඹට ආශිර්වාද කරන්නෙමි, තවද යම් කෙනෙකු නුඹගේ වංශය ලෙස නම් කරනවා නම් එසේමය, මින් ඉදිරියට සහ සදාකාලයටම; තවද ස්වාමීන්වහන්සේ නීෆායි හට සහ ඔහුගේ වංශයට දුන් පොරොන්දු මේවා විය.

18 දැන් ඇම්ලිකායිවරුන් ඔවුන් නළල සලකණු කිරීමට පටන් ගත් විට ඔවුන් දෙවියන්වහන්සේගේ වචන ඉටු කරන බව ඔවුන් දැන නොසිටියෝය; එසේවූවත් ඔවුන් දෙවියන්වහන්සේට විරුද්ධව විවෘතව කැරලිකාරිත්වයෙන් පැමිණියෝය; එසේහෙයින් එනම් ශාපය ඔවුන් මත වැටීම යෝග්‍ය විය.

19 දැන් ඔවුන් ශාපය ඔවුන් මතට ගෙනා බව නුඹලා දකිනවාට මම කැමැත්තෙමි; තවද ශාපලත් සෑම මනුෂ්‍යයෙක්ම තමන් මතම තමන්ගේ හෙළා දැකීම ගෙන එන්නේය.

20 තවද එය මෙසේ සිදු විය, එනම් ලේමන්වරුන් සහ ඇම්ලිකායිවරුන් විසින්, සරහෙම්ලා දේශයේ ඇති වූ සටනින් දින කීපයකට පසු, එනම් පළමු සේනාව ඇම්ලිකායිවරුන් හමු වූ එම ස්ථානයේ දී ම, ලේමන්වරුන්ගේ තවත් සේනාවක් නීෆායි ජනතාව මතට පැමිණියෝය.

21 තවද එය මෙසේ සිදු විය, එනම් ඔවුන්ගේ දේශයෙන් ඔවුන් පලවා හැරීමට සේනාවක් එවන ලදී.

22 දැන් ඇල්මා මෙම අවස්ථාවේ තමන්ගේ තුවාලයක් සමඟ පීඩිතව සිටි බැවින් ලේමන්වරුන්ට විරුද්ධව සටනට නොගියේය;

23 එහෙත් ඔහු ඔවුන්ට විරුද්ධව බොහෝ සේනාවක් යැවීය; තවද ඔවුන් ගොස් ලේමන්වරුන්ගෙන් බොහෝ දෙනෙක් මරණු ලැබුවෝය, තවද ඉතිරි වූවන් ඔවුන්ගේ දේශයේ සීමාවෙන් පලවා හැරියෝය.

24 තවද ඔවුන්ගේ සතුරන් සමඟ කලක් තවදුරටත් කරදර නොවූ බැවින්, ඉන්පසු ඔවුන් නැවත ආපසු ගොස් දේශයේ සාමය පිහිටුවීමට පටන් ගත්හ.

25 දැන් මේ සියලු දේවල් සිදු කරන ලදී, එසේය, මේ සියලු යුද්ධ හා මතභේද ආරම්භ කර තවද අවසන් වූයේ විනිශ්චයකරුවන්ගේ පාලන සමයේ පස්වන වසරේදීය.

26 එනම් ඔවුන්ගේ ක්‍රියාවන්ට අනුව ඔවුන්ගේ විපාක නෙළා ගැනීම පිණිසත්, එය යහපත් හෝ ඒවා අයහපත් වූවත්, සදාකාලික සතුට හෝ සදාකාලික දුක නෙළා ගැනීම සඳහා, කීකරු වීමට ඔවුන් කැමති වු ආත්මයට අනුව, එය යහපත් ආත්මයක් හෝ අයහපත් එකක් වූවත්, තවද එක් වසරක් තුළ ආත්ම දහස් ගණනක් සහ දස දහස් ගණනක් සදාකාලික ලෝකයට යවන ලදී.

27 මක්නිසාද සෑම මනුෂ්‍යයෙක්ටම ඔහු කීකරු වීමට කැමති තැනැත්තාගෙන් කුලිය ලබන්නේය, තවද මෙය අනාවැකියේ ආත්මයේ වචන වලට අනුව වන්නේය; එසේහෙයින් එය සත්‍යයට අනුව වේවා. තවද මෙසේ විනිශ්චයකරුවන්ගේ රාජ්‍ය සමයේ පස්වන වසර අවසන් විය.