ශුද්ධලියවිලි
ඇල්මා 11


11 වන පරිච්ඡේදය

නීෆායිවරුන්ගේ මුදල් ක්‍රමය සකස් කරයි – ඇමියුලෙක් සීස්රොම් සමඟ සටන් කරයි – ක්‍රිස්තුස්වහන්සේ මනුෂ්‍යයන්ව ඔවුන්ගේ පාපවලින් නොගළවන සේක – ස්වර්ග රාජ්‍යය උරුම කරගත් අය පමණක් ගැලවෙනු ඇත්තේය – සියලුම මනුෂ්‍යයන් අමරණීයත්වයෙන් නැඟිටිනු ඇත්තේය – නැවත නැඟිටීමෙන් පසු මරණයක් නොවන්නේය. ක්‍රි.පූ. 82 පමණ.

1 දැන් එය එනම් නීතියේ විනිශ්චයකරුවෙකු වූ සෑම මනුෂ්‍යයෙකුම හෝ විනිශ්චයකරුවන් ලෙස පත් කරන ලද අයවලුන්, විනිශ්චය කිරීමට ඔවුන්ව ඉදිරියට ගෙන එන ලද අය විනිශ්චය කිරීමට ඔවුන් වෙහෙස මහන්සි වී වැඩ කළ කාලය අනුව කුලිය ලැබිය යුතු බව මොසායාගේ නීතීයේ ඇතුළත් වී තිබුණේය.

2 දැන් යමෙක් තවත් කෙනෙකුට ණය වී, ඔහු එම ණය වූ දෙය නොගෙවන්නේ නම්, ඔහු විනිශ්චයකරුට පැමිණිලි කරන ලද්දේය; එවිට විනිශ්චයකාරවරයා අධිකාරීත්වය ක්‍රියාත්මක කර, ඔහු ඉදිරියට ගෙන එනු පිණිස නිලධාරීන් පිටත් කර යවන්නේය; තවද ඔහුට විරුද්ධව ගෙන එන ලද නීතියට හා සාක්ෂිවලට අනුව ඔහු මනුෂ්‍යයාව විනිශ්චය කළ අතර, තවද එම මනුෂ්‍යයාට ණය වූ දෙය ගෙවීමට හෝ සොරෙකු හෝ මංකොල්ලකාරයෙකු ලෙස මනුෂ්‍යයන් අතරෙන් නෙරපා හරිනු ලැබීමට ඔහුට සිදු විය.

3 තවද විනිශ්චයකරුට ඔහුගේ කාලය අනුව ඔහුගේ වැටුප සඳහා – දිනකට රන් සීනයින් එකක් හෝ රන් සීනයින්යකට සමාන රිදී සීනයින් එකක් ලැබුණි; තවද මෙය දෙනු ලැබුවේ නීතියට අනුකූලවය.

4 දැන් ඒවායේ වටිනාකම අනුව, ඒවායේ රන් සහ ඒවායේ රිදීවල විවිධ කොටස්වල නම් මේවා වන්නේය. ජෙරුසලමේ සිටි යුදෙව්වන්ගේ ක්‍රම අනුව ඔවුන් ගණන් නොගත් නිසා නීෆායිවරුන් විසින් නම් දෙනු ලැබුවෝය; නැතහොත් යුදෙව්වන්ගේ ක්‍රමයට ඔවුන් නොමැන්නොය; නමුත් ඔවුන් විනිශ්චයකරුවන්ගේ පාලන කාලය දක්වා වූ සෑම පරම්පරාවකම මනුෂ්‍යයන්ගේ බුද්ධිය හා තත්වයන් අනුව, ඔවුන්ගේ ගණන් බැලීම් සහ ඔවුන්ගේ මිනුම් මොසායා රජු විසින් පිහිටුවා ඇත්තේය.

5 දැන් ගණන් බැලීම මෙසේ වන්නේය – රන් සීනයින් එකක්, රත්තරන් සීඹන් එකක්, රන් ශම් එකක් සහ රන් ලිම්නා එකක්ය.

6 රිදී සෙනම් එකක්, රිදී ඇම්නොර් එකක්, රිදී එස්රොම් එකක් සහ රිදී ඔන්ටායි එකක්ය.

7 රිදී සෙනම් එකක් රන් සීනයින් එකකට සමාන විය, තවද නැතහොත් බාර්ලි මිනුමක් සඳහා සහ සියලු වර්ගවල ධාන්‍ය මිනුමක් සඳහා සමාන විය.

8 දැන් රන් සීඹන් එකක වටිනාකම සීනයින් එකක වටිනාකම මෙන් දෙගුණයක් විය.

9 තවද රන් ශම් එකක් සීඹන් එකක වටිනාකම මෙන් දෙගුණයක් විය.

10 තවද ඒ සියල්ලන්ගේම වටිනාකම වූයේ රත්රන් ලීම්නාවකි.

11 තවද රිදී ඇම්නොර් එකක් සෙනම් දෙකක් තරම් විශාල විය.

12 තවද රිදී එස්රොම් එකක් සෙනම් හතරක් තරම් විශාල විය.

13 තවද ඔන්ටායි එකක් ඒ සියල්ල මෙන් විශාල විය.

14 දැන් මෙය ඔවුන්ගේ ගණනය කිරීමේ අඩු සංඛ්‍යාවේ අගයන් විය –

15 ශිබ්ලොන් එකක් යනු සෙනම් එකකින් අඩකි; එසේහෙයින් බාර්ලි මිනුමකින් අඩක් සඳහා ශිබ්ලොන් එකක් විය.

16 තවද ශිබ්ලම් එකක් යනු ශිබ්ලොන් එකකින් භාගයක් විය.

17 තවද ලේයා එකක් යනු ශිබ්ලම් එකකින් අඩකි.

18 දැන් මෙය ඔවුන්ගේ ගණනය කිරීම් අනුකුලව ඔවුන්ගේ ගණන් විය.

19 දැන් රන් ඇන්ටියන් එකක් ශිබ්ලොන් තුනකට සමාන විය.

20 දැන්, මක්නිසාද ඔවුන්ගේ රැකියාවට අනුව ඔවුන්ගේ වැටුප ලැබුණු නිසා, එය ලාභය ලබා ගැනීම එකම අරමුණ විය, එසේහෙයින් එනම් ඔවුන් වැඩි රැකියාවක් ලබා ගැනීම සඳහා ජනතාව කෝලාහලවලට හා සියලු ආකාරයේ කැලඹීම්වලට හා දුෂ්ඨකම්වලට පොළඹවා ගත්තෝය, එනම් ඔවුන් ඉදිරියට ගෙන එන ලද ඇඳුම් කට්ටල අනුව මුදල් ලබා ගත හැකි වනු පිණිසය; එසේහෙයින් ඔවුන් ඇල්මාට සහ ඇමියුලෙක්ට විරුද්ධව ජනතාව කැළඹුවෝය.

21 තවද මෙම සීස්රොම් මෙසේ කියමින්, ඇමියුලෙක්ගෙන් ප්‍රශ්න කරන්නට පටන් ගත්තේය: මම නුඹගෙන් අසන ප්‍රශ්න කිහිපයකට නුඹ පිළිතුරු දෙන්නේද? දැන් එනම් සීස්රොම් යහපත් දේ විනාශ කිරීමට, යක්ෂයාගේ උපක්‍රම පිළිබඳව දක්ෂ මනුෂ්‍යයෙකු විය; එසේහෙයින් ඔහු ඇමියුලෙක්ට මෙසේ කීවේය: මා නුඹ උදෙසා තබන්නා වූ ප්‍රශ්නවලට නුඹ පිළිතුරු දෙන්නේද?

22 තවද ඇමියුලෙක් ඔහුට මෙසේ කීවේය: එසේය, එය මා තුළ තිබෙන්නා වූ ස්වාමීන්වහන්සේගේ ආත්මයට අනුව වන්නේ නම්; මක්නිසාද, මම ස්වාමීන්වහන්සේගේ ආත්මයට පටහැනි කිසිවක් නොකියන්නෙමි. තවද සීස්රොම් ඔහුට මෙසේ කීවේය: බලව, මේ රිදී ඔන්ටායි හයක් වන්නේය, නුඹ උත්තරීතර තැනැන්වහන්සේගේ පැවැත්මක් ප්‍රතික්ෂේප කළහොත් මම මේ සියල්ල නුඹට දෙන්නෙමි.

23 දැන් ඇමියුලෙක් මෙසේ කිවේය: අහෝ නුඹ නිරයේ දරුව, නුඹලා මා පරික්ෂා කරන්නේ මන්ද? එවැනි පරීක්ෂාවන්ට ධර්මිෂ්ඨයන් යටත් නොවන්නාවූ බව නුඹ නොදන්නෙහිද?

24 එනම් දෙවියන්වහන්සේ කෙනෙකු නොමැති බව නුඹ විශ්වාස කරන්නෙහිද? මම නුඹට කියන්නෙමි, නැත, එනම් දෙවියන්වහන්සේ කෙනෙකු සිටින්නාවූ බව නුඹ දන්නෙහිය, එහෙත් නුඹ උන්වහන්සේට වඩා එම ලාභයට ප්‍රේම කරන්නෙහිය.

25 තවද දැන් නුඹ දෙවියන්වහන්සේ අභිමුඛයෙහි මට බොරු කීවේය. නුඹ මා හට කීවේ – බලව මේ මහත් වටිනාවකින් යුත් ඔන්ටායි හය, මා නුඹ හට දෙන්නම් කීවේ – නුඹ ඒවා මාගෙන් රඳවා ගැනීමට නුඹගේ හදවතෙහි අදහසක් තිබෙන්නාවූ විටය; එනම් නුඹට මා විනාශ කිරීමට කාරණාවක් ලැබෙනු පිණිස, තවද සැබෑවූ සහ ජීවමාන දෙවියන්වහන්සේ මා ප්‍රතික්ෂේප කිරීම නුඹගේ එකම ආශාව විය. තවද දැන් බලව, මෙම බලවත් නපුර නිසාවෙන් නුඹට නුඹගේ විපාකය ලැබෙන්නෙහිය.

26 තවද සීස්රොම් ඔහුට මෙසේ කිවේය: නුඹ පවසන්නේ සැබෑ සහ ජීවමාන දෙවියන්වහන්සේ කෙනෙකු සිටින්නේ යැයි කියාද?

27 තවද ඇමියුලෙක් මෙසේ කීවේය: එසේය, සැබෑ සහ ජීවමාන දෙවියන්වහන්සේ කෙනෙකු සිටින්නේය.

28 දැන් සීස්රොම් මෙසේ කීවේය: එක් දෙවියන් කෙනෙකුට වඩා සිටින්නේද?

29 තවද නැත කියා, ඔහු පිළිතුරු දුන්නේය.

30 දැන් සීස්රොම් නැවත ඔහුට මෙසේ කීවේය: මෙම දේවල් නුඹ දන්නේ කෙසේද?

31 තවද ඔහු මෙසේ කීවේය: දේවදූතයෙකු ඒවා මට දන්වන ලද්දේය.

32 තවද සීස්රොම් නැවත මෙසේ කීවේය: එනම් පැමිණෙන්නාවූ තැනැත්තා කවරෙකුද? ඒ දෙවියන්වහන්සේගේ පුත්‍රයාණන්ද?

33 තවද එසේය කියා, ඔහු ඔහුට කීවේය.

34 තවද සීස්රොම් නැවත මෙසේ කීවේය: උන්වහන්සේ තමන්ගේ ජනතාව ඔවුන්ගේ පාපයෙන් ගළවා ගන්නෙහිද? තවද ඇමියුලෙක් ඔහුට මෙසේ කියමින් පිළිතුරු දුන්නේය: මම නුඹට කියන්නෙමි, උන්වහන්සේ එසේ නොකරනු ඇත, මක්නිසාද උන්වහන්සේට උන්වහන්සේගේ වචනය ප්‍රතික්ෂේප කිරීමට නොහැකි වන්නේය.

35 දැන් සීස්රොම් ජනතාවට මෙසේ කීවේය: එනම් මෙම දේවල් සිහියේ තබාගන්නට බලාගන්න: මක්නිසාද එක දෙවියන්වහන්සේ කෙනෙකු පමණක් ඇති බව ඔහු පැවසුවේය; එහෙත් එනම් දෙවියන්වහන්සේගේ පුත්‍රයාණන් පැමිණෙන්නාවූ බවත්, නමුත් උන්වහන්සේ උන්වහන්සේගේ ජනතාව ගළවා නොගන්නාවූ අතර – උන්වහන්සේට දෙවියන්වහන්සේ හට අණ කිරීම සඳහා අධිකාරී බලය ඇතුවාක් මෙන්ය.

36 දැන් ඇමියුලෙක් නැවතත් ඔහුට මෙසේ කිවේය: බලව නුඹ බොරු කීවේය, මක්නිසාද උන්වහන්සේ උන්වහන්සේගේ ජනතාව ඔවුන්ගේ පාපවලින් ගලවා නොගන්නා බව මා පැවසූ බැවින්, එනම් මට දෙවියන්වහන්සේ හට අණ කිරීම සඳහා අධිකාරී බලය ඇත්තාක් මෙන් මා කථා කරන්නේ යැයි නුඹ කියන්නෙහිය.

37 තවද මම නැවතත් නුඹලාට කියන්නෙමි, එනම් උන්වහන්සේ හට ඔවුන්ව ඔවුන්ගේ පාපයෙන් ගලවා ගැනීමට නොහැකිය; මක්නිසාද මට උන්වහන්සේගේ වචනය ප්‍රතික්ෂේප කළ නොහැක, තවද එනම් උන්වහන්සේ පවසා ඇත්තේ කිසිදු අපවිත්‍ර දෙයකට ස්වර්ග රාජ්‍යය උරුම කර ගත නොහැකි බවය; එසේහෙයින්, නුඹලාට ස්වර්ග රාජ්‍යය උරුම වන්නේ නම් මිස, නුඹලා ගැලවීම ලැබෙන්නේ කෙසේද? එසේහෙයින්, නුඹලාගේ පාපයන්ගෙන් නුඹලා ගලවා ගැනීමට නොහැකිය.

38 තවද සීස්රොම් නැවතත් ඔහුට මෙසේ කීවේය: දෙවියන්වහන්සේගේ පුත්‍රයාණන් නියම සදාකාලික පියාණන්වහන්සේද?

39 තවද ඇමියුලෙක් ඔහුට මෙසේ කිවේය: එසේය, උන්වහන්සේ ස්වර්ගයෙහිද පොළොවෙහිද, තවද ඒහි ඇත්තාවු සියලුම දේවල්හිද නියම සදාකාලික පියාණන්වහන්සේ වන්නේය; උන්වහන්සේ පටන් ගැන්ම සහ අවසානය වන්නේය, පළමුවැන්නා සහ අන්තිමයා වන්නේය;

40 තවද උන්වහන්සේ ලෝකයට පැමිණෙන්නේ උන්වහන්සේගේ ජනතාව මුදවා ගැනීම පිණිසය; තවද උන්වහන්සේගේ නාමය කෙරෙහි විශ්වාස කරන්නාවූ අයගේ වරද උන්වහන්සේ මත ලබාගනු ඇත්තේය; තවද මොවුන් සදාකාලික ජීවනය ලබන්නේය, තවද ගැළවීම වෙන කිසිවෙකුට නොපැමිණෙන්නේය.

41 එසේහෙයින් දුෂ්ඨයන් මරණයේ බැමි ලිහිල් කිරීමක් හැර, වෙනත් මිදීමක් සිදු නොවූවාක් මෙන් පවතින්නෝය; මක්නිසාද බලව, එනම් සියල්ලන්ම මළවුන්ගෙන් නැඟිට දෙවියන්වහන්සේගේ අභිමුඛයෙහි සිටගෙන, තවද ඔවුන්ගේ ක්‍රියාවන් අනුකුලව විනිශ්චය කරනු ලබන දවස පැමිණෙන්නේය.

42 දැන්, එහි තාවකාලික මරණයක් ලෙස හැඳින්වන මරණයක් තිබෙන්නේය; තවද ක්‍රිස්තුස්වහන්සේගේ මරණය මෙම තාවකාලික මරණයේ බැමි ලිහිල් කරන්නේය, එනම් සියල්ලන්ම මෙම තාවකාලික මරණය වෙතින් නැඟිටුවනු ලබන්නෝය.

43 ආත්මය සහ ශරීරය එහි පරිපූර්ණ ස්වභාවයට නැවත එකතු කරනු ලබන්නෝය; අප දැන් සිටින්නාවු ආකාරයටම පවා, අත් පා සහ සන්ධි දෙකම ඒවායේ නිසි රාමුවට නැවත පිහිටවනු ලබන්නේය; තවද දෙවියන්වහන්සේ අභිමුඛයෙහි සිට ගැනීමට, අප දැන් දන්නා ආකාරයේ දැනීමකින්, තවද අපගේ සියලු වරදකාරිත්වය පිළිබඳ පැහැදිලි මතකයක් ඇති කර ගැනීමටත් අපව පමුණුවනු ලබන්නේය.

44 දැන්, මෙම නැවත පිහිටුවීම සියලු දෙනාටම, මහළු සහ තරුණ දෙගොල්ලන්ටම, වහල් සහ නිදහස් දෙගොල්ලන්ටම, පුරුෂයන් සහ කාන්තාවන් දෙගොල්ලන්ටම, දුෂ්ඨයන් සහ ධර්මිෂ්ඨයන් දෙගොල්ලන්ටම පැමිණෙනු ඇත්තේය; තවද එහි ඔවුන්ගේ හිසෙහි කෙස් ගසක් පවා නැති නොවන්නෝය; එහෙත් සියලු දෙයක්ම දැන් පවතින්නාක් මෙන්ම, හෝ ශරීරයේ වන්නාක් මෙන්ම, එහි පරිපූර්ණ රාමුවට නැවත පිහිටවනු අතර, එකම සදාකාලික දෙවි කෙනෙකු වන්නාවූ, පුත්‍රයාණන් වූ ක්‍රිස්තුස්වහන්සේද, පියාණන් වූ දෙවියන්වහන්සේගේද, ශුද්ධාත්මයාණන් වහන්සේගේද, විනිශ්චය ආසනය අභිමුඛයට ගෙන එනු ලැබ, තවද ඔවුන් යහපත් හෝ ඔවුන් නපුරු වුවද, ඔවුන්ගේ ක්‍රියාවන්ට අනුකුලව විනිශ්චය කරනු ලැබීමට සහ චෝදනා කිරීමට පමුණුවනු ලබන්නෝය.

45 දැන්, බලව, මැරෙනසුලු ශරීරයේ මරණය ගැනද තවද එසේම මැරෙනසුලු ශරීරයේ නැවත නැඟිටීම ගැනද මම නුඹලාට කථාකර ඇත්තෙමි. මම නුඹලාට කියන්නෙමි එනම් මරණය කෙරෙන්, පළමු මරණයේ සිට ජීවනය දක්වා පවා, එනම් ඔවුන් තවදුරටත් නොමැරෙන පිණිස, එනම් මෙම මැරෙනසුලු ශරීරය අමරණීය ශරිරයකට නැගිටවනු ලබන්නේය; ඔවුන්ගේ ආත්මයන් ඔවුන්ගේ ශරීර සමඟ, කිසිදා වෙන් නොවන ලෙස එක් වන්නෝය; එනම් ඔවුන්ට තවදුරටත් දූෂණය දැකීමට නොහැකිවන පිණිස, මෙසේ සියල්ලෝම අධ්‍යාත්මිකව සහ අමරණීයත්වයට පැමිණෙන්නෝය.

46 දැන්, ඇමියුලෙක් මෙම වචන අවසන් කළ විට, ජනතාව නැවත මවිතයට පත් වීමට පටන් ගත් අතර, තවද එසේම සීස්රොම් ද වෙව්ලන්නට පටන් ගත්තේය. තවද ඇමියුලෙක්ගේ වචන මෙසේ අවසන් විය, නැතහොත් මා විසින් ලියන ලද සියල්ල එනම් මෙය වන්නේය.