ශුද්ධලියවිලි
ඇල්මා 54


54 වන පරිච්ඡේදය

ඇමොරන් සහ මොරෝනායි සිරකරුවන් හුවමාරු කිරීම සඳහා සාකච්ඡා කරති – මොරෝනායි ලේමන්වරුන් ඉවත්ව සහ ඔවුන්ගේ දරුණු ප්‍රහාර නවත්වන ලෙසට බලෙන් ඉල්ලයි – ඇමොරන් නීෆායිවරුන් ඔවුන්ගේ ආයුධ බිම දමා සහ ලේමන්වරුන්ගේ යටත්කරුවන් වන ලෙස බලෙන් ඉල්ලයි. ක්‍රි.පූ. 63 දී පමණ.

1 තවද දැන් එය මෙසේ සිදු විය, එනම් විනිශ්චයකරුවන්ගේ විසි නවවන වසර පටන්ගැන්මේ දී, ඇමොරන් මොරෝනායි හට ඔහු සිරකරුවන් හුවමාරු කරනවාට කැමතිව යැවුවේය.

2 තවද එය මෙසේ සිදු විය, එනම් මෙම ඉල්ලීම ගැන මොරෝනායි බොහෝසෙයින් ප්‍රීතිමත් වූවේය, මක්නිසාද ලේමන්වර සිරකරුවන් සඳහා වෙන් කළ ආහාරපාන ඔහුගේ ජනතාවගේ නඩත්තුව සඳහා ඔහුට වුවමනා විය; තවද ඔහුගේ හමුදාව ශක්තිමත් කිරීම සඳහා එසේම ඔහුට ඔහුගේ ජනතාව වුවමනා විය.

3 දැන් ලේමන්වරුන් බොහෝ කාන්තාවන් සහ දරුවන් රැගෙන ගියෝය, තවද මොරෝනායිගේ සිරකරුවන්, නැතහොත් මොරෝනායි රැගෙන ගිය සිරකරුවන් අතර කිසිඳු කාන්තාවෙකු හෝ දරුවෙකු නොසිටියේය; එසේහෙයින් මොරෝනායි ලේමන්වරුන්ගෙන් නීෆායි ජාතික සිරකරුවන් හැකි පමණක් ලබා ගැනීම සඳහා උපක්‍රමයක් මත තීරණය කළේය.

4 එසේහෙයින් ඔහු හසුනක් ලියා, තවද එය ඇමොරන්ගේ සේවකයා මඟින් යැවුවේය, මොරෝනායි හට හසුනක් ගෙනා එම තැනැත්තාමය. දැන් ඔහු ඇමොරන් හට පවසමින්, ඔහු ලියූ වචන මෙසේය:

5 බලව, ඇමොරන්, නුඹ මාගේ ජනතාවට එරෙහිව කරන, නැතහොත් සත්තකින්ම නුඹගේ සහෝදරයා ඔවුන්ට එරෙහිව කළ, සහ ඔහුගේ මරණයෙන් පසු නුඹ නොකඩවා සිදු කරන්නට තීරණය කළ මෙම යුද්ධය ගැන යමක් මම නුඹට ලියා ඇත්තෙමි.

6 බලව, මම දෙවියන්වහන්සේගේ යුක්තිය ගැන යමක් නුඹට කියන්නෙමි, තවද උන්වහන්සේගේ සර්වබලධාරී උදහසේ කඩුව, එනම් නුඹ පසුතැවිලි වී තවද නුඹලාගේ දේශයන්ට, නැතහොත් නුඹලා සතු භූමි කරා, එනම් නීෆායි දේශය කරා, නුඹගේ හමුදා පසුබසිනවා මිස, එය නුඹට ඉහළින් එල්ලා ඇත.

7 එසේය, නුඹලාට ඒවාට ඇහුම්කන් දීමට හැකි වූයේ නම් මම මේ දේවල් නුඹට කියෙන්නෙමි; එසේය, නුඹලා පසුතැවිලි වී නුඹගේ මිනීමරු අරමුණු ඉවත් කර, තවද නුඹගේ හමුදාවන් සමඟ නුඹගේ දේශයන් කරා යනවා මිස, නුඹ සහ නුඹගේ සහෝදරයා මෙන් එවැනි මිනීමරුවන් ලැබීමට බලා සිටින ඒ භයානක නිරය ගැන මම නුඹට කියන්නෙමි.

8 එහෙත් නුඹලා මේ දේවල් එක්වරක් ප්‍රතික්ෂේප කළ බැවින්, තවද ස්වාමීන්වහන්සේගේ ජනතාවට විරුද්ධව සටන් කළ බැවින්, එසේම නුඹලා නැවත එය කරනු ඇතැයි මම අපේක්‍ෂා කරන්නෙමි.

9 තවද දැන් බලව, අපි නුඹලාව පිළිගැනීමට සූදානම්ව සිටිමු; එසේය, තවද නුඹලා නුඹලාගේ අරමුණුවලින් පසුබසිනවා මිස, බලව, නුඹ නුඹලා කෙරෙහි ප්‍රතික්ෂේප කළ එම දෙවියන්වහන්සේගේ උදහස, නුඹගේ සම්පූර්ණ විනාශයට පවා ඇද දමනු ඇත.

10 එහෙත්, ස්වාමීන්වහන්සේ ජීවමාන බව සැබෑවා සේම, නුඹලා පසුබසිනවා මිස අපගේ හමුදා නුඹලා මතට පැමිණෙනු ඇත, තවද ළඟදීම නුඹලාව මරණයෙන් බැහැ දකිනු ඇත, මක්නිසාද අපි අපගේ නගර සහ දේශයන් රඳවා ගන්නෙමු; එසේය, තවද අපි අපගේ ආගම සහ අපගේ දෙවියන්වහන්සේගේ ප්‍රතිපත්ති පවත්වාගන්නෙමුු.

11 එහෙත් බලව, මම නිෂ්ඵල ව මේ දේවල් ගැන නුඹ සමඟ කතා කරන බව මම සිතමි; නැතහොත් නුඹ නිරයේ දරුවෙකු බව මම සිතමි; එසේහෙයින් මම සිරකරුවන් හුවමාරු කර නොගන්නා බව නුඹට පවසමින් මාගේ ලිපිය අවසන් කරමි, නුඹ එක් සිරකරුවෙකු වෙනුවෙන්, පුරුෂයෙකු සහ ඔහුගේ භාර්යාව සහ ඔහුගේ දරුවන් භාර දෙන කොන්දේසි මත හැර; එය නුඹ කරන්නේ නම්, මම හුවමාරු කරන්නෙමි.

12 තවද බලව, නුඹ එසේ නොකරන්නේ නම්, මම මාගේ හමුදාවන් සමඟ නුඹට විරුද්ධව පැමිණෙන්නෙමි; එසේය, මම මාගේ කාන්තාවන් සහ මාගේ දරුවන් පවා සන්නද්ද කර, තවද මම නුඹට විරුද්ධව පැමිණෙන්නෙමි, තවද මම නුඹගේ දේශයට, එනම් අපගේ පළමු උරුමය වූ භූමියට පවා, නුඹව හඹා යන්නෙමි; එසේය, තවද එය රුධිරය සඳහා රුධිරය වනු ඇත, එසේය, ජීවිතය සඳහා ජීවිතයක් වන්නේය; තවද නුඹලාව පොළෝ තලයෙන් විනාශ වී යන තුරු පවා මම නුඹලාට සටන දෙන්නෙමි.

13 බලව, මම මාගේ කෝපය තුළ වෙමි, තවද මාගේ ජනතාව ද එසේමය; නුඹලා අපව මරන්න උත්සහ කර ඇත, තවද අපි අපව රැක බලා ගැනීමට පමණක් උත්සහ කළෙමු. එහෙත් බලව, නුඹලා තවත් අපව විනාශ කිරීමට උත්සහ කරන්නේ නම් අපි නුඹලාව විනාශ කිරීමට උත්සහ කරන්නෙමු; එසේය, තවද අපි අපගේ දේශය සොයන්නෙමු, අපගේ පළමු උරුමයේ දේශය.

14 දැන් මම මාගේ හසුන අවසන් කරමි. මම මොරෝනායි; මම නීෆායිවරුන්ගේ ජනතාවගේ නායකයා වෙමි.

15 දැන් එය මෙසේ සිදු විය, එනම් ඇමොරන්, ඔහුට මෙම හසුන ලැබුණු විට, කෝප වූවේය; තවද ඔහු තවත් හසුනක් මොරෝනායිට ලිවුවේය, තවද ඔහු පවසමින්, ලියූ වචන මේවාය:

16 මම ඇමොරන් වෙමි, ලේමන්වරුන්ගේ රජු; මම නුඹලා විසින් ඝාතනය කරන ලද ඇමලකායාගේ සහෝදරයා වෙමි. බලව, මම ඔහුගේ රුධිරයේ පළිය නුඹෙන් ගන්නෙමි, එසේය, තවද මම නුඹ මතට මාගේ හමුදා සමඟ එන්නෙමි, මක්නිසාද මම නුඹගේ තර්ජනවලට බිය නොවෙමි.

17 මක්නිසාද බලව, නුඹලාගේ පියවරුන් ඔවුන්ගේ සහෝදරයන්ට වරදක් කළේය, කොපමණකින් ද යත් එය නිවැරදිව ඔවුන් සතු වූ විට ඔවුන් ඔවුන්ගේ රජයට ඇති අයිතිය කොල්ල කෑවෝය.

18 තවද දැන් බලව, නුඹලා නුඹලාගේ ආයුධ බිම දමන්නේ නම්, තවද පාලන අයිතිය නිවැරදිව අයිති අය විසින් පාලනය කරනු ලැබීමට යටත් වේ නම්, එවිට මාගේ ජනතාව ඔවුන්ගේ ආයුධ බිම දමා සහ තවදුරටත් යුද්ධයක නොසිටින ලෙසට මම සලස්වන්නෙමි.

19 බලව, එසේය නුඹ මට සහ මාගේ ජනතාවට විරුද්ධව බොහෝ තර්ජන ප්‍රශ්වාස කර ඇත; එහෙත් බලව, අපි නුඹගේ තර්ජනවලට බිය නොවෙමු.

20 එසේනමුත්, මම නුඹගේ ඉල්ලීමට අනුව සිරකරුවන් හුවමාරු කිරීමට, සතුටින්, ඉඩ දෙන්නෙමි, එනම් මාගේ යුද්ධයේ පුරුෂයන් සඳහා මාගේ ආහාර මා රකින පිණිසය; තවද නීෆායිවරුන් අපගේ අධිකාරී බලයට යටත් කිරීමට හෝ ඔවුන්ගේ සදාකාලික වඳවී යාම පිණිස, තවද අපි සදාකාලික වන යුද්ධයක් දියත් කරන්නෙමු.

21 තවද අප ප්‍රතික්ෂේප කළ බව නුඹලා කියන දෙවියන්වහන්සේ ගැන, බලව, අපි එවන් ජීවයක් නොදනිමු; නුඹලා ද එසේමය; එහෙත් එවන් ජීවයක් සිටින්නේ නම්, උන්වහන්සේ අපව ද එසේම නුඹලා ද සාදා තිබිය හැකි බව අපි නොදනිමු.

22 තවද යක්ෂයෙක් හා නිරයක් තිබේ නම්, බලව ඔහු එවන් තැනකට ගිය බව නුඹ ඉඟි කළ, නුඹ විසින් මරණ ලද මාගේ සහෝදරයා සමඟ වාසයට උන්වහන්සේ නුඹව ද එතැනට නොයවන්නේ ද? එහෙත් බලව මේ දේවල් වැදගත් නොවන්නේය.

23 මම ඇමොරන් වෙමි, තවද නුඹලාගේ පියවරුන් බලකර ජෙරුසලමෙන් පිටතට ගෙන ආ, සෝරම්ගෙන් පැවත එන්නෙකි.

24 තවද බලව දැන්, මම නිර්භීත ලේමන්වරයෙකි; බලව, මෙම යුද්ධය දියත් කර ඇත්තේ ඔවුන්ගේ අසාධාරණයන්වලට පළිගැනීමට, තවද රජයට ඔවුන්ගේ අයිතිවාසිකම් නඩත්තු කිරීමට සහ ලබා ගැනීමටය; තවද මොරෝනායි වෙත මාගේ හසුන මම අවසන් කරමි.