ශුද්ධලියවිලි
ඇල්මා 12


12 වන පරිච්ඡේදය

ඇල්මා සීස්රොම්ට කතා කරයි – දෙවියන්වහන්සේගේ අභිරහස් ලබා දිය හැක්කේ ඇදහිලිවන්තයන්ට පමණි – මනුෂ්‍යයින් විනිශ්චය කරනු ලබන්නේ ඔවුන්ගේ සිතුවිලි, විශ්වාසයන්, වචන සහ ක්‍රියාවන්ගෙන්ය – දුෂ්ඨයන් ආත්මික මරණයක් අත්විඳින්නෝය – මෙම මැරෙනසුලු ජීවිතය පරිවාස තත්වයකි – මිදීමේ සැලැස්ම උත්ථානය ද, ඇදහිල්ල තුළින්, පව් කමාවක් ලබා ගැනීම ද ගෙන එන්නේය – පසුතැවිලිවන්නාට ඒකජාතක පුත්‍රයාණන් තුළින් දයාවට හිමිකම් පෑමක් ඇත. ක්‍රි.පූ. 82 පමණ.

1 දැන් ඇල්මා, ඇමියුලෙක්ගේ වචන සීස්රොම්ව නිශ්ශබ්ද කළ බව දැක්කේය, මක්නිසාද ඔහුව විනාශ කිරීමට ඔහුගේ බොරු කීමේ දී සහ රැවටීමේ දී ඔහු ඇමියුලෙක්ව අල්ලාගත් බව ඔහු දුටුවේය, තවද එය දුටු ඔහු ඔහුගේ වරදකාරිත්වයේ දැනීමට යටත්ව වෙව්ලන්නට පටන් ගත්තේය, තවද ඔහු ඔහුගේ මුඛය විවෘත කොට තවද ඔහුට කතා කරන්ට, තවද ඇමියුලෙක්ගේ වචන තහවුරු කරන්නට, තවද වඩා දේවල් පැහැදිලි කරන්නට, නැතහොත් ඇමියුලෙක් කළ දෙයට වඩා ශුද්ධ ලියවිලි විස්තර කිරීමට පටන් ගත්තේය.

2 දැන් ඇල්මා සීස්රොම් හට පැවසූ වචන අවට සිටි ජනතාවට ඇසුණි; මක්නිසාද සමූහයා විශාල විය, තවද ඔහු මේ ආකාරයට කතා කළේය:

3 දැන් සීස්රොම්, එනම් නුඹව නුඹගේ බොරුවට සහ කපටිකමට හසු වී ඇති බව දැක, මක්නිසාද නුඹ මනුෂ්‍යයන්ට පමණක් බොරු කිවේ නැත එහෙත් දෙවියන්වහන්සේ හට ද බොරු කීවේය; මක්නිසාද බලව, උන්වහන්සේ නුඹගේ සියලු සිතුවිලි දන්නා සේක, තවද එනම් නුඹේ සිතුවිලි අපට උන්වහන්සේගේ ආත්මයාණන් විසින් දන්වන බව නුඹ දැක්කෙහිය;

4 තවද මක්නිසාද මෙම ජනතාවට බොරු කියන්නට සහ රවටන්නට එනම් නුඹ ඔවුන්ව අපට විරුද්ධව සූදානම් කරන්නට, අපට අපහාස කරන්නට සහ අපව ඉවතලන්නට වූ, එනම් යක්ෂයාගේ සූක්ෂ්මතාවයට අනුව වූ, නුඹේ සැලැස්ම කූට සැලැස්මක් බව අප දන්නා බව නුඹ දැක්කෙහිය –

5 දැන් මෙය නුඹගේ විරුද්ධවාදියාගේ සැලස්මක්ය, තවද ඔහු නුඹ තුළ ඔහුගේ බලය භාවිතා කර ඇත්තේය. දැන් මම නුඹට පවසන දේ, සියල්ලන්ට ම මා කියන බව, නුඹ මතක තබා ගන්නවාට, මම කැමැත්තෙමි.

6 තවද බලව මම නුඹලා සැමට කියමි, ඔහු මෙම ජනතාව අල්වා ගැනීමට දමා ඇති, එනම් ඔහු නුුුඹව ඔහුගේ යටත්භාවයට ගෙන ඒම පිණිස, එනම් ඔහු නුඹව ඔහුගේ යදම්වලින් වටකර ගැනීම පිණිස, එනම් මෙය විරුද්ධකාරයාගේ උගුලක් බව, එනම් ඔහුගේ වහල්භාවයේ බලයට අනුව, ඔහු නුඹව සදාතනික විනාශයට බැඳ තබනු පිණිසය.

7 දැන් ඇල්මා මෙම වචන කී විට, සීස්රොම් දැඩි ලෙස වෙව්ලන්නට පටන් ගත්තේය, මක්නිසාද දෙවියන්වහන්සේගේ බලය ගැන ඔහුට වඩ වඩාත් අවබෝධ විය; තවද ඇල්මාට සහ ඇමියුලෙක්ට ඔහු ගැන දැනුමක් ඇති බව ද ඔහුට අවබෝධ විය, මක්නිසාද ඔවුන් ඔහුගේ හදවතෙහි වූ සිතුවිලි සහ අභිප්‍රායන් දන්නා බව ඔහුට අවබෝධ විය; මක්නිසාද එනම් අනාවැකියේ ආත්මයට අනුුව ඔවුන් හට මේ දේවල් දැන ගැනීම පිණිස බලය දී තිබුණි.

8 එනම් ඔහු දෙවියන්වහන්සේගේ රාජ්‍යය ගැන වැඩි විස්තර දැන ගැනීම පිණිස, තවද සීස්රොම් ඔවුන්ගෙන් උද්‍යෝගයෙන් විමසන්නට පටන් ගත්තේය. තවද ඔහු ඇල්මාට මෙසේ කීහ: මළවුන්ගේ උත්ථානය ගැන ඇම්යුලෙක් කතා කළ, එනම් සියලු දෙනා මළවුන්ගෙන් නැගිටින බව, යුක්ති සහගත හා අයුක්ති සහගත දෙගොල්ලෝම, තවද ඔවුන්ගේ ක්‍රියාවන්ට අනුව විනිශ්චය ලබන්න දෙවියන්වහන්සේ අභියසට පමුණුවනු ලබන බව, මෙම දෙයින් අදහස් කරන්නේ කුමක් ද?

9 තවද දැන් ඇල්මා ඔහුට පවසමින්, මේ දේවල් විස්තර කිරීමට පටන් ගත්තේය: දෙවියන්වහන්සේගේ අභිරහස් දැන ගැනීම සඳහා එය බොහෝ දෙනෙකුට ලබා දී ඇත්තේය; එසේනමුත් ඒවා දැඩි ආඥාවන් යටතේ එනම් ඔවුන් උන්වහන්සේ වෙත දෙනු ලබන්නා වූ ඔවුන්ගේ ඇහුම්කන් දීමට හා උද්ය්‍යෝගයට අනුකූලව, ඒවා උන්වහන්සේගේ වචනයේ කොටසට අනුව උන්වහන්සේ මනුෂ්‍ය දරුවන් හට දෙන සේක.

10 තවද එසේහෙයින්, ඔහුගේ සිත දැඩි කරන තැනැත්තා, වචනයේ කුඩා කොටස ද ලබා ගන්නේය: තවද තමාගේ සිත දැඩි නොකරන තැනැත්තා, ඔහුට වචනයේ විශාලතර කොටසක් දෙනු ලබන්නේය, දෙවියන්වහන්සේගේ අභිරහස් සම්පූර්ණයෙන් ඔහු දැන ගන්නා තුරු, එය දැන ගැනීමට ඔහුට ලබා දෙනු ලබන්නේය.

11 තවද ඔවුන්ගේ හදවත් දැඩි කරගන්නන්ට, උන්වහන්සේගේ අභිරහස් ගැන ඔවුන් දැන නොගන්නා තුරු ඔවුන්ට වචනයේ කුඩා කොටසක් දෙනු ලබන්නේය; තවද එවිට යක්ෂයා විසින් ඔවුන්ව වහල්කරුවන් ලෙස ගනු ලබන්නේය, තවද ඔහුගේ කැමැත්තට අනුව විනාශය කරා පහළට ගෙන යනු ලබන්නෝය. දැන් නිරයේ යදම් යනුවෙන් අදහස් කරන්නේ මෙයයි.

12 තවද ඇමියුලෙක් මරණය ගැන ද මෙම මරණීයත්වයෙන් අමරණීය තත්වයකට ඔසවා තබනු ලැබ, තවද අපගේ ක්‍රියාවන්ට අනුව විනිශ්චය කිරීම පිණිස, දෙවියන්වහන්සේගේ විනිශ්චය ස්ථානය වෙත ගෙන එනු ලැබීම ගැන ද සරලව කතා කළේය.

13 එවිට අපගේ හදවත් දැඩි වී ඇත්නම්, එසේය, වචනයට විරුද්ධව අපගේ හදවත් අප දැඩි කර ඇත්නම්, එනම් එය අප තුළ සොයා ගැනීමට නොමැති තරමට, එවිට අපගේ තත්වය භයානක වන්නේය, මක්නිසාද එවිට අපව හෙළා දකිනු ලබන්නේය.

14 මක්නිසාද අපගේ වචන අපව හෙළා දකිනු ලබන්නේය, එසේය, අපගේ සියලු ක්‍රියාවන් අපව හෙළා දකිනු ලබන්නේය; අපව නොකැළැල් ලෙස සොයා නොගනු ලබන්නේය; තවද අපගේ සිතුවිලි ද අපව හෙළා දකිනු ලබන්නේය; තවද මෙම භයානක තත්වය තුළ අපි අපගේ දෙවියන්වහන්සේ දෙස බලන්නට එඩිතර නොවන්නෙමු; තවද උන්වහන්සේගේ අභියසින් අපව සැඟවෙන්නනට පර්වතයන් සහ කඳු අප මතට වැටෙන ලෙස අපට ආඥා කළ හැකි නම් අපිි ඉතා සතුටට පත් වන්නෙමු.

15 එහෙත් මෙය විය නොහැකිය; අප ඉදිරියට පැමිණ තවද උන්වහන්සේගේ මහිමයෙන් උන්වහන්සේ අභියස පෙනී සිටිය යුතුය, තවද උන්වහන්සේගේ බලයෙන් ද, තවද උන්වහන්සේගේ ශක්තියෙන් ද, තේජසින් ද, සහ ආධිපත්‍යයෙන් ද, තවද අපගේ සදාකාලික ලැජ්ජාවට එනම් උන්වහන්සේගේ සියලු විනිශ්චයන් යුක්ති සහගත බව පිළිගත යුතු වන්නේය; එනම් උන්වහන්සේ තමන්වහන්සේගේ සියලු කාර්යයන් හි යුක්ති සහගත බවත්, තවද එනම් සියලු මනුෂ්‍ය දරුවන්ට දයාවන්ත වන බවත්, තවද එනම් උන්වහන්සේගේ නාමය මත විශ්වාස කරන සහ පසුතැවිලි වීම සඳහා ඵල ගෙනෙන සෑම මනුෂ්‍යයෙකුම ගලවා ගැනීමට උන්වහන්සේ හට සියලු බලය ඇති බවත්ය.

16 තවද දැන් බලව, එවිට මරණයක් පැමිණෙන බව මම නුඹට කියමි, දෙවැනි මරණයක් වූ, ආත්මික මරණයක් පවා වූ; මරණයක් පැමිණෙන බව මම නුඹට කියමි; එවිට එනම් යමෙකු තම පාපයන් හි මරණයට පත් වන්නේ නම්, ලෞකික මරණයක් ලෙස, ආත්මික මරණයක් ලෙස ද මරණයට පත් වන කාලයක් වන්නේය; එසේය, ඔහු ධර්මිෂ්ඨකමට අදාළ දේවල් අනුව මරණයට පත් වන්නේය.

17 එවිට ඔවුන්ගේ වද වේදනා ගින්නෙන් සහ ගෙන්දගමින් යුත් විලක් මෙන් වන කාලයක් වන්නේය, එහි දැල්ල සදාකාලයෙන් සදාකාලයට ඉහළට නැඟෙන්නේය; තවද එවිට ඔවුන්ව සදාකාලික විනාශයකට, සාතන්ගේ බලයට සහ වහල්භාවය අනුව, ඔහු තම කැමැත්තට අනුව ඔවුන් යටත් කර, සදාකාලික විනාශයකට ඔවුන් බැඳ තබන කාලය වන්නේය.

18 එවිට, මම නුඹට කියමි, ඔවුන් හට මිදීමක් සිදු නොවුනාක් මෙන් වනු ඇත්තේය; මක්නිසාද දෙවියන්වහන්සේගේ යුක්තියට අනුව ඔවුන්ව මුදවාගත නොහැකි වන්නේය; තවදුරටත් දූෂණයක් නොමැති බැවින්, තවද ඔවුන්ට මරණයට පත් විය නොහැකි වන්නේය.

19 දැන් තවද එය මෙසේ සිදු විය, එනම් ඇල්මා මෙම වචන කතා කර අවසන් කළ පසු, ජනතාව වඩාත් විස්මයට පත් වන්නට පටන් ගත්තෝය.

20 එහෙත් එහි ඔවුන් අතර ප්‍රධාන ආණ්ඩුකාරයා වූූ, ඇන්ටියෝනා නම් කෙනෙක් විය, ඔහු ඉදිරියට පැමිණ, තවද ඔහුට මෙසේ කීවේය: එනම් මනුෂ්‍යයා මළවුන්ගෙන් නැගිට සහ මෙම මරණීය තත්වයෙන් අමරණීය තත්වයකට වෙනස් විය යුතු බවත්, එනම් ප්‍රාණය කිසිදා තවද මෙම මරණීය තත්වයෙන් අමරණීය තත්වයකට වෙනස් කළ නොහැකි බව, එනම් ප්‍රාණය කිසිදා මරණයට පත් විය නොහැකි බවත්, නුඹ පැවසූ මේ දෙය කුමක් ද?

21 එනම් අපගේ පළමු දෙමාපියන් ඇතුළු වී ජීවන වෘක්ෂයේ ඵලය අනුභව කර, සදාකාලිකවම ජීවත් නොවන පිණිස, දෙවියන්වහන්සේ ඒදන්ගේ උයනේ නැගෙනහිර දිශාවේ කෙරුබ්වරු හා දැවෙන කඩුවක් තැබූ බව පවසන ශුද්ධ ලියවිල්ලේ තේරුම කුමක්ද? තවද එනම් ඔවුන්ට සදාකාලයට ජීවත් විය යුතු බවට කිසිදු අවස්ථාවක් නොතිබෙන බව අපට පෙනී යන්නේය.

22 දැන් ඇල්මා ඔහුට මෙසේ කීවේය: මා පැහැදිලි කිරීමට සූදානම් වූ කාරණාව මෙයයි. දැන් දෙවියන්වහන්සේගේ වචනයට අනුව, එනම් තහනම් ඵලය අනුුුභව කිරීමෙන් ආදම් වැටුුන බව අප දකින්නෙමු; එනම් ඔහුගේ වැටීමෙන්, මුළු මනුෂ්‍ය වර්ගයාම නැති වූ සහ වැටුන ජනතාවක් බවට පත් වූ බව, මෙසේ අපි දකින්නෙමු.

23 තවද දැන් බලව, මම නුඹට කියමි එනම් ආදම් හට ඒ කාලයේ ජීවන වෘක්ෂයේ ඵලය අනුභව කිරිමට හැකි වූයේ නම්, මරණයක් සිදු නොවනු ඇත, තවද වචනය නිෂ්ඵල වන්නට ඉඩ තිබුණි, දෙවියන්වහන්සේ බොරුකාරයෙකු බවට පත් කරමින්, මක්නිසාද උන්වහන්සේ මෙසේ පැවසු සේක: නුඹ අනුභව කරන්නේ නම් නුඹ නිසැකවම මරණයට පත් වනු ඇත.

24 තවද එනම් මරණය මනුෂ්‍ය වර්ගයා වෙත පැමිණෙන බව අපි දකිමු, එසේය, ඇමියුලෙක් පවසන ලද මරණය, එය තාවකාලික මරණයයි; එසේ වුවද මනුෂ්‍යයාට පසුතැවිලි විමට කාලයක් ලබා දී තිබුණි; එසේහෙයින් මෙම ජීවිතය පරිවාස තත්වයක් බවට පත්විය; දෙවියන්වහන්සේ හමුවීමට සූදානම් වීමට වූ කාලයකි; මළවුන්ගේ උත්ථානයෙන් පසු අප විසින් කතා කරන ලද එම අනන්ත තත්වයට සූදානම් වීමට කාලයකි.

25 දැන්, ලෝකයේ පටන්ගැන්මේ සිට තබා තිබූ, මිදීමේ සැලැස්ම නොතිබෙන්නට, මළවුුුුුන්ගේ උත්ථානයක් ද සිදු නොවන්නේය; එහෙත් කතා කරන ලද, මළවුන්ගේ උත්ථානය සිදු කිරීම ගෙන එන්නා වූ, මිදිමේ සැලැස්මක් තබා තිබුණි.

26 තවද දැන් බලව, අපගේ පළමු දෙමව්පියන්ට ඉදිරියට ගොස් තවද ජීවන වෘක්ෂයෙන් අනුභව කරන්න හැකි වූයේ නම් ඔවුන් සදාකාලයටම දුක්ඛිත වන්නෝය, සූදානම් කරන ලද තත්වයක් නොමැතිව; තවද එසේම මිදීමේ සැලැස්ම පරාජය වන්නට ඉඩ තිබුණි, තවද කිසිඳු බලපෑමක් සිදු නොවී, දෙවියන්වහන්සේගේ වචනය නිශ්ඵල වන්නට ඉඩ තිබුණේය.

27 එහෙත් බලව, එය එසේ නොවීය; එහෙත් මනුෂ්‍යයින් මරණයට පත් විය යුතු බවට ඔවුන් හට නියම කරන ලද්දේය; තවද මරණයෙන් පසු, ඔවුන් විනිශ්චයට පැමිණිය යුතුය, එනම් අප කතා කළ එම විනිශ්චය ම පවා, එය අවසානය වන්නේය.

28 තවද දෙවියන්වහන්සේ විසින් මේ දේවල් මනුෂ්‍යා වෙත පැමිණිය යුතු බවට නියම කළ පසු, බලව, එනම් එවිට මනුෂ්‍යයන් ඔවුන් හට උන්වහන්සේ විසින් නියම කළ දේවල් ගැන දැන ගැනීම යෝග්‍ය බව උන්වහන්සේ දුටු සේක.

29 එසේහෙයින් උන්වහන්සේ ඔවුන් සමඟ කතා කරන්නට දේවදූතයන් එවූ සේක, ඔවුහු මනුෂ්‍යයන්ට උන්වහන්සේගේ මහිමය දැකීමට සැලැස්විය.

30 තවද එම කාලයේ පටන් ඉදිරියට ඔවුන් උන්වහන්සේගේ නාමය ආමන්ත්‍රණය කරන්නට පටන් ගත්තේය, එසේහෙයින් දෙවියන්වහන්සේ මනුෂ්‍යයන් සමඟ කතා කළ සේක, තවද ලෝකයේ පටන්ගැන්මේ සිට සූදානම් කරන ලද, මිදිමේ සැලැස්ම ඔවුන් හට දැන ගන්නට සැලැස්වූ සේක; තවද ඔවුන්ගේ ඇදහිල්ලට ද, පසුතැවිල්ලට ද, හා ඔවුන්ගේ ශුද්ධ ක්‍රියාවන්නට අනුකූලව, උන්වහන්සේ මෙය ඔවුන් හට දැනගන්නට සැලැස්වූ සේක.

31 එබැවින්, ඔවුන් පළමු කොට තාවකාලික දේවල්වලට අදාලව පළමු අණ පනත් පළමුවෙන් කඩ කර, තවද දෙවිවරුන් බවට පත්වී, නපුරෙන් යහපත දැන, ඔවුන්ව ම ක්‍රියා කළ යුතු තත්වයක තබා, නැතහොත් ඔවුන්ගේ කැමැත්ත හා ආශාවන්ට අනුව ක්‍රියා කළ හැකි තත්වයක තබනු ලැබුවා වූ, නපුර කිරීමට හෝ යහපත කිරිමට, උන්වහන්සේ මනුෂ්‍යයන්ට අණ පනත් දුන් සේක –

32 එසේහෙයින් මිදීමේ සැලැස්ම ඔවුන් හට දැන්වූ පසුු, එනම් ඔවුන් නපුර නොකළ යුතු බවට, දෙවියන්වහන්සේ ඔවුන් හට අණ පනත් දුන් සේක, එහි දඬුවම දෙවෙනි මරණය වන්නේය, එය ධර්මිෂ්ඨකමට අදාළ දේවල්වලට අනුව වූ සදාකාලික මරණයක් වන්නේය; මක්නිසාද දෙවියන්වහන්සේගේ අති මහත් යහපත්කම අනුව, යුක්තියේ ක්‍රියාවන් විනාශ කළ නොහැක, මක්නිසාද එවැනි අයට මිදීමේ සැලැස්මට බලයක් තිබිය නොහැක.

33 එහෙත් දෙවියන්වහන්සේ, උන්වහන්සේගේ පුත්‍රයාණන්ගේ නාමයෙන් මනුෂ්‍යයන්ට කතා කළ සේක, (තබන ලද මිදීමේ සැලැස්ම මෙය වන්නේය) පවසමින්: නුඹලා පසුතැවිලි වන්නේ නම්, තවද නුඹලාගේ හදවත් දැඩි කර නොගන්නේ නම්, එවිට මම මාගේ ඒක ජාතක පුත්‍රයාණන් තුළින්, නුඹලා වෙත කරුණාවන්ත වන්නෙමි;

34 එසේහෙයින්, පසුතැවිලි වන කවරෙකු හෝ, තවද ඔහුගේ හදවත දැඩි නොකරන්නේ ද, ඔහුට මාගේ ඒකජාතක පුත්‍රයාණන් තුළින් කරුණාවට හිමිකාරිත්වයක් ඇත්තේය, ඔහුගේ පව්වලට කමාව ලබා ගැනීමට; තවද මොවුන් මාගේ විශ්‍රාමයට ඇතුළු වන්නේය.

35 තවද කවුරුන් හෝ ඔහුගේ හදවත දැඩි කොට තවද අයුතුකම් කරන්නේ ද, බලව, ඔහු මාගේ විවේකයට ඇතුල් නොවන බවට මම මාගේ උදහසින් දිවුරමි.

36 තවද දැන්, මාගේ සහෝදරයෙනී, බලව මම නුඹලාට කියමි, එනම් නුඹලා නුඹලාගේ හදවත් දැඩි කර ගන්නේ නම් නුඹලා ස්වාමීන්වහන්සේගේ විශ්‍රාමයට ඇතුළු නොවන්නෝය; එසේහෙයින් නුඹලාගේ අයුතුකම උන්වහන්සේ ප්‍රකෝප කර එනම් උන්වහන්සේ උන්වහන්සේගේ උදහස පළමු ප්‍රකෝප කිරීමෙහි ලෙස පහතට එවනු ලබන සේක, එසේය, නුඹලාගේ ආත්මයන්ගේ සදාකාලික විනාශය දක්වා, උන්වහන්සේගේ වචනයට අනුව අවසාන ප්‍රකෝප කිරීමේ දී මෙන්ම පළමුවැන්න මෙන් වන්නේය; එසේහෙයින්, උන්වහන්සේගේ වචනයට අනුව, පළමුවැන්න මෙන්ම, අවසාන මරණය දක්වා ද වන්නේය.

37 තවද දැන්, මාගේ සහෝදරයෙනි, අප මේ දේවල් දන්නා නිසාත්, ඒවා සත්‍ය නිසාත්, අපි පසුතැවිලි වී, තවද අපගේ හදවත් දැඩිකර නොගෙන, එනම් උන්වහන්සේ අප හට දෙන ලද මේ දෙවෙනි අණ පනත් තුළ උන්වහන්සේගේ උදහස අප මත හෙළන්නට අපගේ දෙවියන්වහන්සේ වන ස්වාමින්වහන්සේ ප්‍රකෝප නොකරන පිණිස; එහෙත් උන්වහන්සේගේ වචනයට අනුව සුදානම් කරන ලද්දා වූ, දෙවියන්වහන්සේගේ විශ්‍රාමයට අපට ඇතුළු වන්නට ඉඩ ලැබේවා.