ශුද්ධලියවිලි
ඇල්මා 23


23 වන පරිච්ඡේදය

ආගමික නිදහස ප්‍රකාශයට පත් කරනු ලැබේ – දේශයන් හතක සහ නගරවල ලේමන්වරුන් හැරවනු ලැබේ – ඔවුන් ඇන්ටි-නීෆායි-ලීහායි ලෙස හඳුන්වන අතර ශාපයෙන් නිදහස් වේ. ඇමෙලකායිවරුන් සහ ඇමියුලොන්වරුන් සත්‍යය ප්‍රතික්ෂේප කරති. ක්‍රි.පූ. 90–77 පමණ.

1 බලව, දැන් එය මෙසේ සිදු විය, එනම් ලේමන්වරුන්ගේ රජු ඔහුගේ සියලු ජනතාව අතරේ ප්‍රකාශනයක් යැවීය, එනම් ඔවුන්ගේ දේශයේ ඕනෑම කොටසක, ඔවුන් සිටිය යුතු ඕනෑම ස්ථානයක, දෙවියන්වහන්සේගේ වචනය දේශනා කිරීමට ඉදිරියට යා යුතු ඇමන්, ආරොන් හෝ, ඔම්නර් හෝ හිම්නි හෝ, ඔවුන්ගේ සහෝදරයන් කිසිවෙක් මත හෝ ඔවුන් ඔවුන්ගේ දෑත් නොතැබිය යුතු බවටය.

2 එසේය, ඔහු ඔවුන් අතර එනම් ඔවුන් බැඳ තැබීමට ඔවුන් මත දෑත් නොතැබිය යුතු බවට, නැතහොත් සිර ගෙයි දැමිමට; නැතහොත් ඔවුහු ඔවුන් හට කෙළ නොගසන්නටත්, ඔවුන්ට පහර නොදෙන්ටත්, ඔවුන්ගේ සිනගෝගවලින් නෙරපා නොදමන්ටත්, ඔවුන්ට කස පහර නොදෙන්නටත්; ඔවුන් ඔවුන්ට ගලවවත් නොගැසිය යුතු ය, එහෙත් එනම් ඔවුන්ට ඔවුන්ගේ නිවෙස්වලට, තවද ඔවුන්ගේ දේවමාළිගාවලට, තවද ඔවුන්ගේ ශුද්ධස්ථානවලට නිදහස් ප්‍රවේශයක් තිබිය යුතු බවට නියෝගයක් යවනු ලැබූවේය.

3 තවද මෙසේ ඔවුන් ඉදිරියට ගොස් තවද ඔවුන්ගේ කැමැත්තට අනුව වචනය දේශනා කරනු ඇත, මක්නිසාද රජු ස්වාමීන්වහන්සේ වෙතට හරවනු ලැබුවේය, තවද ඔහුගේ මුළු නිවැසියන්ව ම; එබැවින් ඔහු ඔහුගේ ප්‍රකාශනය දේශය මුළුල්ලෙහි ඔහුගේ ජනතාව වෙතට යවනු ලැබුවේය, එනම් දෙවියන්වහන්සේගේ වචනයට බාධාවක් නොවන පිණිසත්, එහෙත් එනම් එය දේශය මුළුල්ලේ ඉදිරියට යන පිණිසත්, එනම් ඔහුගේ ජනතාවට ඔවුන්ගේ පියවරුන්ගේ දුෂ්ඨ සම්ප්‍රදායන් ගැන ඒත්තු ගන්වනු පිණිසත්, තවද එනම් ඔවුන් සියලු දෙනා සහෝදරයන් බව ඒත්තු ගන්වනු පිණිසත්, තවද එනම් ඔවුන් මිනීමැරීම් නොකළ යුතු බවටත්, කොල්ලකෑමට හෝ, සොරකම් කිරීමට හෝ කාමමිත්‍යාචාරය නොකිරීමටත්, කිසිඳු ආකාරයේ දුෂ්ඨකමක් නොකිරීමටත්ය.

4 තවද එය මෙසේ සිදු විය, එනම් රජු ඔහුගේ ප්‍රකාශනය ඉදිරියට යැවූ විට, එනම් ආරොන් සහ ඔහුගේ සහෝදරයන් නගරයෙන් නගරයට ඉදිරියට ගියෝය, තවද ඒක් නිවසක නමස්කාරයේ සිට තවත් එකකට, සභාවන් පිහිටුවමින්, තවද දේශය පුරා ලේමන්වරුන් අතර පුජකවරුන් සහ ගුරුවරුන් කැප කරමින්, ඔවුන් අතරේ දෙවියන්වහන්සේගේ වචනය දේශනා කිරීමට සහ ඉගැන්වීමට; තවද මෙසේ ඔවුහු මහත් සාර්ථකත්වයන් ලබා ගැනීමට පටන් ගත්හ.

5 තවද දහස් ගණනක් ස්වාමීන්වහන්සේගේ දැන ගැනීමට ගෙන එනු ලැබුවෝය, එසේය, දහස් ගණනක් නීෆායිවරුන්ගේ සම්ප්‍රදායන් තුළ විශ්වාස කිරීමට ගෙන ආවෝය; තවද ඔවුන් හට වර්තමාන කාලය දක්වා අතින් අතට පත් වූ වාර්තාවන් සහ ආනාවැකි උගන්වන ලදී.

6 තවද ස්වාමීන්වහන්සේ ජීවත් වන්නාක් සේම, එසේම විශ්වාස කළ බොහෝ දෙනා, නැතහොත් සත්‍ය පිළිබඳ දැනුමට ගෙන එන ලද බොහෝ දෙනෙක්, ඇමන් සහ ඔහුගේ සහෝදරයන්ගේ දේශනා කිරීම තුළින්, එළිදරව් කිරීමේ ආත්මය සහ අනාවැකියට අනුව, තවද දෙවියන්වහන්සේගේ බලය ඔවුන් තුළ හාස්කම් කරමින් – එසේය, මම නුඹට කියමි, ස්වාමීන්වහන්සේ ජීවත් වෙනතාක්, ඔවුන්ගේ දේශනා විශ්වාස කළ බොහෝ ලේමන්වරුන් මෙන්, තවද ස්වාමීන්වහන්සේ වෙත හැරවුන ලද, කිසි විටෙකත් වැටුනේ නැත.

7 මක්නිසාද ඔවුුුන් ධර්මිෂ්ඨ ජනතාවක් බවට පත් වූවෝය; ඔවුුුන් තම කැරැල්ලේ ආයුධ බිම තැබුවෝය, එනම් ඔවුුුන් තවදුරටත් දෙවියන්වහන්සේ හට විරුද්ධව සටන් නොකළෝය, ඔවුන්ගේ සහෝදරයන් කිසිවෙකුට විරුද්ධව සටන් නොකළෝය.

8 දැන්, ස්වාමීන්වහන්සේ වෙතට හැරී ආ අය මොවුන් විය.

9 ඉෂ්මායෙල් දේශයේ සිටිය ලේමන්වරුන්ගේ ජනතාව;

10 තවද එසේම මිද්දොනි දේශයේ සිටිය ලේමන්වරුන්ගේ ජනතා ගැන ද;

11 තවද එසේම නීෆායි නගරයේ සිටිය ලේමන්වරුන්ගේ ජනතාව ගැන ද;

12 තවද එසේම ශිලොම් දේශයේ සිටිය ලේමන්වරුන්ගේ ජනතාව ද, තවද ශෙම්ලොන් දේශයේ සිටිය අය ද, තවද ලෙමුවෙල් නගරයේ ද ශිම්නිලොම් නගරයේ ද සිටි අය ද.

13 තවද ස්වාමීන්වහන්සේ වෙතට හරවනු ලැබූ ලේමන්වරුන්ගේ නගරවල නම් මේවා ය; තවද ඔවුන්ගේ කැරැල්ලේ ආයුධ බිම තබන ලද අය නම් මොවුන් ය, එසේය, ඔවුන්ගේ සියලු යුද ආයුධ; තවද ඔවුන් සියල්ලෝම ලේමන්වරුන් වූවෝය.

14 තවද එක් අයෙකු පමණක් මිස, ඇමෙලකායිවරුන් හැරුණේ නැත; ඇමියුලොන්වරුන්ගෙන් කිසිවෙක් ද නොවීය; තවද දේශයෙහි එම කොටසෙහි කොහේ හෝ ජීවත් වූ ලේමන්වරුන්ගේ හදවත් ද, එහෙත් ඔවුන් ඔවුන්ගේ හදවත් දැඩි කර ගත්තෝය, එසේය, තවද ඔවුන්ගේ සියලු ගම් ද ඔවුන්ගේ සියලු නගරවලද විය.

15 එසේහෙයින්, ඔවුන් පසුතැවිලි වී සහ සත්‍ය පිළිබඳ දැනුමට පැමිණ, තවද හැරවුන ලද, ලේමන්වරුන්ගේ සියලු නගර අප නම් කළෙමු.

16 තවද දැන් එය මෙසේ සිදු විය, එනම් රජු සහ හැරවුන අය නාමයක් ලබා ගැනීමට ආශා කළෝය, එනම් ඔවුන්ගේ සහෝදරයන් ගෙන් ඔවුන්ව වෙනස්ව හඳුනාගන්නා පිණිස; එසේහෙයින් රජු ආරොන් සහ ඔවුන්ගේ බොහෝ පුජකයන් සමඟ, ඔවුන්ව වෙන්කර හඳුනා ගත යුතු, ඔවුන් කෙරෙහි ගත යුතු නාමය පිළිබඳව සාකච්ඡා කළේය.

17 තවද එය මෙසේ සිදු විය, එනම් ඔවුන් ඔවුන්ගේ නම් ඇන්ටි-නීෆායි-ලීහායිවරු ලෙස හඳුන්වනු ලැබුවෝය; තවද ඔවුන්ව මෙම නාමයෙන් හඳුන්වනු ලැබුවෝය, තවද ඔවුන් තවදුරටත් ලේමන්වරුන් ලෙස හැඳින්වූයේ නැත.

18 තවද ඔවුන් කාර්යක්ෂම ජනතාවක් වන්නට පටන් ගත්තෝය; එසේය, තවද ඔවුන් නීෆායිවරුන් සමඟ මිත්‍රත්වයෙන් සිටියෝය; එසේහෙයින්, ඔවුන් ඔවුන් හා සමඟ ලිපි හුවමාරුවක් පටන් ගන්නා ලදී, තවද දෙවියන්වහන්සේගේ ශාපය තව දුරටත් ඔවුන් පසුපස නොගිය සේක.