ශුද්ධලියවිලි
ඇල්මා 6


6 වන පර්ච්ඡේදය

සරහෙම්ලාහි සභාව පවිත්‍ර කර සංවිධානය කරනු ලබයි – ඇල්මා දේශනා කිරීම සඳහා ගිඩියොන් වෙත යයි. ක්‍රි.පූ. 83 දී පමණ.

1 තවද දැන් එය මෙසේ සිදු විය, එනම් සරහෙම්ලා නගරයේ ස්ථාපිත කර තිබුන, සභාවේ ජනතාවට ඇල්මා කතා කර අවසන් කළ පසු, දෙවියන්වහන්සේගේ සංවිධානයට අනුව ඔහුගේ දෑත් තැබීමෙන්, මූලාසනය දැරීමට සහ සභාව රැකබලා ගැනීමට, ඔහු පූජකවරුන් සහ වැඩිහිටියන් නියම කළේය.

2 තවද එය මෙසේ සිදු විය, එනම් සභාවට අයත් නොවන යම්කෙනෙකු ඔවුන්ගේ පාපයන්වලට පසුතැවිලි වී ඇති නම්, පසුතැවීම වෙතට බෞතීස්ම කරනු ලැබීය, තවද ඔවුන්ව සභාවට බාර ගන්නා ලදී.

3 තවද එය මෙසේ සිදු විය, එනම් සභාවට අයත් වන යම්කෙනෙකු ඔවුන්ගේ දුෂ්ඨකම්වලට පසුතැවිලි නොවන සහ දෙවියන්වහන්සේ අභියස ඔවුන්ව නිහතමානී නොවන – මා අදහස් කරන්නේ ඔවුන්ගේ හදවත්වල උඩඟුකමින් උදම් වී ඇති අය – එවැන්නන් ප්‍රතික්ෂේප කරනු ලැබේ, තවද ඔවුන්ගේ නම් මකා දමනු ලබන්නේය, එනම් ධර්මිෂ්ඨ වූවන් අතර ඔවුන්ගේ නම් ගණන් ගනු නොලබන්නේය.

4 තවද මෙසේ ඔවුන් සරහෙම්ලා නගරය තුළ වු සභාවේ සංවිධානය ස්ථාපිත කිරීමට පටන් ගත්තෝය.

5 දැන් දෙවියන්වහන්සේගේ වචනය සියල්ලන් වෙත මධ්‍යස්ථ බව නුඹලා තේරුම් ගන්නේ නම්, මම කැමැත්තෙමි, එනම් දෙවියන්වහන්සේගේ වචනයට ඇහුම්කන් දීම සඳහා එකට ඒකරාශී වීමේ වරප්‍රසාදයෙන් වලක්වා නොගත්තේය.

6 එසේ නමුත් දෙවියන්වහන්සේගේ දරුවන් හට අඥා කරන ලද්දේ එනම් ඔවුන් නිතර රැස් විය යුතු බවත්, තවද දෙවියන්වහන්සේ නොදන්නා අයවලුන්ගේ ආත්මයේ ශුභසිද්ධිය වෙනුවෙන් නිරාහාරව සහ බලවත් යාච්ඤාවෙන් එක් වන ලෙසත්ය.

7 තවද එය මෙසේ සිදු විය, එනම් ඇල්මා මෙම නියාමන පැනවූ විට ඔහු ඔවුන්ගෙන් වෙන්ව ගියේය, එසේය, සරහෙම්ලා නගරයේ තිබූන සභාවෙන් පිටත්ව ගොස්, තවද ශිදොන් ගඟට නැගෙනහිරෙන් ගිඩියොන් මිටියාවතට ගියේය, එහි නගරයක් ගොඩනඟා තිබුණි, එහි ගිඩියොන් යනුවෙන් නම් කළ මිටියාවතේ පිහිටියේය, ඒය නිහෝර්ගේ හස්තයෙන් ඔහුගේ කඩුවෙන් මරණයට පත් වූ මනුෂ්‍යාගේ නාමයෙන් හැඳින්වුණි.

8 තවද ඔහුගේ පියවරුන් විසින් කියන ලද වචනයේ සත්‍ය එළිදරව් කිරීමට අනුව ද, ඔහු තුළ තිබූ අනාවැකි ආත්මයට අනුව ද, ජේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ සාක්ෂියට අනුව ද, දෙවියන්වහන්සේගේ පුත්‍රයාණන්, උන්වහන්සේගේ ජනතාව ඔවුන්ගේ පාපයන් වෙතින් මුදවා ගැනීමට පැමිණිය යුතු වන සේක, තවද උන්වහන්සේ කැඳවනු ලැබූ ශුද්ධ වූ සංවිධානයට අනුව, ඇල්මා ගොස් ගිඩියොන් මිටියාවතේ පිහිටුවන ලද සභාවට දෙවියන්වහන්සේගේ වචනය ප්‍රකාශ කිරීමට පටන් ගත්තේය. තවද එය මෙසේ ලියා තිබුණි. ආමෙන්.