9 වන පරිච්ඡේදය
අන්ධකාරය තුළදී, ක්‍රිස්තුස්වහන්සේගේ හඬ ඔවුන්ගේ දුෂ්ටකම නිසාවෙන් බොහෝ ජනතාවගේ සහ නගරවල විනාශය ප්‍රකාශ කරන සේක – උන්වහන්සේ එසේම තමන්වහන්සේගේ දේවත්වය ප්‍රකාශ කරන සේක, මෝසෙස්ගේ ව්‍යවස්ථාව සම්පුර්ණ වූ බව ප්‍රකාශ කරන සේක, තවද උන්වහන්සේ වෙතට පැමිණ ගැලවීම ලබන ලෙස මනුෂ්‍යයන්ට ආරාධනා කරන සේක. ක්‍රි.ව. 34 පමණ.
1 තවද එය මෙසේ සිදු විය, එනම් මේ දේශයේ මුළු මුහුණතෙහිම, පොළොවේ සියලු වැසියන් අතරේ මෙසේ මොරදෙන්නා වූ හඬක් ඇසුණේය:
2 මෙම ජනතාවට දුක් වේ, දුක් වේ, දුක් වේ; ඔවුන් පසුතැවිලි වන්නේ නම් මිස මුළු පොළොවේම වැසියන්ට දුක් වේ; මක්නිසාද මාගේ ජනතාවගේ රූමත් පුත්‍රයන් සහ දූවරුන් මරා දැමූ නිසා, මක්නිසාද යක්ෂයා සිනාසෙයි, තවද ඔහුගේ දූතයන් ප්‍රීති වෙයි; තවද ඔවුන්ගේ අයුතුකම් සහ පිළිකුල් ක්‍රියා නිසා එනම් ඔවුන් වැටුණෝය.
3 බලව, මම ඒ මහත් නගරය වන සරහෙම්ලා, සහ එහි වැසියන් ගින්නෙන් දවා දැමුවෙමි.
4 තවද බලව, මම ඒම මහත් නගරය වූ මොරෝනායි මුහුදේ ගැඹුරට ගිල්වා, තවද එහි වැසියන් දියේ ගිල්වන්නට සලස්වන්නෙමි.
5 තවද බලව, අනාගතවක්තෘවරුන්ගේ හා ශුද්ධවන්තයන්ගේ ලේ තවදුරටත් ඔවුන්ට විරුද්ධව මා වෙතට නොපැමිණෙන පිණිස, එනම් ඔවුන්ගේ අයුතුකම් සහ ඔවුන්ගේ පිළිකුල් ක්‍රියා මාගේ මුහුණත ඉදිරියෙන් සඟවන පිණිස, එනම් මා ඒ මහත් නගරය වූ මොරොනිහා ද, තවද එහි වැසියන් ද පොළොවෙන් වසා තැබුවෙමි.
6 තවද බලව, මා ගිල්ගාල් නගරය ගිල්වා, තවද එහි වැසියන් පොළොවේ ගැඹුරේ වළලනු ලැබීමට සලස්වනු ලැබුවෙමි;
7 එසේය, තවද ඔනීහා නගරය සහ එහි වැසියන් ද, තවද මෝකම් නගරය සහ එහි වැසියන් ද, තවද ජෙරුසෙලම් නගරය සහ එහි වැසියන් ද වන්නේය; එනම් අනාගතවක්තෘවරුන්ගේ සහ ශුද්ධවන්තයන්ගේ ලේ ඔවුන්ට විරුද්ධව තවදුරටත් මා වෙතට නොපැමිණෙන පිණිස, ඔවුන්ගේ දුෂ්ටකම සහ පිළිකුල්කම් මාගේ මුහුණත ඉදිරියෙන් සඟවන පිණිස, එනම් ඒ වෙනුවට ජලය මතු කිරීමට මම සැලැස්සුවෙමි.
8 තවද බලව, ගැඩියන්ඩි නගරය ද, තවද ගැඩියොම්නා නගරය ද, තවද යාකොබ්ගේ නගරය ද, තවද ගිම්ගිම්නෝ නගරය ද, මා මේවා සියල්ල ගිල්වීමට සලස්වා, එහි ස්ථානවල කඳු සහ නිම්න සෑදුවෙමි; තවද අනාගතවක්තෘවරුන්ගේ සහ ශුද්ධවන්තයන්ගේ ලේ තවදුරටත් මා වෙතට නොපැමිණෙන පිණිස, එනම් ඔවුන්ගේ දුෂ්ටකම සහ පිළිකුල්කම් මාගේ මුහුණ ඉදිරියෙන් සඟවන පිණිස, එනම් මා එහි වැසියන්ව පොළොවේ ගැඹුරෙහි තැන්පත් කළෙමි.
9 තවද බලව, එනම් යාකොබ් රජුගේ ජනතාව වාසය කළ, ඒ මහත් නගරය වූ ජැකොබූගත්, මා ඔවුන්ගේ පාප නිසාත්, මුළු පොළොවේ සියලු දුෂ්ටකමට ඉහළින් වූ, ඔවුන්ගේ දුෂ්ටකම නිසාත්, ඔවුන්ගේ රහසිගත මිනීමැරුම් සහ සංයෝජන නිසාත්, ගින්නෙන් දැවීමට සැලැස්වූවෙමි; මක්නිසාද එනම් මාගේ ජනතාවගේත් දේශයේ ආණ්ඩුවේත් සාමය නැති කළේ ඔවුන්ය; එසේහෙයින් අනාගතවක්තෘවරුන්ගේද ශුද්ධවන්තයන්ගේ ද ලේ තවදුරටත් ඔවුන්ට විරුද්ධව මා වෙත නොපැමිණෙන පිණිස, මාගේ මුහුණ ඉදිරියෙන් ඔවුන් විනාශ කිරීමට, මා ඔවුන්ව දැවීමට දැමීමට සැලැස්සුවෙමි.
10 තවද බලව, අනාගතවක්තෘවරුන්ව නෙරපීමටත්, ඔවුන්ගේ දුෂ්ටකම සහ පිළිකුල් සහගත ක්‍රියා ගැන ඔවුන්ට ප්‍රකාශ කිරීමට මා එවූ අයට ගල් ගැසීමටත් ඔවුන් කළ දුෂ්ටකම නිසාවෙන් ලේමන් නගරයත්, තවද ජෝෂ් නගරයත්, තවද ගාද් නගරයත්, තවද කිෂ්කුමෙන් නගරයත්, එහි වැසියනුත් ගින්නෙන් දවාලීමට මා සැලැස්සුවෙමි.
11 තවද ඔවුහු ඔවුන් සියල්ලන්ම පලවා දැමූ නිසාවෙන්, එනම් එහි ඔවුන් අතර ධර්මිෂ්ඨ කිසිවෙකු නොසිටියෝය, මා ඔවුන් අතරට එවූ අනාගතවක්තෘවරුන්ගේ සහ ශුද්ධවන්තයන්ගේ ලේ ඔවුන්ට විරුද්ධව පොළොවේ සිට මා වෙතට මොර නොගසන පිණිස, එනම් ඔවුන්ගේ දුෂ්ටකම සහ පිළිකුල්කම් මාගේ මුහුණත ඉදිරියෙන් සැඟවෙන පිණිස, මා ගින්නක් පහතට එවා ඔවුන් විනාශ කළෙමි.
12 තවද ඔවුන්ගේ දුෂ්ටකම සහ පිළිකුල් සහගත ක්‍රියා නිසාවෙන්, මෙම දේශය මත, තවද මෙම ජනතාව මත, බොහෝ බලවත් විනාශයන් පැමිණීමට මා සැලැස්වුවෙමි.
13 අහෝ, ඔවුන්ට වඩා නුඹලා එනම් ධර්මිෂ්ඨ වූ නිසා ඉතිරි වූ නුඹලා සියල්ලෙනි, නුඹලා දැන් මා වෙතට හැරී, තවද නුඹලාගේ පාපයන් ගැන පසුතැවිලි වී, එනම් මා නුඹලාව සුව කරන පිණිස, හැරෙන්නේ නැත්තේහුද?
14 එසේය, සැබැවින්ම මා නුඹලාට කියමි, නුඹලා මා වෙතට එන්නේ නම්, නුඹලාට සදාකාලික ජීවනය ලැබෙනු ඇත්තේය. බලව, මාගේ දයාවේ හස්තය නුඹලා කෙරෙහි දිගු කොට ඇත, තවද කවරෙකු පැමිණෙන්නේද, මා ඔහුව පිළිගන්නෙමි; තවද මා වෙතට පැමිණෙන්නාවු අය ආශ්‍රීර්වාද ලද්දෝය
15 බලව, මා දෙවියන්වහන්සේගේ පුත්‍රයාණන් වන ජේසුස් ක්‍රිස්තුස්වහන්සේ වෙමි. මා අහස සහ පොළොව, තවද එනම් ඒවායේ ඇති සියලු දේවල් මැව්වෙමි. මා පටන්ගැන්මේ සිටම පියාණන්වහන්සේ සමඟ සිටියෙමි. මා පියාණන්වහන්සේ තුළ ද, තවද පියාණන්වහන්සේ මා තුළ ද සිටිමි; තවද මා තුළ පියාණන්වහන්සේ උන්වහන්සේගේ නාමය මහිමයට පත් කළ සේක.
16 මා මාගේම ස්වකීයයන් වෙතට පැමිණියෙමි, තවද මාගේ ස්වකීයයන් මා පිළි නොගත්තේය. තවද මාගේ පැමිණීම පිළිබඳ ශුද්ධ ලියවිලි සම්පූර්ණ වී ඇත්තේය.
17 තවද මා පිළිගත්තාවූ සියල්ලන්ට, දෙවියන්වහන්සේගේ පුත්‍රයන් වන පිණිස මා ඔවුන්ට දුන්නෙමි; තවද මාගේ නාමය කෙරෙහි විශ්වාස කරන්නාවූ සියල්ලන්ටම පවා මා එසේ කරන්නෙමි, මක්නිසාද බලව, මිදීම පැමිණෙන්නේ මා කරණකොටගෙනය, තවද මා තුළ මෝසෙස්ගේ නීතිය සම්පුර්ණ වන්නේය.
18 මා ලෝකයේ ආලෝකය සහ ජීවනය වෙමි. මා ඇල්ෆා සහ ඔමේගාය, පටන්ගැන්ම සහ අවසානය වෙමි.
19 තවද නුඹලා මා උදෙසා තවදුරටත් ලේ වැගිරීමක් ඔප්පු නොකරන්න; එසේය, නුඹලාගේ පූජාවන් සහ නුඹලාගේ දවන පූජාවන්ද පහකරනු ලබන්නේය, මක්නිසාද මා නුඹලාගේ පූජාවන් සහ නුඹලාගේ දවන පූජාවන් කිසිවක් පිළි නොගන්නෙමි.
20 තවද බිඳුණු හදවතක් සහ පසුතැවුණු ආත්මයක් නුඹලා මා හට පූජාවක් ලෙස ඔප්පු කරන්න. තවද බිඳුණු හදවතක් සහ පසුතැවුණු ආත්මයකින් මා වෙතට පැමිණෙන්නාවූ කවරෙකු වූවත්, ලේමන්වරුන්ට මෙන්, මක්නිසාද ඔවුන් හැරෙන අවස්ථාවේ මා කෙරෙහි ඇත්තාවූ ඇදහිල්ල නිසාවෙන්, ගින්නෙන් සහ ශුද්ධාත්මයාණන්ගෙන් බෞතිස්ම වූවාක් මෙන්, මා ඔහුව ගින්නෙන් සහ ශුද්ධාත්මයාණන්ගෙන් බෞතිස්ම කරන්නෙමි, තවද ඔවුන් එය නොදැන සිටියෝය.
21 බලව, මා ලෝකයට පැමිණි ඇත්තේ ලෝකය පාපය වෙතින් ගලවා, ලෝකයට මිදීම ගෙන ඒමටය.
22 එසේහෙයින්, කවරෙකු වූවත් පසුතැවිලි වී තවද කුඩා දරුවෙකු මෙන් මා වෙතට පැමිණෙන්නේ ද, මා ඔහුව ලබාගන්නෙමි, මක්නිසාද දෙවියන්වහන්සේගේ රාජ්‍යය එවැන්නන්ගේය. බලව, එවැන්නන් වෙනුවෙන් මා මාගේ ජීවිතය පූජා කර, තවද එය නැවත ලබාගත්තෙමි; එසේහෙයින් පසුතැවිලි වී, තවද පොළොවේ කෙළවරේ සිටින්නාවූ නුඹලා මා වෙතට පැමිණ, තවද ගැලවීම ලබා ගන්න.