ශුද්ධලියවිලි
3 නීෆායි 24


24 වන පරිච්ඡේදය

ස්වාමීන්වහන්සේගේ පණිවුඩකරු දෙවැනි පැමිණීම සඳහා මාර්ගය සුදානම් කරයි – ක්‍රිස්තුස්වහන්සේ විනිශ්චයේ අසුන් ගන්නා සේක – ඊශ්‍රායෙලයට දසයෙන් කොටසවල් ගෙවීමට සහ පූජාවල් කරන්නට ආඥා කරන සේක – සිහිකිරීමේ පොතක් තබනුු ලැබේ – මලාකී 3 සසඳන්න. ක්‍රි.ව. 34 දී පමණ.

1 තවද එය මෙසේ සිදු විය, උන්වහන්සේ ඔවුන් හට වදාළන, එනම් පියාණන්වහන්සේ මලාකී හට ලබා දුන් වචන ලියා තබන ලෙස උන්වහන්සේ ඔවුන්ට ආඥා කළ සේක. තවද එය මෙසේ සිදු විය, එනම් ඒවා ලිවීමෙන් පසු උන්වහන්සේ ඒවා විස්තර කළ සේක. තවද උන්වහන්සේ ඔවුන්ට පවසන ලද වචන නම් මේවා වේ, වදාළමින්: පියාණන්වහන්සේ මලාකීට මෙසේ වදාළ සේක – බලව, මම මාගේ පණිවුඩකරු එවන්නෙමි, තවද ඔහු මා ඉදිරියෙහි මාර්ගය සුදානම් කරනු ලබන්නේය, තවද නුඹලා සොයන්නාවූ ස්වාමීන්වහන්සේ හදිසියෙන්ම උන්වහන්සේගේ දේවමාළිගාවට පැමිණෙන සේක, නුඹලා ආශා කරන, ගිවිසුමේ පණිවුඩකරුවාණන් පවා; බලව, උන්වහන්සේ පැමිණෙන සේක, සේනාවල ස්වාමීන්වහන්සේ මෙසේ වදාළන සේක.

2 එහෙත් උන්වහන්සේගේ පැමිණෙන දවස දරන්න පුළුවන් කවරෙකුට ද, තවද උන්වහන්සේ ප්‍රකාශ වන කල සිටින්ට පුළුවන් කවරෙකුටද? මක්නිසාද උන්වහන්සේ පිරිපහදු කරන්නෙකුගේ ගින්නක් මෙන්, තවද අපුල්ලන්නෙකුගේ සබන් මෙන් වන සේක.

3 තවද උන්වහන්සේ පිරිපහදු කරන්නා සහ රිදී පවිත්‍ර කරන්නෙකු ලෙස අසුන් ගන්නා සේක; තවද උන්වහන්සේ ලෙවීගේ පුත්‍රයන් පවිත්‍ර කර, එනම් ඔවුන් ධර්මිෂ්ඨකමෙන් ස්වාමීන්වහන්සේ හට පූජා ඔප්පුකරන්නන්ව සිටින පිණිස, තවද රන් හා රිදී මෙන් ඔවුන් පවිත්‍ර කරන සේක.

4 එවිට යුදාහි හා ජෙරුසලමේ පූජාව පුරාණ දවස්වල දී මෙන්, තවද පෙර වසරවල දී මෙන්, ස්වාමීන්වහන්සේ හට ප්‍රසන්න වන සේක.

5 තවද මම විනිශ්චය පිණිස නුඹලා ළඟට පැමිණෙන්නෙමි; තවද මන්ත්‍රකාරයන්ට විරුද්ධව, තවද කාමමිථ්‍යාචාරිකයන්ට විරුද්ධව, තවද බොරු දිවුරන්නන්ට විරුද්ධව, තවද කුලීකාරයාට ඔහුගේ චේතනයෙන් හිංසා කරන්නන්ට විරුද්ධව, වැන්දඹුවට සහ පියා නැත්තාට, තවද එනම් ආගන්තුකයා ප්‍රතික්ෂේප කරන්නන්ට, මම වේගවත් සාක්ෂිකරුවෙක් වන්නෙමි, තවද මට බිය නොවන්නයයි, සේනාවල ස්වාමීන්වහන්සේ වදාළන සේක.

6 මක්නිසාද මම ස්වාමීන්වහන්සේය, මම වෙනස් නොවෙමි; එසේහෙයින් යාකොබ්ගේ පුත්‍රයෝවූ නුඹලා විනාශ නොවී සිටින්නහුය.

7 නුඹලාගේ පියවරුන්ගේ දවස්වල පටන්ම නුඹලා මාගේ වත්පිළිවෙත් නොතබා, එයින් අහක්ව ගියහුය. මා වෙතට හැරී එන්න තවද මමත් නුඹලා වෙතට හැරී එන්නෙමියි, සේනාවල ස්වාමීන්වහන්සේ වදාළන සේක. එහෙත් නුඹලා පවසති: අපි කුමක් වෙතට හැරී එන්නෙමුද?

8 මනුෂ්‍යයෙක් දෙවියන්වහන්සේගෙන් කොල්ලකයිද? එහෙත් නුඹ මාගෙන් කොල්ලකෑවෙහිය. නමුත් නුඹලා මෙසේ කියයි: අපි කෙසේ ඔබවහන්සේගෙන් කොල්ලකෑවෙමුද? දසයෙන් කොටසින් සහ පූජාවලින්ය.

9 නුඹලා ශාපයක් සමඟින් ශාප ලද්දහුය, මක්නිසාද නුඹලා, එනම් මේ මුළු ජාතියම මාගෙන් කොල්ලකන්නහු.

10 නුඹලා ගබඩාගෙට දසයෙන් කොටස් සියල්ල ගෙන එන්න, එනම් මාගේ ගෘහයෙහි භෝජන තිබෙන පිණිස; මා විසින් නුඹලාට ස්වර්ගයේ කවුළු ඇර, තවද ඉඩ මදිවෙන තරමට නුඹලාට ආශීර්වාදයක් වගුරුවා දෙන්නේ නැද්ද කියා, තවද එයින් මා සෝදිසිකර බලන්නැයි, සේනාවල ස්වාමීන්වහන්සේ වදාළන සේක.

11 තවද ඔහු නුඹලාගේ භූමියේ ඵල විනාශ නොකරන ලෙස, තවද ඒවා කාදමන්නාට නුඹලා උදෙසා තර්ජන කරන්නෙමි; කෙතේ නුඹලාගේ මිදිවැලත් අකාලයේ එහි ඵල නොහෙළන්නේයයි, සේනාවල ස්වාමීන්වහන්සේ වදාළන සේක.

12 තවද නුඹලා ආශිර්වාද ලද්දෝයැයි සියලු ජාතීන් පවසනවා ඇත, මක්නිසාද නුඹලා ප්‍රියකරු දේශයක් වන්නහුයයි, සේනාවල ස්වාමීන්වහන්සේ වදාළන සේක.

13 නුඹලාගේ වචන මට විරුද්ධව දැඩිව තිබේ, ස්වාමීන්වහන්සේ වදාළන සේක. එහෙත් නුඹලා කියන්නහුය: අපි ඔබවහන්සේට විරුද්ධව කුමක් කීවෙමුද?

14 නුඹලා මෙසේ පවසා තිබුනි: දෙවියන්වහන්සේට සේවය කිරීම නිෂ්ඵලය, තවද අපි උන්වහන්සේගේ වත්පිළිවෙත් පවත්වා තවද එනම් සේනාවල ස්වාමීන්වහන්සේ ඉදිරියෙහි ශෝක ලෙස හැසුරුණායින් වත් වාසියන් ඇත්ද?

15 තවද දැන් උඩඟු තැනැත්තෝ සතුටුයැයි අපි දැන් කියන්නෙමු; එසේය, එනම් දුෂ්ටකම් කරන්නෝ දියුණුවෙති; එසේය, දෙවියන්වහන්සේ පරීක්ෂා කළ එනම් ඔවුන් පවා ගළවනු ලබයි.

16 එවිට ස්වාමීන්වහන්සේ කෙරෙහි බිය ඇත්තන් එකිනෙකා සමඟ කථා කරගත්තෝය, තවද ස්වාමීන්වහන්සේ ඇහුම්කන් දුන්නේය සහ ඇසූ සේක; තවද එවිට ස්වාමීන්වහන්සේ කෙරෙහි ගෞරවය කරන්නන් සඳහා, තවද එනම් උන්වහන්සේගේ නාමය සිහිකරන්නන් උදෙසා උන්වහන්සේ ඉදිරියෙහි සිහිවීමේ පොතක් ලියන ලද්දේය.

17 තවද ඔවුුුන් මාගේ වන්නෝය, සේනාවල ස්වාමීන්වහන්සේ වදාළන සේක, මම මාගේ මැණික් සාදන එම දවසේ දී; තවද මම ද මනුෂ්‍යයෙක් තමාට සේවය කරන ඔහුගේ පුත්‍රයා ඉතිරි කරන්නාක් මෙන් මම ද ඔවුන් ඉතිරි කරන්නෙමි.

18 එවිට නුඹලා ධර්මිෂ්ඨයා සහ දුෂ්ටයා අතරේ ද, දෙවියන්වහන්සේට සේවය කරන්නා සහ උන්වහන්සේට සේවය නොකරන්නා අතරේ ඇති වෙනස නුඹලා නැවත තවද වටහා ගන්නවා ඇත.