ශුද්ධලියවිලි
3 නීෆායි 30


30 වන පරිච්ඡේදය

පසු දවස්වල අන්‍යජාතීන්ට පසුතැවිලි වී, ක්‍රිස්තුස්වහන්සේ වෙතට පැමිණ, ඊශ්‍රායෙල් වංශය සමඟ ගණන් ගනු ලබන පිණිස අණ කර ඇත. ක්‍රි.ව. 34–35 පමණ.

1 අහෝ අන්‍යජාතීකයන් වූ නුඹලා, ඇහුම්කම් දෙන්න, ජීවමාන දෙවියන්වහන්සේගේ පුත්‍රයාණන් වන, ජේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ වචනවලට සවන් දෙන්න, එනම් නුඹලා පිළිබඳ මා කතා කරන ලෙස උන්වහන්සේ මට අණ කළ දේය, මක්නිසාද, බලව එනම් උන්වහන්සේ මෙසේ කියමින්, මට ලියන්නට අණ කරන සේක:

2 සියලු අන්‍යජාතිකයෙනි නුඹලා, නුඹලාගේ දුෂ්ඨ මාර්ගයන් වෙතින් හැරියල්ලා; තවද නුඹලාගේ නපුරු ක්‍රියාවන්ගෙන්, නුඹලාගේ බොරු සහ රැවටීම්වලින්, තවද නුඹලාගේ වේශ්‍යාකම්වලින්, තවද නුඹලාගේ රහස් පිළිකුල්කම්වලින්, තවද නුඹලාගේ රූප වන්දනාවන්ගෙන්, තවද නුඹලාගේ මිනීමැරුම්වලින්, තවද නුඹලාගේ පූජක උපායන්ගෙන්, තවද නුඹලාගේ ඊර්ෂ්‍යාවන් තුළින්, තවද නුඹලාගේ කෝලහාලයන්ගෙන්, තවද නුඹලාගේ සියලු දුෂ්ටකම් සහ පිළිකුල්කම් වෙතින් පසුතැවිලිවී, තවද මා වෙතට පැමිණ, එනම් නුඹලාගේ පාපවලට කමාව ලැබ, තවද ශුද්ධාත්මයාණන්ගෙන් පිරී යනු පිණිස, තවද මාගේ නාමයෙන් බෞතීස්ම වන්න, එවිට නුඹලා ඊශ්‍රායෙල් වංශයේ මාගේ ජනතාව සමඟ ගණන් ගනු ලබන්නේය.