ශුද්ධලියවිලි
3 නීෆායි 14


14 වන පරිච්ඡේදය

ජේසුස්වහන්සේ ආඥා කරන සේක: විනිශ්චය නොකරන්න; දෙවියන්වහන්සේගෙන් ඉල්ලන්න; බොරු අනාගතවක්තෘවරුන්ගෙන් ප්‍රවේසම් වන්න – පියාණන්වහන්සේගේ කැමැත්ත කරන අයට උන්වහන්සේ ගැළවීම පොරොන්දු වන සේක – ශු. මතෙව් 7 සසඳන්න. ක්‍රි.ව. 34 පමණ.

1 තවද දැන් එය මෙසේ සිදු විය, එනම් ජේසුස්වහන්සේ මෙම වචන පැවසූ පසු උන්වහසේ නැවතත් සමූහයා දෙසට හැරුනු සේක, තවද උන්වහන්සේගේ මුඛය නැවතත් ඔවුන් වෙත විවෘත කරමින් මෙසේ කී සේක; සැබැවක් සැබැවක් මා නුඹලා හට කියන්නෙමි, එනම් නුඹලාව විනිශ්චය නොකරනු පිණිස, විනිශ්චය නොකරන්න.

2 මක්නිසාද නුඹලා යම් විනිශ්චයකින් විනිශ්චය කරන්නෙහුද, එයින්ම නුඹලාද විනිශ්චය කරනු ලබන්නෝය; තවද යම් මිම්මකින් නුඹලා මනින්නේද, එම මිම්මෙන්ම නුඹලාද නැවත මනිනු ලබන්නෝය.

3 තවද එනම් නුඹගේ ඇසේ තිබෙන්නාවු දැවය නොසලකා, එහෙත් නුඹගේ සහෝදරයාගේ ඇසේ ඇති රොඩ්ඩ කුමකට බලන්නෙහිද?

4 නැතහොත් නුඹේ ඇසේ දැවය තිබියදී, නුඹේ සහෝදරයාට කථාකොට නුඹේ ඇසේ තිබෙන්නාවු රොඩ්ඩ ඇද දැමීමට ඉඩ දෙන්නැයි කියන්නේ කෙසේද?

5 කෛරාටික නුඹ, පළමුකොට නුඹේ ඇසෙන් දැවය ඉවතට ගන්න; තවද එවිට නුඹේ සහෝදරයාගේ ඇසේ ඇති රොඩ්ඩ ඉවත් කිරීමට නුඹට පැහැදිලිව පෙනෙන්නෙහිය.

6 එනම් ශුද්ධ වූ දේ බල්ලන්ට නොදෙන්න, නැතහොත් නුඹගේ මුතු ඌරන් ඉදිරියෙහි නොදමන්න, සමහර විට උන් ඒවා පයෙන් පාගා දමා, තවද ආපසු හැරී නුඹව ඉරා දමනු ඇත්තේය.

7 ඉල්ලන්න, එවිට එය නුඹලාට දෙනු ලැබේ; සොයන්න, එවිට නුඹලාට සම්බ වේ; තට්ටු කරන්න, එවිට එය නුඹලාට විවෘත කරනු ලැබේ.

8 මක්නිසාද ඉල්ලන්නාවු සියල්ලන්ට දෙනු ලබන්නේය; තවද එනම් සොයන්නාට, සම්බ වේ; තවද එනම් තට්ටු කරන්නාට, එය විවෘත කරනු ලබන්නේය.

9 නැතහොත් නුඹලා අතරෙන් කවර මනුෂ්‍යයෙකු, ඔහුගේ පුත්‍රයා රොටි ඉල්ලන්නේ නම්, ඔහුට ගලක් දෙන්නේද?

10 නැතහොත් ඔහු මත්ස්‍යයෙකු ඉල්ලන්නේ නම්, ඔහු ඔහුට සර්පයෙකු දෙන්නේද?

11 එවිට නපුරුවූ නුඹලා, නුඹලාගේ දරුවන්ට යහපත් දේ දෙන්නේ කෙසේදැයි දන්නහු නම්, ස්වර්ගයෙහි සිටින නුඹලාගේ පියාණන්වහන්සේ, උන්වහන්සේගේන් ඉල්ලන්නන්ට යහපත් දේ කොපමණ වැඩියෙන් දෙන සේක් ද?

12 එසේහෙයින්, එනම් නුඹලා හට මනුෂ්‍යයන් විසින් සියලු කවරාකාර දේ කරනවාට නුඹලා කැමතිද, නුඹලාත් එසේම ඔවුන්ට කරපල්ලා, මක්නිසාද නීතියත් සහ අනාගතවක්තෘවරුනුත් මෙය වන්නේය.

13 නුඹලා පටු දොරටුවෙන් ඇතුල් වෙයල්ලා; මක්නිසාද දොරටුව පළල්ය, තවද මාර්ගය විශාලය, එය විනාශයට මග පෙන්වන්නේය, තවද බොහෝ එයින් ඇතුල්වන්නෝය.

14 මක්නිසාද දොරටුව ඍජුය, තවද මාර්ගය පටුය, එය ජිවනයට මගපෙන්වන්නේය, තවද එනම් එය සොයාගන්නෝ ස්වල්ප දෙනෙක්ය.

15 බොරු අනාගතවක්තෘවරුන්ගෙන් ප්‍රවේසම් වෙයල්ලා, ඔවුන් බැටළු වේශයෙන් නුඹලා වෙතට පැමිණෙන්නේය, එහෙත් ඇතුලාන්තයෙන් ඔවුන් ඉතා කෑදර වූ වෘකයෝය.

16 ඔවුන්ගේ ඵලවලින් නුඹලා ඔවුන්ව හඳුනා ගන්නෝය. මනුෂ්‍යයෝ කටු ගස්වලින් මුද්‍රික එලවත්, නැතහොත් ගොකටුවලින් අත්තික්කා එලවත් නෙළාගනිත්ද?

17 එම ආකාරයෙන්ම සියලු යහපත් ගසක්ම යහපත් ඵල දරයි; එහෙත් දූෂිත ගස නපුරු ඵල දරයි.

18 යහපත් ගසකට නපුරු ඵලවත්, නැතහොත් දූෂිත ගසකට යහපත් ඵලවත් දරන්නට නොහැකිය.

19 එනම් යහපත් ඵල නොදරන සෑම ගසක්ම කපා, තවද ගින්නට දමනු ලැබේ.

20 එබැවින්, ඔවුන්ගේ ඵලවලින් නුඹලා ඔවුන්ව හඳුනා ගනු ලබන්නේය.

21 එහෙත් එනම් ස්වර්ගයෙහි සිටින මාගේ පියාණන්වහන්සේගේ කැමැත්ත කරන්නා මිස; මා හට, ස්වාමීනි, ස්වාමීනි, කියන සියල්ලෝම ස්වර්ග රාජ්‍යය තුළට ඇතුල් නොවන්නේය.

22 එම දවසේදී බොහෝ දෙනෙකු මා හට කියනු ඇත: ස්වාමීනි, ස්වාමීනි, අපි ඔබගේ නාමයෙන් අනාවැකි නොකියෙමුද, තවද ඔබවහන්සේගේ නාමයෙන් යක්ෂයන් දුරු නොකළෙමුද, තවද ඔබවහන්සේගේ නාමයෙන් බොහෝ පුදුදුමාකාර ක්‍රියා නොකළෙමුද?

23 තවද එවිට මා ඔවුන් හට මෙසේ ප්‍රකාශ කරන්නෙමි: මා කිසිද නුඹව දැන සිටියේ නැත; එනම් අයුතුකම් කරන්නාවු නුඹලා, මා කෙරෙන් අහක්ව පලයල්ලා.

24 එසේහෙයින්, මාගේ මෙම වචන අසා ඒවා පිළිපදින කවරෙකු වුව ද, මා ඔහුව පර්වතයක් මත ඔහුගේ නිවස සාදාගත් ප්‍රඥාවන්ත මනුෂ්‍යකුට සමාන කරනු ලබන්නේය –

25 තවද වැසි වැස, තවද ගංවතුර ගලා, තවද සුළඟ හමා, තවද එම නිවස මත ගැසුවේය; තවද එය නොවැටුනේය, මක්නිසාද එය පර්වතයක් මත ගොඩනැගුනු බැවිනි.

26 තවද එනම් මාගේ මෙම වචන අසා ඒවා පිළි නොපදින සෑම කෙනෙකුම වැලි මත තමාගේ නිවස සදාගත් අනුවණ මනුෂ්‍යයෙකුට සමාන කරනු ලබන්නේය –

27 තවද වැසි වැස, තවද ගංවතුර ගලා, තවද සුළඟ හමා, තවද එම නිවස මත ගැසුවේය; තවද එය වැටුණේය, තවද එහි වැටීම මහත් විය.