16 වන පරිච්ඡේදය
ජේසුස්වහන්සේ ඊශ්‍රායෙලයේ නැතිවූ බැටළුවන්ගෙන් අනෙක් අය බැලීමට පැමිණෙනු ඇත්තේය – අන්තිම දවස්වල දී ශුභාරංචිය අන්‍යජාතීන්ටත් පසුව ඊශ්‍රායෙල් වංශයටත යන්නේය උන්වහන්සේ සයන් නැවත ගෙන එන විට ස්වාමීන්වහන්සේගේ ජනතාව ඇසට ඇස දකිනු ඇත්තේය. ක්‍රි.ව. 34 පමණ.
1 තවද සැබවක්, සැබවක්, මම නුඹලා හට කියමි, එනම් මට වෙනත් බැටළුවන් ඇත්තෙමි, ඔවුන් මේ දේශයටවත්, නැතහොත් ජෙරුසලම් දේශයටවත්, නැතහොත් මා මෙහෙකිරීමට ගිය එම දේශයේ අවට කිසිදු ප්‍රදේශයකටවත් අයත් නොවන්නේය.
2 මක්නිසාද මා කතා කරන්නා වූ ඔවුන්, තවමත් මාගේ හඬ අසා නැත්තේය; නැතහොත් මම මා විසින් කිසිදු අවස්ථාවක ඔවුන් හට ප්‍රකාශ වී නැත්තේය.
3 එහෙත් තවද එනම් ඔවුන්ට මාගේ හඬ ඇසෙන පිණිස, තවද මාගේ බැටළුවන් අතර ගණන් ගනු ලැබ, එනම් එහි එක රැළක් සහ එක එඬේරෙකු සිටිනු පිණිස, මා ඔවුන් වෙතට යන ලෙසට මා හට පියාණන්වහන්සේගෙන් ආඥාවක් ලැබුවෙමි; එසේහෙයින් ඔවුන් හට මාවම පෙන්වන පිණිස මම යන්නෙමි.
4 තවද එනම් මා ගිය පසුව නුඹලා මෙම කියමන් ලිවිය යුතු යැයි මම නුඹලාට අණ කරමි, එනම් මා දැක මාගේ දේවසේවය තුළ මා සමඟ සිටියා වූ ඔවුන්, එනම් ජෙරුසලමේ සිටින්නාවු මාගේ ජනතාව, එනම් ශුද්ධාත්මයාණන් කරණකොටගෙන නුඹලා ගැන සහ එසේම ඔවුන් නොදන්නා අනෙකුත් ගෝත්‍රවල අය පිළිබද දැනුමක් ඔවුන්ට ලැබෙන පිනිස, මාගේ නාමයෙන් පියාණන්වහන්සේගෙන් නොඉල්ලන පිණිස, එනම් නුඹලා විසින් ලියන ලද මෙම කියමන් ආරක්ෂා කර තවද අන්‍යජාතීන්ට ප්‍රකාශ කරනු ලබන්නේය, එනම් එවිට අන්‍යජාතීන්ගේ පූර්ණත්වය තුළින්, ඔවුන්ගේ අවිශ්වාසය නිසා පොළොව මතුපිට විසිරී යන්නා වූ, ඔවුන්ගේ වංශයේ ඉතිරි කොටස, ගෙන එනු ලබන්නේය, නැතහොත් ඔවුන්ගේ මිදුම්කරුවාණන් වන, මා පිළිබඳ දැනුමකට ගෙන එනු ලබන්නේය.
5 තවද ඉන්පසු මා ඔවුන්ව පොළොවේ සතර කොනෙන් එක්රැස් කරන්නෙමි; තවද ඉන්පසු පියාණන්වහන්සේ ඊශ්‍රායෙල් වංශයේ සියලු ජනතාව හට කළාවු ගිවිසුම මම සම්පූර්ණ කරන්නෙමි.
6 තවද මා කෙරෙහිත්, මා ගැනැත් පියාණන්වහන්සේ ගැනත් ඔවුන්ට සාක්ෂි දෙන්නාවු ශුද්ධාත්මයාණන් කෙරෙහිත්, ඔවුන්ගේ ඇදහිල්ල නිසාවෙන් අන්‍යජාතීන් ආශිර්වාද ලද්දෝය.
7 බලව, මා කෙරෙහි ඔවුන්ගේ ඇදහිල්ල නිසා, පියාණන්වහන්සේ මෙසේ වදාරන සේක, අහෝ ඊශ්‍රායෙල් වංශයෙනි, නුඹලාගේ අවිශ්වාසය නිසා, අන්තිම දවසේදී අන්‍යජාතීන් වෙතට සත්‍යය පැමිණෙනු ඇත්තේය, එනම් මෙම දේවල්වල සම්පූර්ණත්වය ඔවුන්ට ප්‍රකාශ කරනු ලබන පිණිසය.
8 එහෙත් පියාණන්වහන්සේ මෙසේ වදාරන සේක, නොඇදහිලිකාර අන්‍යජාතීන්ට දුක් වේ – මක්නිසාද එසේතිබියදිත් ඔවුන් මේ දේශයේ මතුපිටට පැමිණ, තවද ඊශ්‍රායෙල් වංශයෙන් පැමිණි මාගේ ජනතාව විසුරුවා හැර ඇත්තේය; තවද ඊශ්‍රායෙල් වංශයේ වූ මාගේ ජනතාව ඔවුන් අතරින් පිටතට පලවා හැර, තවද ඔවුන්ගේ පාදවලින් පාගා දමනු ලැබ ඇත්තේය;
9 තවද අන්‍යජාතීන් කෙරෙහි පියාණන්වහන්සේගේ දයාව නිසාත්, තවද එසේම ඊශ්‍රායෙල් වංශයේ වූ මාගේ ජනතාව කෙරෙහි පියාණන්වහන්සේගේ විනිශ්චයන් නිසාත්, සැබවක්, සැබවක්, මම නුඹලා හට කියමි, එනම් මේ සියල්ලට පසු, ඊශ්‍රායෙල් වංශයේ මාගේ ජනතාවට පහර දීමටත්, තවද පීඩා කිරීමටත්, තවද නසා දැමීමටත්, තවද ඔවුන් අතරින් පන්නා දැමීමටත්, තවද ඔවුන් විසින් වෛර කරනු ලැබීමටත්, තවද ඔවුන් අතරේ නින්දා අපහාසයක් සහ උපහාසයක් වීමටත් මම සැලැස්සුවෙමි.
10 තවද එනම් මා නුඹලාට පැවසිය යුතුයැයි පියාණන්වහන්සේ මෙසේ අණ කරන සේක: ඒම දවසේදී අන්‍යජාතීන් මාගේ ශුභාරංචියට විරුද්ධව පව් කර, තවද මාගේ ශුභාරංචියේ සම්පූර්ණත්වය ප්‍රතික්ෂේප කරනු ලබන්නේය, තවද සියලු ජාතීන්ට සහ මුළු පොළොවේ සියලු ජනතාවට වඩා ඔවුන්ගේ හදවත් වල උඩඟුකමෙන් උසස් කරනු ලබන්නේය, තවද සියලු ආකාරයේ බොරුවලින්ද, රැවටිලිකමද, මැරවරකමද, තවද සියලු ආකාරයේ කුහකකමෙන්ද, මිනීමැරුම්වලින්ද, පූජක උපායන්ද, තවද වේශ්‍යාකම්ද, සහ රහසිගත පිළිකුල්කම්වලින් ද පිරී යනු ඇත්තේය; තවද ඔවුන් ඒම සියලු දේ කරන්නේ නම්, තවද මාගේ ශුභාරංචියේ සම්පූර්ණත්වය ප්‍රතික්ෂේප කරන්නේ නම්, බලව, පියාණන්වහන්සේ මෙසේ වදාරන සේක, මා ඔවුන් අතරින් මාගේ ශුභාරංචියේ සම්පූර්ණත්වය ගෙන එන්නෙමි.
11 තවද එවිට මාගේ ජනතාව සමඟ මා විසින් කළාවු මාගේ ගිවිසුම මා සිහිපත් කරන්නෙමි, අහෝ ඊශ්‍රායෙල් වංශය, තවද මා ඔවුන් වෙතට මාගේ ශුභාරංචිය ගෙනෙන්නෙමි.
12 තවද අහෝ ඊශ්‍රායෙල් වංශය, එනම් අන්‍යජාතීන්ට නුඹලා කෙරෙහි බලය නොතිබෙන බව, මා නුඹලාට පෙන්වන්නෙමි; එහෙත් අහෝ ඊශ්‍රායෙල් වංශය, නුඹලා වෙත මා මාගේ ගිවිසුම සිහි කරන්නෙමි, තවද නුඹලා මාගේ ශුභාරංචියේ සම්පූර්ණත්වය පිළිබඳ දැනගැනීමට පැමිණෙනු ඇත්තෝය.
13 එහෙත් අන්‍යජාතීන් පසුතැවිලිවී තවද මා වෙතට හැරී එන්නේ නම්, බලව, අහෝ ඊශ්‍රායෙල් වංශය, ඔවුන් මාගේ ජනතාව අතරට ගණන් ගනු ලබන්නේ යැයි, පියාණන්වහන්සේ වදාරන සේක.
14 තවද ඊශ්‍රායෙල් වංශයේ වූ මාගේ ජනතාව ඔවුන් අතරින් ගොස්, තවද ඔවුන්ව පාගා දැමීමට මා ඉඩ නොදෙන්නෙමි යැයි, පියාණන්වහන්සේ වදාරන සේක.
15 එහෙත් ඔවුන් මා වෙතට හැරී, තවද මාගේ හඬට ඇහුම්කම් නොදෙන්නේ නම්, අහෝ ඊශ්‍රායෙල් වංශය, මා ඔවුන්ට ඉඩ දෙන්නෙමි, එසේය, මා මාගේ ජනතාවට ඉඩ දෙන්නෙමි, එනම් ඔවුහූ, ඔවුන් මධ්‍යයෙන් ගොස්, තවද ඔවුන්ව පාගා දමන්නෝය, තවද එනම් ඔවුන් එහි රසය නැති වූ ලුණු මෙන් වන්නෝය, අහෝ ඊශ්‍රායෙල් වංශය, එතැන් පටන් ඒවා පිටතට දැමීමට, සහ මාගේ ජනතාවගේ පාද යට පාගා දැමීමට පමණක් මිස කිසිවකට නොවටින්නේය.
16 සැබවක්, සැබවක්, මා නුඹලා හට කියමි, මෙසේ පියාණන්වහන්සේ මට අණ කළ සේක – එනම් මේ ජනතාව වෙත ඔවුන්ගේ උරුමය ලෙස මෙම දේශය මා දිය යුතුවන්නේය.
17 තවද එවිට අනාගතවක්තෘ යෙසායාගේ වචන සම්පුර්ණ වනු ඇත්තේය, එය මෙසේ කියන්නේය:
18 නුඹගේ රැකවල්කරුවන් හඬ නඟන්නෝය; හඬ සමඟින් ඔවුන් එක්ව ගයන්නෝය, මක්නිසාද ස්වාමීන්වහන්සේ සයන් නැවත ගෙනෙන විට ඔවුන් ඇසට ඇසක් දකිනු ඇත්තෝය.
19 ජෙරුසෙලමේ පාළු වූ ස්ථානයන්, ප්‍රීතියෙන් නැගී ඝෝෂා නඟන්න, එක්ව ගායනා කරන්න; මක්නිසාද ස්වාමීන්වහන්සේ උන්වහන්සේගේ ජනතාව සනසා, උන්වහන්සේ ජෙරුසෙලම මුදවාගත් සේක.
20 ස්වාමීන්වහන්සේ සියලු ජාතීන්ගේ ඇස් ඉදිරියෙහි උන්වහන්සේගේ ශුද්ධ වූ හස්තය නග්න කළ සේක; තවද පොළොවේ සියලු කෙළවරවල් දෙවියන්වහන්සේගේ ගැළවීම දකිනු ඇත්තේය.