ශුද්ධලියවිලි
3 නීෆායි 20


20 වන පරිච්ඡේදය

ජේසුස්වහන්සේ හාස්කමක් ලෙස රොටි සහ මිදි යුෂ සපයා තවද නැවතත් ජනතාව හට සක්‍රමේන්තුව ඉෂ්ඨ කරන සේක – යාකොබ්ගේ ඉතිරි වූවන් ස්වාමීන්වූ ඔවුන්ගේ දෙවියන්වහන්සේගේ දැනගැනීමට පැමිණෙන අතර තවද ඇමරිකාව උරුමකර ගනිති – ජේසුස්වහන්සේ මෝසෙස් මෙන් සමාන දිවැසිවරයෙකු වන සේක, තවද නීෆායිවරුන් අනාගතවක්තෘවරුන්ගේ දරුවෝ වෙති – ස්වාමීන්වහන්සේගේ ජනතාවගෙන් අනෙක් අය ජෙරුසලමට එක්රැස් කරනු ලැබේ. ක්‍රි.ව. 34 පමණ.

1 තවද එය මෙසේ සිදු විය, එනම්, උන්වහන්සේ ජනසමුහයා, තවද එසේම උන්වහන්සේගේ ගෝලයන්ට ද යාච්ඤා කිරීම නැවැත්විය යුතු යැයි ආඥා කළ සේක. තවද එනම් ඔවුන් ඔවුන්ගේ හදවත් තුළ යාච්ඤා කිරීම නැවැත්විය යුතු නැතැයි උන්වහන්සේ ඔවුන්ට ආඥා කළ සේක.

2 තවද උන්වහන්සේ ඔවුන්ට ඔවුන්ගේ දෙපාවලින් නැගිට සිට ගැනීමට ආඥා කළ සේක. තවද ඔවුන් නැඟිට ඔවුන්ගේ දෙපාවලින් සිට ගත්හ.

3 තවද එය මෙසේ සිදු විය, එනම්, උන්වහන්සේ නැවතත් රොටි කඩා තවද එයට ආශිර්වාද කොට, තවද එය අනුභව කරන පිණිස ගෝලයන්ට දුන් සේක.

4 තවද ඔවුන් අනුභව කළ පසුව, රොටි කඩා එනම් ජනසමූහයාට දිය යුතුයැයි උන්වහන්සේ ඔවුන් හට ආඥා කළ සේක.

5 තවද ඔවුන් ජනසමූහයා හට දුන් පසුව, උන්වහන්සේ එසේම ඔවුන්ට මිදි යුෂ පානය කිරීමට දුන් සේක, තවද එනම් ඔවුන් ජනසමූහයා හට දියයුතු යැයි ඔවුන්ට ආඥා කළ සේක.

6 දැන්, එහි ගෝලයන් විසින්, නැතහොත් ජනසමූහයා විසින් ගෙන එනු ලැබු, රොටි ද නැතහොත් මිදි යුෂ ද නොතිබුණේය.

7 එහෙත් උන්වහන්සේ සැබවින්ම ඔවුන් හට අනුභව කිරීමට රොටි, සහ එසේම පානය කිරීමට මිදි යුෂ දුන් සේක.

8 තවද උන්වහන්සේ ඔවුන් හට මෙසේ වදාළ සේක: එනම් යමෙක් මෙම රොටි අනුභව කරන්නේද, මාගේ ශරීරය ඔහුගේ ප්‍රාණයට අනුභව කරයි; තවද එනම් යමෙක් මෙම මිදි යුෂ පානය කරන්නේද, මාගේ රුධිරය ඔහුගේ ප්‍රාණයට පානය කරන්නේය; තවද ඔහුගේ ප්‍රාණයට කිසිදා කුසගින්නවත්, නැතහොත් පිපාස වන්නේවත් නැත, එහෙත් පුරවනු ලබන්නේය.

9 දැන්, ජනසමූහයා සියල්ලෝම අනුභව කොට තවද පානය කළ විට, බලව, ඔවුහු ආත්මයාණන් මඟින් පුරවනු ලැබීය; තවද ඔවුන් එක් හඬින් මොරගැසූහ, තවද ඔවුන් දුටුවාවූ සහ ඇසුවාවූ, ජේසුස්වහන්සේට මහිමය දුන් සේක.

10 තවද එය මෙසේ සිදු විය, එනම්, ඔවුන් සියල්ලෝම ජේසුස්වහන්සේ හට මහිමය දුන් පසු, උන්වහන්සේ ඔවුන් හට මෙසේ කී සේක: බලව ඊශ්‍රායෙල් වංශයේ ඉතිරි වූවන් වන මෙම ජනතාව සම්බන්ධයෙන්, පියාණන්වහන්සේ මට ආඥා කළාවු එම ආඥාව දැන් මා අවසන් කළෙමි.

11 මා නුඹලා හට කතා කළ බව නුඹලාට මතක ඇත්තේය, තවද එනම් එවිට යෙසායාගේ වචන සම්පූර්ණ විය යුතුයැයි කී සේක – බලව ඒවා ලියා ඇත්තේය, නුඹලා ඉදිරියෙහි ඒවා ඇත්තේය, එසේහෙයින් ඒවා සොයන්න –

12 තවද සැබවක්, සැබවක්, මා නුඹලාට කියමි, අහෝ ඊශ්‍රායෙල් වංශය, එනම් ඒවා සම්පූර්ණ වූ විට, එවිට සම්පූර්ණ වන්නේ පියාණන්වහන්සේ උන්වහන්සෙගේ ජනතාව හට කරන ලද්දාවු එම ගිවිසුමය.

13 තවද එවිට පොළෝ මතුපිට විසිරී සිටින්නාවු ඉතිරි වූවන් නැගෙනහිරින්ද, තවද බටහිරින්ද, තවද දකුණෙන් සහ උතුරු දෙසින් එක්රැස් කරනු ලබන්නේය; තවද ඔවුන්ව මුදවා ගනු ලැබූවාවූ, ස්වාමීන් වූ ඔවුන්ගේ දෙවියන්වහන්සේ පිළිබඳ දැනුමට ඔවුන්ව ගෙන එනු ලබන්නේය.

14 තවද එනම් නුඹලාගේ උරුමය උදෙසා මෙම දේශය නුඹලා හට මා දිය යුතු යැයි පියාණන්වහන්සේ මා හට ආඥා කර ඇති සේක.

15 තවද මා නුඹලාට කියමි, එනම් අන්‍යජාතිකයන් මාගේ ජනතාව විසුරුවා හරිනු ලැබු පසු, ඔවුන්ට ලැබෙන ආශිර්වාදයෙන් පසු පසුතැවිලි නොවන්නේ නම් –

16 එවිට යාකොබ්ගේ වංශයේ ඉතිරි වූවන්, වන නුඹලා, ඔවුන් අතර පෙරට යන්නෙහුය; තවද බොහෝ වූ ඔවුන් මධ්‍යයෙහි නුඹලා සිටින්නෙහුය; තවද නුඹලා ඔවුන් අතරෙහි වනයේ මෘගයන් අතරේ සිංහයෙකු මෙන් වන්නෙහුය, තවද බැටළු රැළවල් අතරේ තරුණ සිංහයෙකු මෙන්, ඔහු, ඒ තුළින් යන්නේ නම් පාගා දමමින්, තවද කැබලිවලට ඉරා දමන්නේය, තවද කිසිවෙකුට ගළවාගත නොහැකි වන්නේය.

17 නුඹගේ දෑත නුඹගේ විරුද්ධකාරයන් මත ඔසවනු ලබන්නේය, තවද නුඹගේ සියලු සතුරන් කපා හරිනු ලබන්නේය.

18 තවද මනුෂ්‍යයෙකු ඔහුගේ ගොයම් මිටි පොළොවට රැස් කරන්නාක් මෙන් මා මාගේ ජනතාව එක්රැස් කරන්නෙමි.

19 මක්නිසාද පියාණන්වහන්සේ සමඟ ගිවිසුම් කරනු ලැබුවාවු කවරෙකු වූවද මාගේ ජනතාව මම සාදන්නෙමි, එසේය, මා නුඹේ අං යකඩ කරන්නෙමි, තවද මා නුඹේ කුර පිත්තල කරන්නෙමි. තවද නුඹ බොහෝ ජනතාව කැබලි කොට පහර දෙන්නෙහිය; තවද මා ඔවුන්ගේ ලාභය ස්වාමීන්වහන්සේටත්, තවද ඔවුන්ගේ වස්තුව මුළු පොළොවේහිම ස්වාමීන්වහන්සේ හට කැප කරන්නෙමි. තවද බලව, එය කරන්නේ මමය.

20 තවද එය මෙසේ සිදු වන්නේ යැයි, පියාණන්වහන්සේ පවසන සේක, එනම් එම දවසේදී මාගේ යුක්තියේ කඩුව ඔවුන් මත එල්ලෙන්නේය; තවද ඔවුන් පසුතැවිලි වන්නේ නම් මිස, එය ඔවුන් මත වැටෙන්නේ යැයි, පියාණන්වහන්සේ පවසන සේක, එසේය, සියලු අන්‍යජාතීන්ගේ ජාතීන් මත පවා වනු ඇත.

21 තවද එය මෙසේ සිදු වන්නේය, අහෝ ඊශ්‍රායෙල් වංශය, එනම් මා මාගේ ජනතාව පිහිටුවන්නෙමි.

22 තවද බලව, මා නුඹගේ පියාවු යාකොබ් සමඟ කළාවු එම ගිවිසුම සම්පූර්ණ කරන තුරු, මා මෙම ජනතාව මෙම දේශයේ පිහිටුවන්නෙමි; තවද එය නව ජෙරුසලම වන්නේය. තවද ස්වර්ගයෙහි බලය මෙම ජනතාව මධ්‍යයෙහි වන්නේය; එසේය, මා නුඹලා මධ්‍යයෙහි පවා සිටින්නෙමි.

23 බලව, මෝසෙස් මෙසේ කියමින් කතා කළ එම තැනැත්තා මම වෙමි: ස්වාමීන් වූ නුඹලාගේ දෙවියන්වහන්සේ නුඹලාගේ සහෝදරයන් අතරින්, මා වැනි අනාගතවක්තෘවරයෙකු ඔසවන සේක; ඔහු නුඹලා හට කතා කරන්නාවු සියලු දේයකදීම නුඹලා ඔහුට ඇහුම්කන් දෙන්නෙහුය. තවද එය මෙසේ සිදු වන්නේය, එනම් එම අනාගතවක්තෘවරයාට ඇහුම්කන් නොදෙන්නාවු සෑම ප්‍රාණයක්ම ජනතාව අතරින් කපා හරිනු ලබන්නේය.

24 සැබැවින් ම මම නුඹලාට කියමි, එසේය, තවද සාමුවෙල් පටන් ඉන්පසු පැමිණියාවු එම සියලු අනාගතවක්තෘවරුන්, බොහෝ දෙනෙක් කතා කළේද, සාක්ෂි දැරුවේද මා ගැනය.

25 තවද බලව, නුඹලා අනාගතවක්තෘවරුන්ගේ දරුවන්ය; තවද නුඹලා ඊශ්‍රායෙල් වංශයෙන් වන්නේය; තවද නුඹලා පියාණන්වහන්සේ නුඹලාගේ පියවරුන් සමඟ කළාවු ගිවිසුමෙන් වන්නහුය, ආබ්‍රහම් හට මෙසේ කියමින්: තවද නුඹගේ වංශය තුළ පොළොවේ සියලු ඥාතීන් ආශීර්වාද ලබන්නෝය.

26 පියාණන්වහන්සේ නුඹලා වෙතට මා පළමුවෙන් ඔසවා තැබු අතර, තවද නුඹලා සෑම අයෙකුම ඔහුගේ අයුතුකම්වලින් ඉවතට හරවා නුඹලාට ආශිර්වාද කරන පිණිස මා එවූ සේක; තවද මෙය නුඹලා ගිවිසුමේ දරුවන් වූ බැවින්ය –

27 තවද එනම් නුඹලා ආශීර්වාද ලැබූ පසු, එවිට පියාණන්වහන්සේ ආබ්‍රහම් සමඟ එම කළ ගිවිසුම මෙසේ කියමින්, සම්පූර්ණ කරන සේක: නුඹගේ වංශය කරණකොටගෙන පොළොවේ සියලු ඥාතීන් ආශිර්වාද ලබන්නෝය – අහෝ ඊශ්‍රායෙල් වංශය, අන්‍යජාතීන් කෙරෙහි මා කරණකොටගෙන ශුද්ධාත්මයාණන් වැගිරවීම මත, එනම් මාගේ ජනතාව විසුරුවාලීමට අන්‍යජාතීන් කෙරෙහි ආශිර්වාදය ඔවුන් සියල්ලන්ටම වඩා බලවත් කරන්නේය.

28 තවද ඔවුහු මෙම දේශයේ ජනතාව මතට කසපහරක් වන්නෝය. එසේනමුත්, ඔවුන් මාගේ ශුභාරංචියේ සම්පූර්ණත්වය ලැබුනු විට, එවිට ඔවුන් මට විරුද්ධව ඔවුන්ගේ හදවත් දැඩි කරගන්නේ නම්, මා ඔවුන්ගේ අයුතුකම් ඔවුන්ගේම හිස් මතට නැවත පමුණුවන්නෙමියි, පියාණන්වහන්සේ පවසන සේක.

29 තවද මා මාගේ ජනතාව සමඟ කළාවු ගිවිසුම මා සිහිකරන්නෙමි; තවද මාගේ නියමිත කාලයේදී ඔවුන් එකට එක්රැස් කරන්නෙමියි මා ඔවුන් සමඟ ගිවිසුමක් ඇති කරගෙන ඇත්තෙමි, එනම් මා ඔවුන්ගේ උරුමය ලෙස ඔවුන්ගේ පියවරුන්ගේ දේශය වන, එම ජෙරුසලම් දේශය, ඔවුන්ට නැවත ලබා දෙන්නෙමි, එය ඔවුන් හට සදාකාලයටම පොරොන්දු දේශය වන්නේ යයි, පියාණන්වහන්සේ පවසන සේක.

30 තවද එය මෙසේ සිදු වනු ඇත්තේය, එනම් කාලය පැමිණි කල, මාගේ ශුභාරංචියේ සම්පූර්ණත්වය ඔවුන් හට දේශනා කරනු ලබන්නේය;

31 තවද ඔවුන් මා කෙරෙහි විශ්වාස කරන්නෝය, එනම් මා දෙවියන්වහන්සේගේ පුත්‍රයා වන, ජේසුස් ක්‍රිස්තුස්වහන්සේ බවත්, තවද මාගේ නාමයෙන් පියාණන්වහන්සේ හට යාච්ඤා කරන්නෝය.

32 එවිට ඔවුන්ගේ රැකවල්කරුවන් ඔවුන්ගේ හඬ ඔසවමින්, තවද හඬ නඟා එක්ව ගයන්නෝය; මක්නිසාද ඔවුන් ඔවුන්ගේම ඇසින් දකින්නෝය.

33 එවිට පියාණන්වහන්සේ ඔවුන්ව නැවත එක්රැස් කරන සේක, තවද ඔවුන්ගේ උරුමයේ දේශය ලෙස ජෙරුසලම ඔවුන්ට ලබා දෙන සේක.

34 එවිට ඔවුන් ප්‍රීතියෙන් පිනා යනු ඇත්තේය – ජෙරුසලමේ පාළු ස්ථානයෙනි නුඹලා, එක්ව ගායනා කරන්න; මක්නිසාද පියාණන්වහන්සේ උන්වහන්සේගේ ජනතාව සනසා, උන්වහන්සේ ජෙරුසලම මුදාගත් සේක.

35 පියාණන්වහන්සේ සියලු ජාතීන්ගේ දෑස් හමුවේ උන්වහන්සේගේ ශුද්ධ හස්තය නිරාවරණය කළ සේක; තවද පොළොවේ සියලු කෙළවරවල් පියාණන්වහන්සේගේ ගැළවීම දකින්නේනේය; තවද පියාණන්වහන්සේ සහ මම එක් තැනැත්තෙක්ය.

36 තවද එවිට එනම් ලියන ලද්දාවු එය සම්පූර්ණ කරනු ලබන්නේය; අහෝ සයන්, අවදිවන්න, නැවත අවදිවන්න, තවද නුඹගේ ශක්තිය පැළඳ ගන්න, අහෝ සයන්; නුඹගේ ශුද්ධවු නගරය වන ජෙරුසලම, නුඹගේ අලංකාරවු වස්ත්‍ර පැළඳගන්න, මක්නිසාද මෙතැන් පටන් තවදුරටත් නුඹ තුළට අචර්මච්ඡේදිතයන් සහ අපවිත්‍රයන් නොපැමිණෙන්නෝය.

37 දූවිල්ල වෙතින් නුඹව ගසාදමන්න; නැගී සිටින්න, වාඩි වන්න, අහෝ ජෙරුසලම; අහෝ වහල්භාවයේ දියණියවු සයන්, නුඹගේ බෙල්ලෙහිවු බැඳුම්වලින් නුඹව මුදා හරින්න.

38 මක්නිසාද ස්වාමීන්වහන්සේ මෙසේ කී සේක: නුඹලා කිසිවක් නොමැතිව නුඹලාවම විකුණා ගත්තහුය, තවද මුදල් නැතුව නුඹලා මුදනු ලබන්නහුය.

39 සැබවක් සැබවක් මම නුඹලාට කියමි, එනම් මාගේ ජනතාව මාගේ නාමය දැනගන්නෝය; එසේය, එම දවසේදී එනම් කථාකරන්නේ මා බව ඔවුන් දැනගන්නෝය.

40 තවද එවිට ඔවුහු මෙසේ කියනු ඇත්තේය: ඔවුන් හට යහපත් ආරංචි ගෙනෙන්නාවූ, එනම් සාමය ප්‍රකාශ කරන්නාවූ; එනම් යහපත පිළිබද යහපත් ආරංචි ගෙනෙන්නාවූ, එනම් ගැළවීම ප්‍රකාශ කරන්නාවූ; නුඹගේ දෙවියන්වහන්සේ රජකම් කරන සේකැයි, එනම් සයන් හට කියන්නාවූ: තැනැන්තාගේ පාද කඳු මත කොපමණ අලංකාරද!

41 තවද එවිට මොරගැසීමක් පෙරට නික්මෙන්නේය: නුඹලා පිට වෙයල්ලා, නුඹලා පිට වෙයල්ලා, නුඹලා එතැනින් පිටත්ව පලයල්ලා, එනම් එම අපවිත්‍ර දෙයට අත නොගසල්ලා; ඇයගේ මධ්‍යයෙන් පිටතට නුඹලා පලයල්ලා; එනම් ස්වාමීන්වහන්සේගේ බඳුන් උසුලන්නාවූ නුඹලා පවිත්‍ර වෙයල්ලා.

42 මක්නිසාද නුඹලා ඉක්මණින් පිටතට යන්නේ, හෝ පලා නොයන්නහුය; මක්නිසාද ස්වාමීන්වහන්සේ නුඹලාට පෙරටුව යන සේක, තවද ඊශ්‍රායෙල්හි දෙවියන්වහන්සේ නුඹලාට පසුපසින් සිටින සේක.

43 බලව, මාගේ සේවකයා ප්‍රඥාන්විතව කටයුතු කරන්නේය; ඔහු උසස් කරනු ලැබ, තවද උතුම් වී, තවද ඉතා උත්කර්ෂ වන්නේය.

44 බොහෝ දෙනෙකු නුඹ කෙරෙහි මවිතයට පත් වන්නෝය – ඔහුගේ පෙනුම කිසි මනුෂ්‍යයෙකුට වඩා, තවද ඔහුගේ ස්වරූපය මනුෂ්‍ය පුත්‍රයන්ට වඩා ඉතා අවලක්ෂණය –

45 එහෙයින් ඔහු බොහෝ ජාතීන් ඉසින්නේය; රජවරු උන්වහන්සේට විරුද්ධව ඔවුන්ගේ මුඛයන් වසාගන්නෝය; මක්නිසාද එනම් ඔවුන්ට නොකියූ දේ ඔවුන් දකිනු ඇත්තේය; තවද එනම් ඔවුන් නොඇසූ දේ ඔවුන් තේරුම් ගන්නවා ඇත්තේය.

46 සැබවක්, සැබවක් මම නුඹලාට කියමි, පියාණන්වහන්සේ මට ආඥා කළ ආකාරයෙන් සැබවින්ම මෙම සියල්ල සිදු වන්නේය. එවිට උන්වහන්සේගේ ජනතාව සමඟ පියාණන්වහන්සේ ගිවිසගත් මෙම ගිවිසුම සම්පූර්ණ වන්නේය; තවද එවිට නැවත ජෙරුසලමෙහි මාගේ ජනතාව සමඟ වාසය කරන්නේය, තවද එය ඔවුන්ගේ උරුමයේ දේශය වන්නේය.