17 වන පරිච්ඡේදය
ජේසුස්වහන්සේ උන්වහන්සේගේ වචන මෙනෙහි කර අවබෝධ කරගැනීමට යාච්ඤා කරන ලෙසට ජනතාවට මග පෙන්වු සේක – උන්වහන්සේ ඔවුන්ගේ රෝගින් සුව කළ සේක – ලිවීමට නොහැකි භාශාවක් භාවිතා කරමින්, උන්වහන්සේ ජනතාව උදෙසා යාච්ඤා කළ සේක – දේවදූතයන් උපස්ථාන කර තවද ඔවුන්ගේ කුඩා දරුවන් ගිනි දැල්වලින් වට කර ගත්තේය. ක්‍රි.ව. 34 දී පමණ.
1 බලව, දැන් එය මෙසේ සිදුවිය, එනම් ජේසුස් වහන්සේ මෙම වචන වදාළ විට උන්වහන්සේ නැවතත් අවට සිටිය ජන සමූහය දෙස වට පිට බලා, තවද උන්වහන්සේ ඔවුන් හට මෙසේ කී සේක: බලව, මාගේ කාලය ළංව තිබේ.
2 නුඹලා දුර්වල බව මට වැටහේ, එනම් පියාණන්වහන්සේ විසින් මෙම අවස්ථාවේදී නුඹලාට පැවසීමට මා ආඥා ලැබූ මාගේ සියළු වදන් වටහාගැනීමට නුඹලාට නොහැකිය.
3 එසේහෙයින්, නුඹලා නුඹලාගේ නිවෙස් වෙතට ගොස්, තවද මා පවසන ලද දේවල් පිළිබඳව මෙනෙහි කරන්න, තවද මාගේ නාමයෙන්, පියාණන්වහන්සේගෙන් අසන්න, එනම් නුඹලාට අවබෝධ වනු සඳහාය, තවද නුඹලාගේ මනස හෙට දිනය සඳහා සූදානම් කර ගන්න, තවද මම නැවත නුඹ වෙතට පැමිණෙන්නෙමි.
4 එහෙත් දැන් මම පියාණන්වහන්සේ වෙතට යන්නෙමි, තවද නැතිවූ ඊශ්‍රායලයේ ගෝත්‍ර වෙතටද මා පෙනී සිටින්නෙමි, මක්නිසාද පියාණන්වහන්සේ හට ඔවුන් නැතිවී නොමැත, මක්නිසාද උන්වහන්සේ ඔවුන් රැගෙන ගියේ කොහේදැයි උන්වහන්සේ දන්නා සේක.
5 තවද දැන් එය මෙසේ සිදු විය, එනම් මෙලෙස ජේසුස් වහන්සේ වදාළ පසු, උන්වහන්සේ ජන සමූහය දෙස උන්වහන්සේගේ දෑස් නැවතත් අවට සිටිය ජන සමූහය දෙස යොමු කළ සේක, තවද ඔවුන් කඳුළු සලමින් සිටිනු දුටුව සේක, තවද ඔවුන් සමඟ මද වේලාවක් රැදෙන්නට යැයි ඔවුහු උන්වහන්සේගෙන් අසන්නට කැමැත්තෙන් සිටින ආකාරයෙන් උන්වහන්සේ දෙස ස්ථිරවම බලා සිටියහ.
6 තවද උන්වහන්සේ ඔවුන් හට පැවසූ සේක: බලව, මාගේ අභ්‍යන්තරය නුඹලා කෙරෙහි අනුකම්පාවෙන් පිරී ඇත්තේය.
7 නුුුුඹලාට එනම් නුඹලා අතර රෝගී යම් කිසිවෙක් සිටින්නෙහි ද? ඔවුන්ව මෙහි රැගෙන එන්න. නුඹලාට එනම් යම් කොරුන්, නැතහොත් අන්ධයන්, නැතහොත් නොණ්ඩින්, නැතහොත් අංගවිකලයන්, නැතහොත් ලාදුරු, නැතහොත් එනම් වියැළි අවයව ඇත්තන්, නැතහොත් එනම් බිහිරි වූවන්, නැතහොත් එනම් කිසියම් ආකාරයකින් පීඩාවට පත්වූවන් සිටිත් ද? ඔවුන් මෙහි රැගෙන එන්න තවද මම ඔවුන් සුව කරන්නෙමි, මක්නිසාද නුඹලා මතට මාගේ අනුකම්පාව ඇත්තේය; මාගේ අභ්‍යන්තරය දයාවෙන් පිරී තිබෙන්නේය.
8 මක්නිසාද මා නුඹේ සහෝදරයන් හට ජෙරුසලමේ දී කළා වූ දේ නුඹලාට ද පෙන්වනු දකින්නට නුඹලා කැමැත්තෙන් සිටින බව මට වැටහේ, මක්නිසාද මම නුඹව සුව කිරීමට එනම් නුඹගේ ඇදහිල්ල ප්‍රමාණවත් බව මට පෙනෙයි.
9 තවද එය මෙසේ සිදු විය, එනම් උන්වහන්සේ මෙසේ වදාළ පසු, සියලු ජන සමූහයම, ඒකමතිකව, ඔවුන්ගේ රෝගාතුර හා පීඩාව සිටි උන් සමඟව, ඔවුන්ගේ අබ්බගාතිත, තවද ඔවුන්ගේ අන්ධ, තවද ඔවුන්ගේ ගොළුවන්, තවද එනම් කිසියම් හෝ අයුරකින් පීඩා විඳ සිටි සියළු දෙනාම සමඟ ඉදිරියට ගියහ; තවද උන්වහන්සේ ඉදිරියට ගෙන ආ සෑම කෙනෙකුම, උන්වහන්සේ ඔවුන්ව සුවපත් කළ සේක.
10 තවද ඔවුන් සියළු දෙනාම, එනම් සුවපත් කරනු ලැබූ ඔවුන් හා සුවෙන් සිටින ඔවුන් යන දෙගොල්ලන්ම, උන්වහන්සේගේ පාමුල වැඳ වැටී, තවද උන්වහන්සේ හට නමස්කාර කළේය; තවද ජන සමූහය නොතකා පැමිණිය හැකි සැම කෙනෙකුම උන්වහන්සේගේ පාද සිඹ ගත්තේය, කොපමණක්ද කිවහොත් එනම් ඔවුුුහු උන්වහන්සේගේ පාද ඔවුන්ගේ කඳුළු වලින් නැහැවී තිබුණහ.
11 තවද එය මෙසේ සිදු විය, එනම් උන්වහන්සේ ඔවුන්ගේ කුඩා දරුවන් ගෙන එන ලෙසට ඔවුන් හට අණ කළ සේක.
12 මෙලෙස ඔවුන් තම කුඩා දරුවන් ගෙනැවිත් තවද ඔවුන්ව උන්වහන්සේ වටා බිමෙහි වාඩි කෙරුවෝය, තවද ජේසුස් වහන්සේ ඔවුන්ගේ මාධ්‍යයේ සිටගත් සේක; තවද ජන සමූහය ඔවුන් සියල්ලම උන්වහන්සේ වෙතට ගෙනෙන තුරු ජන සමූහය ඉඩ දුන්හ.
13 තවද එය මෙසේ සිදු විය, එනම් ඔවුන් සියල්ලන්ම ගෙනා පසු, තවද ජේසුස්වහන්සේ මැද්දෙහි සිටගත් අතර, උන්වහන්සේ ජන සමූහයාට එනම් ඔවුන් පොළව මත දණ ගසන ලෙස ආඥා කළ සේක.
14 තවද එය මෙසේ සිදු විය, එනම් ඔවුන් පොළව මත දණ ගැසූ විට, ජේසුස්වහන්සේ උන්වහන්සේ තුළ සුසුම්ලමින්, තවද වදාළ සේක: පියාණෙනි, ඊශ්‍රායල් වංශයේ ජනතාවගේ දුෂ්ටකම නිසාවෙන් මා දුකට පත්ව සිටින්නෙමි.
15 තවද උන්වහන්සේ මෙසේ වදාළ පසුව, උන්වහන්සේම බිමෙහි දණ ගැසූ සේක; තවද බලව උන්වහන්සේ පියාණන්වහන්සේ හට යාච්ඤා කළ සේක, තවද උන්වහන්සේ යාච්ඤා කළ දෑ ලියන්නට නොහැකිය, තවද උන්වහන්සේව ඇසුණු ජන සමූහය සාක්ෂි දරුවෝය.
16 තවද මේ ආකාරයට ඔවුන් සාක්ෂි දරුවෝය: ජේසුස් ක්‍රිස්තුස්වහන්සේ පියාණන්වහන්ස්සේ හට පවසන ලද අප දුටු තවද අපට ඇසුණු විශිෂ්ඨ සහ ආශ්චර්යමත් දේවල්, පෙර, ඇස කිසි දිනකවත් නොදුටුවේය, එමෙන්ම කන කිසි දිනකවත් නොඇසුවේය;
17 තවද කිසිදු දිවකට කථා කළ නොහැකිය, කිසිදු මනුෂ්‍යයෙකු විසිනුත් ලිවිය නොහැකි, මනුෂ්‍යයන්ගේ හදවත්වලටත් සිතිය නොහැකි ජේසුස්වහන්සේ පියාණන්වහන්සේ හට කතා කළ මෙලෙස විශිෂ්ඨ සහ ආශ්චර්යමත් දේවල් අපි දුටුවෙමු සහ ඇසුවෙමු: තවද උන්වහන්සේ අප වෙනුවෙන් පියාණන්වහන්සේ හට යාච්ඤා කරනවා අපට ඇසුන විට අපගේ ආත්මයන් පිරුණුූ ප්‍රීතිය වෙනත් කිසිවෙක්ට සිතා ගත නොහැකිය.
18 තවද එය මෙසේ සිදු විය, එනම් ජේසුස්වහන්සේ පියාණන්වහන්සේ හට යාච්ඤා කිරීම අවසන් කළ පසුව, උන්වහන්සේ නැගී සිටගත් සේක; එහෙත් ජන සමූහයේ ප්‍රීතිය ඉතා මහත් විය එනම් ඔවුහු යටපත් කරනු ලැබ සිටියහ.
19 තවද එය මෙසේ සිදු විය, එනම් ජේසුස්වහන්සේ ඔවුනට කථා කළ සේක, තවද ඔවුන් හට නැගී සිටගන්නට ඉල්ලූ සේක.
20 තවද ඔවුන් පොළවින් නැඟි සිටියෝය, තවද උන්වහන්සේ ඔවුන්ට වදාළ සේක: නුඹලාගේ ඇදහිල්ල නිසාවෙන් නුඹලා ආශිර්වාද ලද්දෝය. තවද දැන් බලව, මාගේ ප්‍රීතිය පිරී ඇත්තේය.
21 තවද උන්වහන්සේ මෙම වචන වදාළ විට, උන්වහන්සේ හැඬූ සේක, තවද ජන සමූහය ඒ පිළිබඳව සාක්ෂි දැරුවෝය, තවද උන්වහන්සේ ඔවුන්ගේ කුඩා දරුවන් ගෙන, එක එක්කෙනා, තවද ඔවුන්ව ආශිර්වාද කල සේක, තවද ඔවුන් වෙනුවෙන් පියාණන්වහන්සේ හට යාච්ඤා කළ සේක.
22 තවද උන්වහන්සේ මෙසේ කළ පසු උන්වහන්සේ නැවතත් හැඬූ සේක;
23 තවද උන්වහන්සේ ජන සමූහයට කතා කළ සේක, තවද ඔවුන්ට වදාළ සේක: බලව නුඹලාගේ කුඩා දරුවන්.
24 තවද ඔවුන් බලන්නට ඇස් යොමු කරන විටදී ඔවුන් තම දැස් ස්වර්ගය දෙසට යොමු කළෝය, තවද ඔවුන් ස්වර්ගය විවර වෙනවා ඔවුන් දුටුවෝය, තවද ගිනි දැල් මැද්දෙන් දේවදුතයන් ස්වර්ගයෙන් පහළට එන අයුරු දුටුවෝය; තවද ඔවුන් පහතට පැමිණ තවද එම කුඩා දරුවන් වටකර ගත්හ, තවද ඔවුන්ව ගිනි දැල්වලින් වටකර ගත්හ, තවද දේවදූතයන් ඔවුන්ට මෙහෙ කළෝය.
25 තවද ජන සමූහය දුටුවෝය සහ ඇසුවෝය සහ සාක්ෂි දැරුවෝය; තවද ඔවුන් මේ ඔවුන්ගේ සාක්ෂිය සත්‍ය බවට දැන සිටියහ මක්නිසාද ඔවුන් සියළු දෙනාම දුටුවෝය තවද ඇසුවෝය, එනම් සියළු මිනිසුන් තමන් විසින්ම එසේය; තවද ඔවුන් ගණනින් ප්‍රාණයන් දෙදහස් පන්සීයක් පමණ විය; තවද ඔවුන් පුරුෂයින්, කාන්තාවන්, තවද දරුවන්ගෙන් සමන්විත විය.