15 වන පරිච්ඡේදය
මෝසෙස්ගේ නීතිය තමන්වහන්සේ තුළ ඉටු වූ බව ජේසුස්වහන්සේ දැනුම් දෙන සේක – උන්වහන්සේ ජෙරුසලමේහිදී කථා කළ අනෙක් බැටළුවන් නීෆායිවරුන් වේ – අයුතුකම නිසා, ජෙරුසලමේ වූ ස්වාමීන්වහන්සේගේ ජනතාව, විසිරී සිටින ඊශ්‍රායෙල් බැටළුවන් ගැන නොදනිති. ක්‍රි.ව. 34 පමණ.
1 තවත් දැන් එය මෙසේ සිදුවිය, එනම් ජේසුස්වහන්සේ මෙම කියවීම් කියා අවසන්වු පසු උන්වහන්සේ තමන්වහන්සේගේ ඇස් ජනසමූහය වෙත අවට යොමා, තවද ඔවුන් හට මෙසේ කීවේය; බලව, මාගේ පියාණන්වහන්සේ වෙතට එසවීමට පෙර මා ඉගැන්වු එම දේවල් නුඹලා ඇසුවේය; එසේහෙයින්, කවර අයෙකු වුවත් මාගේ මෙම කියමන් සිහිපත් කරමින් තවද ඒවා කරන්නේද, ඔහුව මම අවසාන දවසේදී ඔසවන්නෙමි.
2 තවද එය මෙසේ සිදුවිය, එනම් ජේසුස්වහන්සේ මෙම වචන කී විට, එනම් එහි ඔවුන් අතරෙහි සමහරෙක් විශ්මිතව, තවද උන්වහන්සේ ඔවුන්ට මෝසෙස්ගේ නීතිය සම්බන්ධව කුමක් කියන්නේද යන්න පුදුම වන බව උන්වහන්සේට වැටහිනි; මක්නිසාද ඔවුහු එනම් පරණ දේවල් පහව ගියේය, තවද සියලු දේවල් අළුත්ව තිබෙන්නේය යන කියමන තේරුම් නොගත්හ.
3 තවද උන්වහන්සේ ඔවුන් හට මෙසේ කීසේක; එනම් මම නුඹලාට කී පරණ දේවල් පහව ගියේය, තවද සියලු දේවල් අළුත්ව තිබෙන්නේය යන්න ගැන පුදුම නොවන්න.
4 බලව, එනම් මොසෙස් හට දෙනු ලැබූ නීතිය සම්පුර්ණ වී තිබෙන බව මම නුඹලාට කියන්නෙමි.
5 බලව, නීතිය දුන් එම තැනැත්වහන්සේ මමය, තවද මාගේ ජනතාව වූ ඊශ්‍රායෙල් සමග ගිවිසගත් එම තැනැත්වහන්සේ මමය; එසේහෙයින් ව්‍යවස්ථාව මා තුළ සම්පුර්ණ වී ඇත්තේය, මක්නිසාද මා පැමිණියේ නීතිය සම්පුර්ණ කිරීමටය; එසේහෙයින් එයට අවසානයක් ඇත්තේය.
6 බලව, මම අනාගතවකෘවරුන්ව විනාශ නොකරන්නෙමි, මක්නිසාද බොහෝ ඒවා මා තුළ සම්පුර්ණ වී නැත්තේය, සැබෑවක් මම නුඹලා හට කියමි, සියල්ල සම්පුර්ණ වනු ඇත්තේය.
7 තවද පැරණි දේවල් පහව ගියේ යයි මම නුඹලාට කී නිසාවෙන්, එනම් පවසා ඇති පැමිණෙන්නට තිබෙන්නා වූ, එම දේවල් සම්බන්ධව මම විනාශ නොකරන්නෙමි.
8 මක්නිසාද බලව, මාගේ ජනතාව සමග මා ගිවිසගත් ගිවිසුමේ සියල්ල සම්පුර්ණවි නොමැත්තේය; නමුත් මෝසෙස් හට දෙනු ලැබුවාවූ එම ගිවිසුම මා තුළ අවසානයක් ඇත්තේය.
9 බලව, නීතියත්, තවද ආලෝකයත් මම වන්නෙමි, මා දෙස බලව, තවද අවසානය දක්වා විඳදරාගන්න, තවද නුඹලා ජීවත්වන්නහුය; මක්නිසාද අවසානය දක්වා විඳදරාගන්නා තැනැත්තාටම, මම සදාකාලික ජීවනය ලබා දෙන්නෙමි.
10 බලව, මම නුඹලාහට අණ පනත් දී ඇත්තෙමි; එසේහෙයින් මාගේ අණ පනත් පවත්වන්න. තවද මෙය නීතියත් අනාගතවකෘවරුන් වන්නේය, මක්නිසාද ඒවා සැබවින්ම මා ගැන සාක්ෂි දරා ඇත්තේය.
11 තවද දැන් එය මෙසේ සිදු විය, එනම් ජේසුස්වහන්සේ මෙම වචන කථාකළ පසු; උන්වහන්සේ තෝරාගත් ඵම දොළොස් දෙනා හට උන්වහන්සේ කථා කළ සේක;
12 නුඹලා මාගේ ගෝලයන්ය; තවද ජෝසෆ්ගේ වංශයේ ඉතිරිවූවන් වූ මෙම ජනතාව හට, නුඹලා ආලෝකයක් වන්නේය.
13 තවද බලව, මෙය නුඹලාගේ උරුම වූ දේශය වන්නේය; තවද පියාණන්වහන්සේ නුඹලා හට එය දි ඇති සේක.
14 තවද කිසි අවස්ථාවකදි ජෙරුසලමෙහි ඇත්තාවු නුඹලාගේ සහෝදරයන්ට, එනම් මා එය කිව යුතුයයි අණ පනතක් පියාණන්වහන්සේ මා හට නොදුන් සේක.
15 තවද කිසි අවස්ථාවකදි පියාණන්වහන්සේ දේශයෙන් පිටතට මගපෙන්වුවාවූ ඊශ්‍රායල් වංශයෙහි අනෙක් ගෝත්‍රයන් සම්බන්ධව, ඔවුන්හට කිව යුතුයයි පියාණන්වහන්සේ අණ පනතක් ද මට නොදුන් සේක;
16 එනම් මම ඔවුන් හට මෙම ප්‍රමාණයක් කිව යුතු යයි, පියාණන්වහන්සේ මට අණ කළ සේක;
17 එනම් මෙම රැලට අයත් නොවූ වෙනත් බැටළුවෝ මට ඇත්තාහ; ඔවුන්ද මා විසින් පෙරට ගෙන ආ යුතුය, ඔවුහූද මාගේ හඬ අසන්නෝය; තවද එහි එක් රැළක් ද, තවද එක් එඩේරෙක්ද වන්නේය.
18 තවද දැන්, මුරණ්ඩුකම සහ අවිශ්වාසය නිසා ඔවුහූ මාගේ වචන තේරුම් නොගත්තෝය; එසේහෙයින් මෙම දේ සම්බන්ධව ඔවුන්හට තවත් නොකීමට පියාණන්වහන්සේ විසින් මාහට අණ කළ සේක.
19 එහෙත්, සැබෑවක්ම, මම නුඹල හට කියන්නෙමි එනම් පියාණන්වහන්සේ මා හට අණ කළ සේක, තවද මම නුඹලා හට කියන්නෙමි, එනම් නුඹලා ඔවුන් අතරෙන් වෙන් කරන ලද්දේ ඔවුන්ගේ අයුතුකම් නිසාවෙන්ය; එසේහෙයින් එනම් එය නුඹලා සම්බන්ධව ඔවුන් නොදන්නේ ඔවුන්ගේ අයුතුකම නිසාවෙන්ය.
20 තවද සැබෑවක්ම, මම නුඹලා හට නැවතත් කියන්නෙමි, එනම් අනෙක් ගෝත්‍රයන් ද පියාණන්වහන්සේ ඔවුන් කෙරෙන් වෙන් කර ඇත්තේය; තවද එය ඔවුන් ගැන ඔවුහූ නොදන්නේ ඔවුන්ගේ අයුතුකම නිසාවෙන්ය.
21 තවද සැබෑවින්ම මම නුඹලා හට කියන්නෙමි, එනම් මෙසේ මා කියන ලද, ඔවුන් නුඹලා වන්නෝය; මෙම රැලට අයත් නොවූ වෙනත් බැටළුවෝ මට ඇත්තාහ, ඔවුන්ද මා විසින් රැගෙන ආ යුතු වන්නේය, තවද ඔවුහූද මාගේ හඬ අසන්නෝය; තවද එහි එක් රැළක්ද එක් එඬේරෙක්ද වන්නෝය.
22 තවද ඔවුන් මා තේරුම් නොගත්තෝය, මක්නිසාද ඔවුන් එය අන්‍යජාතිකයන් කියා යැයි සිතුහ; මක්නිසාද ඔවුන්ගේ දේශනා කිරිම් තුළින් අන්‍යජාතිකයන් හරවා ගතයුතු යයි යන්න ඔවුහූ තේරුම් නොගත්හ.
23 තවද එනම් ඔවුහූ මාගේ හඬ අසන්නෝය යයි මා කීවිට ඔවුහූ මා තේරුම් නොගත්හ; එනම් අන්‍යජාතිකයන් මාගේ හඬ කිසිම අවස්ථාවක අසන්නේ නොමැති බවට ඔවුහූ මා තේරුම් නොගත්හ – එනම් ශුද්ධාත්මයාණන්වහන්සේ තුළින් මිස, මා විසින් ඔවුන්ට ප්‍රකාශිතවිය යුතු නොමැති විය.
24 එහෙත් බලව, නුඹලා මාගේ හඬ අසා, තවද මා දැක ඇත්තේය; තවද නුඹලා මාගේ බැටළුවෝය, පියාණන්වහන්සේ විසින් මාහට දුන් එම අය අතර නුඹලාව ගණන් කොට ඇත්තේය.