12 වන පරිච්ඡේදය
ජේසුස්වහන්සේ ගෝලයන් දොළොස් දෙනා කැඳවා පත් කරන සේක – කන්ද උඩ දේශනාවට සමාන දේශනයක් උන්වහන්සේ නීෆායිවරුන්ට ලබා දෙන සේක – උන්වහන්සේ ආශ්‍රීර්වාද වාක්‍ය ප්‍රකාශ කරන සේක – උන්වහන්සේගේ ඉගැන්වීම් මෝසෙස්ගේ නීතිය ඉක්මවා ගොස් ප්‍රමුඛත්වය ගනී – උන්වහන්සේ සහ උන්වහන්සේගේ පියාණන්වහන්සේ පරිපූර්ණ වූවාක් මෙන් මනුෂ්‍යයන්ටද පරිපූර්ණ වීමට අණ කරයි – ශු. මතෙව් 5 සමඟ සසඳන්න. ක්‍රි.ව. 34 පමණ.
1 තවද එය මෙසේ සිදු විය, එනම් ජේසුස්වහන්සේ මේ වචන නීෆායිට සහ කැඳවනු ලැබූ අයට හට පැවසූ විට, (දැන් කැඳවනු ලැබූ සහ බෞතීස්ම කිරීමට බලය සහ අධිකාරීත්වය ලැබූ අයගේ සංඛ්‍යාව දොළොස් දෙනෙක් විය) තවද බලව, උන්වහන්සේ සමූහයා දෙසට තමන්වහන්සේගේ හස්තය දිගු කර ඔවුන්ට මොරගසමින් මෙසේ කී සේක: නුඹලාට උපස්ථාන කිරීමටත්, නුඹලාගේ සේවකයන් වීමටත් මා නුඹලා අතරින් තෝරාගත් මේ දොළොස් දෙනාගේ වචනවලට නුඹලා සවන් දෙන්නේ නම් නුඹලා ආශ්‍රීර්වාද ලද්දෝ වන්නෝය; තවද ඔවුන් නුඹලා වතුරෙන් බෞතීස්ම කරන පිණිස මම ඔවුන්ට බලය ලබා දී ඇත්තෙමි; තවද නුඹලා වතුරෙන් බෞතීස්ම වූ පසු, බලව, මම නුඹලාව ගින්නෙන් හා ශුද්ධාත්මයාණන්ගෙන් බෞතීස්ම කරන්නෙමි; එසේහෙයින් නුඹලා මා කෙරෙහි විශ්වාස කර බෞතීස්ම වන්නහු නම්, නුඹලා ආශ්‍රීර්වාද ලද්දෝ වන්නෝය, ඉන්පසු නුඹලා මා දැක මා උන්වහන්සේ බව දැන ගන්නහුය.
2 තවද නැවතත්, එනම් නුඹලා මා දුටු බවටත්, මා උන්වහන්සේ බව නුඹලා දන්නා බවටත් සාක්ෂි දෙන බැවින්, නුඹලාගේ වචන විශ්වාස කරන්නාවු අය වඩාත් ආශ්‍රීර්වාද ලත් අය වන්නෝය. එසේය, නුඹලාගේ වචන විශ්වාස කරන, නිහතමානීකමේ ගැඹුරට පැමිණ, බෞතීස්ම වන්නා වූ අය ආශ්‍රීර්වාද ලද්දෝය, මක්නිසාද ඔවුන්ව ගින්නෙන් සහ ශුද්ධාත්මයාණන්ගෙන් බැහැදකින අතර, තවද ඔවුන්ගේ පාපවලට කමාව ලැබෙනු ඇත්තේය.
3 එසේය, මා වෙතට පැමිණෙන්නාවූ ආත්මයෙන් දුප්පත් වූ අය ආශ්‍රීර්වාද ලද්දෝය, මක්නිසාද ස්වර්ග රාජ්‍යය ඔවුන්ගේය.
4 තවද නැවතත්, එනම් වැලපෙන්නා වූ සියල්ලෝම ආශ්‍රීර්වාද ලද්දෝය, මක්නිසාද ඔවුන්ව සනසවනු ලබන්නෝය.
5 තවද නිහතමානී අය ආශ්‍රීර්වාද ලද්දෝය, මක්නිසාද ඔවුන් පොළොව උරුම කරගන්නෝය.
6 තවද ධර්මිෂ්ඨකමට සාපිපාසා ඇත්තාවු සියල්ලෝම ආශ්‍රීර්වාද ලද්දෝය, මක්නිසාද ඔවුන් ශුද්ධාත්මයාණන්ගෙන් පූර්ණ වන්නෝය.
7 තවද දයාවන්තයෝ ආශ්‍රීර්වාද ලද්දෝය, මක්නිසාද ඔවුන් දයාව ලබා ගන්නෝය.
8 තවද හදවතින් පවිත්‍ර වූ සියල්ලෝම ආශ්‍රීර්වාද ලද්දෝය, මක්නිසාද ඔවුන් දෙවියන්වහන්සේ දකින්නෝය.
9 තවද සාමය ඇති කරන්නා වූ සියල්ලෝම ආශ්‍රීර්වාද ලද්දෝය, මක්නිසාද ඔවුන් දෙවියන්වහන්සේගේ දරුවන් යැයි කියනු ලබන්නෝය.
10 තවද මාගේ නාමය නිසා පීඩා විඳින්නා වූ සියල්ලෝම ආශ්‍රීර්වාද ලද්දෝය; මක්නිසාද ස්වර්ග රාජ්‍යය ඔවුන්ගේය.
11 තවද මා උදෙසා මනුෂ්‍යයන් නුඹලාට නින්දා කොට තවද පීඩා කොට, තවද නුඹලාට විරුද්ධව සියලු ආකාරයේ නපුරු දේ බොරුවෙන් පවසන විට නුඹලා ආශ්‍රීර්වාද ලද්දෝ වන්නෝය;
12 මක්නිසාද නුඹලාට මහත් ප්‍රීතියක් ඇති වන්නෝය, තවද අතිශයින් ප්‍රීති වන්නහුය, මක්නිසාද ස්වර්ගයෙහි නුඹලාගේ විපාකය මහත් වන්නෝය; මක්නිසාද ඔවුහු නුඹලාට පෙර සිටි අනාගතවක්තෘවරුන්ටත් එසේම පීඩා කළෝය.
13 සැබවක්, සැබවක්, මම නුඹලාට කියමි, මම නුඹලා හට පොළොවේ ලුණු වීමට ලබා දෙමි; එහෙත් ලුණුහි රසය නැති වුවහොත් පොළොවට ලුණු ලැබෙන්නේ කුමකින්ද? එතැන් සිට ලුණු ඉවත දමා මනුෂ්‍යයන්ගේ පාද යට පාගා දැමීමට හැර, අන් කිසිවකට සුදුසු නොවනු ඇත.
14 සැබවක්, සැබවක්, මම නුඹලා හට කියමි, මේ ජනතාවගේ ආලෝකය වීමට මම නුඹලාට දෙමි. එනම් කන්දක් මුදුනෙහි පිහිටි නුවරක් සැඟවිය නොහැක.
15 බලව, මනුෂ්‍යයන් ඉටිපන්දමක් දල්වා පඳුරක් යට තබනවාද? නැත, එහෙත් ඉටිපන්දම් අලවන්නා වූ කඳක් මත තබන්නේය, තවද එය නිවසේ සිටින සියල්ලන්ටම ආලෝකය ලබා දෙන්නේය;
16 එසේහෙයින් මෙම ජනතාව නුඹලාගේ යහපත් ක්‍රියා දැක ස්වර්ගයෙහි සිටින නුඹලාගේ පියාණන්වහන්සේව මහිමවත් කරන පිණිස, එනම් නුඹලාගේ ආලෝකය ඔවුන් ඉදිරියෙහි බැබළීමට සලස්වන්න.
17 මා ව්‍යවස්ථාව හෝ අනාගතවක්තෘවරුන් විනාශ කිරීමට ආවෙමියි නොසිතන්න. මා පැමිණියේ විනාශ කිරීමට නොව එහෙත් සම්පූර්ණ කිරීමටය.
18 මක්නිසාද සැබවක් මා නුඹලාට කියමි, ව්‍යවස්ථාවෙන් එක් අකුරක්වත් නැතහොත් එක් බින්දුවක්වත් පහව ගොස් නැත්තේය, එහෙත් මා තුළ ඒ සියල්ල සම්පූර්ණවී තිබෙන්නේය.
19 තවද බලව, මම නුඹලාට නීතිය සහ මාගේ පියාණන්වහන්සේගේ අණපනත් දී ඇත්තෙමි, එනම් නුඹලා මා කෙරෙහි විශ්වාස කළ යුතු බවත්, තවද එනම් නුඹලා නුඹලාගේ පාපයන් ගැන පසුතැවිලි විය යුතු බවත්, තවද බිඳුණු හදවතකින් සහ පසුතැවිලි වූ ආත්මයකින් මා වෙත පැමිණෙන පිණිසත්ය. බලව, නුඹලා ඉදිරියෙහි අණපනත් ඇති අතර, තවද නීතිය සම්පූර්ණ වී ඇත්තේය.
20 එසේහෙයින් මා වෙතට පැමිණ නුඹලා ගැළවෙයල්ලා; මක්නිසාද සැබවක් මම නුඹලා හට කියමි, එනම් මේ කාලයේදී මා නුඹලාට අණ කළ, මාගේ අණ පනත් නුඹලා පිළිපදින්නේ නැත්නම්, නුඹලා කිසිසේත් ස්වර්ග රාජ්‍යයට ඇතුල් නොවන්නහුය.
21 නුඹලා එනම් මිනී නොමරව, තවද මරන කවරෙකු වුවද දෙවියන්වහන්සේගේ විනිශ්චයට යටත් වනු ඇතැයි කියා, පුරාණ කාලයේ සිටම එය ඔවුන් විසින් පවසා ඇති බවත්, තවද එය එසේම නුඹලා ඉදිරියෙහි ලියා ඇති බවත්, නුඹලා අසා ඇත්තෝය;
22 එහෙත් මම නුඹලා හට කියමි, එනම් තම සහෝදරයා සමඟ කෝප වන කවරෙකුවුවද ඔහුගේ විනිශ්චය භායංකාර වනු ඇත්තේය. තවද තම සහෝදරයාට රකා කියා පවසන කවරෙකුවුවද මන්ත්‍රණ සභාවට යටත් වනු ඇත්තේය; තවද නුඹ මෝඩයා, කියා පවසන කවරෙකුවුවද, නිරයේ ගින්නට ගොදුරු වනු ඇත්තේය.
23 එසේහෙයින්, නුඹලා මා වෙත පැමිණෙන්නේ නම්, නැතහොත් මා වෙත පැමිණීමට කැමති වන්නේ නම්, තවද නුඹලාගේ සහෝදරයාට නුඹලාට විරුද්ධව යමක් ඇති බව මතක තබාගන්නේ නම් –
24 නුඹ නුඹගේ සහෝදරයා වෙතට ගොස්, තවද පළමුව නුඹගේ සහෝදරයා සමඟ සමඟි වන්න, තවද පසුව හදවතේ සම්පූර්ණ වූ අරමුණක් ඇතිව මා වෙතට පැමිණෙන්න, තවද මා නුඹව පිළිගන්නෙමි.
25 නුඹගේ විරුද්ධකාරයා සමඟ මාර්ගයේ සිටියදීම නුඹ ඉක්මණින් ඔහු සමඟ එකඟ වන්න, නැතහොත් ඕනෑම අවස්ථාවක ඔහු නුඹ අල්ලා, තවද නුඹව සිරගෙය තුළට දමනු ඇත්තේය.
26 සැබවක්, සැබවක්, මා නුඹලා හට කියමි, නුඹ අන්තිම සීනයිනය ගෙවන තුරු නුඹලා කිසිදු ආකාරයකින් එතැනින් පිටතට නොඑන්නෙහිය. තවද නුඹලා සිරගෙය තුළ සිටියදී නුඹලාට එක සීනයිනයක්වත් ගෙවිය හැකිද? සැබවක්, සැබවක්, මා නුඹලාට කියමි, නැත.
27 බලව, එනම් නුඹ කාමමිථ්‍යාචාරය නොකළ යුතුයැයි, පුරාණ කාලයේ ඔවුන් විසින් එය ලියා ඇත්තේය;
28 එහෙත් මා නුඹලා හට කියමි, එනම් ඇය කෙරෙහි කාමාශාවෙන් සිටීමට, ස්ත්‍රියෙකු දෙස බලන්නාවු කවරෙකුවුවද, ඔහුගේ හදවත තුළ දැනටමත් කාමමිථ්‍යාචාරය කර ඇත්තේය.
29 බලව, එනම් මෙම දේවල් කිසිවක් නුඹලාගේ හදවත තුළට ඇතුළු වීමට ඉඩ නොදෙන පිණිස, මා නුඹලා හට ආඥාවක් දෙමි;
30 මක්නිසාද එනම් නුඹලාව නිරය තුළට හෙළනු ලැබීමට වඩා, එනම් නුඹලා නුඹලාගේ කුරුසිය උසුලාගෙන යන්නාවු, මෙම දේවල් නුඹලා විසින්ම ප්‍රතික්ෂේප කිරීම, එය නුඹලාටම යහපත් වන්නේය.
31 එනම් තමාගේ භාර්යාව අත්හරින්නාවු කවරෙකු නුමුත්, ඔහු ඇයට දික්කසාද පත්‍රයක් දිය යුතුයැයි, එය ලියා ඇත්තේය.
32 සැබවක්, සැබවක්, මා නුඹලා හට කියමි: එනම් වේශ්‍යාකමේ හැසිරිමේ කාරණය නිසා මිස තමාගේ භාර්යාව අත්හරින්නේද, ඇයව කාමමිථ්‍යාචාරය කිරීමට පමුණුවන්නේය; තවද දික්කසාද වූ ඇයව විවාහ කරගන්නා කවරෙක්වුවද, ඔහු කාමමිථ්‍යාචාරය කරන්නේය.
33 තවද නැවත, නුඹලා බොරුවට නුඹලා ගැනම නොදිව්රල්ලා, එහෙත් නුඹලාගේ දිවුරුම් ස්වාමීන්වහන්සේ වෙතට ඉෂ්ට කරපල්ලා යැයි, එය ලියා ඇත්තේය;
34 එහෙත්, සැබෑවක්, සැබෑවක් මා නුඹලාට කියමි, ස්වර්ගය මතවත්, කිසිසේත් නොදිව්රපල්ලා; මක්නිසාද එය දෙවියන්වහන්සේගේ සිංහාසනය වන්නේය;
35 මක්නිසාද පොළොව උන්වහන්සේගේ පාපුටුව බැවින් ඒ මතවත්;
36 නැතහොත් නුඹලාගේ හිසමතවත් නොදිව්රපල්ලා, මක්නිසාද නුඹලාට එක කෙස් ගසක්වත් කළු හෝ සුදු කිරීමට නොහැකිය.
37 එහෙත් නුඹලාගේ කතාබහ එසේය, එසේය කියාත්; නැත, නැත කියාත් වේවා; මක්නිසාද මේවාට වඩා වැඩියෙන් පැමිණෙන ඕනෑම දෙයක් නපුරය.
38 තවද බලව, ඇසකට ඇසක්, සහ දතකට දතක් යැයි, එය ලියා ඇත්තේය;
39 එහෙත් මා නුඹලා හට කියමි, එනම් නුඹලා නපුරාට පොරට නොසිටින්න, එහෙත් කවරෙකුවුවද නුඹලාගේ දකුණු කම්මුලට නුඹලාට පහර දෙන්නේද, ඔහුට එසේම අනෙකද හරවන්න;
40 තවද යමෙක් නුඹට විරුද්ධව නීතියෙන් නඩු කියා නුඹගේ කබාය ගන්නේ නම්, ඔහුට එසේම නුඹගේ සළුවද ගන්නට ඉඩ දෙන්න.
41 තවද කවරෙකුවුවද නුඹට සැතපුමක් යාමට බල කරන්නේද, ඔහු සමඟ සැතපුම් දෙකක් යන්න.
42 නුඹගෙන් ඉල්ලන්නාට දෙන්න, තවද නුඹගෙන් ණයට ගැනීමට කැමති තැනැත්තාට නුඹ පිටු නොපාන්න.
43 තවද බලව, එනම් නුඹ නුඹගේ අසල්වැසියාට ප්‍රේම කර තවද නුඹගේ සතුරාට වෛර කරවැයි, එය එසේම ලියා තිබෙන්නේය;
44 එහෙත් බලව, මා නුඹලා හට කියමි, නුඹලාගේ සතුරන්ට ප්‍රේම කරන්න, එනම් නුඹලාට ශාප කරන්නන්ට ආශීර්වාද කරන්න, නුඹලාට වෛර කරන්නන්ට එනම් යහපත කරන්න, තවද නුඹලාව නින්දා සහගත ලෙස භාවිතා කර තවද නුඹලාට හිංසා කරන්නන් උදෙසා යාච්ඤා කරන්න;
45 එනම් නුඹලා ස්වර්ගයෙහි වැඩ වසන නුඹලාගේ පියාණන්වහන්සේගේ දරුවන් වන පිණිසය; මක්නිසාද උන්වහන්සේ නපුරන්ට සහ යහපතුන් මත තමන්වහන්සේගේ ඉර උදාකරවන සේක.
46 එසේහෙයින් පුරාණ කාලයේ සිට තිබුනාවු, නීතියට යටත්ව පැවතුනාවූ එම දේවල්, මා තුළ සියල්ල සම්පූර්ණ වී ඇත්තේය.
47 පැරණි දේවල් පහව ගොස් තිබෙන්නේය, තවද සියලු දේවල් අලුත් වී ඇත්තේය.
48 එසේහෙයින් මා සම්පූර්ණව සිටින්නාක් මෙන්, නැතහොත් ස්වර්ගයෙහි සිටින්නාවු නුඹලාගේ පියාණන්වහන්සේ සම්පූර්ණ මෙන්, නුඹලාත් සම්පූර්ණව සිටිනවාට මා කැමැත්තෙමි.