ශුද්ධලියවිලි
3 නීෆායි 21


21 වන පරිච්ඡේදය

මොර්මන්ගේ පොත පෙරට පැමිණෙන විට ඊශ්‍රායෙලය එක්රැස් කරනු ලබයි – අන්‍යජාතීන් ඇමරිකාවේ නිදහස් ජනතාවක් ලෙස ස්ථාපිත කරනු ලබයි – ඔවුන් විශ්වාස කර තවද කීකරු වුවහොත් ඔවුන් ගැළවෙනු ලබන්නෝය; එසේ නොවුවහොත්, ඔවුන් කපා හරිනු ලැබ, තවද විනාශ කරනු ලබන්නෝය – ඊශ්‍රායලය නව ජෙරුසලම ගොඩනගනු ඇත්තේය, තවද නැතිවූ ගෝත්‍ර නැවත පැමිණෙනු ඇත්තේය. ක්‍රි.ව. 34 පමණ.

1 තවද සැබවක් මම නුඹලා හට කියමි, එනම් මේ දේවල් සිදුවීමට යන කාලය නුඹලා දැන ගනු පිණිස මම නුඹලාට ලකුණක් දෙමි – එනම්, අහෝ ඊශ්‍රායෙල් වංශය, ඔවුන්ගේ දිගු විසිරී යාමෙන්, මාගේ ජනතාව මම එක්රැස් කර, තවද ඔවුන් අතර මාගේ සයන් නැවත පිහිටුවන්නෙමි;

2 තවද බලව, මම නුඹලාට ලකුණක් ලෙස දෙනු ලබන දෙය මෙයයි – මක්නිසාද සැබෑවක් මම නුඹලාට කියමි, එනම් මා විසින්ම නුඹලාට ප්‍රකාශ කරන මෙම දේවල් ද, තවද මින් පසුව මා විසින්ම නුඹලාට ප්‍රකාශ කරන දේ ද, තවද පියාණන්වහන්සේ විසින් නුඹලාට දෙනු ලබන ශුද්ධාත්මයාණන්ගේ බලයෙන්, යාකොබ්ගේ වංශයේ ඉතිරිවූවන් වන මෙම ජනතාව ගැනත්, තවද ඔවුන් විසින් විසිරී යනු ලබන මෙම මාගේ ජනතාව ගැනත් අන්‍යජාතීන්ට දැනගන්නා පිණිස, ඔවුන්ට දන්වනු ලබන්නෝය.

3 සැබෑවක්, සැබෑවක්, මම නුඹලාට කියමි, මෙම දේවල් පියාණන්වහන්සේ විසින් ඔවුන් හට දන්වනු ලැබ, තවද පියාණන්වහන්සේගෙන් නික්මෙන කල, ඔවුන්ගෙන් නුඹලා වෙතට පැමිණෙන කල;

4 මක්නිසාද එනම් ඔවුන් මෙම දේශය තුළ ස්ථාපිත වී, තවද පියාණන්වහන්සේගේ බලය මඟින් නිදහස් ජනතාවක් ලෙස ස්ථාපිත වීම, එය පියාණන්වහන්සේ තුළ ප්‍රඥාව වන සේක, එනම් මෙම දේවල් ඔවුන්ගෙන් නුඹලාගේ වංශයේ ඉතිරිවූවන් වෙතට පැමිණෙන්නේය, එනම් එවිට පියාණන්වහන්සේ තමන්වහන්සේගේ ජනතාව සමඟ ගිවිසුම් ගත්තාවූ ගිවිසුම සම්පුර්ණ වන පිණිසය, අහෝ ඊශ්‍රායෙල් වංශය;

5 එසේහෙයින්, මෙම ක්‍රියාවන් සහ නුඹලා අතර මින් පසුව සිදු කරනු ලබන්නාවු ක්‍රියාවන්, අයුතුකම නිසා අවිශ්වාසයෙන් පිරිහෙන නුඹලාගේ වංශය වෙතට, අන්‍යජාතීන් කෙරෙන් පෙරට පැමිණෙන්නේය;

6 මක්නිසාද මෙසේ එය එනම් අන්‍යජාතීන්ගෙන් නික්මීම එය පියාණන්වහන්සේට යෝග්‍ය වන සේක, එනම් උන්වහන්සේ තමන්වහන්සේගේ බලය අන්‍යජාතීන්ට පෙන්වන පිණිසය, මෙම හේතුව නිසාවෙන්, අන්‍යජාතීන් ඔවුන්ගේ හදවත් දැඩි කර නොගන්නේ නම්, එනම් ඔවුන් පසුතැවිලි වී, තවද මා වෙතට පැමිණ මාගේ නාමයෙන් බෞතීස්ම වී මාගේ ධර්මයේ සැබෑ කරුණු දැන ගනු ඇත්තේය, අහෝ ඊශ්‍රායෙල් වංශය, එනම් මාගේ ජනතාව අතර ඔවුන් ගණන් ගනු පිණිසය;

7 තවද මෙම දේවල් සිදු වූ විට, එනම් නුඹලාගේ වංශය මෙම දේවල් දැන ගැනීමට පටන් ගන්නේය – එය ඔවුන් හට ලකුණක් වනු ඇත්තේය, එවිට එනම් උන්වහන්සේ ඊශ්‍රායෙල් වංශයේ ජනතාවට කළ ගිවිසුම සම්පූර්ණ කිරීම සඳහා පියාණන්වහන්සේගේ කාර්යය දැනටමත් ආරම්භ වී ඇති බව ඔවුන් දැන ගනු ලබන්නෝය.

8 තවද එනම් ඒ දවස පැමිණි විට, එය මෙසේ සිදු වන්නේය, එනම් රජවරුන් තමන්ගේ මුඛය වසා ගනු ඇත්තෝය; මක්නිසාද ඔවුන්ට නොකියූ දේ ඔවුන් දකිනු ඇත්තෝය; තවද එනම් ඔවුන් නොඇසූ දේ ඔවුන් සලකා බලනු ඇත්තෝය.

9 මක්නිසාද එනම් එම දවසේදී, මා උදෙසා පියාණන්වහන්සේ ඔවුන් අතරේ විශිෂ්ඨ සහ ආශ්චර්යමත් වූ ක්‍රියාවක් කරන්නාවු සේක; තවද මනුෂ්‍යයෙකු ඔවුන් හට ප්‍රකාශ කළ ද, තවද ඔවුන් අතරේ එය විශ්වාස නොකරන්නාවු අය සිටිනු ඇත්තේය.

10 එහෙත් බලව, මාගේ සේවකයාගේ ජීවිතය මාගේ හස්තයේ ඇත්තේය; එසේහෙයින් ඔවුන් නිසා ඔහු විනාශ වුවද, ඔවුන් ඔහුට හානියක් නොකරනු ඇත. එහෙත් මම ඔහුව සුව කරන්නෙමි, මක්නිසාද එනම් මාගේ ප්‍රඥාව යක්ෂයාගේ කපටිකමට වඩා උතුම් බව මම ඔවුන් හට පෙන්වන්නෙමි.

11 එසේහෙයින් එය මෙසේ සිදු වනු ඇත්තේය, එනම් පියාණන්වහන්සේ උන්වහන්සේව අන්‍යජාතීන් වෙතට ඉදිරියට රැගෙන ඒමට සලස්වන, තවද උන්වහන්සේ ඔවුන්ව අන්‍යජාතීන් වෙතට ගෙන යන පිණිස උන්වහන්සේට බලය දෙනු ලබන්නාවූ, ජේසුස් ක්‍රිස්තුස්වහන්සේ නම්, මාගේ වචන විශ්වාස නොකරන කවරෙකු වුවද, (එය මෝසෙස් පැවසූ පරිදිම සිදු කරනු ලබන්නේය) ගිවිසුමට අයත් මාගේ ජනතාව අතරින් ඔවුන්ව කපා හරිනු ලබන්නෝය.

12 තවද යාකොබ්ගෙන් ඉතිරි වූවන්වූ මාගේ ජනතාව අන්‍යයජාතීන් අතරෙහි සිටින්නෝය, එසේය, ඔවුන් මැද, වනයේ මෘගයන් අතරෙහි සිංහයෙකු මෙන් ද, බැටළු රැළවල් අතරෙහි තරුණ සිංහයෙකු මෙන් ද, ඔවුන් මැදින් ගියහොත් පාගා දමා තවද කැබලිවලට ඉරා දමා, තවද කිසිවෙකුට ගළවාගත නොහැකි සේ සිටින්නේය.

13 ඔවුන්ගේ දෑත ඔවුන්ගේ විරුද්ධවාදීන්ට විරුද්ධව ඔසවනු ලබන්නෝය, තවද ඔවුන්ගේ සියලු සතුරෝ ද සිඳ දමනු ලබති.

14 එසේය, අන්‍යජාතීන් පසුතැවිලි නොවන්නේ නම් ඔවුන් හට දුක් වේ; මක්නිසාද එය මෙසේ සිදු වනු ඇත්තේය, එනම් එම දවසේ දී, මම නුඹගේ අශ්වයන් නුඹ මැදින් සිඳ දමන්නෙමි, තවද මම නුඹගේ රථ විනාශ කරන්නෙමියි පියාණන්වහන්සේ වදාරන සේක.

15 තවද මම නුඹගේ දේශයේ නගරයන් කපා හරින්නෙමි, තවද නුඹගේ සියලු බලකොටු බිඳ දමන්නෙමි;

16 තවද මම නුඹගේ දේශයෙන් පිටතට මායාකාරයන් පහ කරන්නෙමි, තවද නුඹට තවදුරටත් පේන කියන්නන් නොසිටිනු ඇත්තේය;

17 නුඹගේ කැටයම් කළාවු පිළිම, තවද එසේම නුඹගේ රූප ද නුඹ මධ්‍යයෙන් සිඳ දමන්නෙමි, තවද නුඹ තවදුරටත් නුඹගේ දෑතේ ක්‍රියාවන්වලට නමස්කාර නොකරන්නෙහිය;

18 තවද නුඹගේ මධ්‍යයෙන්වු ගස් ගොන්නය මම උදුරා දමන්නෙමි; එමඟින් මම නුඹගේ නගරයන් විනාශ කරන්නෙමි.

19 තවද එය මෙසේ සිදු විය, එනම් සියලුම බොරුකිම්, තවද රැවටීම්, තවද ඊර්ෂ්‍යාවන්, තවද කෝලහාල, තවද පූජක උපායන්, සහ වේශ්‍යාකම් ඉවත් කරනු ලබන්නේය.

20 මක්නිසාද එය මෙසේ සිදු වනු ඇත්තේයැයි, පියාණන්වහන්සේ මෙසේ පවසන සේක, අහෝ ඊශ්‍රායෙල් වංශය, එනම් එම දවසේ දී පසුතැවිලි නොවී තවද මාගේ ප්‍රියාදර පුත්‍රයාණන් වෙතට නොපැමිණෙන්නාවු කවරෙකු වුවද, ඔවුන්ව මා මාගේ ජනතාව අතරින් කපා දමන්නෙමි;

21 තවද ඔවුන් ඇහුම්කම් නොදුන්නාවු මිත්‍යා දෘෂ්ටිකයින් මත මෙන්, මා ඔවුන් කෙරෙහි පළිගැනීම සහ කෝපය ක්‍රියාත්මක කරන්නෙමි.

22 එහෙත් ඔවුන් පසුතැවිලි වී මාගේ වචනවලට ඇහුම්කම් දී, තවද ඔවුන්ගේ හදවත් දැඩි කර නොගන්නේ නම්, මා ඔවුන් අතර මාගේ සභාව පිහිටුවන්නෙමි, තවද ඔවුන් ගිවිසුම තුළට පැමිණ, තවද යාකොබ්ගේ ඉතිරි කොටස අතරට ගණන් ගනු ලබනු ඇත්තේය, ඔවුන් හට මා මෙම දේශය ඔවුන්ගේ උරුමය ලෙස ලබා දී ඇත්තෙමි;

23 තවද ඔවුන් මාගේ ජනතාවට, යාකොබ්ගේ ඉතිරි කොටසට, සහ එසේම පැමිණෙන්නාවු ඊශ්‍රායෙල් වංශයේ සියලු දෙනාට උපකාර කරනු ඇත්තේය, එනම් ඔවුන් නව ජෙරුසලෙම ලෙස හඳුන්වන්නාවු නගරයක් ගොඩනගනු ඇත්තෝය.

24 තවද එවිට පොළොවේ මුහුණ මත විසිරී සිටින්නාවු, එනම් මාගේ ජනතාව ඔවුන් එක්රැස් කරනු පිණිස, නව ජෙරුසලමට උපකාර කරනු ඇත්තේය.

25 තවද එවිට ස්වර්ගයෙහි බලය ඔවුන් අතර පහතට පැමිණෙනු ඇත්තේය; තවද එසේම මා ඔවුන් මධ්‍යයෙහි සිටින්නෙමි.

26 තවද එවිට එම දවසේදී පියාණන්වහන්සේගේ කාර්යය ආරම්භ වනු ඇත්තේය, මෙම ජනතාවගේ ඉතිරිවූවන් අතරවුවද මෙම ශුභාරංචිය දේශනා කරනු ලබන්නේය. සැබවින්ම මා නුඹලා හට කියමි, එම දවසේදී මාගේ ජනතාවගේ විසිරී සිටින්නාවු සියලු දෙනා අතර, එසේය, ජෙරුසලෙමෙන් පිටතට පියාණන්වහන්සේ මඟපෙන්වනු ලැබුවාබූ නැති වූ ගෝත්‍ර වෙතට වුවද, පියාණන්වහන්සේගේ කාර්යය ආරම්භ වනු ඇත්තේය.

27 එසේය, මාගේ සියලු විසිරී සිටින්නාවු ජනතාව අතර, පියාණන්වහන්සේ සමඟ වැඩ ආරම්භ වනු ඇත්තේය, එමඟින් ඔවුන් මා වෙතට පැමිණිය හැකි මාර්ගය සූදානම් කිරීම සඳහා, එනම් මාගේ නාමයෙන් පියාණන්වහන්සේ හට යාච්ඤා කරන පිණිසය.

28 එසේය, තවද එවිට සියලු ජාතීන් අතර මාර්ගය පිළියෙල කර එමඟින්, උන්වහන්සේගේ ජනතාව ඔවුන්ගේ උරුමයේ දේශයේ නිවසට එක්රැස් කරගන්නා පිණිස, පියාණන්වහන්සේ සමඟ කාර්යය ආරම්භ වනු ඇත්තේය.

29 තවද ඔවුන් සියලු ජාතීන් වෙතින් පිටතට යන්නෝය; තවද ඔවුන් ඉක්මණින් පිටතට යන්නේවත්, පලා යෑමක්වත් නැත, මක්නිසාද මා ඔවුන්ට පෙරටුව යන්නෙමි, තවද මා ඔවුන්ගේ පසුපසින් සිටින්නෙමි යැයි, පියාණන්වහන්සේ පවසන සේක.