8 වන පරිච්ඡේදය
කුණාටු, භූමිකම්පා, ගිනි, සුළි සුළං සහ භෞතික කැළඹීම් ක්‍රිස්තුස්වහන්සේගේ කුරුසියේ ඇණ ගැසීම සහතික කරයි – බොහෝමයක් ජනතාව විනාශ වෙයි – අන්ධකාරය දින තුනක් දේශය ආවරණය කරයි – ඉතිරි වන අය ඔවුන්ගේ ඉරණම ගැන දුක් වෙති. ක්‍රි.ව. 33–34 පමණ.
1 තවද එය මෙසේ සිදු විය, එනම් අපගේ වාර්තාවට අනුව, තවද අපගේ වාර්තාව සත්‍ය බව අප දනිමු, මක්නිසාද බලව, ඒ වාර්තාව තැබුවේ ධර්මිෂ්ඨ මනුෂ්‍යයෙකි – මක්නිසාද ඔහු සැබැවින්ම ජේසුස්වහන්සේගේ නාමයෙන් බොහෝ ආශ්චර්යයන් කළේය; තවද ඔහු තමන්ගේ අයුතුකමේ සෑම මාත්‍රයකින්ම පවිත්‍ර නම් මිස ජේසුස්වහන්සේගේ නාමයෙන් ප්‍රාතිහාර්යයක් කළ හැකි කිසිඳු මනුෂ්‍යයෙකු එහි නොසිටියේය.
2 තවද එය මෙසේ සිදු විය, අපගේ කාලය ගණනය කිරීමේදී මෙම මනුෂ්‍යයා විසින් වරදක් සිදු නොවූයේ නම්, තිස් තුන්වන වසර ගෙවී ගොස් තිබුණේය;
3 තවද එවිට ලේමන්වර, අනාගතවක්තෘ සාමුවෙල් විසින් දුන් සළකුණ උදෙසා ජනතාව ඉතා උනන්දුවෙන් බලන්නට පටන් ගත්තෝය, එසේය, මක්නිසාද එනම් එහි දේශය මතුපිට පුරා දින තුනක කාල පරාසයක් පුරාවට අන්ධකාරයේ පවතින කාලය උදෙසාය.
4 තවද බොහෝ සළකුණු ලබා දී තිබියදීත්, එහි ජනතාව අතර බලවත් සැකයන් සහ ආරවුල් ඇති වීමට පටන් ගත්තෝය.
5 තවද එය මෙසේ සිදු විය, තිස් හතරවන වසර තුළදී, පළමු මාසයේ, මාසයේ හතරවන දින, මුළු දේශයේ කිසිදාක නොදැන සිටියාවූ ආකාරයේ, මහා කුණාටුවක් එහි නැඟුනේය.
6 තවද එසේම එහි බලවත් සහ භයානක කුණාටුවක් ද විය; තවද භයංකර ගිගුරුම් හඬක් ඇති විය, එපමණකින් එනම් එය බෙදී වෙන් වීමට ආසන්නව සිටින්නාක් මෙන් මුළු පොළොවම සොලවන්නට විය.
7 තවද මුළු දේශයේම කිසි දිනෙක නොදැන සිටියාවූ ආකරයේ, අතිශයින් තියුණු අකුණු ගැසීම් එහි වූවේය.
8 තවද සරහෙම්ලා නගරය ද ගිනිබත් විය.
9 තවද මොරෝනායි නගරය මුහුදේ ගැඹුර තුළට ගිලී ගිය අතර, තවද එහි වූ වැසියන් ගිලී ගියෝය.
10 තවද පොළොව මොරෝනිහා නුවරට ගෙන ගොස්, එනම් නගරය තිබූ ස්ථානය වෙනුවට එහි විශාල කන්දක් විය.
11 තවද දකුණු දෙසින් වූ දේශයේ බලවත් සහ භයානක විනාශයක් විය.
12 එහෙත් බලව, උතුරු දෙසින් වූ දේශයේහි තවත් බලවත් සහ භයානක විනාශයක් විය; මක්නිසාද බලව, කුණාටුව සහ සුළි සුළං ද, තවද ගිගුරුම් සහ අකුණු කෙටීම් සහ මුළු පොළොවෙහිම මහත් කම්පනය නිසා, දේශයේ මුළු මුහුණතම වෙනස් විය.
13 තවද මහත් වූ මාර්ග කැඩී, තවද සමතලා මාර්ගයන් පළුදු වී, තවද බොහෝ මෘදු ස්ථාන රළු බවට පත් වුණේය.
14 තවද බොහෝ ශ්‍රේෂ්ඨ සහ කැපී පෙනෙන නගර ගිල්වන ලදී, තවද බොහෝ ඒවා ගිනිබත් විය, තවද එහි වූ බොහෝ ගොඩනැගිලි පොළොව මතට වැටෙනතෙක් සෙලවුණි, තවද එහි වූ වැසියන් මරා දමනු ලැබ, තවද එම ස්ථානයන් පාළුවට ගොස් තිබුණි.
15 තවද එහි ඉතිරිව තිබූ නගර කිහිපයක් තිබුණේය; එහෙත් එහි හානිය අතිශයින් මහත් වූ අතර, තවද ඒවා තුළ මරා දමනු ලද බොහෝ දෙනෙකු සිටියෝය.
16 තවද එහි සුළි සුළඟින් ගසාගෙන ගියාවූ සමහරෙක් සිටියහ; තවද ඔවුන් ගාසගෙන ගියාවූ බව ඔවුන් දැන සිටි මිස, ඔවුන් කොහේට ගියා දැයි කියා කිසිවෙකු නොදත්තේය.
17 තවද මෙසේ කුණාටු ද, තවද ගිගුරුම් ද, තවද විදුලි කෙටීම් ද, සහ පොළොවේ කම්පනය නිසාවෙන්, මුළු පොළෝ තලයම මුහුණත විකෘති විය.
18 තවද බලව, පර්වත දෙකට ඉරී ගොස් තිබුණේය; ඒවා සියලු පොළොව මතුපිටම කැඩී ගොස් තිබුණේය, එපණකින් එනම් ඒවා කැබලි වශයෙන්ද, තවද දාරයන් සහ ඉරිතැලීම් වශයෙන්ද, සියලු පොළෝ තලය මතුපිටම දක්නට ලැබුණේය.
19 තවද එය මෙසේ සිදු විය, එනම් ගිගුරුම් ද, තවද විදුලි කෙටීම් ද, තවද කැළඹිල්ල ද, තවද කුණාටුව, සහ පොළොවේ කම්පන නතර වූ විට – මක්නිසාද බලව, ඒවා පැය තුනක පමණ කාල පරාසයක් පුරාවට පැවතුණේය; තවද එය සමහරුන් විසින් කාලය එනම් වඩා විශාල වූ බව පවසන ලදී; එසේනමුත්, මෙම සියලු බලවත් සහ භයානක වූ දේවල් පැය තුනක පමණ කාල පරාසයක් ඇතුළත සිදු කරන ලදී – තවද එවිට බලව, දේශය මතුපිට අන්ධකාරයක් තිබුණේය.
20 තවද එය මෙසේ සිදු විය, එපමණකින් එනම් එහි වැටී නොසිටියාවූ වැසියන්ට අන්ධකාරයේ වලා පටල දැනෙන තරමට, එනම් එහි සියලු දේශයේ තලය පුරාම ඝන අන්ධකාරයක් විය;
21 තවද එහි අන්ධකාරය නිසාවෙන් ආලෝකයක්, නැතහොත් ඉටිපන්දම්, නැතහොත් පන්දම් තිබිය නොහැකි විය; නැතහොත් ඒවායේ සියුම් සහ අතිශයින්ම වියළි දැවයෙන් ගින්නක් ඇවිළීමට නොහැකි විය, එම නිසා කිසිඳු ආලෝකයක් තිබීමට නොහැකි විය;
22 තවද එම දේශයේ තලය මතුපිට වූ අන්ධකාරයේ මීදුම එතරම් බලවත් වූ බැවින්, එහි කිසිඳු ආලෝකයක්, නැතහොත් ගින්දර, හෝ දීප්තියක්, නැතහොත් සූර්යයා, හෝ චන්ද්‍රයා, හෝ තාරකා දක්නට නොලැබුණේය.
23 තවද එය මෙසේ සිදු විය, එනම් දින තුනක කාල පරාසයක් පුරාවට එහි ආලෝකයක් දැකිය නොහැකි විය; තවද සියලු ජනතාව අතර මහත් ශෝකයන් ද, තවද බෙරිහන් දීම් ද, තවද වැලපීම් ද නිරන්තරයෙන් පැවතුණෝය; එසේය, ඔවුන් මතට පැමිණියාවූ අන්ධකාරය සහ බලවත් විනාශය නිසාවෙන්, ජනතාවගේ කෙඳිරීම් මහත් විය.
24 තවද එක් ස්ථානයක ඔවුන් මෙසේ කියමින්, හඬනවා ඇසෙන ලද්දේය: අහෝ, එනම් මෙම බලවත් සහ භයානක දවසට පෙර අප පසුතැවිලි වූවා නම්, තවද එවිට අපගේ සහෝදරයන් ඉතිරි වනු ඇත, තවද ඔවුන් එම බලවත් නගරය වන සරහෙම්ලාහිනොදැවෙනුු ඇත.
25 තවද එක් ස්ථානයක ඔවුන් මෙසේ කියමින්, හඬනවා ඇසෙන ලද්දේය: අහෝ, එනම් මෙම බලවත් සහ භයානක දවසට පෙර අප පසුතැවිලි වී, තවද අනාගතවක්තෘවරුන් මරා තවද ගල් ගසා, තවද ඔවුන්ව පිටතට පලවා නොහැරවුවහොත්; එවිට අපගේ මව්වරුන් සහ අපගේ පැහැපත් දියණියන්, සහ අපගේ දරුවන් ඉතිරි වනු ඇත්තේය, තවද ඒ මහත් නගරය වන මොරොනිහාහි භූමදානය නොවනු ඇත. තවද මෙසේ ජනතාවගේ බෙරිහන් දීම් බලවත් සහ භයානක විය.