5 වන පරිච්ඡේදය
නීෆායිවරුන් පසුතැවිලි වී ඔවුන්ගේ පාප අත්හරිතිි – මොර්මන් ඔහුගේ ජනතාවගේ ඉතිහාසය ලියා ඔවුන්ට සදාකාලික වචනය ප්‍රකාශ කරයි – ඊශ්‍රායලය ඇයගේ දිගු විසුරුමෙන් එක්රැස් කරනු ඇත. ක්‍රි.ව. 22–26 පමණ.
1 තවද දැන් බලව, සියලු ශුද්ධ වූ අනාගතවක්තෘවරුන් පැවසූ වචන පිළිබඳ අවම වශයෙන් සැක වූ කළාවූ නීෆායිවරුන්ගේ සියලු ජනයා අතර ජීවමාන ප්‍රාණයක් නොතිබුණි; මක්නිසාද එනම් ඒවා සම්පුර්ණ විය යුතු බව ඔවුන් දැන සිටියෝය.
2 තවද එනම් අනාගතවක්තෘවරුන්ගේ වචනවලට අනුව, ලබා දී තිබුණාවූ බොහෝ සලකුණු නිසාවෙන්, එනම් ක්‍රිස්තුස්වහන්සේ පැමිණීම සුදුසු බව ඔවුන් දැන සිටියෝය; තවද එනම් එසේ සිදු වූ දේවල් නිසා, පවසා තිබූ දෙයට අනුව එනම් සියල්ල සිදු විය යුතු බව ඔවුන් දැනටමත් දැන සිටියෝය.
3 එසේහෙයින් ඔවුන් ඔවුන්ගේ සියලු පාප ද, තවද පිළිකුල් සහගත ක්‍රියා ද, තවද වේශ්‍යාකම් ද අත්හැර, තවද දිවා රෑ නොබලා දෙවියන්වහන්සේ හට සියලු උද්‍යෝගයෙන් සේවය කළෝය.
4 තවද එය මෙසේ සිදු විය, එනම් ඔවුන් සියලු මංකොල්ලකාරයන් සිරකරුවන් අල්ලාගත් පසු, එපමණකින් ඔවුන් එනම් මරා වූ නොදැමුවාවූ කිසිවෙකු පලා නොගියේය, ඔවුන් ඔවුන්ගේ සිරකරුවන් සිරගේ තුළට දමා, තවද දෙවියන්වහන්සේගේ වචනය ඔවුන් හට දේශනා කිරීමට සැලැස්වූවෝය; තවද ඔවුන්ගේ පාප පිළිබඳ පසුතැවිලි වී, තවත් මිනී නොමරන බවට ගිවිසුමකට එළැඹෙන බොහෝ දෙනාට නිදහස ලැබුණෝය.
5 එහෙත් ගිවිසුමකට එළැඹ නොගත් තවද තවමත් එම රහසිගත මිනීමැරුම් ඔවුන්ගේ හදවත් තුළ දිගටම නිරතවූවන් බොහෝ දෙනෙක්, එසේය, ඔවුන්ගේ සහෝදරයන්ට එරෙහිව තර්ජනාත්මකව හුස්ම හෙළුවාවූ බොහෝ දෙනෙකු නීතියට අනුව හෙළා දැක තවද දඬුවම් කරනු ලැබුවෝය.
6 තවද මෙසේ ඔවුන් එහි වූ බොහෝ දුෂ්ටකම් ඇති බොහෝ මිනීමැරුම් ඇති ඒ සියලු දුෂ්ට, තවද රහසිගත, තවද පිළිකුල් සහගත සම්බන්ධතාවයන්ට අවසානයක් තැබුවෝය.
7 තවද මෙසේ විසි දෙවන වසර ගෙවී ගොස්, තවද එසේම විසි තුන්වන වසර ද, විසි හතරවන වසර ද, විසි පස්වන වසර ද ගෙවී ගියේය; තවද මෙසේ වසර විසි පහක් ගෙවී ගියේය.
8 තවද එහි සමහරක් අයගේ දෑස් හමුවේ, ශ්‍රේෂ්ඨ සහ විශ්මිත වන්නා වූ, බොහෝ දේවල් සිදු විය; එසේනමුත්, ඒවා සියල්ලම මෙම පොතෙහි ලිවිය නොහැක; එසේය, වසර විසි පහක කාල පරාසය තුළ බොහෝ ජනතාව අතර සිදු වූ දෙයින් සියයෙන් කොටසක්වත් මෙම පොතෙහි අඩංගු කළ නොහැකිය;
9 එහෙත් බලව මෙම ජනතාවගේ සියලු ක්‍රියාවන් ඇතුළත් වාර්තා තිබෙන්නේය; තවද කෙටි එහෙත් සත්‍ය වාර්තාවක් නීෆායි විසින් ලබා දෙන ලදී.
10 එසේහෙයින් මම මේ දේවල් පිළිබඳ මාගේ වාර්තාව තැබුවේ නීෆායිගේ තහඩු ලෙස හදුන්වනු ලැබූ තහඩු මත කැටයම් කර ඇති නීෆායිගේ වාර්තාවට අනුවය.
11 තවද බලව, මම මාගේම දෑතින් සෑදුවාවූ වාර්තාවක් තහඩු මත සාදන්නෙමි.
12 තවද බලව, මා මොර්මන් ලෙස හඳුන්වනු ලැබුවේය, ඇල්මා ජනතාව අතර සභාව පිහිටවූ දේශය වූ ද, එසේය, ඔවුන්ගේ වරදින් පසු ඔවුන් අතර පළමු සභාව පිහිටුවන ලද්දා වූ, මොර්මන්ගේ දේශයට අනුව නම් කරනු ලැබුවේය.
13 බලව, මම දෙවියන්වහන්සේගේ පුත්‍රයාණන් වන ජේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ ගෝලයෙකු වෙමි. එනම් ඔවුන්ට සදාකාලික ජීවිතය ලැබෙන පිණිස, උන්වහන්සේගේ වචනය උන්වහන්සේගේ ජනතාව අතර ප්‍රකාශ කිරීමට මා උන්වහන්සේ කෙරෙන් කැඳවනු ලැබුවෙමි.
14 තවද එය දෙවියන්වහන්සේගේ කැමැත්තට අනුව, එනම් මෙතැන් සිට වූ ගියාවූ අයගේ යාච්ඤාවන්, එම ශුද්ධවන්තයන්, ඔවුන්ගේ ඇදහිල්ලට අනුව ඉටුවිය යුතු අතර, එනම් කරන ලද්දාවූ මෙම දේවල් පිළිබඳ වාර්තාවක් තැබීම මට යෝග්‍ය වී ඇත්තේය –
15 එසේය, එනම් ලීහායි ජෙරුසෙලමෙන් වූ පිටත්ව ගිය කාලයේ සිට, වර්තමාන කාලය දක්වා පවා ද සිදුවී ඇති දේවල් පිළිබඳ කුඩා වාර්තාවකි.
16 එසේහෙයින් මට පෙර සිටියාවූ අය විසින් දෙනු ලැබුවාවූ එම වාර්තා වෙතින්, මාගේ දවස් පටන්ගන්නා තුරු මම මාගේ වාර්තාව සකස් කරන්නෙමි;
17 තවද ඉන්පසු මා මාගේම දෑස් මඟින් දුටුවාවූ දේවල් පිළිබඳ වාර්තාවක් මම සාදන්නෙමි.
18 තවද මා සාදන්නාවූ එම වාර්තාව යුක්ති සහගත සහ සත්‍ය වාර්තාවක් බව මම දන්නෙමි; එසේනමුත් අපගේ භාෂාවට අනුව, අපට ලිවීමට නොහැකි බොහෝ දේවල් එහි ඇත්තේය.
19 තවද දැන් මා එම මම පිළිබඳ වූ, මාගේ ප්‍රකාශ අවසන් කරන්නෙමි, තවද මට පෙර තිබූනාවූ දේවල් පිළිබඳ මාගේ වාර්තාව කිරීමට යන්නෙමි.
20 මම මොර්මන්ය, තවද ලීහායි කෙරෙන් පැවත එන්නෙකි. මාගේ දෙවියන්වහන්සේ සහ මාගේ ගැලවුම්කරුවාණන් වූ ජේසුස් ක්‍රිස්තුස්වහන්සේ හට ප්‍රශංසා කිරීමට මා හට හේතුවක් ඇත්තේය, එනම් උන්වහන්සේ අපගේ පියවරුන් ජෙරුසෙලම් දේශයෙන් පිටතට රැගෙන ආ සේක, (තවද උන්වහන්සේ සහ උන්වහන්සේ එම දේශයෙන් පිටතට රැගෙන ආ එම අයවලුන් මිස වෙන කිසිවෙකු එය නොදන්නේය) තවද උන්වහන්සේ මට සහ මාගේ ජනතාව හට අපගේ ප්‍රාණයන්ගේ ගැලවීම උදෙසා ඉතා මහත් දැනුමක් ලබාදී ඇති සේක.
21 සැබවින්ම උන්වහන්සේ යාකොබ්ගේ වංශයට ආශීර්වාද කළ සේක, තවද යොසෙප්ගේ වංශය වෙතට අනුකම්පා කළ සේක.
22 තවද එපමණකින් ලීහායිගේ පුත්‍රයන් උන්වහන්සේගේ අණ පනත් පවත්වන තාක් උන්වහන්සේගේ වචනයට අනුව උන්වහන්සේ ඔවුන්ට ආශිර්වාද කර තවද ඔවුන් සමෘද්ධිමත් කළ සේක.
23 එසේය, තවද සැබවින්ම උන්වහන්සේ නැවතත් යොසෙප්ගේ වංශයේ ඉතිරිවූවන් ඔවුන්ගේ දෙවි වූ ස්වාමීන්වහන්සේ පිළිබඳ දැනගැනීමට ගෙන එන සේක.
24 තවද සැබවින්ම ස්වාමීන්වහන්සේ ජීවමාන සේම, උන්වහන්සේ පොළොවේ සතර කොන් වෙතින්ම යාකොබ්ගේ වංශයේ ඉතිරිවූවන් සියල්ලන් රැස් කරන සේක, ඔවුන් පොළෝ තලය පුරා විසිර සිටින්නෝය.
25 තවද උන්වහන්සේ යාකොබ්ගේ මුළු වංශය සමඟ ගිවිසුමක් කළ ලෙසම, යාකොබ්ගේ වංශය සමඟ ගිවිස ගත්තාවූ එම ගිවිසුම උන්වහන්සේගේ නියමිත කාලයේදී සම්පුර්ණ වන සේක, එනම් උන්වහන්සේ ඔවුන් සමඟ ගිවිස ගත්තාවූ එම ගිවිසුම පිළිබඳ දැනගැනීමකට යාකොබ්ගේ මුළු වංශය නැවත පිහිටවනු ලබන්නේය.
26 තවද ඉන්පසු ඔවුන් ඔවුන්ගේ මිදුම්කරුවාණන් වන ජේසුස් ක්‍රිස්තුස්වහන්සේ, දෙවියන්වහන්සේගේ පුත්‍රයාණන් වන බව දැන ගන්නෝය; තවද ඉන්පසු ඔවුන් පොළොවේ සතර කොනෙන් ඔවුන් විසිර සිටින්නාවූ ස්ථානයෙන් ඔවුන්ගේම දේශවලට රැස්කර ගනු ලබන්නෝය; එසේය, ස්වාමීන්වහන්සේ ජීවත් වන්නාක් මෙන් එය එසේ වනු ඇත්තේය. ආමෙන්.