ශුද්ධලියවිලි
3 නීෆායි 22


22 වන පරිච්ඡේදය

අවසාන දවස්වලදී, සයන් සහ ඇගේ ඉණි ස්ථාපිත කරනු ලබන්නේය, තවද ඊශ්‍රායල් දයාවෙන් හා කරුණාවෙන් යුතුව රැස් කරනු ලබයි – ඔවුන් ජයග්‍රහණය ලබන්නෝය – යෙසායා 54 සසඳන්න. ක්‍රි.ව. 34 දී පමණ.

1 තවද එවිට එනම් ලියන ලද දේ පමුණවනු ලබන්නේය: ගයනු මැන, අහෝ වඳ තැනැත්තිය, එනම් නුඹ බිහි නොකළේය; ශබ්ද නගා ගී ගයාපන්න, තවද ශබ්දයෙන් මොරගසාපන්න, නුඹ එනම් දරුවෙක් සමඟින් විළිරුජාව නොවින්දේය; මක්නිසාද විවාහක භාර්යාවගේ දරුවන්ට වඩා පාළු තැනැත්තියගේ දරුවන් බොහෝ යැයි, ස්වාමීන්වහන්සේ වදාළ සේක.

2 නුඹේ කූඩාරම තිබෙන ස්ථාන විශාල කරන්න, තවද නුඹගේ වාසස්ථානවල තිරයන් දිග හරින්න; වළක්වා නොගන්න, නුඹගේ ලණු දිගුකර, තවද නුඹේ ඉණි ශක්තිමත් කරන්න;

3 මක්නිසාද නුඹ දකුණටත් තවද වමටත් ක්ෂණිකව පැතිරී යනු ඇත, තවද නුඹේ වංශය අන්‍යජාතිකයන්ව උරුම කර ගනු ලබන්නේය, තවද පාළු වූ නගරවල් වාසස්ථාන කරනු ලබන්නේය.

4 බිය නොවන්න, මක්නිසාද නුඹ ලැජ්ජාවට පත් නොවන්නේය; නුඹ ව්‍යාකූල ද කරනු නොලබන්නේය, මක්නිසාද නුඹව නින්දාවට පත් නොකරන්නේය; මක්නිසාද නුඹ නුඹේ යෞවන කාලයේ ලැජ්ජාව අමතක කර දමන්නේය, තවද යෞවනයේ නින්දාව සිහි නොකරන්නෙහිය, තවද නුඹේ වැන්ඳඹුකමේ නින්දාව තවත් සිහි නොකරන්නෙහිය.

5 මක්නිසාද නුඹගේ මැවුම්කරුවාණන්, නුඹේ ස්වාමි පුරුෂයාණන්ය, උන්වහන්සේගේ නාමය සේනාවල ස්වාමීන්වහන්සේ වන සේක; තවද නුඹේ මිදුම්කරුවාණන්, ඊශ්‍රායලයේ ශුද්ධ වූ තැනැන්වහන්සේය – මුළු පොළොවේම දෙවියන්වහන්සේ යැයි උන්වහන්සේව නම් කරනු ලබන සේක.

6 මක්නිසාද අත්හරින ලද ස්ත්‍රීයක් ලෙස තවද ආත්මයේ ශෝකයට පත් වී සිටින, තවද යෞවනයේ භාර්යාවක් ලෙස, නුඹව ප්‍රතික්ෂේප කළ විට ස්වාමීන්වහන්සේ නුඹව කැඳවා ගත්සේකැයි, නුඹගේ දෙවියන්වහන්සේ වදාළ සේක.

7 මක්නිසාද මම සුළු මොහොතකට නුඹ අත්හැරියෙමි, එහෙත් මහත් දයාවෙන් මම නුඹව රැස් කරන්නේමි.

8 මම උදහස වගුරුවා මාගේ මුහුණ මොහොතක් නුඹගෙන් සඟවා ගත්තෙමි, එහෙත් සදාතනික කරුණාවෙන් මම නුඹ වෙත දයාවන්ත වෙමි, මිදුම්කරුවාණන් වන නුඹගේ ස්වාමීන්වහන්සේ වදාළන සේක.

9 මක්නිසාද මෙය, මා හට නෝවාගේ ජලගැල්ම මෙන් වන්නේය, මක්නිසාද නෝවාගේ ජලගැල්ම එනම් පොළොවේ තවත් නොගලන බවට මා විසින් දිවුරුවාක් මෙන්, නුඹ කෙරෙහි උදහස් නොවන බවටත් නුඹට එනම් මම දිවුරුම් දී ඇත්තෙමි.

10 මක්නිසාද කඳු පහවයන්නේය තවද හෙල් ඉවත් කරනු ලබන්නේය; එහෙත් මාගේ කරුණාව නුඹෙන් පහව නොයන්නේය, මාගේ සමාදාන ගිවිසුම ද ඉවත දමනු නොලබන්නේ යයි, නුඹට දයාවන්ත ඇත්තාවූ ස්වාමීන්වහන්සේ මෙසේ වදාළ සේක.

11 අහෝ පීඩිත වූ, කුණාටුවෙන් පහරලබන්නා වූ, තවද සැනසිල්ලක් නැත්තාවූ තැනැත්තිය! බලව, මා නුඹේ ගල් දිලිසෙන වර්ණයන්ගෙන් අතුරා, තවද නුඹේ අත්තිවාරම් නීල මාණික්‍යවලින් දමන්නෙමි.

12 තවද මම නුඹේ කවුළු අගස්තිවලින්, තවද නුඹේ දොරටු දීප්තිමත් මාණික්‍යවලින්, තවද නුඹේ සියලු මායිම් පියකරු වූ ගල්වලින් සාදන්නෙමි.

13 තවද නුඹගේ සියලුම දරුවන් ස්වාමීන්වහන්සේ විසින් උගන්වනු ලබන්නෝය; තවද නුඹගේ දරුවන්ගේ සමාදානය මහත් වන්නේය.

14 ධර්මිෂ්ඨකමෙන් නුඹව පිහිටුවනු ලබන්නේය; නුඹ පීඩාවෙන් දුරුව සිටින්නේය මක්නිසාද නුඹ බිය නොවන්නෙහිය; තවද භීතියෙන් ද මක්නිසාද එය නුඹ ළඟට නොපැමිණෙන්නේය.

15 බලව, සැබැවින්ම ඔවුන් නුඹට විරුද්ධව එකට එක් රැස් වන්නෝය, මාගේ කැමැත්ත අනුව නොවන්නේය; කිසිවෙක් නුඹට විරුද්ධව එක් රැස් වන්නේ ද නුඹ උදෙසා වැටෙන්නේය.

16 බලව, තවද ඔහුගේ කාර්යය සඳහා උපකරණයක් සාදන්නා, තවද එනම් ගින්නේ තිබෙන අඟුරුවලට පිඹින කම්මල්කරුවා මැවුවෙත් මමය; තවද විනාශ කිරීමට නාස්තිකාරයා මවන ලද්දේත් මමය.

17 නුඹට විරුද්ධව සාදන කිසිම ආයුධයක් එනම් සඵල නොවන්නේය; තවද විනිශ්චය කිරීමට නුඹට එරෙහිව අපහාස කරන සියලුම දිවවල් නුඹ විසින් හෙළා දකිනු ඇත්තේය. මෙය ස්වාමීන්වහන්සේගේ මෙහෙකරුවන්ගේ උරුමය වන්නේය, තවද ඔවුන්ගේ ධර්මිෂ්ඨකම මාගෙන් වන්නේය, ස්වාමීන්වහන්සේ මෙසේ වදාළන සේක.