ශුද්ධලියවිලි
3 නීෆායි 19


19 වන පරිච්ඡේදය

ගෝලයන් දොළොස්දෙනා ජනතාවට උපස්ථාන කර තවද ශුද්ධාත්මයාණන්වහන්සේ උදෙසා යාච්ඤා කරති – ගෝලයන් බෞතිස්මය වී ශුද්ධාත්මයාණන් සහ දේවදූතයන්ගේ උපස්ථානය ලබා ගනී – ජේසුස්වහන්සේ ලිවිය නොහැකි වචන භාවිතා කරමින් යාච්ඤා කරන සේක – උන්වහන්සේ මෙම නීෆායිවරුන්ගේ අතිශයින් ශ්‍රේෂ්ඨ ඇදහිල්ලට සාක්ෂි දරන සේක. ක්‍රි.ව. 34 පමණ.

1 තවද දැන් එය මෙසේ සිදු විය, එනම් ජේසුස්වහන්සේ ස්වර්ගයට නැඟුණු විට, සමූහයා විසිරී ගිය අතර, තවද සෑම මනුෂ්‍යයෙක්ම ඔහුගේ බිරිඳ සහ ඔහුගේ දරුවන් රැගෙන තම නිවසට ආපසු ගියේය.

2 තවද එකෙණෙහිම, එය අඳුර වැටෙන්නටත් පෙර, එනම් සමූහයා ජේසුස්වහන්සේව දුටු බවත්, තවද එනම් උන්වහන්සේ ඔවුන් වෙත උපස්ථාන කළ බවත්, තවද එනම් පසුදා උන්වහන්සේ එසේම තමන්වහන්සේවම සමූහයාට ප්‍රකාශ වන බවත්, ජනතාව අතරේ ඝෝෂාවක් පැතිර ගියේය.

3 එසේය, තවද මුළු රාත්‍රිය පුරාම පවා ජේසුස්වහන්සේ සම්බන්ධයෙන් ඝෝෂාවක් පැතිර ගියේය; තවද එපමණකින් ඔවුන් ජනතාව වෙතට යවන තරමට එනම් එහි බොහෝ දෙනෙක් සිටියෝය, එසේය, අතිශයින් විශාල වූ ගණනක්, එනම් ඔවුන් පසු දින ජේසුස්වහන්සේ සමූහයාට පෙනී සිටීමට නියමිත ස්ථානයේ සිටින පිණිස, ඒ රාත්‍රිය පුරාම අතිශයින් වෙහෙස වූහ.

4 තවද එය මෙසේ සිදු විය, එනම් පසුදා, සමූහයා එකට එක්රැස් වූ විට, බලව, නීෆායි සහ ඔහු මළවුන්ගෙන් නැගිටවනු ලැබු ඔහුගේ සහෝදරයා වූ, තිමෝති නමින් හැඳින්වු, තවද ජෝනාස් නම් ඔහුගේ පුත්‍රයාද, තවද එසේම මැතෝනි, තවද එසේම මැතොනයිහා, ඔහුගේ සහෝදරයා වන, තවද කුමෙන් ද, තවද කුමනානයි ද, තවද ජෙරෙමියා ද, තවද ශෙම්නොන් ද, තවද ජෝනාස් ද, තවද සෙදෙකියා සහ යෙසායා ද විය – දැන් ජේසුස්වහන්සේ තෝරාගනු ලැබු ගෝලයන්ගේ නම් මේවා විය – තවද එය මෙසේ සිදු විය, එනම් ඔවුන් පිටතට ගොස් සමූහයා මැද සිටගත්හ.

5 තවද බලව, එනම් සමූහයා ඉතා විශාල වූ බැවින් එනම් ඔවුන් කොටස් දොළහකට වෙන් කිරීමට ඔවුහු කටයුතු කළෝය.

6 තවද දොළොස්දෙනා සමූහයාට ඉගැන්වූහ; තවද බලව, එනම් ඔවුන් සමූහයා පොළොවේ මුහුණත මතුපිට දණ ගැසිය යුතු බවටත්, තවද ජේසුස්වහන්සේගේ නාමයෙන් පියාණන්වහන්සේ වෙත යාච්ඤා කල යුතු ලෙසටත් සැලැස්වූහ.

7 තවද එසේම ගෝලයන් ද ජේසුස්වහන්සේගේ නාමයෙන් පියාණන්වහන්සේ හට යාච්ඤා කළෝය. තවද එය මෙසේ සිදු විය, එනම් ඔවුන් නැඟිට ජනතාව හට උපස්ථාන කළෝය.

8 තවද ජේසුස්වහන්සේ පැවසූ වචනවලට වඩා කිසිවක් වෙනස් නොවී – ඔවුන් ජේසුස්වහන්සේ පැවසූ වචන වලින්ම උපස්ථාන කළ පසු – බලව, ඔවුන් නැවතත් දණ ගසා තවද ජේසුස්වහන්සේගේ නාමයෙන් පියාණන්වහන්සේ හට යාච්ඤා කළෝය.

9 තවද ඔවුන් බොහෝ ආශා කළාවු එම දේවල් සඳහා ඔවුන් යාච්ඤා කළහ; තවද එනම් ශුද්ධාත්මයාණන් ඔවුන්ට ලබා දෙන ලෙස ඔවුහු ඉල්ලා සිටියහ.

10 තවද ඔවුන් මෙසේ යාච්ඤා කළ පසු ඔවුන් වතුර අද්දරට බැස්සෝය, තවද සමූහයා ඔවුන් අනුගමනය කළෝය.

11 තවද එය මෙසේ සිදු විය, එනම් නීෆායි ජලට තුළට බැස තවද බෞතිස්ම විය.

12 තවද ඔහු ජලයෙන් පිටතට පැමිණ තවද බෞතිස්මය කිරීමට පටන් ගත්තේය. තවද ජේසුස්වහන්සේ තෝරාගත්තාවු සියල්ලන්වම ඔහු බෞතිස්ම කළේය.

13 තවද එය මෙසේ සිදු විය, ඔවුන් සියල්ලන්ම බෞතිස්මය වී තවද ජලයෙන් පිටතට පැමිණි විට, ශුද්ධාත්මයාණන්වහන්සේ ඔවුන් කෙරෙහි පහළ වූ අතර, තවද ඔවුන් ශුද්ධාත්මයාණන්ගෙන් සහ ගින්නෙන් පිරී ගියහ.

14 තවද බලව, ඔවුන් එය ගින්නෙන් වූවාක් මෙන් වට වී සිටියහ; තවද එය ස්වර්ගය කෙරෙන් බැස ආවේය, තවද සමූහයා එය දුටුවෝය, තවද සාක්ෂි දැරූහ; තවද දේවදූතයන් ස්වර්ගයෙන් පිටතට බැස තවද ඔවුන්ට උපස්ථාන කළහ.

15 තවද එය මෙසේ සිදු විය, එනම් දේවදූතයන් ගෝලයන්ට උපස්ථාන කරමින් සිටියදී, බලව, ජේසුස්වහන්සේ ඇවිත් තවද මැද සිට තවද ඔවුන්ට උපස්ථාන කළ සේක.

16 තවද එය මෙසේ සිදු විය, එනම් උන්වහන්සේ සමූහයා වෙත කතා කොට, තවද ඔවුන් නැවතත් පොළොව මත දණ ගසන ලෙසත්, තවද එසේම උන්වහන්සේගේ ගෝලයන් ද බිම දණ ගසන ලෙසත් අණ කළ සේක.

17 තවද එය මෙසේ සිදු විය, එනම් ඔවුන් සියල්ලන්ම පොළොව මත දණ ගැසු විට, උන්වහන්සේ එනම් තමන්වහන්සේගේ ගෝලයන්ට යාච්ඤා කරන ලෙස අණ කළ සේක.

18 තවද බලව, ඔවුන් යාච්ඤා කිරීමට පටන් ගත්තෝය; තවද ඔවුන් ජේසුස්වහන්සේ වෙත, උන්වහන්සේ ඔවුන්ගේ ස්වාමීන් සහ ඔවුන්ගේ දෙවියන්වහන්සේ යැයි කියමින් යාච්ඤා කළෝය.

19 තවද එය මෙසේ සිදු විය, එනම් ජේසුස්වහන්සේ ඔවුන් මධ්‍යයෙන් පිටතට නික්ම ගොස්, තවද ඔවුන් කෙරෙන් මඳක් ඈතට ගමන් කොට, තවද උන්වහන්සේ පොළොවට නැමී, තවද උන්වහන්සේ මෙසේ පැවසු සේක:

20 පියාණෙනි, මා තෝරාගත්තාවු මොවුන් වෙත එනම් ඔබවහන්සේ ශුද්ධාත්මයාණන් දුන් නිසා මා ඔබවහන්සේ හට ස්තූති කරමි; තවද එනම් මා කෙරෙහි ඔවුන් තුළ ඇත්තාවු විශ්වාසය නිසා මා ඔවුන්ව ලෝකයෙන් පිට තෝරාගෙන ඇත්තෙමි.

21 පියාණෙනි, එනම් ඔවුන්ගේ වචන විශ්වාස කරන්නාවු සියල්ලන්ටම ඔබවහන්සේගේ ශුද්ධාත්මයාණන් ලබා දෙන මෙන් මා ඔබවහන්සේට යාච්ඤා කරන්නෙමි.

22 පියාණෙනි, මා තුළ ඇත්තාවු ඔවුන්ගේ විශ්වාස නිසා ඔබවහන්සේ ඔවුන්ට ශුද්ධාත්මයාණන් දුන් සේක; තවද එනම් ඔබවහන්සේ ඔවුන්ට සවන් දෙන බැවින් ඔවුන් මා කෙරෙහි විශ්වාස කරන බව ඔබවහන්සේ දකින සේක, තවද ඔවුන් මා හට යාච්ඤා කරන්නෝය; තවද මා ඔවුන් සමඟ සිටින බැවින් ඔවුන් මා හට යාච්ඤා කරන්නෝය.

23 තවද දැන් පියාණෙනි, තවද එසේම ඔවුන්ගේ වචන විශ්වාස කරන්නාවු සියල්ලන් උදෙසා, එනම් ඔවුන් මා කෙරෙහි විශ්වාස කරනු පිණිස, එනම් පියාණන්වු, ඔබවහන්සේ මා තුළ සිටින්නාක් මෙන් මා ඔවුන් තුළ සිටින පිණිස, එනම් අප එකත්වයක් වනු පිණිස, ඔවුන් උදෙසා මා ඔබවහන්සේ හට යාච්ඤා කරමි.

24 තවද එය මෙසේ සිදු විය, එනම් ජේසුස්වහන්සේ මෙසේ පියාණන්වහන්සේ හට යාච්ඤා කළ පසු, උන්වහන්සේ තමන්වහන්සේගේ ගෝලයන් වෙත පැමිණි සේක, තවද බලව, ඔවුන් නොනවත්වා තවමත් උන්වහන්සේ හට යාච්ඤා කරමින් සිටියෝය; තවද ඔවුන් බොහෝ වචන එකතු නොකළහ, මක්නිසාද ඔවුන් යාච්ඤා කළ යුත්තේ කුමක්දැයි ඔවුන් හට දෙන ලැබුවෝය, තවද ඔවුන් ආශාවෙන් පුරවනු ලැබ සිටියෝය.

25 තවද එය මෙසේ සිදු විය, එනම් ඔවුන් උන්වහන්සේ හට යාච්ඤා කරන විට ජේසුස්වහන්සේ ඔවුන්ට ආශීර්වාද කළ සේක; තවද උන්වහන්සේගේ මුහුණුවර ඔවුන් කෙරෙහි සිනාසුණේය, තවද උන්වහන්සේගේ මුහුණුවරෙහි ආලෝකය ඔවුන් මත බැබළුණේය, තවද බලව ඔවුන් ජේසුස්වහන්සේගේ මුහුණවර සහ එසේම වස්ත්‍ර මෙන් සුදු වූහ; තවද බලව, එහිවූු සුදු පැහැය සියලු සුදු පැහැයන් ඉක්මවා ගියේය, එසේය, එහිවූ සුදු පැහැය තරම් සුදු කිසිවක් පොළොව මත තිබීමට පවා නොහැකි විය.

26 තවද ජේසුස්වහන්සේ ඔවුන් හට මෙසේ පැවසූ සේක: දිගටම යාච්ඤා කරපල්ලා; එසේනමුත් ඔවුන් යාච්ඤා කිරීම නතර නොකළහ.

27 තවද උන්වහන්සේ නැවතත් ඔවුන් වෙතින් හැරී, තවද මඳක් ඈතට ගොස් තවද උන්වහන්සේම බිමට නැමී; තවද පියාණන්වහන්සේ වෙත යාච්ඤා කරමින්, මෙසේ පැවසු සේක:

28 පියාණෙනි, මා තෝරාගත්තාවු ඔවුන්ගේ ඇදහිල්ල නිසා, ඔබවහන්සේ එම අයවලුන් පවිත්‍ර කළ බැවින් මා ඔබවහන්සේ හට ස්තූති කරමි, තවද ඔවුන් වෙනුවෙන් ද, තවද එසේම ඔවුන්ගේ වචන විශ්වාස කරන්නන් වෙනුවෙන් ද, එනම් ඔවුන් මා තුළ පවිත්‍ර වන්නාක් මෙන්, ඔවුන්ගේ වචන කෙරෙහි ඇදහිල්ල කරණකොටගෙන මා තුළ පවිත්‍ර වන පිණිස, මා ඔවුන් උදෙසා යාච්ඤා කරමි.

29 පියාණෙනි, මා ලෝකය උදෙසා නොව, එහෙත් ඔබවහන්සේ ලෝකයෙන් පිට මට ලබාදුන් අය උදෙසා යාච්ඤා කරමි, ඔවුන්ගේ ඇදහිල්ල නිසාවෙන්, එනම් ඔවුන් මා තුළ පවිත්‍ර වන පිණිස ද, එනම් පියාණන්වහන්සේ වූ, ඔබවහන්සේ මා තුළ මෙන්, මා ඔවුන් තුළ සිටින පිණිස ද, එනම් අප ඒකත්වයක් වීම උදෙසාය, එනම් ඔවුන් තුළ මා මහිමයට පත් වන පිණිසය.

30 තවද ජේසුස්වහන්සේ මෙම වචන පැවසු පසු නැවත උන්වහන්සේගේ ගෝලයන් වෙතට පැමිණි සේක; තවද බලව ඔවුන් ස්ථීරව, නොනවත්වා, උන්වහන්සේ හට යාච්ඤා කළෝය; තවද උන්වහන්සේ නැවතත් ඔවුන් දෙස සිනාසුණ සේක; තවද බලව ඔවුන් ජේසුස්වහන්සේ මෙන්, සුදුව සිටියෝය.

31 තවද එය මෙසේ සිදු විය, එනම් උන්වහන්සේ නැවතත් මඳක් ඈතට ගොස් පියාණන්වහන්සේ හට යාච්ඤා කළ සේක;

32 තවද උන්වහන්සේ යාච්ඤා කළ එම වචන දිවට කථා කළ නොහැක, නැතහොත් උන්වහන්සේ යාච්ඤා කළ එම වචන මනුෂ්‍යයෙකු විසින් ලිවිය නොහැක.

33 තවද ජනසමූහයා අසා තවද සාක්ෂි දරන්නෝය; තවද ඔවුන්ගේ හදවත් විවෘත වූ අතර, තවද ඔවුන්ගේ හදවත්වලින් උන්වහන්සේ යාච්ඤා කළ වචන ඔවුන් තේරුම් ගත්තෝය.

34 එසේනමුත්, උන්වහන්සේ යාච්ඤා කළ වචන කෙතරම් බලවත් සහ විශිෂ්ටද යත් එනම් ඒවා ලිවිය නොහැකි වූ අතර, නැතහොත් ඒවා මනුෂ්‍යයාට ප්‍රකාශ කළ නොහැකි විය.

35 තවද එය මෙසේ සිදු විය, එනම් ජේසුස්වහන්සේ යාච්ඤා කිරීම නිම කළ පසු උන්වහන්සේ නැවත ගෝලයන් වෙතට පැමිණ, තවද ඔවුන් හට මෙසේ පැවසූ සේක: සියලු යුදෙව්වරුන් අතර මෙතරම් මහත් ඇදහිල්ලක් මා කිසිකලක දැක නොමැත; එබැවින් ඔවුන්ගේ අවිශ්වාසය නිසා, මහත් හාස්කම් ඔවුන් හට පෙන්වීමට මට නොහැකි විය.

36 සැබවක් මම නුඹලා හට කියමි, එහි එනම් නුඹලා දුටු තරම් ශ්‍රේෂ්ඨ දේවල් ඔවුන්ගෙන් කිසිවෙකුත් නොදුටුවේය; නැතහොත් නුඹලා ඇසූ තරම් ශ්‍රේෂ්ඨ දේවල් ඔවුන් අසා නොමැත.