ශුද්ධලියවිලි
3 නීෆායි 10


10 වන පරිච්ඡේදය

පැය ගණනාවකට දේශයේ නිශ්ශබ්දතාවය ඇත – කිකිළියක් ඇයගේ කුකුළු පැටව් එක්රැස් කරගන්නා සේ උන්වහන්සේගේ ජනතාව එක් රැස් කරන බවට ස්වාමීන්වහන්සේගේ හඬ පොරොන්දු වන සේක – ජනතාව අතර වඩාත් ධර්මිෂ්ඨ වූවන් ආරක්ෂා කරනු ලැබේ. ක්‍රි.ව. 34–35 පමණ.

1 තවද දැන් බලව, එය මෙසේ සිදු විය, එනම් දේශයේ සියළු ජනතාව මෙම වදන් ඇසුවෝය, තවද සාක්ෂි දැරුවෝය. තවද මෙම වදන්වලට පසුව පැය ගණනාවක කාල පරාසයක් පුරාවට දේශයේ නිශ්ශබ්දතාවය තිබුනේය;

2 මක්නිසාද ජනතාවගේ විස්මය එතරම් මහත් වූයේ එනම් මරා දැමූ ඔවුන්ගේ ඥාතීන්ගේ නැතිවීම නිසාවෙන් ඔවුන් විලාප දීම ද මොරගසා වැලපීම ද අවසන් කළෝය; එසේහෙයින් පැය ගණනාව කාල පරාසයක් පුරාවට නිශ්ශබ්දතාවය තිබුණේය.

3 තවද එය මෙසේ සිදු විය, එනම් ජනතාව හට හඬක් ආවේය, තවද සියලු ජනතාව එය ඇසී, මෙසේ පවසමින්, තවද සාක්ෂි දැරුවේය:

4 අහෝ, යාකොබ්ගෙන් පැවත එන්නන් වන, මේ වැටී තිබෙන මහත් නගරවල ජනතාවෙනි, එසේය, ඊශ්‍රායල් වංශයට අයත් වූවන්, කිකිළියක් ඇයගේ කුකුළු පැටවන් ඇයගේ පියාපත් යටතේ එක්රැස් කරගන්නා සේ කොපමණ වාරයක් මා නුඹලාව එක්රැස් කර, තවද පෝෂණය කර ඇත්ද.

5 තවද නැවතත්, කොපමණ වාරයක් කිකිළියක් ඇයගේ කුකුළු පැටවන් ඇයගේ පියාපත් යටතේ එක්රැස් කරගන්නා සේ මා නුඹලාව එක්රැස් කර ඇත්ද, එසේය, වෙඅටී ඇති, අහෝ ඊශ්‍රායල් වංශයට අයත් ජනතාවෙනි; අහෝ ඊශ්‍රායල් වංශයට අයත් ජනතාවෙනි, යෙරුසලමෙහි වාසය කරන්නාවූ නුඹලා, නුඹලා වැටී ඇති බැවින්; එසේය, කොපමණ වාරයක් කිකිළියක් ඇයගේ කුකුළු පැටවන් ඇයගේ පියාපත් යටතේ එක්රැස් කරගන්නා සේ මා නුඹලාව එක්රැස් කර ඇත්ද, තවද නුඹලා එසේ නොවන්නෝය.

6 අහෝ මා ඉතිරි කලාවූ ඊශ්‍රායල් වංශය නුඹලා, නුඹලා පසුතැවිලි වී මා හට නැවතත් හදවතේ පූර්ණ අරමුණ සහිතව පැමිණෙන්නේ නම්, කොපමණ වාරයක් කිකිළියක් ඇයගේ කුකුළු පැටවන් ඇයගේ පියාපත් යටතේ එක්රැස් කරගන්නා සේ මා නුඹලාව එක්රැස් කරගන්නේද.

7 එහෙත් එසේ නොවුවහොත්, අහෝ ඊශ්‍රායල් වංශයෙනි, නුඹලාගේ පියවරුන්ගේ ගිවිසුම සම්පූර්ණ වන කාලය තෙක් නුඹලා වාසස්ථාන පාළු වනු ඇත.

8 තවද එය මෙසේ සිදු විය, එනම් ජනතාව මෙම වචන ඇසූ පසු, බලව, ඔවුන්ගේ ඥාතීන් සහ මිත්‍රයන් නැතිවීම නිසාවෙන් ඔවුන් නැවතත් වැලපී මොරගසා වැලපෙන්නට පටන් ගත්තෝය.

9 තවද එය මෙසේ සිදු විය, එනම් එසේ දින තුනක් පසු විය. තවද එය උදෑසන විය, තවද දේශයෙන් අන්ධකාරය විසිරී ගිය අතර, පොළොව කම්පා වීම අවසන් වුණි, තවද පර්වත ද ඉරි පැළීම අවසන් විය, තවද ඝෝර කෙඳිරි ගෑම් ද අවසන් විය, තවද සියළු මහත් ඝෝෂා ද පසු විය.

10 තවද පොළොව නැවතත් එකට බැඳුණේය, එනම් එය නැඟී සිටියේය; තවද ශෝක වීම්, තවද වැලපීම්, තවද ජීවිතය දක්වා වළකාගනු ලැබූ ජනතාවගේ විලාප ද අවසන් විය; තවද ඔවුන්ගේ වැලපීම් ප්‍රීතිය වෙතට හැරුනේය, තවද ඔවුන්ගේ විලාප, ඔවුන්ගේ මිදුම්කරුවාණන් වන, ස්වාමීන්වහන්සේ වන ජේසුස් ක්‍රිස්තුස්වහන්සේ හට ප්‍රශංසා සහ තුති පිදීම බවට පත් විය.

11 තවද එසේ දිවැසිවරුන් මඟින් පවසන ලද ශුද්ධලියවිලි සම්පූර්ණ විය.

12 තවද ගැලවුනු ජනතාවගේ වඩාත් ධර්මිෂ්ඨ වූවන් විය, තවද දිවැසිවරුන්ව බාරගෙන ඔවුන්ට ගල් නොගැසුවේ ඔවුන්ය; තවද ඉතිරි වූවන් වූ, ශුද්ධවන්තයන්ගේ ලේ නොවැගිරවූ අය ද ඔවුන් විය –

13 තවද ඔවුන් ඉතිරි වී තවද කිඳා ද පොළොවෙහි වළදමා නොදැමුවෝය; තවද ඔවුන්ව මුහුදු පත්ලෙහි ගිල්වනු නොලද්දෝය; තවද ඔවුන්ව ගින්නෙන් පුළුස්සා නොදැමුවෝය, ඔවුන් මත වැටී මරණය දක්වා ද තෙරපා නොදැමුවෝය; තවද ඔවුන්ව සුළි සුළඟින් රැගෙන ගියේ නැත; කිසිඳු දුමාරයේ වාෂ්පයෙන් ද අන්ධකාරයෙන් ද ඔවුන්ව මැඩපවත්වනු නොලැබීය.

14 තවද දැන්, කියවන්නාවූ කවුරුනමුත්, ඔහුට අවබෝධ කරගැනීමට සලස්වන්න; එනම් ශුද්ධ ලියවිලි ඇති ඔහුට, ඒවා සෙවීමට ඔහුට සලස්වන්න, තවද දැක තවද මේ සියළු මරණ ද ගින්නෙන් ඇති වූ විනාශයන් ද, තවද දුමාරයෙන් ද, තවද චණ්ඩ මාරුතවලින් ද, තවද සුළි සුළඟින් ද, ඔවුන්ව බාරගැනීමට පොළොවෙහි විවෘත වීම මඟින් ද, තවද බොහෝ ශුද්ධ වූ දිවැසිවරුන්ගේ අනාවැකියන් සම්පූර්ණ වීම වෙත මේ සියළු දේ නොවනු ඇත බව බලව.

15 බලව, මම නුඹට පවසන්නෙමි, එසේය, මේ දේවල් පිළිබඳව ක්‍රිස්තුස්වහන්සේගේ පැමිණීම වන විට බෝහෝදෙනෙකු සාක්ෂි දරා ඇති අතර, තවද ඔවුන් මේ දේවල් පිළිබඳව සාක්ෂි දැරූ හෙයින් මරා දමනු ලැබුවෝය.

16 එසේය, දිවැසිවර සීනොස් මේ දේවල් පිළිබඳව සාක්ෂි දරා ඇත්තේය, තවද සීනොක් ද මේ දේවල් පිළිබඳව කථා කළේය, ඒ ඔවුන්ගේ වංශයේ ඉතිරිවූවන් වන, සුවිශේෂයෙන්ම අපි පිළිබඳව ඔවුන් සාක්ෂි දැරූ නිසාවෙන්ය.

17 බලව, යෝසෙප්ගේ වංශය පිළිබඳව අපගේ පියා වන යාකොබ් ද සාක්ෂි දැරුවේය. තවද බලව, අප යෝසෙප්ගේ වංශයේ ඉතිරි වූවන් නොවන්නේද? තවද අප පිළිබඳව මේ සාක්ෂි දරා ඇති දේවල්, ඒවා ලියා ඇත්තේ අපගේ පියා වන ලීහායි යෙරුසලමෙන් ගෙන ආ පිත්තල තහඩු මත නොවේද?

18 තවද එය මෙසේ සිදු විය, එනම් තිස් හතරවන වසර අවසානයේදී, බලව, එනම් ඉතිරි වූ නීෆායි ජනතාව ද, තවද ඉතිරි වූ, ලේමන්වරුන් යැයි හැඳින්වුනු අය ද, ඔවුන් හට මහත් උපකාර දැක්වූ අතර, ඔවුන්ගේ හිස් මත මහත් ආශිර්වාද ද වගුරුවනු ලැබූ බව මම නුඹලාට පෙන්වන්නෙමි, එනම් ක්‍රිස්තුස්වහන්සේ ස්වර්ගයට නැඟීම වූ විගසම උන්වහන්සේ සත්‍යවශයෙන්ම ඔවුන් හට උන්වහන්සේව ප්‍රකාශිත කළ සේක –

19 උන්වහන්සේගේ ශරීරය ඔවුන් හට පෙන්වා, තවද ඔවුන් හට උපස්ථාන කළ සේක; තවද උන්වහන්සේගේ මෙහෙවරයේ වාර්තාවක් මෙතැන් සිට දෙන ලදී. එසේහෙයින් මෙම කාලයට මම මාගේ වදන්වල අවසානයක් කරමි.