බෞන්ටිෆුල් දේශයේ ජන සමූහයා එකට එක්රැස්ව සින්නාවු විට, ජේසුස් ක්‍රිස්තුස්වහන්සේ නීෆායි ජනතාව වෙත තවන්වහන්සේවම පෙන්වා, තවද ඔවුන් හට දේවසේවය කළ සේක; තවද මේ ආකාරයෙන් උන්වහන්සේ ඔවුන් හට තමන්වහන්සේවම පෙන්වා දුන් සේක.
11 වන පරිච්ඡේදය සමඟින් ආරම්භ වේ.
11 වන පරිච්ඡේදය
පියාණන්වහන්සේ තමන්වහන්සේගේ ප්‍රියාදර පුත්‍රයාණන් පිළිබඳ සාක්ෂි දරන සේක – ක්‍රිස්තුස්වහන්සේ පෙනී සිට තවද උන්වහන්සේගේ වන්දිගෙවීම ප්‍රකාශ කරන සේක – ජනතාව උන්වහන්සේගේ හස්තයේ සහ පාදවල සහ පැත්තෙහි තුවාල සලකුණු ස්පර්ශ කරයි – ඔවුන් හෝසන්නා යැයි මොර ගසති – උන්වහන්සේ බෞතිස්මයේ ක්‍රමය සහ ආකාරය ඉදිරිපත් කරයි – මතභේද කිරීමේ ආත්මය යක්ෂයාගෙන්ය – ක්‍රිස්තුස්වහන්සේගේ ධර්මය නම් මනුෂ්‍යයන් විශ්වාස කර එනම් බෞතිස්මය වී තවද ශුද්ධාත්මයාණන්වහන්සේ ලබා ගැනීමය. ක්‍රි.ව. 34 පමණ.
1 තවද දැන් එය මෙසේ සිදු විය, එනම් එහි නීෆායි ජනතාවගේ මහත් ජන සමූහයක්, බෞන්ටිෆුල් දේශයේ තිබෙන්නාවු එම දේවමාළිගාව වටා එකට එක්රැස්ව සිටියහ; තවද ඔවුන් එකිනෙකා සමඟ පුදුමව සහ විශ්මිත වෙමින්, තවද සිදුවී ඇත්තාවු විශිෂ්ඨ සහ ආශ්චර්යමත් වෙනස එකිනෙකා හට පෙන්වමින් සිටියෝය.
2 තවද ඔවුන් එසේම මෙම ජේසුස් ක්‍රිස්තුන්වහන්සේ, උන්වහන්සේගේ මරණය පිළිබඳ දෙනු ලැබුවාවූ සළකුණ සම්බන්ධයෙන් කථා කරමින් සිටියෝය.
3 තවද එය මෙසේ සිදු විය, එනම් ඔවුන් මෙසේ එකිනෙකා සමඟ කථා කරමින් සිටියදී, ස්වර්ගයෙන් පිටතට එය පැමිණියාක් මෙන් හඬක් ඔවුන්ට ඇසුණෝය; තවද ඔවුන් ඔවුන්ගේ ඇස් අවට හෙලුහ, මක්නිසාද ඔවුන්ට ඇසුණාවු එම හඬ ඔවුන් තේරුම් නොගත්තෝය; තවද එය රළු හඬක්, නැතහොත් එය ඝෝෂාකාරී හඬක් නොවිය; එසේනමුත්, තවද එය කුඩා හඬක්ව තිබියදීත්, එය එනම් ඔවුන්ගේ මධ්‍යයට පසාරු කරමින් ඇසුණෝය, එපමණකින් එනම් එහි ඔවුන්ගේ රාමුවේ කිසිදු කොටසක් කම්පනයට පත් නොවීය; එසේය, එය ඔවුන්ගේ ප්‍රාණය වෙතටම පසාරු කළ අතර, තවද ඔවුන්ගේ හදවත් පිලිස්සිමට සැලැස්විය.
4 තවද එය මෙසේ සිදු විය, එනම් ඔවුන්ට නැවතත් හඬ ඇසුණු අතර, තවද ඔවුන් එය තේරුම් නොගත්තෝය.
5 තවද නැවතත් තුන්වන අවස්ථාවට ඔවුන්ට හඬ ඇසුණෝය, තවද එය ඇසීමට ඔවුන්ගේ සවන් විවෘත කළහ; තවද ඔවුන්ගේ ඇස් එහිවු ශබ්දය දෙසට යොමු විය; තවද ශබ්දය පැමිණියාවු ස්ථානය වන, ස්වර්ගය දෙස ඔවුන් ස්ථිරව බැලූවෝය.
6 තවද බලව, තුන්වන අවස්ථාවේදි ඔවුන්ට ඇසුණාවු එම හඬ ඔවුන් තේරුම්ගත්තෝය; තවද එය ඔවුන් හට මෙසේ කීසේක.
7 බලව මාගේ ප්‍රියාදර පුත්‍රයාය, උන්වහන්සේ කෙරෙහි මා ඉතා ප්‍රසන්නව සිටිමි, උන්වහන්සේ තුළ මාගේ නාමය මහිමවත් කර ඇත්තෙමි – නුඹලා උන්වහන්සේ හට ඇහුම්කම් දිපල්ලා.
8 තවද එය මෙසේ සිදු විය, ඔවුන් හඬ තේරුම්ගත් විට, ඔවුන් නැවතත් ඔවුන්ගේ ඇස් ස්වර්ගය දෙසට යොමු කළෝය; තවද බලව, ස්වර්ගයෙන් බැස එන්නාවු මනුෂ්‍යයෙකු ඔවුන් දුටුවෝය; තවද උන්වහන්සේ සුදු සළුවක් පැළඳ සිටි සේක; තවද උන්වහන්සේ පහතට පැමිණ ඔවුන් මධ්‍යයේ සිටියේය; තවද සියලුම ජන සමූහයාගේ ඇස් උන්වහන්සේ දෙසට යොමු වූ අතර, තවද ඔවුන් එකිනෙකාට වුවද ඔවුන්ගේ මුඛය විවෘත කිරීමට එඩිතර නොවිය, තවද එහි අදහස කුමක්දැයි ඔවුන් නොදැන සිටියහ, මක්නිසාද ඔවුන් හට දර්ශනය වූ එය දේවදූතයෙකු යැයි ඔවුන් සිතූවෝය.
9 තවද එය මෙසේ සිදු විය, එනම් උන්වහන්සේ තමන්වහන්සේගේ හස්තය දිගු කර තවද ජනතාව හට කථා කර, මෙසේ කීසේක:
10 බලව, ලෝකය තුළට පැමිණෙන්නේ යැයි අනාගතවක්තෘවරුන් සාක්ෂි දැරුවාවු, එම ජේසුස් ක්‍රිස්තුස්වහන්සේ මා වෙමි.
11 තවද බලව, ලෝකයේ ආලෝකය සහ ජීවනය මම වන්නෙමි; තවද පියාණන්වහන්සේ මා හට ලබා දුන්නාවු එම තිත්ත කුසලානයෙන් මා පානය කර ඇත්තෙමි, තවද පටන් ගැන්මේ සිටම සියලු දේවලදී පියාණන්වහන්සේගේ කැමැත්ත මා විඳ, තවද ලෝකයේ පාප මා මතට ගැනීමෙන් පියාණන්වහන්සේව මහිමයට පත් කළෙමි.
12 තවද එය මෙසේ සිදු විය, එනම් ජේසුස්වහන්සේ මෙම වචන පැවසූ විට සියලු ජනසමූහයා පොළොවට වැටුණෝය; මක්නිසාද එනම් ක්‍රිස්තුස්වහන්සේ උන්වහන්සේගේ ස්වර්ගාරෝහනයෙන් පසුව එනම් ඔවුන් වෙතට තමන්වහන්සේව පෙන්වන බවට ඔවුන් අතර අනාවැකි පළ කර තිබූ බව ඔවුන්ට සිහිපත් වූහ.
13 තවද එය මෙසේ සිදු විය, එනම් ස්වාමීන්වහන්සේ ඔවුන් හට කියමින් මෙසේ පැවසූ සේක:
14 නැඟිට තවද මා වෙත ඉදිරියට පැමිණෙන්න, එනම් නුඹලා නුඹලාගේ දෑත් මාගේ ඇලයට දමන්න, තවද එසේම මාගේ හස්තයේ සහ මාගේ පාදවල ඇණ සලකුණු නුඹලාට දැනෙනු පිණිසය, එනම් මා ඊශ්‍රායල්හි දෙවියන්වහන්සේ බවත්, මුළු පොළොවේම දෙවියන්වහන්සේ බවත්, තවද ලෝකයේ පාපයන් උදෙසා මරණයට පත් වූ බවත් නුඹලා දැනගන්නාහුය.
15 තවද එය මෙසේ සිදු විය, එනම් ජනසමූහයා ඉදිරියට ගොස්, තවද ඔවුන්ගේ අත් උන්වහන්සේගේ ඇලය තුළට දමා, තවද උන්වහන්සේගේ හස්තයේ සහ පාදවල ඇණ සලකුණු දැනුණෝය; තවද එකිනෙකා ඉදිරියට යන තෙක්, තවද ඔවුන් සියල්ලන්ම ඉදිරියට ගොස්, ඔවුන් මෙය කළේය, තවද ඔවුන්ගේ ඇස්වලින් දැක, තවද ඔවුන්ගේ අත්වලින් ස්පර්ශ කර, තවද නිසැකවම දැනගෙන, එනම් අනාගතවක්තෘවරුන් විසින් පැමිණිය යුතුයැයි ලියන ලද්දාවු තැනැත්වහන්සේ, බවට සාක්ෂි දුන්නෝය.
16 තවද එවිට ඔවුන් සියල්ලෝම පෙරට ගොස් තමන්ටම සාක්ෂියක් ලබාගත් විට, ඔවුන් එක් හඬකින් මොරගසමින්, මෙසේ කීවෝය:
17 හෝසන්නා! අති උත්තමවු දෙවියන්වහන්සේගේ නාමයට ආශිර්වාද වේවා! තවද ඔවුන් ජේසුස්වහන්සේගේ පාමුල පහතට වැටී, තවද උන්වහන්සේට නමස්කාර කළහ.
18 තවද එය මෙසේ සිදු විය, එනම් උන්වහන්සේ නීෆායි හට කථා කළ සේක (මක්නිසාද නීෆායි ජනසමූහයා අතර සිටියේය) තවද එනම් ඔහුට පෙරට එන ලෙසට උන්වහන්සේ අණ කළ සේක.
19 තවද නීෆායි නැඟිට පෙරට ගොස්, තවද ස්වාමීන්වහන්සේ අභිමුඛයෙහි ඔහු නමස්කාර කොට තවද උන්වහන්සේගේ පාද සිපගත්තේය.
20 තවද එනම් ස්වාමීන්වහන්සේ ඔහුට නැගිටින්නැයි අණ කළසේක. තවද ඔහු නැගිට උන්වහන්සේ අභිමුඛයෙහි සිටගත්තේය.
21 තවද ස්වාමීන්වහන්සේ ඔහු හට මෙසේ පැවසු සේක: එනම් මා නැවත ස්වර්ගයට නැඟී ගිය විට මෙම ජනතාව බෞතීස්ම කරනු පිණිස මා නුඹට බලය දෙමි.
22 තවද නැවතත් ස්වාමීන්වහන්සේ අන් අය කැඳවා, තවද ඔවුන්හටත් එලෙසම පැවසූ සේක; තවද උන්වහන්සේ බෞතීස්මය කිරීම සඳහා ඔවුන් හට බලය දුන් සේක. තවද උන්වහන්සේ ඔවුන් හට මෙසේ පැවසු සේක: මේ ආකාරයෙන් නුඹලා බෞතීස්මය කරව; තවද එහි නුඹලා අතර විවාදයන් නොතිබෙන්නේය.
23 සැබවක් මම නුඹලා හට කියමි, එනම් නුඹලාගේ වචන තුළින් තමන්ගේ පාපයන් පිළිබඳ පසුතැවිලි වී, තවද මාගේ නාමයෙන් බෞතීස්මය වීමට කැමති කවරෙකුවුවද, මේ ආකාරයෙන් නුඹලා ඔවුන් බෞතීස්මය කරන්නහුය – බලව, නුඹලා පහතට බැස තවද ජලය තුළ සිට, තවද මාගේ නාමයෙන් නුඹලා ඔවුන් බෞතීස්මය කරන්නහුය.
24 තවද දැන් බලව, ඔවුන්ගේ නාමයෙන් කථාකරමින්, මෙසේ කියමින්, නුඹලා කියන්නාවු එම වචන මේවා වන්නේය:
25 ජේසුස් ක්‍රිස්තුන්වහන්සේ මඟින් මා හට අධිකාරී බලය ලැබී ඇති බැවින්, මා නුඹව පියාණන්වහන්සේගේද, පුත්‍රයාණන්වහන්සේගේද, ශුද්ධාත්මයාණන්ගේද නාමයෙන් බෞතීස්මය කරමි. ආමෙන්.
26 තවද ඉන්පසු නුඹලා ඔවුන්ව ජලය තුළ ගිල්වා, තවද නැවත ජලයෙන් පිටතට ගෙන එන්නෙහුය.
27 තවද මේ ආකාරයෙන් නුඹලා මාගේ නාමයෙන් බෞතීස්ම කරන්නහුය; මක්නිසාද බලව, සැබවක් මම නුඹලාට කියමි, එනම් පියාණන්වහන්සේද, පුත්‍රයාණන්වහන්සේද, ශුද්ධාත්මයාණන්වහන්සේද එක් තැනැත්තෙක්ය; තවද මා පියාණන්වහන්සේ තුළද, පියාණන්වහන්සේ මා තුළද සිටිමි, තවද පියාණන්වහන්සේ සහ මා එක් තැනැත්තෙක්ය.
28 තවද මා නුඹලාට ආඥා කළ පරිදි, නුඹලා එසේ බෞතීස්ම කරන්නෙහිය. තවද එහි මෙතෙක් තිබුනාක් මෙන්, නුඹලා අතර විවාදයන් ඇති නොවන්නේය; නැතහොත් මාගේ ධර්මයේ කරුණු සම්බන්ධයෙන්, එහි මෙතෙක් තිබුනාක් මෙන්, නුඹලා අතර විවාදයන් ඇති නොවන්නේය.
29 මක්නිසාද සැබවක් සැබවක් මා නුඹලා හට කියමි, එනම් වාද කිරීමේ ආත්මය ඇත්තාවු තැනැත්තා මාගේ නොව, එහෙත් යක්ෂයාගෙන් වන්නේය, ඔහු වාද කිරීමේ පියා වන අතර, තවද ඔහු එකෙක් අනෙකා සමඟ කෝපයෙන් සටන් කිරීමට මනුෂ්‍යයන්ගේ හදවත් කලඹවන්නේය.
30 බලව, එකෙක් අනෙකා සමඟ කෝපයෙන් විරුද්ධවීමට මනුෂ්‍යයන්ගේ හදවත් කැළඹවීම, මෙය මාගේ ධර්මය නොවන්නේය; එහෙත් එනම් එවැනි දේවල් පහ කිරීම, මෙය මාගේ ධර්මය වන්නේය.
31 බලව, සැබවක්, සැබවක්, මා නුඹලාට කියමි, මා මාගේ ධර්මය නුඹලා හට ප්‍රකාශ කරන්නෙමි.
32 තවද මෙය මාගේ ධර්මය වන්නේය, තවද එම ධර්මය පියාණන්වහන්සේ මා හට දුන් සේක; තවද මා පියාණන්වහන්සේ පිළිබඳ සාක්ෂි දරන සේක, තවද පියාණන්වහන්සේ මා පිළිබඳ සාක්ෂි දරන සේක, තවද ශුද්ධාත්මයාණන්වහන්සේ, පියාණන්වහන්සේ සහ මා පිළිබඳ සාක්ෂි දරන සේක; තවද එනම් පියාණන්වහන්සේ සියලු මනුෂ්‍යයන්ට, සෑම තැනකම, පසුතැවිලි වී තවද මා කෙරෙහි විශ්වාස කරන ලෙස ආඥා කරන බවට මා සාක්ෂි දරමි.
33 තවද කවරෙකුවුවද මා තුළ විශ්වාස කර, තවද බෞතීස්ම වන්නේද, එවැන්නා ගලවනු ලබන්නේය; තවද ඔවුන් දෙවියන්වහන්සේගේ රාජ්‍යය උරුම කරගන්නෝය.
34 තවද මා තුළ විශ්වාස නොකර, තවද බෞතීස්මය නොලබන්නාවු කවරෙකුවුවද විනාශයට පත් වන්නේය.
35 සැබවක්, සැබවක්, මම නුඹලා හට කියමි, එනම් මෙය මාගේ ධර්මය වන අතර, තවද මා ඒ පිළිබඳ පියාණන්වහන්සේ කෙරෙන් සාක්ෂි දරමි; තවද මා තුළ විශ්වාස කරන්නාවු කවරෙකුවුවද පියාණන්වහන්සේ තුළ ද විශ්වාස කරයි; තවද පියාණන්වහන්සේ ඔහුට මා පිළිබඳ සාක්ෂි දෙන සේක, මන්ද උන්වහන්සේ ගින්නෙන් සහ ශුද්ධාත්මයාණන්ගෙන් ඔහු බැහැදකින සේක.
36 තවද මෙසේ පියාණන්වහන්සේ මා පිළිබඳ සාක්ෂි දරනු ඇත්තේය, තවද ශුද්ධාත්මයාණන්, පියාණන්වහන්සේ සහ මා පිළිබඳ ඔහුට සාක්ෂි දරනු ඇත්තේය; මක්නිසාද පියාණන්වහන්සේද, තවද මා සහ ශුද්ධාත්මයාණන් එක් තැනැත්තෙක්මි.
37 තවද නැවතත් මා නුඹලාට කියමි, නුඹලා පසුතැවිලි වී, තවද කුඩා දරුවෙකු මෙන් වී, තවද මාගේ නාමයෙන් බෞතීස්ම විය යුතුය, නැතහොත් කිසිදු ආකාරයකින් නුඹලාට මෙම දේවල් ලබා ගත නොහැක.
38 තවද නැවතත් මම නුඹලාට කියමි, නුඹලා පසුතැවිලි වී, තවද මාගේ නාමයෙන් බෞතීස්ම වී, තවද කුඩා දරුවෙකු මෙන් විය යුතුවන්නේය, නැතහොත් නුඹලාට කිසිදු ආකාරයකින් දෙවියන්වහන්සේගේ රාජ්‍යය උරුම කර ගත නොහැක.
39 සැබවක්, සැබවක්, මම නුඹලාට කියමි, එනම් මෙය මාගේ ධර්මය වන්නේය, තවද මෙය මත ගොඩනඟන්නාවු කවරෙකුවුවද මාගේ පර්වතය මත ගොඩනඟයි, තවද නිරයේ දොරටු ඔවුන්ට විරුද්ධව ජය නොගන්නේය.
40 තවද මෙයට වඩා අඩුවෙන් හෝ වැඩි වශයෙන් ප්‍රකාශ කරන, සහ එය මාගේ ධර්මය සඳහා ස්ථාපිත කරන කවරෙකුවුවද, එවැන්නා නපුරෙන් පැමිණෙන්නේය, තවද එය මාගේ පර්වතය මත ගොඩනගා නොමැත්තේය; එහෙත් ඔහු වැලි සහිත අත්තිවාරමක් මත ගොඩ නගන්නේය, තවද ජල ගැලිම් පැමිණෙන විට තවද සුළං ඔවුන් මතට පහර දෙන විට එවැන්නන් පිළිගැනීමට නිරයේ දොරටු විවෘතව පවතී.
41 එසේහෙයින්, මෙම ජනතාව වෙත පෙරට ගොස්, තවද මා කථා කළාවු මෙම වචන, පොළොවේ කෙළවර දක්වා ප්‍රකාශ කරන්න.