29 වන පරිච්ඡේදය
ස්වාමීන්වහන්සේ ඊශ්‍රායෙලය එක්රැස් කිරීමට සහ උන්වහන්සේගේ ගිවිසුම් සම්පූර්ණ කිරීමට ඉදිරියට පැමිණෙන මොර්මන්ගේ පොත සලකුණකි – උන්වහන්සේගේ පසුකාලීන එළිදරව් කිරීම් සහ දීමනා ප්‍රතික්ෂේප කරන්නාවු අයට ශාප කරනු ලබන්නෝය. ක්‍රි.ව. 34–35 පමණ.
1 තවද දැන් බලව, මම නුඹලාට කියන්නෙමි, එනම් ස්වාමීන්වහන්සේ උන්වහන්සේගේ ප්‍රඥාවෙන් සුදුසු යයි දුටු විට, එනම් උන්වහන්සේගේ වචනයන්ට අනුව මෙම කියමන් අන්‍යජාතීන් වෙත පැමිණෙන්නේය, එවිට පියාණන්වහන්සේ ඊශ්‍රායෙල් දරුවන් සමඟ ඔවුන්ගේ උරුමයේ දේශවලට නැවත පිහිටුවාලීම සම්බන්ධව කළ ගිවිසුම, දැනටමත් සම්පූර්ණ වීමට පටන් ගෙන ඇති බවට නුඹලා දැනගන්නෝය.
2 තවද ශුද්ධවූ අනාගතවක්තෘවරුන් විසින් පවසන ලද ස්වාමීන්වහන්සේගේ වචන සියල්ල සම්පූර්ණ වන බව නුඹලා දැනගන්නෝය; තවද ස්වාමීන්වහන්සේ ඊශ්‍රායෙල් දරුවන් වෙත පැමිණීම ප්‍රමාද කරන්නේ යැයි නුඹලා පැවසිය යුතු නොවන්නේය.
3 තවද කථා කළ එම වචන එනම් නුඹලා නුඹලාගේ හදවත් තුළ ඒවා නිෂ්ඵල බව සිතිය යුතු නැත්තේය, මක්නිසාද බලව, ස්වාමීන්වහන්සේ උන්වහන්සේගේ ජනතාවවූ ඊශ්‍රායෙල් වංශය සමග කළ ගිවිසුම උන්වහන්සේ සිහිපත් කරන සේක.
4 තවද මෙම කියමන් නුඹලා අතරට පැමිණෙනු නුඹලා දකින විට, එනම් ස්වාමීන්වහන්සේගේ ක්‍රියා තවදුරටත් අවඥාවෙන් ප්‍රතික්ෂේප කිරීමට නුඹලාට අවශ්‍ය නොවන්නේය, මක්නිසාද උන්වහන්සේගේ යුක්තියේ කඩුව උන්වහන්සේගේ දකුණු අතෙහිය; තවද බලව, ඒ දවසේ දී, නුඹලා උන්වහන්සේගේ ක්‍රියා ප්‍රතික්ෂේප කරන්නේ නම්, උන්වහන්සේ ඉක්මනින් නුඹලා අභිබවා යාමට උන්වහන්සේ සලස්වනු ඇත.
5 ස්වාමීන්වහන්සේගේ ක්‍රියා අවඥාවෙන් ප්‍රතික්ෂේප කරන්නාවු ඔහුට දුක්වේ! එසේය, ක්‍රිස්තුස්වහන්සේ සහ උන්වහන්සේගේ ක්‍රියාවන් ප්‍රතික්ෂේප කරන්නාවු ඔහුට දුක්වේ!
6 එසේය, ස්වාමින්වහන්සේගේ එළිදරව් කිරීම් ප්‍රතික්ෂේප කරන්නාවු, සහ ස්වාමින්වහන්සේ තවදුරටත් එළිදරව් කිරීමෙන් හෝ අනාවැකිවලින් හෝ දීමනාවලින් හෝ භාෂාවලින් හෝ සුව කිරීම්වලින් හෝ ශුද්ධාත්මයාණන්ගේ බලයෙන් ක්‍රියා නොකරන්නේ යයි කියන්නාවු ඔහුට දුක්වේ!
7 එසේය, තවද, ඒ දවසේ දී, වාසි ලබා ගැනීමට, ජේසුස් ක්‍රිස්තුස්වහන්සේ විසින් කිසිදු හාස්කමක් සිදුකළ නොහැකි යැයි කියන්නාවු ඔහුට දුක්වේ; මක්නිසාද මෙය කරන්නාවු ඔහු විනාශයේ පුත්‍රයා මෙන් වන්නේය, මක්නිසාද ඔහුට ක්‍රිස්තුස්වහන්සේගේ වචනයට අනුව දයාවක් නොවන්නේය!
8 එසේය, තවද නුඹලා තවදුරටත් සූ ගෑම හෝ අවඥාවෙන් හෝ කවටකම් යුදෙව්වන්ට කිරීම හෝ ඊශ්‍රායල් වංශයේ ඉතිරි වූවන්ට කිරීමට අවශ්‍ය නොවන්නේය; මක්නිසාද බලව, ස්වාමීන්වහන්සේ ඔවුන්ට කළ උන්වහන්සේගේ ගිවිසුම සිහිපත් කරන සේක, තවද උන්වහන්සේ දිවුරුම් දුන් දෙයට අනුව උන්වහන්සේ ඔවුන්ට ඉෂ්ඨ කරන සේක.
9 එසේහෙයින්, නුඹලා හට ස්වාමීන්වහන්සේගේ දකුණු හස්තය වමට හැරවිය හැකි යයි නුඹලා නොසිතිය යුතුය. එනම්, ඊශ්‍රායෙල් වංශයට කළාවු ගිවිසුම සම්පූර්ණ කිරීමට උන්වහන්සේ විනිශ්චය ක්‍රියාත්මක නොකරන්නේ යයි නොසිතිය යුතුය.