ශුද්ධලියවිලි
3 නීෆායි 27


27 වන පරිච්ඡේදය

ජේසුස්වහන්සේ එනම් උන්වහන්සේගේ නාමයෙන් සභාව නම් කරන ලෙස ආඥා කළ සේක – උන්වහන්සේගේ ධර්මදූත මෙහෙය හා වන්දිගෙවීමේ පූජාව උන්වහන්සේගේ ශුභාරංචිය සමන්විත වේ – මනුෂ්‍යයන්ට පසුතැවිලිවී තවද ශුද්ධාත්මයාණන් විසින් ඔවුන් පාරිශුද්ධ කරනු ලබන පිණිස එනම් බෞතීස්ම වන්නට ආඥා කර ඇත – ඔවුන් ජේසුස්වහන්සේ මෙන් විය යුතුය. ක්‍රි.ව. 34–35 පමණ.

1 තවද ජේසුස්වහන්සේගේ ගෝලයන් ගමන් කරමින් සිටියදී, ඔවුන් දුටුව සහ ඇසුව දේවල් දේශනා කරමින් සිටියදී, ජේසුස්වහන්සේගේ නාමයෙන් බෞතීස්ම කරමින් සිටියදී, මෙසේ සිදු විය, එනම් ගෝලයින් එක් රැස්වී තවද බලවත් යාච්ඤාවෙන් හා නිරාහාරයෙන් එක්සත් විය.

2 තවද ජේසුස්වහන්සේ නැවතත් ඔවුන්ට දර්ශනයවූ සේක, මක්නිසාද ඔවුුුන් උන්වහන්සේගේ නාමයෙන් පියාණන්වහන්සේ හට යාච්ඤා කළෝය; තවද ජේසුස්වහන්සේ පැමිණ තවද ඔවුන් මධ්‍යයේ වැඩ සිටිය සේක, තවද ඔවුන්ට වදාළේය: මම නුඹට කුමක් දෙනවාට එනම් නුඹලා කැමැත්තේද?

3 තවද ඔවුහු උන්වහන්සේට කථා කොට: ස්වාමීන්වහන්ස, මේ සභාවට අපි තබන නාමය ඔබවහන්සේ අපට පවසනවා නම් එනම් අප කැමැත්තෙමු; මක්නිසාද මෙම කාරණාව සම්බන්ධයෙන් ජනතාව අතර විවාද ඇත්තේය.

4 තවද ස්වාමීන්වහන්සේ ඔවුන්ට වදාළේය: සැබෑවක්, සැබෑවක්, මම නුඹට කියමි, මේ කාරණය නිසා එනම් ජනතාව මැසිවිලි නගමින් සහ විවාද කළ යුත්තේ මන්ද?

5 ඔවුන් ශුද්ධ ලියවිලි කියවා නැද්ද, එහි සඳහන් වන්නේ නුඹ ක්‍රිස්තුස්වහන්සේගේ නාමය වන මාගේ නාමය නුඹ මතට නුඹලා ගත යුතු බවයි? මක්නිසාද මෙම නාමයෙන් නුඹලා අවසාන දවසේ දී කැඳවනු ලබන්නේය.

6 තවද යමෙකු මාගේ නාමය ඔහු මතට ගෙන, තවද අවසානය දක්වා විඳ දරාගන්නේ නම්, එවැන්නා අවසාන දවසේ දී ගලවා ගනු ලබන්නේය.

7 එසේහෙයින්, නුඹලා යම් කිසිවක් කරන්නේ නම්, නුඹලා මාගේ නාමයෙන් එය කළ යුතු වන්නේය; එසේහෙයින් නුඹලා මාගේ නාමයෙන් සභාව නම් කරන්නෝය; තවද නුඹලා මාගේ නාමයෙන් පියාණන්වහන්සේ හට යාච්ඤා කරන්නෝය, එනම් උන්වහන්සේ මා උදෙසා සභාව ආශිර්වාද කරනු ලබන සේක.

8 තවද එය මාගේ නාමයෙන් නම් කරනවා මිස එය මාගේ සභාව වන්නේ කෙසේද? මක්නිසාද සභාවක් මෝසෙස්ගේ නාමයෙන් නම් කරන්නේ නම් එවිට එය මෝසෙස්ගේ සභාව වන්නේය; නැතහොත් එය මනුෂ්‍යයෙකුගේ නාමයෙන් නම් කරන්නේ නම් එවිට එය මනුෂ්‍යයෙකුගේ සභාව වන්නේය; එහෙත් එය මාගේ නාමයෙන් නම් කරන්නේ නම් එවිට එය මාගේ සභාව වන්නේය, එය එසේ නම් ඔවුන් මාගේ ශුභාරංචිය මත ගොඩනගා ඇත්තේය.

9 සැබැවින්ම මම නුඹට කියමි, එනම් නුඹලා මාගේ ශුභාරංචිය මත ගොඩනගා ඇත්තෝය; එසේහෙයින් නුඹලා යම් කිසි දේවල් නම් කරන්නේ ද මාගේ නාමයෙන්, නුඹලා නම් කළ යුතුයි; එසේහෙයින් සභාව උදෙසා, නුඹලා පියාණන්වහන්සේ ආමන්ත්‍රණය කරන්නේ නම්, එය මාගේ නාමයෙන් නම්, පියාණන්වහන්සේ නුඹට ඇහුම්කන් දෙන සේක.

10 තවද එනම් සභාව මාගේ ශුභාරංචිය මත ගොඩනගා ඇත්නම් එවිට ඒ තුළ පියාණන්වහන්සේ උන්වහන්සේගේ ස්වකීය ක්‍රියාවන් පෙන්නුම් කරන සේක.

11 එහෙත් එය මාගේ ශුභාරංචිය මත ගොඩනගා නොමැති නම්, තවද මනුෂ්‍යයන්ගේ ක්‍රියාවන් මත, නැතහොත් යක්ෂයාගේ ක්‍රියාවන් මත ගොඩනගා ඇත්නම්, සැබැවින්ම මම නුඹට කියමි ඔවුන්ට ඔවුන්ගේ ක්‍රියාවන් තුළ ප්‍රීතිය කාලයකටය, තවද මඳ කාලයකට පසු අවසානය පැමිණෙන්නේය, තවද ඔවුන්ව කපා දමා තවද ගින්නට දමනු ලැබේ, එතැනින් ආපසු පැමිණීමක් නොමැත.

12 මක්නිසාද ඔවුන්ගේ ක්‍රියා ඔවුන් අනුව යන්නේය, මක්නිසාද එය ඔවුන්ගේ ක්‍රියා නිසා එනම් ඔවුන්ව කපා දමනු ලබන්නේය; එසේහෙයින් මා නුඹට පවසන ලද දේවල් මතකයේ තබා ගන්න.

13 බලව මම නුඹට මාගේ ශුභාරංචිය දුන්නෙමි, තවද මා නුඹට දෙන ලද ශුභාරංචිය නම් මෙයයි – මාගේ පියාණන්වහන්සේ මා එවූ බැවින්, මාගේ පියාණන්වහන්සේගේ කැමැත්ත ඉටු කිරීමට මා ලෝකයට පැමිණියෙමි.

14 තවද මාගේ පියාණන්වහන්සේ මා කුරුසිය මත ඔසවන ලබන පිණිස මා එවූ සේක; තවද මා කුරුසිය මත ඔසවනු ලැබූ පසුව, එනම් සියලු මනුෂ්‍යයන් මා වෙත ඇදගන්නා පිණිස, එනම් මනුෂ්‍යයින් විසින් මා ඔසවනු ලැබුවාක් මෙන් පියාණන්වහන්සේ විසින් මනුෂ්‍යයින්ව ද ඔසවනු ලබන සේක, මා ඉදිරියේ සිටින්නට, ඔවුන්ගේ ක්‍රියාවන් සඳහා විනිශ්චය ලබන්නට, ඒවා යහපත් වූවත් නැතහොත් ඒවා නපුරු වූවත් –

15 තවද මෙම කාරණාව සඳහා මා ඔසවනු ලැබූහ; එසේහෙයින්, පියාණන්වහන්සේගේ බලයට අනුව මම සියලු මනුෂ්‍යයන් මා වෙතට ඇද ගන්නෙමි, එවිට ඔවුන් ඔවුන්ගේ ක්‍රියාවන්වලට අනුව විනිශ්චය කරනු ලබනු පිණිසය.

16 තවද එය මෙසේ සිදු වන්නේය, එනම් යමෙක් මාගේ නාමයෙන් පසුතැවිලිවී බෞතීස්ම ලබන්නේ ද ඔහු පුරවනු ලබන්නේය; තවද ඔහු අවසානය දක්වා විඳ දරාගන්නේ නම්, බලව, මම ලෝකය විනිශ්චය කිරීමට පැමිණෙන ඒ දවසේදී මාගේ පියාණන්වහන්සේ අභියස ඔහු නිර්දෝෂී කොට තබන්නෙමි.

17 තවද අවසානය දක්වා විඳ දරා නොගන්නා තැනැත්තා, පියාණන්වහන්සේගේ යුක්තිය නිසා, ඔවුන්ට තවදුරටත් ආපසු පැමිණීමක් නොමැති ලෙස, එම තැනැත්තාවම මෙසේ ඔහුව කපා දමා, ගින්නට දමනු ලැබේ.

18 තවද මනුෂ්‍ය දරුවන්ට උන්වහන්සේ දුන්නාවූූ වචනය නම් මෙයයි. තවද මේ කාරණය නිසා උන්වහන්සේ ලබා දුන්නාවූ වචන ඉටු කරන සේක, තවද උන්වහන්සේ බොරු නොකියන සේක, එහෙත් උන්වහන්සේගේ සියලු වචන ඉටු කරන සේක.

19 තවද කිසිදු අපවිත්‍ර දෙයකට උන්වහන්සේගේ රාජ්‍යයට ඇතුළු විය නොහැකිය; එසේහෙයින් ඔවුන්ගේ ඇදහිල්ල නිසාත්, තවද ඔවුන්ගේ සියලු පාපයන්ට පසුතැවිලි වීම නිසාත්, තවද අවසානය දක්වා ඔවුන්ගේ ඇදහිලිවන්තකම නිසාත්, මාගේ රුධිරයෙන් ඔවුන්ගේ වස්ත්‍ර සෝදා ගත් අය මිස අන් කිසිවෙකුට උන්වහන්සේගේ විශ්‍රාමයට ඇතුල් විය නොහැක.

20 දැන් අණ පනත මෙයයි: පසුතැවෙන්න, පොළොවේ කෙළවරවල් දක්වා නුඹලා සියල්ලෙනි, තවද මා වෙතට පැමිණ තවද මාගේ නාමයෙන් බෞතීස්ම වන්න, එනම් ශුද්ධාත්මයාණන් ලබා ගැනීමෙන් නුඹලා පවිත්‍ර වනු පිණිස, එනම් අවසාන දවසේ දී නුඹලා මා ඉදිරියෙහි නොකැළැල්ව සිටිනු පිණිසය.

21 සැබෑවක්, සැබෑවක්, මම නුඹට කියමි, මෙය මාගේ ශුභාරාංචියයි; තවද නුඹලා මාගේ සභාව තුළ නුඹලා කළ යුතු දේවල් නුඹලා දන්නෝය; මක්නිසාද නුඹලා මා කරන ලද ක්‍රියාවන් දුටුවෝය, එනම් එය එසේම නුඹලාත් කරනු මැනව; මක්නිසාද නුඹලා එනම් මා කරන දේ නුඹලා දුටුවෝය, එනම් එය එසේම නුඹලාත් කරනු මැනව;

22 එසේහෙයින්, නුඹලා මේ දේවල් කරන්නේ නම්, නුඹලා ආශිර්වාද ලද්දෝය, මක්නිසාද නුඹලා අවසාන දවසේ දී ඔසවනු ලබන්නෝය.

23 ලියන්නට තහනම් කර ඇති දේ හැර, නුඹලා ඇසුව හා දුටුව දේවල් ලියා තබන්න.

24 මෙම ජනතාවගේ ක්‍රියාවන් ලියා තබන්න, විය යුතු, ලියා ඇති ආකාරයටම, එනම් සිදු වූ ආකාරයටම.

25 මක්නිසාද බලව, ලියා ඇති, තවද ලියා තැබිය යුතු පොත්වලින්, මෙම ජනතාව විනිශ්චය කරනු ලබන්නේය, මක්නිසාද ඒවා කරණකොටගෙන ඔවුන්ගේ ක්‍රියා මනුෂ්‍යයන්ට දැනගන්නට සලස්වනු ලබන්නෝය.

26 තවද බලව, පියාණන්වහන්සේ විසින් සියලු දේවල් ලියා ඇති සේක; එසේහෙයින් ලියා තබන පොත්වලට අනුව ලෝකය විනිශ්චය කරනු ලබන්නේය.

27 තවද නුඹලා එනම් මෙම ජනතාවගේ විනිශ්චකරුවන් නුඹලා බව දැනගන්න, මම නුඹලාට දෙනු ලබන විනිශ්චයට අනුව, එය යුක්ති සහගතය විය යුතුය. එසේහෙයින්, නුඹලා කුමන ආකාරයේ මනුෂ්‍යයින් විය යුතු වන්නේද? සැබැවින්ම මම නුඹලාට කියමි, මම මෙන් පවා වන්නේය.

28 තවද දැන් මම පියාණන්වහන්සේ වෙතට යන්නෙමි. තවද සැබැවින්ම මම නුඹට කියමි, මාගේ නාමයෙන් නුඹලා කවර ආකාර දේවල් පියාණන්වහන්සේගෙන් ඉල්ලන්නේ ද නුඹලාට දෙනු ලබන්නේය.

29 එසේහෙයින්, ඉල්ලන්න, තවද නුඹලාට දෙනු ලබන්නේය; තට්ටුකරන්න, තවද නුඹට එය විවෘර්ත කරනු ලබන්නේය; මක්නිසාද එනම් ඉල්ලන්නාට, දෙනු ලබන්නේය; තවද එනම් තට්ටුකරන්නාට, එය විවෘර්ත කරනු ලබන්නේය.

30 තවද දැන්, බලව, නුඹ නිසාත්, තවද එසේම මෙම පරම්පරාව නිසාත්, මාගේ ප්‍රීතිය මහත්ය, පූර්ණත්වයට පවා; එසේය, තවද පියාණන්වහන්සේ පවා ප්‍රීති වන සේක, එසේම සියලු ශුද්ධ දේවදූතයන් ද, නුඹ සහ මෙම පරම්පරාව නිසා; මක්නිසාද ඔවුන්ගෙන් කිසිවෙකු නැතිවී නොමැත.

31 බලව, නුඹලා තේරුම් ගන්නවා නම් මම කැමැත්තෙමි; මක්නිසාද මම අදහස් කරන්නේ මේ පරම්පරාවේ දැන් ජීවත්ව සිටින ඔවුන් ගැනයි; තවද ඔවුන්ගෙන් කිසිවෙකු නැතිවී නොමැත; තවද ඔවුන් තුළ මාගේ ප්‍රීතියේ පූර්ණත්වය ඇත.

32 එහෙත්, බලව, මේ පරම්පරාවෙන් හතරවන පරම්පරාව නිසා, එය මා ශෝකයට පත්කරන්නේය, මක්නිසාද විනාශයේ පුත්‍රයා මෙන් ඔහු විසින් ඔවුන්ව වහල්භාවයට ගෙන යනු ලබන්නේය; මක්නිසාද ඔවුන් මා රිදීවලට තවද රත්තරන්වලට විකුණන්නේය, තවද එනම් කාවා දූෂිත කරන දේ සඳහා තවද සොරුන්ට කඩා වැදී සොරකම් කළ හැකි දේ සඳහා ද මාව විකුණනු ලබන්නේය. තවද ඔවුන්ගේ ක්‍රියාවන් ඔවුන්ගේම හිස මත පැමිණෙන්නට පවා, එම දවසේ දී මම ඔවුන් බැහැදකින්නෙමි.

33 තවද එය මෙසේ සිදු විය, එනම් ජේසුස්වහන්සේ මෙම දේවල් වදාළා අවසන් කළ පසු උන්වහන්සේ තමන්වහන්සේගේ ගෝලයන්ට මෙසේ වදාළේය: නුඹලා පටු දොරටුවෙන් ඇතුල් වන්න, මක්නිසාද දොරටුව පටුය, තවද ජීවනයට යන මාර්ගය පටුය, තවද එය සොයාගන්නන් ස්වල්ප දෙනෙක්ය; එහෙත් දොරටුව පළල්ය, තවද මරණයට යන මාර්ගය පළල්ය, තවද එහි ගමන්කරන්නෝ බොහෝය, රාත්‍රිය පැමිණෙන තුරු, එවිට කිසිවෙකුට වැඩ කළ නොහැකිය.