ශුද්ධලියවිලි
3 නීෆායි 23


23 වන පරිච්ඡේදය

ජේසුස්වහන්සේ යෙසායාගේ වචන අනුමත කරන සේක – අනාගතවක්තෘවරුන් සොයා බැලීමට උන්වහන්සේ ජනතාවට ආඥා කරයි – උත්ථානය පිළිබඳ ලේමන්වර සාමුවෙල්ගේ වචන ඔවුන්ගේ වාර්තාවලට එකතු කර ඇත. ක්‍රි.ව. 34 පමණ.

1 තවද දැන්, බලව, මම නුඹට කියමි, එනම් නුඹලා මේ දේවල් සෙවිය යුතුවන්නේය. එසේය, අණ පනතක් මම නුඹට දෙන්නෙමි එනම් නුඹලා මේ දේවල් උද්‍යෝගයෙන් අධ්‍යනය කරන්න; මක්නිසාද යෙසායාගේ වචන ශ්‍රේෂ්ඨ වන්නේය.

2 මක්නිසාද සැබැවින්ම ඔහු ඊශ්‍රායෙල් වංශයට අයත් මාගේ ජනතාව පිළිබඳව සියලු දේවල් පිළිබඳ කීවේය; එසේහෙයින් එනම් ඔහු අන්‍යජාතීන්ට ද එසේම කතා කළ යුතු බව අවශ්‍ය විය.

3 තවද ඔහු පවසන ලද වචනවලට අනුව පවා, ඔහු පැවසු සියලු දේවල් සිදුවී ඇත තවද සිදු වනු ඇත්තේය.

4 එසේහෙයින් මාගේ වචනවලට ඇහුම්කන් දෙන්න; මා නුඹට පවසන ලද දේවල් ලියන්න; තවද පියාණන්වහන්සේගේ කැමැත්තට සහ කාලයට අනුව ඒවා අන්‍යජාතිකයින් වෙතට ඉදිරියට යනු ලබන්නේය.

5 තවද කවරෙකු වුවද මාගේ වචනවලට ඇහුම්කන් දී තවද පසුතැවිලිවී තවද බෞතීස්ම වන්නේ ද, එවැන්නා ගළවනු ලබන්නේය. අනාගතවක්තෘන් අධ්‍යනය කරන්න, මක්නිසාද එනම් මේ දේවල් පිළිබඳ සාක්ෂි දරන්නාවුන් බොහෝමයක් සිටින්නේය.

6 තවද දැන් එය මෙසේ සිදු විය, එනම් ජේසුස්වහන්සේ මේ වචන වදාළ විට උන්වහන්සේ නැවතත් ඔවුන්ට වදාළ සේක, ඔවුන්ට ලැබුනාවු ශුද්ධ ලියවිලි සියල්ල උන්වහන්සේ ඔවුන්ට විස්තර කිරීමෙන් පසු, උන්වහන්සේ ඔවුන්ට මෙසේ වදාළ සේක: බලව, එනම් නුඹලා ලියා නොමැති, වෙනත් ශුද්ධ ලියවිලි නුඹලා ලියනවාට මම කැමැත්තෙමි.

7 තවද එය මෙසේ සිදු විය, එනම් උන්වහන්සේ නීෆායි හට වදාළමින්: නුඹලා තබන ලද වාර්තා මෙහි ගෙන එන්න.

8 තවද නීෆායි වාර්තා ගෙන ආ විට, තවද උන්වහන්සේ අභිමුඛයෙහි ඒවා තැබූහ, උන්වහන්සේගේ දෑස් ඒ මත යොමා තවද වදාළේය:

9 සැබෑවක් මම නුඹට කියමි, ලේමන්වරයෙකුවූ, මාගේ සේවක සාමුවෙල් හට එනම් ඔහු මේ ජනතාවට සාක්ෂි දරන ලෙස මම ආඥා කළෙමි, එනම් පියාණන්වහන්සේ උන්වහන්සේගේ නාමය මා තුළින් මහිමවත් කළ යුතු එම දවසේ දී බොහෝ ශුද්ධවන්තයින් මළවුන්ගෙන් නැඟිටිය යුතු වන්නේය, තවද බොහෝ දෙනෙකුට පෙනිය යුතු වන්නේය, තවද ඔවුන්ට උපස්ථාන කළ යුතු වන්නේය. තවද උන්වහන්සේ ඔවුන්ට මෙසේ වදාළේය: එය එසේ නොවන්නේද?

10 තවද උන්වහන්සේගේ ගෝලයින් උන්වහන්සේ හට පිළිතුරු දෙමින් තවද මෙසේ කීවෝය: එසේය, ස්වාමීන්වහන්ස, සාමුවෙල් ඔබවහන්සේගේ වචනවලට අනුව අනාවැකි කීවේය, තවද ඒවා සියල්ලක්ම සම්පූර්ණ වුයේය.

11 තවද ජේසුස්වහන්සේ ඔවුන්ට වදාළමින්: එනම් බොහෝ ශුද්ධවන්තයින් නැඟිට තවද බොහෝ දෙනෙකුට පෙනී සිටියෝය තවද ඔවුන් හට උපස්ථානය කළෝය, එසේ නම් මෙම දේවල් නුඹලා ලියා නැත්තේ මන්ද?

12 තවද එය මෙසේ සිදු විය, එනම් නීෆායිට මේ දෙය ලියා තිබුනේ නැති බව සිහි වුයේය.

13 තවද එය මෙසේ සිදු විය, එනම් ජේසුස්වහන්සේ එය ලියා තිබිය යුතු බවට ආඥා කළ සේක; එසේහෙයින් උන්වහන්සේ ආඥා කළ පරිදි එය ලියා තැබුවේය.

14 තවද දැන් එය මෙසේ සිදු විය, එනම් ඔවුන් ලියන ලද, සියලු ශුද්ධ ලියවිලි ජේසුස්වහන්සේ එකකින් විස්තර කළ විට, එනම් උන්වහන්සේ ඔවුන් හට විස්තර කළ දේවල් ඉගැන්විය යුතු යැයි උන්වහන්සේ ඔවුන්ට ආඥා කළ සේක.