18 වන පරිච්ඡේදය
ජේසුස්වහන්සේ නීෆායිවරුන් අතර සක්‍රමේන්තුව ස්ථාපිත කරයි – උන්වහන්සේගේ නාමයෙන් සැමවිටම යාච්ඤා කිරීමට ඔවුන්ට අණ කරනු ලබයි – උන්වහන්සේගේ මාංසය අනුභව කරන සහ උන්වහන්සේගේ රුධිරය නුසුදුසු ලෙස පානය කරන අය විනාශයට පත් වේ – ගෝලයන්ට ශුද්ධාත්මයාණන්වහන්සේව ප්‍රදානය කිරීමට බලය දෙනු ලබයි. ක්‍රි.ව. 34 පමණ.
1 තවද එය මෙසේ සිදු විය, එනම් ජේසුස්වහන්සේ උන්වහන්සේ වෙත එනම් රොටි සහ මිදියුෂ ගෙනෙන ලෙස උන්වහන්සේගේ ගෝලයන්ට අණ කළ සේක.
2 තවද ඔවුන් රොටි සහ මිදියුෂ ගැනීමට ගිය අතරතුර, උන්වහන්සේ ජනසමූහයාට ඔවුන්වම බිම ඉඳගන්නැයි අණ කළේය.
3 තවද ගෝලයන් රොටි සහ මිදියුෂ රැගෙන ආ පසු, උන්වහන්සේ රොටිය ගෙන එය කඩා ආශීර්වාද කළ සේක; තවද උන්වහන්සේ ගෝලයන්ට දී, එනම් ඔවුන් අනුභව යුතු බවට අණ කළ සේක.
4 තවද ඔවුන් අනුභව කර තවද තෘප්තියට පැමිණි පසු, එනම් ඔවුන් ජනසමූහයාට දී යුතු බවට උන්වහන්සේ අණ කළ සේක.
5 තවද ජනසමූහයා අනුභව කළ තෘප්තියට පැමිණි පසු, උන්වහන්සේ ගෝලයන්ට මෙසේ වදාළ සේක: බලව, නුඹලා අතරෙන් එක් කෙනෙකු නියම කරනු ලබන අතර, තවද ඔහු රොටි කඩා එයට ආශීර්වාද කර, මාගේ සභාවේ ජනතාවට, එනම් මාගේ නාමයෙන් විශ්වාස කර බෞතීස්ම වන සියල්ලන්ට දීමට මම ඔහුට බලය දෙන්නෙමි.
6 තවද මා කළාක් මෙන්, මම රොටි කඩා එයට ආශීර්වාද කර එය නුඹලාට දුන්නාක් මෙන් වුවත්, මෙය නුඹලා නිතරම පැවැත්වීමට බලාගනිල්ලා.
7 තවද මා නුඹලාට පෙන්වූ, මාගේ ශරීරය සිහි කිරීම පිණිස නුඹලා මෙය කළ යුතු වන්නේය. තවද නුඹලා සැමවිටම මා සිහි කරන බවට එය පියාණන්වහන්සේ හට සාක්ෂියක් වන්නේය. තවද නුඹලා මා නිතර සිහි කරන්නේ නම්, එවිට නුඹලාට මාගේ ආත්මය නුඹලා සමග වන්නේය.
8 තවද එය මෙසේ සිදු විය, එනම් උන්වහන්සේ මේ වචන පැවසූ විට, උන්වහන්සේ තමන්වහන්සේගේ ගෝලයන්ට එනම් ඔවුන් කුසලානෙන් මිදියුෂ ගෙන එයින් පානය කරන ලෙසත්, තවද එනම් ඔවුන් ජනසමූහයාට දී ඔවුන්ට එයින් පානය කිරීමට ඉඩ දෙන ලෙසත් අණ කළ සේක.
9 තවද එය මෙසේ සිදු විය, එනම් ඔවුහු එසේ කළෝය, තවද එයින් පානය කර තෘප්තිමත් වූහ; තවද ඔවුහු ජනසමූහයාට දුන්නෝය, තවද ඔවුහුද පානය කළෝය, තවද ඔවුහුද තෘප්තිමත් වූවෝය.
10 තවද ගෝලයන් මෙය සිදු කළ පසු, ජේසුස්වහන්සේ ඔවුන්ට මෙසේ වදාළ සේක: නුඹලා කළ මේ දේ නිසා නුඹලා ආශීර්වාද ලද්දන් වන්නෝය, මක්නිසාද මෙය මාගේ ආඥා ඉටු කිරීමක් වන්නේය, තවද එනම් මා නුඹලාට ආඥ කළ දේ කිරීමට නුඹලා කැමති බව මෙය පියාණන්වහන්සේට සාක්ෂි දරන්නේය.
11 තවද මාගේ නාමයෙන් පසුතැවිලි වී බෞතීස්ම වන අයට නුඹලා සැමවිටම මෙය කළ යුතු වන්නේය; තවද නුඹලා සැම විටම මා සිහි කරන බව පියාණන්වහන්සේට සාක්ෂි දෙන පිණිස, මා නුඹලා උදෙසා වැගිරූ මාගේ රුධිරය සිහි කිරීම පිණිස, නුඹලා එය කළ යුතු වන්නේය. තවද නුඹලා සැම විටම මා සිහි කරන්නේ නම්, මාගේ ආත්මය නුඹලා සමඟ සිටිනු ඇත්තේය.
12 තවද නුඹලා මේ දේවල් කළ යුතු බවට, මම නුඹලාට ආඥාවක් ලබා දෙන්නෙමි. තවද නුඹලා සැමවිටම මේ දේවල් කළහොත්, නුඹලා ආශීර්වාද ලද්දන් වන්නෝය, මක්නිසාද නුඹලා මාගේ පර්වතය මත ගොඩනගා ඇත්තෝය.
13 එහෙත් නුඹලා අතරින් මේවාට වඩා වැඩියෙන් හෝ අඩුවෙන් කරන ඕනෑම කෙනෙක් මගේ පර්වතය මත ගොඩනගා නොමැත්තේය, එහෙත් වැලි සහිත අත්තිවාරමක් මත ගොඩනගා ඇත්තේය; තවද වැසි බැස එන කළ, තවද ගංවතුර පැමිණ, තවද සුළං හමා, තවද ඒවාට පහර දෙන විට, ඒවා වැටෙනු ලබන්නෝය, තවද නිරයේ දොරටු ඔවුන්ව පිළිගැනීමට විවෘතව තිබෙන්නෝය.
14 එසේහෙයින් පියාණන්වහන්සේ මා හට අණ කළ එනම් මා නුඹලාට දී යුතු වූ, මාගේ ආඥා නුඹලා පිළිපදින්නහු නම්, නුඹලා ආශීර්වාද ලද්දන් වන්නෝය.
15 සැබවක් සැබවක් මම නුඹලාට කියමි, යක්ෂයා විසින් නුඹලා පරීක්ෂාවට ලක් නොවන පිණිසත්, ඔහු විසින් නුඹලාව වහල්කමට ගෙනයනු නොලබන පිණිසත්, නුඹලා නිතරම අවදිව සිට යාච්ඤා කළ යුතු වන්නෝය.
16 තවද මම නුඹලා අතරේ යාච්ඤා කළාක් මෙන්, පසුතැවිලි වී මාගේ නාමයෙන් බෞතීස්ම වන මාගේ ජනතාව අතරේ, මාගේ සභාවේදී නුඹලා යාච්ඤා කළ යුතු වන්නේය. බලව, මම ආලෝකය වන්නෙමි; මම නුඹලා උදෙසා ආදර්ශයක් තබා ඇත්තෙමි.
17 තවද එය මෙසේ සිදු විය, එනම් ජේසුස්වහන්සේ මෙම වචන උන්වහන්සේගේ ගෝලයන් හට පැවසූ පසු, උන්වහන්සේ නැවතත් ජනසමූහයා දෙසට හැරී ඔවුන්ට මෙසේ වදාළ සේක:
18 බලව, සැබවක් සැබවක් මම නුඹලාට කියමි, නුඹලාව පරීක්ෂාවට නොපැමිණෙන පිණිස, නුඹලා නිතරම අවදිව සිට, යාච්ඤා කරපල්ලා: මක්නිසාද සාතන් නුඹලාව තිරිඟු මෙන් පොළන පිණිස, ඔහු නුඹලා කෙරෙහි ආශාවෙන් සිටින්නේය.
19 එසේහෙයින් නුඹලා සෑම විටම මාගේ නාමයෙන් පියාණන්වහන්සේට යාච්ඤා කළ යුතුය;
20 තවද මාගේ නාමයෙන් නුඹලා පියාණන්වහන්සේගෙන්, එනම් නිවැරදි වූ ඕනෑම දෙයක්, ලැබෙනු ඇතැයි විශ්වාස කරමින් ඉල්ලන්නේ නම්, බලව, එය නුඹලාට දෙනු ලබන්නේය.
21 නුඹලාගේ භාර්යාවන්ට සහ නුඹලාගේ දරුවන්ට ආශීර්වාද ලැබෙන පිණිස, නුඹලාගේ පවුල් තුළ, මාගේ නාමයෙන් සැමවිටම පියාණන්වහන්සේට යාච්ඤා කරපල්ලා.
22 තවද බලව, නුඹලා නිතර එක් රැස්විය යුතුය; තවද නුඹලා එක් රැස්වන විට ු නුඹලා වෙතට පැමිණෙන කිසි මනුෂ්‍යයෙකු නුඹලා තහනම් නොකළ යුතුය, නමුත් එනම් ඔවුන්ට නුඹලා වෙත පැමිණීමට ඉඩ හැරපල්ලා. තවද ඔවුන්ව තහනම් නොකරපල්ලා;
23 එහෙත් නුඹලා ඔවුන් උදෙසා යාච්ඤා කළ යුතුය, තවද ඔවුන්ව පිටතට නොදැමිය යුතුය; තවද එනම් ඔවුන් නිතර නුඹලා වෙතට පැමිණෙන්නේ නම්, මාගේ නාමයෙන් නුඹලා ඔවුන් වෙනුවෙන් පියාණන්වහන්සේට යාච්ඤා කළ යුතු වන්නේය.
24 එසේහෙයින්, එය ලෝකයට බැබළෙන පිණිස නුඹලාගේ ආලෝකය ඔසවන්න. බලව, එනම් නුඹලා දුටු මා විසින් කරනු ලැබූ දෙය – නුඹලා විසින් ඔසවා තැබිය යුතු ආලෝකය මම වන්නෙමි. බලව, මම පියාණන්වහන්සේට යාච්ඤා කළ බව නුඹලා දකින්නෝය, තවද නුඹලා සියල්ලෝම සාක්ෂි දරා ඇත්තෝය.
25 තවද නුඹලාගෙන් කිසිවෙකු ඉවත්ව නොයා යුතු බවට මා අණ කළ බව නුඹලාට පෙනේන්නේය, එහෙත් නුඹලාට දැනෙන සහ දකින පිණිස, මා වෙතට එන ලෙස නුඹලාට අණ කළ සේක; නුඹලාද ලෝකයට ද එසේ කළ යුතු වන්නේය; තවද මෙම අණ පනත කඩන ඕනෑම කෙනෙකු ඔහු තමන්වම පරීක්ෂාවට මගපෙන්වා ගන්නේය.
26 තවද දැන් එය මෙසේ සිදු විය, එනම් ජේසුස්වහන්සේ මෙම වචන පැවසූ පසු, උන්වහන්සේ තමන්වහන්සේ තෝරාගත් ගෝලයන් දෙස නැවතත් උන්වහන්සේගේ ඇස් යොමු කර ඔවුන්ට මෙසේ වදාළ සේක:
27 බලව, සැබවක්, සැබවක්, මම නුඹලාට කියමි, මම නුඹලා හට තවත් අණ පනතක් දෙන්නෙමි, තවද එනම් මම මාගේ පියාණන්වහන්සේ වෙත යා යුතුය, තවද ඉන්පසු උන්වහන්සේ මට දුන් අනෙකුත් ආඥා ඉටු කිරීම සඳහා, මම මාගේ පියාණන්වහන්සේ වෙත යා යුතුය.
28 තවද දැන් බලව, මම නුඹලාට දෙනු ලබන ආඥාව මෙයයි, එනම් නුඹලා එය උපස්ථාන කරනු ලබන විට, කිසිවෙකුට දැනුවත්වම මාගේ මාංසය හා රුධිරය නුසුදුසු ලෙස අනුභව කිරීමට නුඹලා ඉඩ නොදෙන්න;
29 මක්නිසාද යමෙක් නුසුදුසු ලෙස මාගේ මාංසය හා රුධිරය අනුභව කර පානය කරන්නේද ඔහු තම ආත්මයට සදාකාලික විනාශය ගෙන දෙන්නේය; එසේහෙයින් මනුෂ්‍යයෙකු මාගේ මාංසය හා රුධිරය අනුභව කර පානය කිරීමට නුසුදුසු බව නුඹලා දන්නේ නම්, නුඹලා ඔහුව තහනම් කළ යුතුය.
30 එසේනමුත්, නුඹලා ඔහුව නුඹලා අතරින් පලවා හැරීම නොකල යුතුය, එහෙත් නුඹලා ඔහුට උපස්ථාන කළ යුතු අතර, මාගේ නාමයෙන් ඔහු වෙනුවෙන් පියාණන්වහන්සේ හට යාච්ඤා කළ යුතුය; තවද ඔහු පසුතැවිලි වී මාගේ නාමයෙන් බෞතීස්ම වන්නේ නම්, එවිට නුඹලා ඔහුව පිළිගෙන, තවද මාගේ මාංසයෙන් හා රුධිරයෙන් ඔහුට උපස්ථාන කළ යුතු වන්නේය.
31 එහෙත් ඔහු පසුතැවිලි නොවන්නේ නම්, එනම් ඔහු මාගේ ජනතාව විනාශ නොකරන පිණිස, ඔහු මාගේ ජනතාව අතර ගණන් ගනු නොලබන්නේය, මක්නිසාද බලව, මම මාගේ බැටළුවන් හඳුනමි, තවද ඔවුන් ගණන් කොට ඇත්තේය.
32 එසේනමුත්, නුඹලා ඔහුව නුඹලාගේ සිනගෝගවලින් හෝ නුඹලාගේ නමස්කාර කරන ස්ථානවලින් නෙරපා නොදැමිය යුතුය, මක්නිසාද නුඹලා එවැනි අය හට නොකඩවා උපස්ථාන කරනු ඇත්තේය; මක්නිසාද කෙදිනක හෝ ඔවුන් හැරීවිත් පසුතැවිලි වී, තවද හදවතේ පූර්ණ අරමුණ සහිතව මා වෙතට පැමිණෙන්නේ දැයි නුඹලා නොදන්නෙහුය, තවද මම ඔවුන්ව සුව කරන්නෙමි; තවද නුඹලා ඔවුන් හට ගැලවීම ගෙන ඒමට මෙවලමක් වනු ඇත්තේය.
33 එසේහෙයින් නුඹලාව හෙළා නොදකින පිණිස මා නුඹලාට අණ කළ මේ වචන පවත්වන්න; මක්නිසාද පියාණන්වහන්සේ හෙළා දකින තැනැත්තාට දුක් වේ.
34 තවද නුඹලා අතර ඇති වූ ආරවුල් නිසා මම නුඹලාට මෙම ආඥා ලබා දෙමි. තවද නුඹලා අතර කිසිදු ආරවුලක් නොමැති නම්, නුඹලා ආශීර්වාද ලද්දන් වන්නෝය.
35 තවද දැන් මම පියාණන්වහන්සේ වෙතට යමි, මක්නිසාදයත් නුඹලා උදෙසා මා පියාණන්වහන්සේ වෙතට යාම යෝග්‍යය වන්නේය.
36 තවද එය මෙසේ සිදු විය, එනම් ජේසුස්වහන්සේ මෙම කියමන් පවසා නිමවූ පසු, උන්වහන්සේ තෝරාගත් ගෝලයන්, එකිනෙකා බැගින් උන්වහන්සේගේ අතින් ස්පර්ශ කළසේක, උන්වහන්සේ ඔවුන් සියල්ලන්වම ස්පර්ශ කරන තුරු, උන්වහන්සේ ඔවුන් ස්පර්ශ කරන ලෙසම ඔවුන්ට කතා කළසේක.
37 තවද සමූහයාට උන්වහන්සේ කී වචන නොඇසුණේය, එසේහෙයින් ඔවුහු සාක්ෂි නොදැරූහ; එහෙත් ගෝලයෝ උන්වහන්සේ ඔවුන්ට ශුද්ධාත්මයාණනවහන්සේ දීමට බලය දුන් බවට සාක්ෂි දුන්හ. තවද මෙම වාර්තාව සත්‍ය බව මම මින්පසු නුඹලා හට පෙන්වන්නෙමි.
38 තවද එය මෙසේ සිදු විය, එනම් ජේසුස්වහන්සේ ඔවුන් සියල්ලන් ස්පර්ශ කළ විට, එහි වලාකුළක් පැමිණ සමූහයා වසාගත්තේය, එනම් ඔවුන්ට ජේසුස්වහන්සේව දැකගත නොහැකි වන පිණිසය.
39 තවද ඔවුන් වසාගත් කළ උන්වහන්සේ ඔවුන්ගෙන් සමුගෙන, ස්වර්ගයට ඉහළට නැඟුනු සේක. තවද උන්වහන්සේ නැවත ස්වර්ගයට නැඟුනු බවට ගෝලයෝ දැක සාක්ෂි දැරූහ.