4 වන පරිච්ඡේදය
නීෆායිවර හමුදාවන් ගැඩියැන්ටන් මංකොල්ලකරුවන් පරාජය කරති – ගිඩියන්හිව මරා දමනු ලැබේ, තවද ඔහුගේ අනුප්‍රාප්තිකයා, වන සෙම්නාරීහා, එල්ලා මරා දමනු ලැබේ – නීෆායිවරු ඔවුන්ගේ ජයග්‍රහනය උදෙසා ස්වාමීන්වහන්සේ හට ප්‍රශංසා කරති. ක්‍රි.ව. 19–22 දී පමණ.
1 තවද එය මෙසේ සිදු විය, එනම් දහ අටවන වසරේ අග භාගයේ දී මංකොල්ලකාරයන්ගේ එම හමුදාවන් යුද්ධයකට සූදානම් විය, තවද කඳුවලින්, පහතට පැමිණෙන්නට පටන්ගෙන තවද කඩා වැදුනෝය, තවද කඳුකරවලින් පිටතට, තවද වනාන්තරවලින් ද, තවද ඔවුන්ගේ බලකොටුවලින් ද, තවද ඔවුන්ගේ රහසිගත ස්ථානවලින් ද, තවද දේශයන් අයිති කරගැනීමට පටන් ගත්තෝය, දෙකෙහිම දකුණු දේශයේ තිබුන ඒවා ද තවද උතුරු දේශයේ තිබුන ඒවා ද, තවද නීෆායිවරුන් විසින් අත්හරින ලද සියලු දේශයන්, තවද පාළුකොට අත්හරින ලද නගරයන් අයිති කරගැනීමට පටන් ගත්තෝය.
2 එහෙත්, බලව, නීෆායිවරුන් විසින් පාළු කරන ලද එම දේශයන්වල වන මෘගයන් හෝ දඩයමක් නොතිබුණි, තවද වනාන්තරයේ හැරුනු කොට මංකොල්ලකරුවන්ට කිසිඳු දඩයමක් නොවීය.
3 මංකොල්ලකාරයන්ට වනාන්තරයේ හැරුනු කොට, ආහාර අවශ්‍යතාවය නිසා පැවතිය නොහැකි විය; මක්නිසාද නීෆායිවරුන් තම දේශයන් පාළුකොට අත්හැර, තවද ඔවුන්ගේ රැළවල් සහ ඔවුන්ගේ ගව පට්ටි සහ ඔවුන්ගේ සියලු වස්තූන් එක් රැස්කර ගෙන, තවද ඔවුන් එක් කණ්ඩායමක්ව සිටියෝය.
4 එසේහෙයින්, නීෆායිවරුන්ට විරුද්ධව විවෘත සටනකට ඉදිරියට පැමිණීම හැරුනු කොට, ආහාර ලබාගැනීමට සහ මංකොල්ලකරුවන්ට කොල්ලකෑමට අවස්ථාවක් නොවීය; තවද නීෆායිවරුන් එක් කණ්ඩායමක්ව සිටීමත්, තවද මහත් විශාල සංඛ්‍යාවක් තිබීමත්, තවද අශ්වයන් සහ ගවයන්, තවද සෑම වර්ගයකම රැළවල් වෙන් කරගෙන, එනම් ඔවුන් අවුරුදු හතක කාල පරාසයක් පුරාවට ජීවත් වන පිණිස ඔවුන් කළමනා තබාගන්නා ලද්දේය, එම කාලය තුළ ඔවුන් දේශ තලයෙන් පිටතට මංකොල්ලකරුවන් විනාශ කිරීමට බලාපොරොත්තු වූවෝය; තවද මෙලෙස දහ අටවන වසර ගෙවී ගියේය.
5 තවද එය මෙසේ සිදු විය, එනම් දහ නවවන වසරේ දී ගිඩියාන්හිට පෙනී ගියේ එනම් ඔහු නීෆායිවරුන්ට විරුද්ධව සටනට යා යුතු බවයි, මක්නිසාද කොල්ලකෑම සහ සොරකම් කිරීම සහ මිනීමැරීම හැරුනු කොට ඔවුන්ට ජීවත් වීමට වෙනත් ක්‍රමයක් නොතිබුනේය.
6 තවද නීෆායිවරුන් ඔවුන් වෙතට පැමිණ ඔවුන්ව මරා දමනු පිණිස, එපමණකින් ඔවුන් දේශ තලය මත එනම් ඔවුන් ධාන්‍ය වගා කිරීම සඳහා විසිර යාමට බිය වූවෝය; එසේහෙයින් ගිඩියාන්හි මෙම වසරේ දී ඔවුන් නීෆායිවරුන්ට විරුද්ධව සටනට යා යුතු බවට ඔහුගේ හමුදාවන්ට ආඥාවක් දුන්නේය.
7 තවද එය මෙසේ සිදු විය, එනම් ඔවුන් සටනට පැමිණියෝය; තවද එය හයවන මාසයේ දී විය; තවද බලව, ඔවුන් සටනට පැමිණි දිනය එනම් මහත් සහ භයංකාර විය; තවද ඔවුන් මංකොල්ලකරුවන්ගේ ආකාරයට අනුව පැළඳ සිටියෝය; තවද ඔවුන්ගේ ඉඟටිය වටා බැටළු පැටවෙකුගේ – හමක් තිබුනේය, තවද ඒවා රුධිරයෙන් සායම් ගන්වා තිබුනේය, තවද ඔවුන්ගේ හිස් බූ ගා තිබුනේය, තවද ඔවුන් මත හිස් – වැසුම් විය; ගිඩියාන්හිගේ හමුදාවන්ගේ පෙනුම මහත් සහ භයංකාර විය, ඔවුන්ගේ ආයුධ නිසාවෙන්, තවද ඔවුන් රුධිරයෙන් සායම් කරන ලද බැවින්ය.
8 තවද එය මෙසේ සිදු විය, එනම් ගිඩියාන්හිගේ හමුදාවේ පෙනුම දුටු නීෆායිවරුන්ගේ හමුදාවේ සියල්ලෝම පොළොවට වැටී, තවද දෙවි වූ ඔවුන්ගේ ස්වාමීන්වහන්සේ හට ඔවුන්ගේ මොරගැසීම් ඔසවා, තවද උන්වහන්සේ ඔවුන්ව ඉතිරි කර සහ ඔවුන්ගේ සතුරන්ගේ දෑතින් පිටතට ඔවුන්ව ගලවා ගන්නා ලෙස අයැද සිටියෝය.
9 තවද එය මෙසේ සිදු විය, එනම් ගිඩියාන්හිගේ හමුදාවන් මෙය දුටු විට, ඔවුන්ගේ ප්‍රීතිය නිසා, මහ හඬින් කෑගසන්නට පටන් ගත්තෝය, මක්නිසාද ඔවුන්ගේ හමුදාවන්ගේ භයන්කාරත්වය නිසාවෙන් නීෆායිවරුන් බියෙන් වැටී ඇතැයි ඔවුන් සිතුවෝය.
10 එහෙත් මෙම කාරණය තුළ ඔවුන්ගේ බලාපොරොත්තු කඩ විය, මක්නිසාද නීෆායිවරුන් ඔවුන්ට බිය නොවුණෝය; එහෙත් ඔවුන් ඔවුන්ගේ දෙවියන්වහන්සේ හට බිය වූවෝය, තවද ආරක්ෂාව සඳහා උන්වහන්සේ හට කන්නලව් කළෝය; එසේහෙයින්, ගිඩියාන්හිගේ හමුදාවන් ඔවුන් වෙතට ඉක්මනින් ගිය විට ඔවුන් ඔවුන්ව හමුවීමට සූදානම්ව සිටියෝය; එසේය, ස්වාමීන්වහන්සේගේ ශක්තිය තුළින් ඔවුන් ඔවුන්ව පිළිගත්තෝය.
11 තවද සටන පටන් ගත්තේ මේ හයවන මාසයේ දී ය; තවද එහි වූ යුද්ධය බලවත් සහ දරුණු විය, එසේය, එහි වූ ඝාතනය බලවත් සහ දරුණු විය, එපමණකින්, එනම් ඔහු ජෙරුසලමෙන් පිටව ගියදා පටන් ලීහායිගේ සියලු ජනතාව අතරේ මෙතරම් මහා ඝාතනයක් කිසි දිනෙක දැනගන්නට නොවීය.
12 තවද ගිඩියාන්හි කළ තර්ජන සහ දිවුරුම් නොතකා, බලව, නීෆායිවරුන් ඔවුන්ට පහර දුන්නෝය, කොපමණදයත් එනම් ඔවුන් ඉදිරියෙහි ඔවුන් ආපසු වැටුනෝය.
13 තවද එය මෙසේ සිදු විය, එනම් ගිඩ්ගිඩොනි ඔහුගේ හමුදාවන් වනාන්තරයේ මායිම් දක්වා ඔවුන් පසුපස හඹා යන ලෙසත්, තවද අතරමඟදීී ඔවුන්ගේ අතට පත්වන කිසිවෙකු ඉතිරි නොකළ යුතු බවට අණ කළේය; තවද මෙසේ ඔවුන් වනාන්තරයේ මායිම දක්වා, ගිඩ්ගිඩොනිගේ ආඥාව ඔවුන් ඉටු කරන තෙක් පවා, ඔවුන්ගේ පසුපස හඹා ගොස් තවද ඔවුන්ව මරා දැමුවෝය.
14 තවද එය මෙසේ සිදු විය, එනම් ගිඩියාන්හි, එඩිතරව නැගී සිට සටන් කළාවූ, ඔහු පලා යන විට ලුහුබැඳ; තවද ඔහු බොහෝ සටන් කළ නිසා වෙහෙසට පත්ව සිටිය ඔහුව අභිබවා ගොස් තවද මරා දමන ලදී. තවද ගිඩියාන්හි මංකොල්ලකාරයාගේ අවසානය මෙසේ විය.
15 තවද එය මෙසේ සිදු විය, එනම්, නීෆායිවරුන්ගේ හමුදාවන් ඔවුන්ගේ ආරක්ෂක ස්ථානයට නැවත පැමිණියෝය. තවද එය මෙසේ සිදු විය, එනම් මෙම දහ නවවන වසර ගෙවී ගියේය, තවද මංකොල්ලකරුවන් නැවත සටනට නොපැමිණියෝය; එමෙන්ම ඔවුන් විසිවන වසරේදී ද නැවත පැමිණියේ නැත.
16 තවද විසි එක් වන වසරේදී ඔවුන් යුද්ධයට පැමිණියේ නැත, එහෙත් ඔවුන් සියලු පැතිවලින් නීෆායි ජනතාව වටා වැටලීම් දමන්නට ඉදිරියට පැමිණියෝය; මක්නිසාද ඔවුන් ඔවුන්ගේ දේශවලින් නීෆායි ජනතාව කපා හැරියොත්, තවද සියලු පැතිවලින් ඔවුන්ව වටකර ගතහොත්, තවද ඔවුන්ගේ බාහිර වරප්‍රසාද සියල්ලන්ගෙන් කපා දැමුවොත්, එනම් ඔවුන්ට ඔවුන්ගේ කැමැත්ත පරදි ඔවුන්ව යටත් කරගැනීමට හැකි වේ යැයි ඔවුන් සිතුවෝය.
17 දැන් ඔවුන් ඔවුන් හට තවත් නායකයෙකු පත් කරගත්තෝය, ඔහුගේ නම සෙම්නරීහා විය; එසේහෙයින් සෙම්නරීහා එනම් මෙම වටලෑම සිදු කිරීමට හේතු විය.
18 එහෙත් බලව, මෙය නීෆායිවරුන්ට වාසිදායක විය; මක්නිසාද ඔවුන් ගබඩා කර තිබූ ඔවුන්ගේ බොහෝ කළමනා නිසා, මංකොල්ලකරුවන්ට නීෆායිවරුන්ට කිසිඳු බලපෑමක් කිරීමට තරම් ප්‍රමාණවත් කාලයක් වටලෑම කළ නොහැකි විය.
19 තවද මංකොල්ලකරුවන් අතර කළමනාවල හිඟකම නිසාවෙන් ා; මක්නිසාද බලව, වනාන්තරයේ දී ඔවුන් ලබාගත් මාංශ, ඔවුන්ට ඔවුන්ගේ යැපීම සඳහා මාංශ මිස වෙන කිසිවක් නොවීය;
20 තවද එය මෙසේ සිදු විය, එනම් මංකොල්ලකරුවන් කුසගින්නෙන් විනාශ වීමට ආසන්න වන තරමට වල් සතුන් දඩයම් කිරීම පාළුකරයේ දුලබ විය.
21 තවද නීෆායිවරුන් දිවා කාලයේ සහ රාත්‍රී කාලයේ නිරතුරුවම පිටතට ගමන් කළෝය, තවද ඔවුන්ගේ හමුදාවන් හට පහර දී, තවද දහස් ගණනින් තවද දස දහස් ගණනින් ඔවුන්ව කපා දැමුවෝය.
22 තවද දිවා කාලයේ සහ රාත්‍රී කාලයේ ඔවුන් වෙත පැමිණි මහා විනාශය නිසා, තවද මෙලෙස ඔවුන්ගේ සැලැස්මෙන් ඉවත් වීම සෙම්නරීහා ගේ ජනතාවගේ ආශාව බවට පත් විය.
23 තවද එය මෙසේ සිදු විය, එනම් සෙම්නරීහා ඔහුගේ ජනතාව හට ඔවුන්ගේ වටලෑමෙන් ඔවුන් ඉවත් වී, තවද උතුරු දේශයේ බොහෝ දුර ප්‍රදේශවලට ගමන් කරන මෙන් අණ ලබා දුන්නේය.
24 තවද දැන්, ගිඩ්ගිඩොනි ඔවුන්ගේ සැලැස්ම පිළිබඳව දැන, තවද ආහාර අවශ්‍යතාවය නිසා ඔවුන්ගේ දුර්වලතා, තවද ඔවුන් අතර සිදු වුන මහා ඝාතන දැන, එසේහෙයින් ඔහු ඔහුගේ හමුදාවන් රාත්‍රී – කාලයේ දී පිටත් කර හැරියේය, තවද ඔවුන්ගේ පසුබැසීමේ මාර්ගය කපා හැරියේය, තවද ඔවුන්ගේ පසුබැසීමේ මාර්ගයේ ඔහුගේ හමුදාවන් ස්ථාන ගත කළේය.
25 තවද මෙය රාත්‍රී – කාලයේ දී ඔවුන් කළෝය, තවද ඔවුන් මංකොල්ලකරුවන්ගෙන් ඈතට ඔවුන්ගේ ගමනේ ඉදිරියට ගියෝය, මෙලෙස එනම් පසුවදා, මංකොල්ලකරුවන් ඔවුන්ගේ ගමන ආරම්භ කළ විට, නීෆායිවරුන්ගේ හමුදාවන් විසින් දෙපැත්තෙන්ම ඔවුන්ගේ ඉදිරිපසින් සහ ඔවුන්ගේ පසුපසින් ඔවුන්ව හමු විය.
26 තවද දකුණේ සිටි මංකොල්ලකරුවන්ව ඔවුන්ගේ පසුබැසීමේ ස්ථානයන්හිදීම කපා හරින ලදී. තවද මේ සියලු දේවල් සිදු කළේ ගිඩ්ගිඩොනිගේ අණ පරිදිය.
27 තවද එහි නීෆායිවරුන් වෙත යටත්ව තමන්වම සිරකරුවන් ලෙස බාර දුන් බොහෝ දහස් ගණනක් සිටියෝය, තවද ඔවුන්ගෙන් ඉතිරි වූවන් මරන ලදී.
28 තවද ඔවුන්ගේ නායකයා වූ, සෙම්නරීහා, රැගෙන ගොස් තවද ගසක එල්ලන ලදී, එසේය, ඔහු මිය යන තුරු එහි මුදුනේ එල්ලා තැබුවේය. තවද එවිට ඔවුන් ඔහු මිය යන තුරු එල්ලා තබා ඔවුන් ගස කපා පොළොවට දැමුවෝය, තවද මහ හඬින් මොරගසමින්, මෙසේ පැවසුවෝය:
29 ස්වාමීන්වහන්සේ උන්වහන්සේගේ ජනතාව ධර්මිෂ්ඨකමින් හා ශුද්ධවත්කමේ හදවතින් ආරක්ෂා කරන සේක්වා, එනම් බලය හා රහස් සංයෝජන නිසා ඔවුන්ව මරා දමන්නට උත්සහ කරන සියල්ලන් ද, මෙම මනුෂ්‍යයා පොළොවට ඇද වැටුනාක් මෙන් පවා ද, ඔවුන්ව පොළොවට ඇද වැටෙන්නට සලස්වනු ලබන සේක්වා.
30 තවද ඔවුන් ප්‍රීති වී නැවත එක් හඬින් මොරගැසුවේ, මෙසේ පවසමින්ය: ආබ්‍රහම්ගේ දෙවියන්වහන්සේ ද, තවද ඊසාක්ගේ දෙවියන්වහන්සේ ද, තවද යාකොබ්ගේ දෙවියන්වහන්සේ ද, මෙලෙස ඔවුන් ඔවුන්ගේ දෙවියන්වහන්සේගේ නාමයෙන් ආරක්ෂාව සඳහා ආමන්ත්‍රණය කරන තාක් කල්, මෙම ජනතාව ධර්මිෂ්ඨකමින් ආරක්ෂා කරන සේක්වා.
31 තවද එය මෙසේ සිදු විය, එනම් ඔවුන් ඉදිරියට පැමිණ, සියල්ලන් එකා මෙන්, ගී ගයමින්, තවද ඔවුන්ගේ සතුරන් අතට පත්වීමෙන් ඔවුන් ආරක්ෂා කරගැනීම සඳහා, ඔවුන් වෙනුවෙන් උන්වහන්සේ කළ මහඟු දෙය ගැන දෙවියන්වහන්සේ හට ප්‍රශංසා කළෝය.
32 එසේය, ඔවුන් මොරගැසුවෝය: මහෝත්තම දෙවියන්වහන්සේ හට හෝසන්නා. තවද ඔවුන් මොරගැසුවෝය: සර්වබලධාරී දෙවි වූ ස්වාමීන්වහන්සේගේ නාමයට, මහෝත්තම දෙවියන්වහන්සේගේ නාමයට ආශීර්වාද වේවා.
33 තවද ඔවුන්ගේ හදවත් ප්‍රීතියෙන් පිරී තිබුණේය, ඔවුන්ගේ සතුරන්ගේ දෑතින් පිටතට ඔවුන්ව ගලවා ගැනීමේ දී දෙවියන්වහන්සේගේ මහත් යහපත්කම නිසා, බොහෝ කඳුළු පිටතට ගලා ගියේය; තවද ඔවුන්ගේ පසුතැවිලිවීම සහ ඔවුන්ගේ නිහතමානීකම හේතුකොටගෙන එනම් ඔවුන්ව සදාකාලික විනාශයකින් ගලවා ගත් බව ඔවුන් දැන සිටියෝය.