ශුද්ධලියවිලි
3 නීෆායි 7


7 වන පරිච්ඡේදය

ප්‍රධාන විනිශ්චයකරුව ඝාතනය කරනු ලබයි, ආණ්ඩුව විනාශ කරනු ලබයි, තවද ජනතාව ගෝත්‍රවලට බෙදී යයි – ක්‍රිස්තු – විරෝධියා වන ජේකබ් රහස්‍ය කල්ලියක රජ බවට පත්වේ – නීෆායි පසුතැවීම සහ ක්‍රිස්තුස්වහන්සේ කෙරෙහි ඇදහිල්ල දේශනා කරනු ලබයි – දේවදූතයන් දිනපතා ඔහුට මෙහෙ කරයි, තවද ඔහු ඔහුගේ සහෝදරයාව මරණයෙන් නැඟිටුවයි – බොහෝ දෙනෙකු පසුතැවිලි වී බෞතීස්මය වෙති. ක්‍රි.ව. 30–33 පමණ.

1 දැන් බලව, එනම් ඔවුන් දේශය කෙරෙහි රජෙකු පත් නොකළ බව මම නුඹලා හට පෙන්වන්නෙමි; එහෙත් මෙම වසර තුළ, එසේය, තිස්වන වසරේ, ඔවුන් විනිශ්ච-ආසනය මත විනාශක් කළෝය, එසේය, දේශයේ ප්‍රධාන විනිශ්චයකරු මරා දැමූහ.

2 තවද ජනතාව එකෙකු අනෙකාට විරුද්ධව බෙදී ගියෝය; තවද සෑම මනුෂ්‍යයෙකුම ඔහුගේ පවුලට සහ ඔහුගේ ඥාතීන්ට සහ මිතුරන්ට අනුව, ඔවුන් එකිනෙකාගෙන් ගෝත්‍රවලට වෙන් වූහ; තවද මෙසේ ඔවුන් දේශයේ ආණ්ඩුව විනාශ කළහ.

3 තවද සෑම ගෝත්‍රයක්ම ඔවුන් කෙරෙහි ප්‍රධානියෙකු හෝ නායකයෙකු පත් කළෝය; තවද මෙසේ ඔවුන් ගෝත්‍ර සහ ගෝත්‍රවල නායකයින් බවට පත් වූහ.

4 දැන් බලව, එහි ඔවුන් අතරේ මහත් පවුලක් සහ බොහෝ ඥාතීන්ට සහ මිතුරන් හැර වෙන කිසිදු මනුෂ්‍යයෙකු නොවීය; එසේහෙයින් ඔවුන්ගේ ගෝත්‍ර බෙහෙවින් විශාල විය.

5 දැන් මෙම සියල්ල සිදු කරන ලදුව, තවද එහි ඔවුන් අතර තවමත් යුද්ධ නොතිබුණේය; තවද මෙම සියලු අයුතුකම් ජනතාව මතට පැමිණ තිබුණේ, ඔවුන් සාතන්ගේ බලයට තමන් විසින්ම යටත් වූ බැවිනි.

6 තවද අනාගතවක්තෘවරුන් මරණයට පත් කළාවූ එම අයවලුන්ගේ මිතුරන් සහ ඥාතීන්ගේ රහස්‍ය කල්ලි නිසාවෙන්, ආණ්ඩුවේ ව්‍යවස්ථාවන් විනාශ විය.

7 තවද ඔවුන් දේශය තුළ මහත් මතභේද ඇති කරන ලද්දේය, එපමණකින් එනම් ජනතාවගෙන් වඩාත් ධර්මිෂ්ඨ කොටස සියල්ලන්ම පාහේ දුෂ්ටයන් බවට පත් විය; එසේය, එහෙත් එහි ඔවුන් අතර ධර්මිෂ්ඨ මනුෂ්‍යයන් ස්වල්ප දෙනෙකු පමණක් සිටියහ.

8 තවද මෙසේ බල්ලා උගේ වමනයට, නැතහොත් ඊරි මඩේ පෙරළීමට හැරී යන්නාක් මෙන්, ජනතාවගෙන් බොහෝ කොටසක් ඔවුන්ගේ ධර්මිෂ්ඨකම වෙතින් හැරී ගොස් වසර හයක් පසුවුයේ නැත.

9 දැන් ජනතාව මත මහත් අයුතුකම් ගෙනා මෙම රහස්‍ය කල්ලි, ඔවුන් එකට එක්රැස් වී, තවද ඔවුන්ගේ ප්‍රධානියා ලෙස ජේකබ් යැයි නමින් හැඳින්වූ මනුෂ්‍යයෙකුව පත් කළේය;

10 තවද ඔවුන් ඔහුව ඔවුන්ගේ රජ ලෙස නම් කළෝය; එසේහෙයින් ඔහු මෙම දුෂ්ට කණ්ඩායම කෙරෙහි රජෙකු බවට පත් විය; තවද ඔහු ජේසුස්වහන්සේ පිළිබඳ සාක්ෂි දැරුවාවූ අනාගතවක්තෘවරුන්ට විරුද්ධව හඬ නැඟුවාවූ ප්‍රධානීන්ගෙන් කෙනෙකු විය.

11 තවද එය මෙසේ සිදු විය, එනම් ඔවුන්ගේ ගෝත්‍රයට අනුව ඔවුන්ගේ නීති ස්ථාපිත කළ නායකයින් මිස, එකට එක්සත් වූ ජනතාවගේ ගෝත්‍ර මෙන් ඔවුන් සංඛ්‍යාවෙන් එතරම් ශක්තිමත් නොවීය; එසේවුවත්, ඔවුන් සතුරන් වූහ; එසේ තිබියදිත් ඔවුන් ධර්මිෂ්ඨ ජනතාවක් නොවූවත්, එහෙත් ආණ්ඩුව විනාශ කිරීමට ගිවිසුමක් තුළට පැමිණි එම අයවලුන් කෙරෙහි වෛරය තුළ ඔවුන් එක්සත් වූහ.

12 එසේහෙයින්, එනම් ජේකබ් ඔවුන්ට වඩා ඔවුන්ගේ සතුරන් බොහෝ සංඛ්‍යාවක් බව දැක, ඔහු කණ්ඩායමේ රජු බැවින්, එසේහෙයින් ඔහු තමන්ගේ ජනතාවට එනම් දේශයේ උතුරු කෙළවර දේසට ඔවුන්ගේ සටන ගෙන, විරුද්ධවාදීන් ඔවුන් සමඟ එක්වන තුරු, තවද ඔවුන්ට රාජ්‍යයක් ගොඩනඟා ගැනීමට අණ කළේය, (මක්නිසාද එනම් එහි බොහෝ විරුද්ධවාදීන් සිටින බවට ඔහු ඔවුන්ට චාටුබස් කීවේය) තවද ඔවුන් ජනතාවගේ ගෝත්‍ර සමඟ සටන් කිරීමට තරම් ශක්තිමත් විය; තවද ඔවුන් එසේ කළෝය.

13 තවද එනම් ඔවුන්ගේ ගමන කෙතරම් වේගවත්ද යත්, ඔවුන් ජනතාවගේ ග්‍රහනයෙන් පිටතට යන තුරු එය වළක්වා ගැනීමට නොහැකි විය. තවද මෙසේ තිස්වන වසර අවසන් විය; තවද නීෆායි ජනතාවගේ කටයුතු මෙසේ විය.

14 තවද එය මෙසේ සිදු විය, තිස්එක් වන වසරේදී එනම් සෑම මනුෂ්‍යයෙකුම ඔහුගේ පවුලට, ඥාතීන්ට සහ මිතුරන්ට අනුව ඔවුන් ගෝත්‍රවලට බෙදනු ලැබීය; එසේවුවත්, ඔවුන් එකෙක් අනෙකා සමඟ යුද්ධයට නොයන බවට එකඟතාවයකට පැමිණ සිටියහ; එහෙත් ඔවුන්ගේ නීති තවද ඔවුන්ගේ ආණ්ඩුවේ පාලන ක්‍රමයට අනුව ඔවුන් එක්සත් නොවීය, මක්නිසාද ඒවා ඔවුන්ගේ ප්‍රධානීන් සහ ඔවුන්ගේ නායකයින්ගේ මනසට අනුව පිහිටුවාගෙන තිබුණෝය. එහෙත් ඔවුන් එක් ගෝත්‍රයක් තවත් ගෝත්‍රයකට විරුද්ධව අනවසරයෙන් ඇතුළු නොවිය යුතු බවට ඉතා දැඩි නීති පිහිටුවාගෙන තිබුණේය, එපමණකින් එනම් ඔවුන්ට යම් ප්‍රමාණයකට දේශය තුළ සාමය තිබුණේය; එසේවුවත්, ඔවුන්ගේ හදවත් ඔවුන්ගේ දෙවි වූ ස්වාමීන්වහන්සේ කෙරෙන් හැරී, තවද ඔවුන් අනාගතවක්තෘවරුන්ට ගල් ගසා තවද ඔවුන් අතරින් ඔවුන්ව නෙරපා දැමූහ.

15 තවද එය මෙසේ සිදු විය, එනම් – නීෆායි – දේවදූතයන් විසින් සහ එසේම ස්වාමීන්වහන්සේගේ හඬ මඟින් බැහැදැක, එසේහෙයින් දේවදූතයන් දැක, තවද ඇසින් දුටුවාවු සාක්ෂිකරුවෙකුව, තවද එනම් ක්‍රිස්තුස්වහන්සේගේ දේවසේවය පිළිබඳව දැන ගැනීමට ඔහු හට බලය දෙනු ලැබ, තවද එසේම ඔවුන්ගේ ධර්මිෂ්ඨකම වෙතින් ඔවුන්ගේ දුෂ්ටකම සහ පිළිකුල්කම් කෙරෙහි ඉක්මණින් හැරියාම ඇසින් දුටු සාක්ෂිකරුවෙක්ය;

16 එසේහෙයින්, ඔවුන්ගේ හදවත් වල දැඩිකම සහ ඔවුන්ගේ මනසෙහි අන්ධභාවය ගැන ශෝකයට පත් වූ හෙයින් – එම වසරේදීම ඔවුන් අතර පෙරට ගොස්, තවද ස්වාමීන් වන ජේසුස් ක්‍රිස්තුස්වහන්සේ කෙරෙහි ඇදහිල්ල කරණකොටගෙන පසුතැවීම සහ පව් කමා කිරීම පිළිබඳව නිර්භීතව සාක්ෂි දීමට පටන් ගත්තේය.

17 තවද ඔහු ඔවුන් හට බොහෝ දේවල් ඉගැන්වූයේය; තවද ඒවා සියල්ලම ලියා තැබිය නොහැක, තවද ඒවායින් කොටසක් ප්‍රමාණවත් නොවනු ඇත්තේය, එසේහෙයින් ඒවා මෙම පොතෙහි ලියා නොමැත. තවද නීෆායි බලයෙන් සහ බලවත් අධිකාරිත්වයක් සමඟ ඉගැන්වූයේය.

18 තවද එය මෙසේ සිදු විය, එනම් ඔවුන්ට වඩා ඔහුට ශ්‍රේෂ්ඨ බලයක් තිබූ නිසාවෙන්, ඔවුන් ඔහු සමඟ කෝප වූයේය, මක්නිසාද එනම් ඔහුගේ වචන අවිශ්වාස කිරීමට ඔවුන්ට හැකියාවක් නොවීය, මක්නිසාද ස්වාමීන් වන ජේසුස් ක්‍රිස්තුස්වහන්සේ කෙරෙහි ඔහුගේ ඇදහිල්ල කෙතරම් මහත්ද යත් එනම් දේවදූතයන් දිනපතා ඔහු හට මෙහෙ කළේය.

19 තවද ජේසුස්වහන්සේගේ නාමයෙන් ඔහු යක්ෂයන් සහ අශුද්ධාත්මයන් දුරු කළේය; තවද ඔහුගේ සහෝදරයාව ජනතාව විසින් ගල් ගසා තවද මරණයට පත් කළ පසුව පවා ඔහුව මළවුන් කෙරෙන් නැඟිටෙව්වේය.

20 තවද ජනතාව එය දැක, තවද ඒ පිළිබඳ සාක්ෂි දැරුවාවූ අතර, තවද ඔහුගේ බලය නිසාවෙන් ඔහු සමඟ කෝප වූහ; තවද එසේම ඔහු ජේසුස්වහන්සේගේ නාමයෙන්, ජනතාව ඉදිරියේ තවත් බොහෝ හාස්කම් ද කළේය.

21 තවද එය මෙසේ සිදු විය, එනම් තිස් එක් වන වසර ගෙවී ගියේය, තවද එහි ස්වාමීන්වහන්සේ වෙතට හැරුණු අය ස්වල්ප දෙනෙකු සිටියෝය; එහෙත් හැරුණු බොහෝ දෙනෙකු, ඔවුන් විශ්වාස කළාවූ ජේසුස් ක්‍රිස්තුස්වහන්සේ තුළ සිටි දෙවියන්වහන්සේගේ බලය සහ ආත්මයාණන් විසින් එනම් ඔවුන් බැලීමට පැමිණි බව ජනතාව හට සැබවින්ම හැඟවනු ලැබීය.

22 තවද ඔවුන් කෙරෙන් යක්ෂයන් දුරු කරනු ලැබුවාවූ බොහෝ අයවලුන්, තවද ඔවුන්ගේ රෝග සහ ඔවුන්ගේ දුර්වලතා සුව කරනු ලැබූ අයවලුන්, දෙවියන්වහන්සේගේ ආත්මයාණන් විසින් ඔවුන් කෙරෙහි ක්‍රියාත්මක කරනු ලැබූ බවත්, සුව කරනු ලැබූ බවත් ජනතාව හට සැබවින්ම ප්‍රකාශ කළහ; තවද එසේම සළකුණු සහ ඇතැම් හාස්කම් ඔවුන් ජනතාව අතර පෙන්වූවෝය.

23 මෙසේ තිස් දෙවන වසර ද එසේම ගෙවී ගියේය. තවද තිස් තුන්වන වසර පටන් ගැන්මේදී නීෆායි ජනතාව වෙත මොරගැසුවේය; තවද ඔහු ඔවුන් හට පසුතැවිලිවීම සහ පව් කමාව පිළිබඳ දේශනා කළේය.

24 දැන් එනම් ජලය මඟින් බෞතිස්මය නොවූ කිසිවෙකු පසුතැවිල්ලට නොගෙන එන බව එසේම නුඹ සිහියේ තබාගන්නවාට මම කැමැත්තෙමි.

25 එසේහෙයින්, එහි මෙම මෙහෙය සඳහා නීෆායි විසින් මනුෂ්‍යයන් නියම කරනු ලැබීය, එනම් ඔවුන් වෙතට පැමිණෙන සියල්ලන්ම ජලයෙන් බෞතිස්මය විය යුතු අතර, තවද මෙය එනම් ඔවුන් පසුතැවිලි වී ඔවුන්ගේ පාපවලට සමාව ලබාගත් බවට, දෙවියන්වහන්සේ අභිමුඛයෙහි සහ ජනතාව ඉදිරියෙහි සාක්ෂිකරුවෙකු සහ සාක්ෂියක් මෙන් වන්නේය.

26 තවද මෙම වසර පටන් ගැන්මේදී පසුතැවිල්ල වෙතට බෞතිස්මය වූ බොහෝ දෙනෙකු සිටියෝය; තවද මෙසේ වසරේ වැඩි කොටසක් ගෙවී ගියේය.