28 වන පරිච්ඡේදය
ගෝලයන් දොළොස්දෙනාගෙන් නවදෙනෙකු ආශා වී තවද ඔවුන් මිය යන විට ක්‍රිස්තුස්වහන්සේගේ රාජ්‍යයෙහි උරුමයක් පොරොන්දු වන ලදි – නීෆායිවරුන් තිදෙනා ආශා වී ජේසුස්වහන්සේ නැවත පැමිණෙන තෙක් පොළොවෙහි රැඳී සිටීමට මරණය කෙරෙහි බලය ලබා දෙන ලදි – පැවසීමට නීත්‍යානුකූල නොවන දේවල් දැකීමට ඔවුන් පරිවර්තනය වී, දැන් ඔවුන් මනුෂ්‍යයන් අතර උපස්ථාන කරති. ක්‍රි.පූ. 34–35 පමණ.
1 තවද එය මෙසේ සිදු විය, ජේසුස්වහන්සේ මෙම වචන පැවසූ පසු, උන්වහන්සේ උන්වහන්සේගේ ගෝලයන්, එකිනෙකා බැගින්, පවසා, ඔවුන්ට මෙසේ කී සේක: එනම් මම මාගේ පියාණන් වෙත යෑමෙන් පසුව, මාගෙන් නුඹලා ආශා වන්නේ කුමක්ද?
2 තවද තිදෙනෙකු හැර, ඔවුන් සියළු දෙනා කතා කොට, මෙසේ කීවෝය: එහි අපට ඔබවහන්සේ කැඳවනු ලැබූ, එනම් අපගේ මෙහෙවර, අවසානයක් තිබෙන මෙන්, අප මනුෂ්‍යයාගේ ආයුෂ වෙත ජීවත්වූ පසු, එනම් අප වේගයෙන් ඔබවහන්සේ වෙත ඔබවහන්සේගේ රාජ්‍යයට පැමිණෙන සේය.
3 තවද උන්වහන්සේ ඔවුන් හට මෙසේ කී සේක: නුඹලා මේ දෙය මාගෙන් ආශා කළ නිසාවෙන් නුඹලා ආශිර්වාද ලද්දෙහිය; එසේහෙයින්, නුඹලා හැත්තෑ දෙවැනි විය පසු වූ විට නුඹලා මා වෙත මාගේ රාජ්‍යයට පැමිණෙන්නේය; තවද මා සමඟ නුඹලා විශ්‍රාම සොයගන්නේය.
4 තවද උන්වහන්සේ ඔවුන් වෙත පැවසූ විට, උන්වහන්සේ තිදෙනා වෙත හැරී, තවද ඔවුන් හට මෙසේ කී සේක: මම මාගේ පියාණන් වෙත ගිය විට, මම නුඹලා හට කුමක් කළයුතු දැයි නුඹලා පවසන්නෙහිද?
5 තවද ඔවුන් ඔවුන්ගේ හදවත් තුළ ශෝක වූවෝය, මක්නිසාද ඔවුන් ආශා කළ දේ උන්වහන්සේ හට පැවසීමට ඔවුන් කටයුතු නොකළෝය.
6 තවද උන්වහන්සේ ඔවුන් හට මෙසේ පැවසූ සේක: බලව, මම නුඹලාගේ සිතුවිලි දන්නෙමි, මා යුදෙව්වරුන් විසින් ඔසවනු ලැබුවාට පෙර, මාත් සමඟ මාගෙ මෙහෙවරයේ සිටි, තවද මාගේ ප්‍රියාදර වන, යොහාන් මාගෙන් ආශා කළ දේ, නුඹලා ආශා කර ඇත.
7 එසේහෙයින්, නුඹලා වඩාත් ආශිර්වාද ලද්දෙහිය, මක්නිසාද නුඹලා කිසිම දිනෙක මරණය අත් නොවිඳින්නෝය; එහෙත් ස්වර්ගයේ බලයන් සමඟ මා පැමිණෙන විට, පියාණන්ගේ කැමැත්ත අනුව සියළු දේ සම්පූර්ණ වන තෙක් පවා ද, මනුෂ්‍ය දරුවන් වෙත පියාණන්ගේ සියළු කාර්යයන් දැකීමට නුඹලා ජීවත් වනු ඇත.
8 තවද නුඹලා කිසි දිනෙක මරණයේ වේදනාවන් විඳ දරා නොගන්නෝය; එහෙත් මාගේ මහිමයෙහි මා පැමිණෙන විට නුඹලා ඇසිපිය හෙළීමකින් මැරෙනසුලුභාවයෙන් අමරණීයත්වයට වෙනස් වනු ඇත; තවද එවිට මාගේ පියාණන්ගේ රාජ්‍යයෙහි නුඹලා ආශිර්වාද ලබන්නෝය.
9 තවද නැවතත්, නුඹලා මාංසයෙහි වෙසෙන අතරතුර නුඹලාට වේදනාව ඇති නොවනු ඇත, ලෝකායේ පාපයන්වලට ශෝකය මිස ද නොවනු ඇත; තවද නුඹලා මා උදෙසා ආශා කළ දේ හෙයින් මම මේ සියල්ල කරන්නෙමි, මක්නිසාද ලෝකය නැගී සිටින අතරතුර, එනම් මා වෙත ප්‍රාණයන් ගෙන ඒමට හැකි වන සේ නුඹලා ආශා කළ බැවිනි.
10 තවද මෙම කාරණය නිසාවෙන් නුඹලා ප්‍රීතියේ පූර්ණත්වය ලබන්නෝය; තවද මාගේ පියාණන්ගේ රාජ්‍යයෙහි නුඹලා හිඳගන්නෝය; එසේය, නුඹගේ ප්‍රීතිය සම්පූර්ණ වනු ඇත, එපමණක් නොව පියාණන් මා හට ප්‍රීතියේ පූර්ණත්වය ලබා දී ඇති සේය; තවද මා මෙන් නුඹලා ද වන්නේය, තවද එපමණක් නොව මම පියාණන් මෙන් ද වන්නෙමි; තවද පියාණන් ද මම ද ඒකත්වයෙන් වන්නෙමු;
11 තවද ශුද්ධාත්මයාණන් පියාණන් සහ මා පිළිබඳව වාර්තා දරන සේක; තවද මා නිසාවෙන්, පියාණන් මනුෂ්‍ය දරුවන් හට ශුද්ධාත්මයාණන් ලබා දෙන සේක.
12 තවද එය මෙසේ සිදු විය, එනම් ජේසුස්වහන්සේ මේ වදන් පැවසූ විට, නතර වූ තිදෙනා හැර උන්වහන්සේ අන් සෑම දෙනෙකුම උන්වහන්සේගේ ඇඟිල්ලෙන් ස්පර්ශ කළ සේක, තවද එකල්හි උන්වහන්සේ නික්ම ගිය සේක.
13 තවද බලව, ස්වර්ගයන් විවර වී ඇත, තවද ඔවුන් ස්වර්ගය තුළට අසුවී තිබුණි, තවද කිව නොහැකි තරම් දේවල් දැක සහ ඇසුවෝය.
14 තවද එනම් ඔවුන් තෙපලීමට ඔවුන්ව තහනම් වූයේය; එනම් ඔවුන් දුටු සහ ඇසූ දේවල් ද තෙපලීමට ද ඔවුන් හට බලය නොලැබුණි;
15 තවද ඔවුන් ශරීරය තුළ ද ශරීරයෙන් පිටත සිටි නමුත්, ඔවුන්ට කිව නොහැකි විය; මක්නිසාද එය ඔවුන් හට ඔවුන්ගේ අන්වෙසක් ගැනීමක් සේ හැඟෙන්නට විය, එනම් දෙවියන්වහන්සේගේ දේ දකින්නට ඔවුන්ට නොහැකි බැවින්, එනම් ඔවුන් මේ මාංශගත ශරීරයෙන් අමරණීය තත්ත්වයකට විපර්යාස වන බවය.
16 එහෙත් එය මෙසේ සිදු විය, එනම් ඔවුන් පොළෝ තලය මත නැවතත් උපස්ථාන කිරීමට පටන් ගත්තෝය; එසේ නමුත් ඔවුන්ට ස්වර්ගයෙහි ලබා දුන් අණපනත නිසාවෙන්, ඔවුන් දුටු සහ ඇසූ දේවල් පිළිබඳව ඔවුන් උපස්ථාන නොකළෝය.
17 තවද දැන්, ඔවුන්ගේ අන්වෙසක් ගැනීමේ දිනය සිට, ඔවුන් මැරෙනසුලු ද අමරණීය ද වුවද, මම නොදන්නෙමි;
18 එහෙත් මම මෙපමණක් දක්වා දන්නෙමි, ලබා දී ඇති වාර්තාවට අනුව – ඔවුන් දේශය මත ගොස්, ඔවුන්ගේ දේශනා කිරීම් විශ්වාස කළා වූ පිරිසක් තරම් සභාවට එක්සත් කර; ඔවුන්ව බෞතීස්ම කර, තවද බෞතීස්මවී ශුද්ධාත්මයාණන් ලබාගත් තරම් පිරිසක්වූ අතර, සියළු ජනතාව හට උපස්ථාන කළෝය.
19 තවද සභාවට අයත් නොවූවන් මඟින් ඔවුන්ව සිරගෙයට බැහැර කර දැමුවෝය. තවද සිරගෙවල්වල ඔවුන්ව රඳවා තබන්නට නොහැකි විය, මක්නිසාද සිරගෙවල්හි බිත්ති පැලී බිඳ වැටුණු හෙයිනි.
20 තවද ඔවුන්ව පොළොව තුළ බිමට හෙළා දමන ලදි; එහෙත් ඔවුන් දෙවියන්වහන්සේගේ වචනයෙන් පොළොවට පහර දුන්නෝය, එනම් උන්වහන්සේගේ බලයෙන් පමණින් පොළොවේ පත්ලයෙන් ඔවුන් ගැලවුණෝය; තවද එසේහෙයින් ඔවුන්ව රඳවා තබාගැනීමට ප්‍රමාණවත්වූ පතල් කණින්නට ඔවුන්ට නොහැකි විය.
21 තවද ඔවුන්ව තුන්වරක් උදුනකට බැහැර කළ අතර ඔවුන් කිසිඳු හානියක් අත් නොවින්දෝය.
22 තවද වන මෘගයන් සිටි ලෙණකට ඔවුන්ව දෙවරක් දැමුවෝය; තවද බලව කිරිබොන බැටළු පැටවකු සමඟ දරුවෙකු සිටින සේ ඔවුන් මෘගයන් සමඟ සෙල්ලම් කළ අතර, කිසිඳු හානියක් අත් නොවින්දෝය.
23 තවද එය මෙසේ සිදු විය, එනම් එසේ සියළු නීෆායි ජනතාව අතර ඔවුන් ගමන් ගත් අතර, දේශය මත ක්‍රිස්තුස්වහන්සේගේ ශුභාරංචිය සියළු ජනතාවට දේශනා කළෝය; තවද ජේසුස්වහන්සේගේ වචනයට අනුව, ඔවුන් ස්වාමීන්වහන්සේ වෙත හැරවී, තවද ක්‍රිස්තුස්වහන්සේගේ සභාව වෙත එක්සත්වී, තවද එසේ එම පරම්පරාවෙහි ජනතාව ආශිර්වාද ලද්දෝය.
24 තවද දැන්, මොර්මන් වන මම, කාලයකට මෙම දේවල් පිළිබඳව කථා කිරීම අවසානයක් කරමි.
25 බලව, කිසිදිනෙක මරණය අත් නොවිඳින්නාවූ අයගේ නම් ලිවීමට මා සූදානම්ව සිටි නමුත්, ස්වාමීන්වහන්සේ එය තහනම් කළ සේක; එසේහෙයින් මම ඒවා නොලියන්නෙමි, මක්නිසාද ඒවා ලෝකයෙන් සඟවා ඇති බැවින්ය.
26 එහෙත් බලව, මම ඔවුන්ව දැක ඇත, තවද ඔවුන් මා හට උපස්ථාන කර ඇත.
27 තවද බලව ඔවුන් අන්‍යජාතිකයන් අතර සිටිනු ඇත, තවද අන්‍යජාතිකයන් ඔවුන්ව හඳුනා නොගන්නෝය.
28 ඔවුන් යුදෙව්වරුන් අතර ද සිටින්නෝය, තවද යුදෙව්වරුන් ද ඔවුන්ව හඳුනා නොගන්නෝය.
29 තවද එය මෙසේ සිදු විය, ස්වාමීන්වහන්සේගේ ප්‍රඥාවට උචිත බව උන්වහන්සේ දුටු විට, එනම් ඔවුන් විසිරවූ ඊශ්‍රායලයේ ගෝත්‍ර හට ද, සියළු ජාතීන්, ඥාතීන්, භාෂාවන් හා ජනතාවන් හට ද, උපස්ථාන කරන්නෝය, තවද එනම් ඔවුන්ගේ ආශාව සම්පූර්ණ වන ලෙස, ඔවුන් ජේසුස්වහන්සේ හට ප්‍රාණයන් බොහෝමයක් ගෙන එන්නෝය, තවද ඔවුන් තුළ ඇති දෙවියන්වහන්සේගේ ඒත්තු ගන්වන ලද බලය නිසාවෙන්ය.
30 තවද ඔවුන් දෙවියන්වහන්සේගේ දේවදූතයන් ලෙස සිටින්නෝය, තවද ඔවුන් ජේසුස්වහන්සේගේ නාමයෙන් දෙවියන්වහන්සේ හට යාච්ඤා කළහොත් ඔවුන්ට යහපත් යැයි හැඟෙන කවරනමුත් මනුෂ්‍යයෙකුට ඔවුන්ව දැක්වීමට හැකි විය.
31 එසේහෙයින්, ක්‍රිස්තුස්වහන්සේගේ විනිශ්ච-ආසනය ඉදිරියෙහි සියළු ජනතාව නැගි සිටිය යුතු මහත් සහ පැමිණෙන දිනයට පෙර, විශිෂ්ඨ සහ ආශ්චර්යමත් කාර්යයන් ඔවුන් මඟින් තනන ලද්දෝය.
32 එසේය එනම් විනිශ්ච දිනයට පෙර, අන්‍යජාතිකයන් අතරෙහි පවා ද විශිෂ්ඨ සහ ආශ්චර්යමත් කාර්යයන් ඔවුන් මඟින් තනන ලද්දෝය.
33 තවද ක්‍රිස්තුස්වහන්සේගේ ආශ්චර්යමත් කාර්යයන් සියල්ලම වාර්තාවක් දෙන ලද්දාවූ ශුද්ධ ලියවිලි නුඹලාට ඇත්නම්, නුඹලා, ක්‍රිස්තුස්වහන්සේගේ වචනවලට අනුව, එනම් මේ දේවල් පැමිණෙන්නට ඇති යුතු බව දැනගන්නෝය.
34 තවද ජේසුස්වහන්සේගේ වචනවලට සවන් නොදෙන්නාවූ ඔහු හට ඛේදය වේ, තවද උන්වහන්සේ තෝරාගත් සහ ඔවුන් අතර යවන ලද ඔවුන් හට ද වන සේක; මක්නිසාද ජේසුස්වහන්සේගේ වචන නොලබන්නාවූ කවරනමුත් තවද උන්වහන්සේ යවන ලද්දාවූ අයගේ වචන ද නොලබන්නාවූ අය උන්වහන්සේව නොලබන්නෝය; තවද එසේහෙයින් උන්වහන්සේ ඔවුන්ව අවසන් දවසේදී නොලබන සේක;
35 තවද ඔවුන් උපත නොලැබුවා නම් එය ඔවුන්ට වඩාත් යහපත් වන්නට තිබුණි. මක්නිසාද එනම් ගැලවීම පැමිණෙන්නට හැකි වන සේ, මනුෂ්‍යයන්ගේ පාදවලින් පාගා දැමූ, අමනාපවූ දෙවියන්වහන්සේ කෙනෙකුගේ යුක්තිය ඉවත් කිරීමට හැකි වන බැවින් නුඹලා සිතන්නෙහිද?
36 තවද දැන් බලව, ස්වාමීන්වහන්සේ තෝරාගත් අය පිළිබඳව මා පැවසූ විට, එසේය, ස්වර්ගය වෙත අසුවූ තිදෙනා පවා ද, එනම් ඔවුන් මැරනසුලුභාවයෙන් අමරණීයත්වයට පිරිසිඳු වුවද මම නොදන්නෙමි –
37 එහෙත් බලව, මා ලියා ඇති හෙයින්, මා ස්වාමීන්වහන්සේගෙන් විමසා ඇත, තවද උන්වහන්සේ එය මා හට එය ප්‍රකාශ කළ සේක, එනම් ඔවුන්ගේ ශරීර මත වෙනසක් තැනිය යුතු බවය, එසේ නැතිනම් එනම් ඔවුන් මරණය අත් විඳීම විය යුතු බවය.
38 එසේහෙයින්, එනම් ඔවුන්ගේ ශරීර මත වෙනසක් හටගත්තේය, එනම් ඔවුන් මරණය අත් නොවිඳින සේය, එනම් ලෝකයේ පාපයන්වලට මිස ඔවුන් වේදනාව නොහොත් ශෝකය නොවිඳින බැවිනි.
39 දැන් අවසන් දවසේදී සිදුවීමට යන එම දේට මෙම වෙනස සමාන නොවීය; එහෙත් ඔවුන් මත එහි තනන ලද වෙනසක් ඇති විය, එනම් සාතන්ට ඔවුන් කෙරෙහි බලය නොමැති පමණින්, එනම් ඔහුට ඔවුන්ව පරීක්ෂාවට පමුණුවන්නට නොහැකි විය; තවද ඔවුන් මාංශයේ පාරිශුද්ධ වී, එනම් ඔවුන් ශුද්ධ වී, තවද එනම් පොළොවේ බලයන් ඔවුන්ව රඳවා තබාගත නොහැකි සේය.
40 තවද මෙම තත්ත්වයෙහි ක්‍රිස්තුස්වහන්සේගේ විනිශ්චය දවස වනතුරු ඔවුන් රැදී සිටිය යුතු විය; තවද එම දිනයේ දී ඔවුන් ඉතා මහත් වෙනසක් ලබන්නට විය, තවද තවත් පිටතට නොයා පියාණන්ගේ රාජ්‍යය තුළට බාරගැනීමට ද, එහෙත් ස්වරගයන්හි දෙවියන්වහන්සේ සමඟ සදාකාලිකව වාසය කිරීමටය.