6 වන පරිච්ඡේදය
නීෆායිවරුන් සමෘධිමත් වෙති – මානය, ධනය සහ තාන්න මාන්න නැඟෙයි – සභාව මතභේදවලින් ඉරෙන්නේය – සාතන් ජනතාව විවෘත කැරැල්ලට මඟ පෙන්වයි – අනාගතවක්තෘවරුන් පසුතැවීම මොරගසා තවද ඝාතනය කරනු ලබන්නෝය – ඔවුන්ගේ මිනීමරුවන් ආණ්ඩුව අත්පත් කරගැනීමට කුමන්ත්‍රණ කරති. ක්‍රි.ව. 26–30.
1 තවද දැන් එය මෙසේ සිදු විය, එනම් විසි හයවන වසරෙහි නීෆායිවරුන්ගේ ජනතාව, සෑම මනුෂ්‍යයෙකුම, ඔහුගේ පවුල ද, ඔහුගේ සතුන් රංචු සහ රැළවල් ද, ඔහුගේ අශ්වයන් සහ ගවයන් ද, තවද ඔවුන් හට අයිති වූ සියළු දේ කුමක් වුවද ඒ සමඟ සියළුදෙනාම තම තමන්ගේ දේශයන් කරා නැවත පැමිණියෝය.
2 තවද එය මෙසේ සිදු විය, එනම් ඔවුන් ඔවුන්ගේ සැපයුම් සියල්ලම අනුභව නොකළෝය, එසේහෙයින් එනම් ඔවුන් අනුභව නොකළ සියළු දේ ද ඔවුන් සමඟ රැගෙන ගියෝය, සියළු ආකාරයේ ඔවුන්ගේ සියළු ධාන්‍ය ද, තවද ඔවුන්ගේ රත්‍රන් ද, තවද ඔවුන්ගේ රිදී ද, තවද ඔවුන්ගේ අගනා දේ ද රැගෙන, උතුර සහ දකුණ යන දෙකෙහිම ද, දේශයේ උතුරු දෙසින් ද දේශයේ දකුණු දෙසින් ද, තවද ඔවුන් ඔවුන්ගේ දේශයන් සහ ඔවුන්ගේ හිමිකම් වෙත නැවත පැමිණියෝය.
3 තවද ලේමන්වරුන් වශයෙන් සිටීමට ආශා කළ, ඔවුන්ගේ සමූහයන්වලට අනුව, එනම් ඔවුන් ලබන්නට හැකි වන පිණිස, දේශයන්, ඔවුන්ගේ ශ්‍රමයෙන්, ඒ සමඟම ඒ මත යැපීමට, දේශයේ සාමය රැකගැනීම සඳහා ගිවිසුමකට ඇතුළත් වූ එම සොරුන් හට ඔවුන් ප්‍රදානය කළෝය; තවද එසේ ඔවුන් දේශය මුළුල්ලෙහිම සාමය පිහිටුවෝය.
4 තවද ඔවුන් සමෘද්ධිමත් වී තවද මහත් සේ වැඩි විය; තවද විසි හය සහ සත්වන වසර පසු විය, තවද දේශයේ මහත් අනුක්‍රමයක් විය; තවද සාධාරණත්වය සහ යුක්තිය අනුව ඔවුන් ඔවුන්ගේ නීතීන් සකස් කර තිබුණි.
5 තවද දැන් ඔවුන් පාපය තුළට වැටීම මිස, ජනතාව නිරතුරුවම සමෘද්ධිමත් වීම බාධා කිරීමට කිසිඳු දෙයක් නොතිබුණි.
6 තවද දැන් එය ගිඩ්ගිඩොනි, තවද ලැකොනියස් යන, විනිශ්චයකරු ද, සහ නායකන් වශයෙන් පත් කරනු ලැබූ, දේශයේ මහත් සාමය පිහිටවූ ඔවුන් විය.
7 තවද එය මෙසේ සිදු විය, එනම් අභිනවයෙන් ඉදි කළාවූ නගර බොහෝමයක් විය, තවද ප්‍රකෘතිමත් වූ පැරණි නගර ද තිබුනේය.
8 තවද නගරයෙන් නගරයට මඟ පෙන්වන ලද, තවද දේශයෙන් දේශයට ද, ස්ථානයෙන් ස්ථානයට ද, මහාමාර්ග බොහෝමයක් ද ඉදි වූ අතර, පාරවල් ද, සාදන ලද්දේය.
9 තවද එසේ විසි අටවන වසර ගෙවී ගියේය, තවද ජනතාවට නිරතුරු සාමය ඇති වුනේය.
10 එහෙත් එය මෙසේ සිදු විය, විසි නවවන වසරෙහි ජනතාව අතර වාද විවාද ඇති වෙන්නට පටන් ගත්තේය; තවද ඔවුන්ගේ අතිශයින් වූ මහත් ධනයන් නිසාවෙන් ඉන් ඇතම් පිරිසක් මානය ද ආත්මවර්ණනාව වෙත ද ඔසවනු ලැබීය, එසේය, මහත් පීඩා කිරීම් තෙක් පවා ද විය;
11 මක්නිසාද දේශයේ වෙළෙන්ඳන් බොහෝමයක් ද, නීතිඥවරුන් බොහෝමයක් ද, නිලධාරීන් බොහෝමයක් ද සිටියෝය.
12 තවද ජනතාව ඔවුන්ගේ ධනයන් සහ ඔවුන්ගේ අධ්‍යයනයට ඇති අවස්ථාවලට අනුව, තරාතිරම්වලින් සළකුණු ලැබීමට පටන් ගත්තෝය; එසේය, ඉන් ඇතම් පිරිසක් ඔවුන්ගේ දරිද්‍රතාවය හේතුවෙන් අනුවණ විය, තවද අනෙක් පිරිස ඔවුන්ගේ ධනයන් නිසාවෙන් මහත් අධ්‍යයනය ලැබුවෝය.
13 ඇතැම් පිරිසක් මානයෙහි ඔසවනු ලැබූ අතර, අනෙක් අය අතිශයින්ම නිහතමානී වූවෝය; ඇතම් අය වේදියෙන් වේදිය නැවතත් ලබා දුන් අතර, අන් අය වේදිය සහ පීඩා කිරීම් සහ සියලු ආකාරයේ පීඩාවන් ලබාගත් අතර, තවද නැවත හැරී අපහාස නොකර, එහෙත් දෙවියන්වහන්සේ ඉදිරියෙහි නිහතමානීව පසුතැවිලි විය.
14 තවද එසේ එනම් සභාව බිඳීමට පටන් ගැනීමට පමණින්ම, දේශය මුළුල්ලෙහිම මහත් අසමානාත්මතාවයක් හට ගත්තේය; එසේය, එපමණින් සත්‍ය ඇදහිල්ල වෙත හැරුනු ලේමන්වරුන්ගෙන් කිහිපදෙනෙකු මිස තිස්වන වසරෙහි දේශය මුළුල්ලෙහිම සභාව බිඳුනේය; තවද ඔවුන් එයින් නික්ම නොයන්නෝය, මක්නිසාද ඔවුන් තැන්පත්ව, තවද ස්ථිරව, තවද නිශ්චල සේ, ස්වාමීන්වහන්සේගේ අණපනත් රැකීමට සියළු උද්‍යෝගයෙන් සිය කැමැත්තෙන් සිටියෝය.
15 දැන් මෙම ජනතාවගේ අයුතුකම මෙය විය – තවද ඔවුන්ව මානයෙන් පිම්බීමට ද, බලය ද, අධිකාරී බලය ද සෙවීමට ඔවුන්ව පරික්ෂා කර, තවද ධනයන්, සහ ලෝකයේ ඇති අහංකාර දේ ද, ජනතාව පොළඹවා සියලු ආකාරයේ අයුතුකම් කිරීම වෙත, සාතන්ට මහත් බලයක් තිබුනේය.
16 තවද එසේ සියලු ආකාරයේ අයුතුකම් කිරීමට සාතන් ජනතාවගේ හදවත් නොමඟ යැවුවේය; එසේහෙයින් ඔවුන් සාමය ප්‍රීතියෙන් භුක්ති විඳි නමුත් එය වසර කිහිපයක් පමණක් වුණි.
17 තවද එසේ, තිස්වන වසර පටන්ගත් විට – බොහෝ කාල පරාසයක් පුරාවටම ගලවනු ලද ජනතාව යක්ෂයාගේ පරික්ෂාවන්වලින් රැගෙන යාමට ඔවුන්ව රැගෙන යාමට ඔහු ආශා කළ කොතැනනමුත්, තවද ඔහු ආශා කළ කුමනනමුත් අයුතුකම් කිරීමට ද – තවද එසේ මෙහි පටන්ගැන්මේ, එනම් තිස්වන වසරෙහි, ඔවුන් භයානක දුෂ්ට තත්වයක සිටියෝය.
18 දැන් ඔවුන් අනුවණ සේ පාප කළේ නැත, මක්නිසාද ඔවුන් පිළිබඳව දෙවියන්වහන්සේගේ කැමත්ත ඔවුන් දැන සිටි බැවිනි. මක්නිසාද ඔවුන් දෙවියන්වහන්සේට එරෙහිව සිතාමතාම කැරලි ගැසුවෝය.
19 තවද දැන් මෙය වූයේ ලැකොනියස්ගේ පුත් වූ, ලැකොනියස්ගේ දවස්වල ය, මක්නිසාද එම වසරෙහි ලැකොනියස් ඔහුගේ පියාගේ ආසනය සම්පූර්ණ කර තවද ජනතාව නියාමනය කළේය.
20 තවද ස්වර්ගයෙන් පොළඹවන ලද තවද ඉදිරියට ගෙන ආ මනුෂ්‍යයින් සිටීමට පටන් ගත්තේය, ජනතාවගේ පාපයන් සහ අයුතුකම් පිළිබඳව එඩිතරව දේශනා කර සාක්ෂි ද, තවද ස්වාමීන්වහන්සේ උන්වහන්සේගේ ජනතාවට කරන ලද්දාවූ මිදීම පිළිබඳව ද සාක්ෂි ද, නැතහොත් වෙනත් වචන වලින් කිවහොත්, ක්‍රිස්තුස්වහන්සේගේ උත්ථානය පිළිබඳව ය; තවද උන්වහන්සේගේ මරණය සහ වේදනාවන් පිළිබඳව ද ඔවුන් එඩිතරව සාක්ෂි දැරුවෝය.
21 දැන් ඔවුන් මේ දේවල් සාක්ෂි දැරූ හෙයින් ජනතාවගෙන් අතිශයින් කෝප වූ බොහෝදෙනෙකු සිටියෝය; තවද මූලිකව කෝප වූවන් වූයේ ප්‍රධාන විනිශ්චයකරුවරුන්, සහ උත්තම පූජකවරුන් සහ නීතිඥවරුන් ව සිටි අය ද වූවේය; එසේය, මේ දේවල් සාක්ෂි දැරූ අය සමඟ නීතිඥවරුන් වූ සියළු දෙනා කෝප වූවෝය.
22 දැන් ඔවුන්ගේ හෙළා දැකීම දේශයේ ආණ්ඩුකාරයා විසින් අත්සන් කරනු ලද හැර කිසිවෙක් මරණයට හෙළා දැකීමට කිසිඳු නීතිඥවරයෙකුවත් විනිශ්චයකරුවෙකුවත් නොසිටියේය.
23 දැන් එඩිතරව සාක්ෂි දැරූ ක්‍රිස්තුස්වහන්සේට අදාළව දේවල් කෙරෙහි සාක්ෂි දැරූ බොහෝමයක් සිටියෝය, විනිශ්චයකරුවන් විසින් රැගෙන රහසිගතව මරණයට පත්කරන ලද වූවන්, එනම් ඔවුන්ගේ මරණය පසු වන තෙක් ඔවුන්ගේ මරණයේ දැනුවත්කම දේශයේ ආණ්ඩුකාරවරයා වෙත නොපැමිණෙන සේය.
24 දැන් බලව, මෙය දේශයේ නීතිවලට පටහැනි විය, එනම් දේශයේ ආණ්ඩුකාරවරයාගෙන් බලය ගෙන මිස කිසිඳු මනුෂ්‍යයෙකු මරණයට පත් නොකරනු පිණිසය –
25 එසේහෙයින් නීතියට විරුද්ධව වූ, ස්වාමීන්වහන්සේගේ දිවැසිවරුන් හෙළීමට ලක් කළාවූ මෙම විනිශ්චයකරුවන්ට එරෙහිව, දේශයේ ආණ්ඩුකාරවරයාට, සරහෙම්ලා දේශය වෙත පැමිණිල්ලක් ආවේය.
26 දැන් එය මෙසේ සිදු විය, ඔවුන් කළාවූ අපරාධය විනිශ්චය කිරීමට, ජනතාව විසින් දුන්නාවූ නීතියට අනුකූලව, එනම් ඔවුන්ව රැගෙන විනිශ්චයකරු ඉදිරියට ගෙන ආවෝය.
27 දැන් එය මෙසේ සිදු විය, එනම් ඒ විනිශ්චයකරුවන්ට යහළුවන් සහ ඥාතීන් බොහෝමයක් සිටියෝය; තවද ඉතිරිවූවන්, එසේය, සියළු නීතිඥවරුන් ද උත්තම පූජකවරුන් මුළුමනින් පාහේ පවා ද, ඔවුන්ව එක්රැස් කරගත් අතර, නීතීයට අනුව නඩු විභාගයට ලක් වූ එම විනිශ්චයකරුවන්ගේ ඥාතීන් සමඟ එක්සත් වූවෝය.
28 තවද එකිනෙකා සමඟ ඔවුන් ගිවිසුමකට ඇතුළත් වූවෝය, එසේය, සියළු ධර්මිෂ්ඨකමට එරෙහිව සංයෝග කිරීමට, යක්ෂයාගෙන් දෙන ලද්දාවූ සහ උපස්ථාන කළා වූ, පැරණි කාලයේ සිට ඔවුන් විසින් දෙන ලද්දාවූ එම ගිවිසුම තුළට ය.
29 එසේහෙයින් ඔවුන් ස්වාමීන්වහන්සේගේ ජනතාවට එරෙහිව සංයෝග කළ අතර, තවද නීතියට අනුකූලව උපස්ථාන කිරීමට නියමිතව තිබූ, යුක්තියෙහි ග්‍රහණයෙන් ඝාතනය කෙරෙහි වැරදිකාර වූවන් ගැලවීමට ද, ඔවුන්ව විනාශ කිරීමට ගිවිසුමකට ඇතුළත් වුණෝය.
30 තවද ඔවුන්ගේ රටෙහි නීතිය සහ අයිතීන් ඔවුන් බලවත් විරෝධයෙන් සැලකුවෝය; තවද ආණඩුකාරවරයා විනාශ කිරීමට ද, තවද දේශය කෙරෙහි රජෙකු පිහිටුවීමට ද, එනම් දේශය තවදුරටත් නිදහසේ නොතිබිය යුතු බැවින් එහෙත් රජුන් හට යටත් විය යුතු ලෙස ඔවුන් එකිනෙකා සමඟ ගිවිසුම් ඇති කරගත්තෝය.