සෙනිෆ්ගේ වාර්තාව – ඔහුගේ ජනතාවගේ විස්තරයකි, එනම් ඔවුන් සරහෙම්ලා දේශයෙන් පිටත් වූ කාලයේ සිට ලේමන්වරුන්ගේ අතින් ඔවුන්ව ගලවාගත් කාලය දක්වා ය.
9 සිට 22 වන පරිච්ඡේද දක්වා සමන්විත වේ.
9 වන පරිච්ඡේදය
සෙනිෆ් ලීහායි-නීෆායි දේශය අයත් කර ගැනීමට සරහෙම්ලා දේශයේ සිට කණ්ඩායමක් මෙහෙයවයි – ලේමන්වරුන්ගේ රජු ඔවුන්ට දේශය උරුම කරගැනීමට අවසර දෙයි – ලේමන්වරුන් හා සෙනිෆ්ගේ ජනතාව අතර යුද්ධයක් ඇතිවේ. ක්‍රි.පූ. 200–187 දී පමණ.
1 සෙනිෆ් වන, මම, නීෆායිවරුන්ගේ සියලුම භාෂාවන් උගන්වනු ලැබ, තවද නීෆායිගේ දේශය ගැන දැනුමක් ඇතිව, නැතහොත් අපේ පියවරුන්ගේ පළමු උරුමයේ දේශය, තවද ලේමන්වරුන් ගේ සේනාව ගැන ඔත්තු බැලීමට මා ඔත්තුකරුවෙකු ලෙස යවනු ලැබ, එනම් අපගේ හමුදාවන් ඔවුන් වෙතට පැමිණ ඔවුන්ව විනාශ කිරීම උදෙසාය – එහෙත් එවිට ඔවුන් අතර වූ යහපත දුටු විට ඔවුන් විනාශ නොවන ලෙසට මාගේ ආශාව වුණේය.
2 එසේහෙයින්, මම මාගේ සහෝදරයන් සමඟ වනාන්තරයේ සටන් කළෙමි, මක්නිසාද මට උවමනා වූයේ අපගේ නායකයාට ඔවුන් සමඟ ගිවිසුමක් ඇතිකරගැනීමට ය; නමුත් ඔහු කටුක හා ලේ පිපාසිත මනුෂ්‍යයෙකු වූ බැවින් මා මරා දමන ලෙසට අණ කළේය; එහෙත් බොහෝ ලේ වැගිරීමෙන් මා බේරාගනු ලැබීය; මක්නිසාද පියෙක් පියෙකුට විරුද්ධව සටන් කළේය, තවද සහෝදරයෙක් සහෝදරයෙකුට විරුද්ධව ද, එනම් අපගේ හමුදාවෙන් බොහෝ පිරිසක් වනාන්තරයේදී විනාශ වන තුරුම; එනම් සරහෙම්ලා දේශයට, ඔවුන්ගේ භාර්යාවන්ට සහ ඔවුන්ගේ දරුවන්ට එම කතාව පවසනු සඳහා, තවද මරණයට පත් නොවී ඉතිරි වූ අපි ආපසු පැමිණියෙමු.
3 තවද එහෙත්, මා අපගේ පියවරුන්ගේ දේශය උරුම කර ගැනීමට මම අතිශයින් උනන්දු වූ හෙයින්, එහි ගොස් දේශය අත්කරගැනීමට කැමති බොහෝ දෙනෙක් එකතු කර ගත්තෝය, තවද නැවත දේශය වෙතට යෑමට වනාන්තරය තුළට යන අපගේ ගමන ආරම්භ කළෙමු; නමුත් අපි සාගතයෙන් සහ දරුණු පීඩාවලින් පහර ලද්දෙමු; මක්නිසාද අපි අපගේ දෙවි වූ ස්වාමීන්වහන්සේව සිහි කිරීමට ප්‍රමාද වූ නිසාය.
4 එසේනමුත්, වනාන්තරයේ බොහෝ දවස් සැරිසරමින් පසුව, අපගේ පියවරුන්ගේ දේශයට අසල වූ, අපගේ සහෝදරයන් මරා දැමූ ස්ථානයෙහි අප අපගේ කූඩාරම් ගැසුවෙමු.
5 තවද එය මෙසේ සිදු විය, එනම් මම නැවතත් මාගේ මනුෂ්‍යයන් සතර දෙනෙකු සමඟ නගරය තුළට ගොස්, රජු වෙතට ගියෙමි, එනම් මම රජුගේ සිතේ පවත්නා හැඟීම තේරුම් ගැනීමටය, තවද එනම් මම මගේ සෙනඟ සමඟ එහි ගොස් සාමයෙන් දේශය අයත් කරගැනීමට හැකිදැයි දැනගැනීමය.
6 තවද මම රජු වෙතට ගියෙමි, තවද මට ලීහායි-නීෆායි දේශයත්, තවද ශිලොම් දේශයත් අයිති කරගන්නා පිණිස ඔහු මා සමඟ ගිවිස ගත්තේය.
7 තවද එසේම ඔහුගේ ජනතාව දේශයෙන් පිටතට ඉවත්ව යන ලෙස ඔහු අණ කළේය, තවද මමත් මගේ ජනතාවත් අප හට එය අයත් කර ගන්නා පිණිස දේශය තුළට ගියෙමු.
8 තවද අප ගොඩනැගිලි ගොඩනැගීමට ආරම්භ කළෙමු, එසේය, තවද නගරයේ පවුරුද, එනම් ලීහායි-නීෆායි නගරයේ, සහ ශිලොම් නගරයේ පවුරු පවා පිළිසකර කළෙමු.
9 තවද එසේය, සියළු ආකාරයේ බීජ වලින් පවා, එනම් ඉරිඟු බීජ ද, තවද තිරිඟු ද, තවද බාර්ලි ද, තවද නීස් වලින් ද, තවද ශියම් වලින් ද, තවද සියළු ආකාරයේ පලතුරු වල බීජ වලින් ද, අප භූමිය වගා කිරීමට ආරම්භ කළෙමු; තවද අප පිරිසෙන් විශාල වී දේශයේ සමෘද්ධිමත් වීමට පටන් ගත්තෙමු.
10 දැන් මෙය ලේමන් රජුගේ මායම හා කපටිකම යි, එනම් මාගේ ජනතාව වහල්භාවයට ගෙන ඒම සඳහා ය, ඔහු අපට අයිති කර ගත හැකි ලෙස දේශය පවරා දෙන ලද්දේ ය.
11 එසේහෙයින් එය මෙසේ සිදු විය, දොළොස් වසරක කාල පරාසයක් පුරාවට අපි දේශයේ වාසය කළ පසුව ලේමන් රජු නොසන්සුන්කමින් වැඩිවන්නට පටන්ගත්තේය, මක්නිසාද මාගේ ජනතාව කෙසේ හෝ දේශයේ ශක්තිමත් වී, තවද ඔවුන්ව පරාජය කර වහල්භාවයට ගැනීමට ඔවුන්ට නොහැකි වනු ඇතැයි හේතුකොටගෙනය.
12 දැන් ඔවුන් අලස සහ රූප වන්දනා කරන ජනතාවක් වූහ; එසේහෙයින් ඔවුන් අපව වහල්භාවයට ගෙන ඒමට ආශා වූහ, එනම් අපගේ දෑත්වල වෙහෙසවීමේ ඵලය ඔවුන් භුක්ති විඳීම සඳහාය; එසේය, ඔවුන් අපගේ කෙත්වල රැළවලින් ඔවුන්ව පිනවීම පිණිසය.
13 එසේහෙයින් එය මෙසේ සිදු විය, එනම් ලේමන් රජු ඔහුගේ ජනතාව මාගේ ජනතාව සමඟ සටන් කරවීමට කළඹවන්නට පටන් ගත්තේය; එසේහෙයින් දේශයේ යුද්ධයන් සහ මතභේද ඇති වන්නට ආරම්භ විය.
14 මක්නිසාද, නීෆායිගේ දේශයේ මාගේ රාජ්‍ය කාලයේ දහතුන් වන වසරේ දී, ශිලොම් දේශයට දකුණින් වූ ප්‍රදේශයේ, මාගේ ජනතාව ජලය දමමින් ද තම රැළවල් ද පෝෂණය කරමින් සිටිය දී ද, තවද භුමිය වගාකරමින් සිටියදී ද, ලේමන්වරුන් සමූහයක් ඔවුන් වෙතට පැමිණ ඔවුන්ව මරා දැමීමට පටන් ගත්තෝය, තවද ඔවුන්ගේ සතුන්ද, කෙත් වල ඔවුන්ගේ බඩ ඉරිඟු ද සොරා ගැනීමට පටන් ගත්තෝය.
15 එසේය, තවද එය මෙසේ සිදු විය, එනම් ඔවුන් පලා ගියෝය, එනම් අල්ලා නොගත් සියල්ලන්ම, නීෆායිගේ නගරයට ද පවා, තවද ඔවුන් ආරක්ෂාව පතා මට කතා කළෝය.
16 තවද එය මෙසේ සිදු විය, එනම් මා ඔවුන් ව දුනු වලින් ද, තවද ඊතල වලින් ද, තවද කඩු වලින් ද, තවද කිණිසි වලින් ද, තවද මුගුරු වලින් ද, ගල් පටි වලින් ද, තවද අපට නිපදවිය හැකි සියලු ආකාරයේ ආයුධවලින් ද මම ඔවුන්ව සන්නද්ධ කළෙමි, තවද ලේමන්වරුන්ට විරුද්ධව සටන් කිරීමට මමත් මාගේ ජනතාවත් ඉදිරියට ගියෙමු.
17 එසේය, ස්වාමීන්වහන්සේගේ ශක්තියෙන් අපි ලේමන්වරුන්ට විරුද්ධව සටන් කිරීමට ඉදිරියට ගියෙමු; මක්නිසාද අපගේ සතුරන්ගේ අත්වලින් අපව ගලවා ගන්නා ලෙසට මමත් මාගේ ජනතාවත් ස්වාමීන්වහන්සේට බලවත් ලෙස මොරගැසුවෙමු, මක්නිසාද අපගේ පියවරුන්ගේ මිදීම සිහිපත් වන ලෙසට අපි අවදි වුණෙමු.
18 තවද දෙවියන්වහන්සේ අපගේ මොරගැසීම් වලට සවන් දී අපගේ යාච්ඤාවලට පිළිතුරු දුන් සේක; එසේය අපි උන්වහන්සේගේ බලයෙන් ඉදිරියට ගියෙමු; එසේය, අපි ලේමන්වරුන්ට විරුද්ධ ව ඉදිරියට ගියෙමු, තවද එක දහවලකින් හා රාත්‍රියකින් තුන්දහස් හතළිස්තුන් දෙනෙකු අපි මරණයට පත් කළෙමු; ඔවුන්ව අපගේ දේශයෙන් පලවා දමන තුරු පවා අපි ඔවුන්ව මරණයට පත් කළෙමු.
19 තවද මම, මගේම දෑතින් ම, ඔවුන්ගේ මළවුන් භූමදාන කිරීමට උපකාර කළෙමි. තවද බලව, අපගේ බලවත් ශෝකය සහ විලාපයට, අපගේ සහෝදරයන් දෙසිය හැත්තෑ නවයක පිරිසක් මරා දමන ලද්දේය.