ශුද්ධලියවිලි
මොසායා 29


29 වන පරිච්ඡේදය

රජවරුන් වෙනුවට විනිශ්චයකාරවරුන් තෝරා ගත යුතු බවට මොසායා යෝජනා කරයි – අධර්මිෂ්ඨ රජවරු ඔවුන්ගේ ජනතාව පාපයට යොමු කරති – ඇල්මා කනිෂ්ඨ ප්‍රධාන විනිශ්චයකරුවා ලෙස ජනතාවගේ හඬින් තෝරාගනු ලබයි – ඔහු එසේම සභාවේ උත්තම පූජකයා ද විය – වැඩිහිටි ඇල්මා සහ මොසායා මරණයට පත් වෙති. ක්‍රි.පූ. 92–91 පමණ.

1 දැන් එවිට මොසායා මෙය කළ පසු කවරෙකු රජ විය යුතු දැයි ඔවුන්ගේ කැමැත්ත දැනගැනීමට, ආශාවෙන් සියලු දේශය මුළුල්ලේ සියලු ජනතාව අතරට ප්‍රකාශනයක් යවනු ලැබුවේය.

2 තවද එය මෙසේ සිදු විය, එනම් ජනතාවගේ හඬ මෙසේ පවසමින් පැමිණියේය: එනම් නුඹගේ පුත්‍රයා වූ ආරොන් අපගේ රජු සහ අපගේ පාලකයා විය යුතුයි අපි අශා වන්නෙමු.

3 දැන් ආරොන් නීෆායි දේශය වෙත ගොස් සිටියේය, එසේහෙයින් රජුට රාජධානිය ඔහු මත පිරිනැමීමට නොහැකි විය; නැතහොත් ආරොන් ඔහු මත රාජධානිය පවරා නොගත්තේය; නැතහොත් මොසායාගේ පුත්‍රයන්ගෙන් කිසිවෙකුද රාජධානිය ඔවුන් මත ලබා ගැනීමට කැමති නොවුනේය.

4 එසේහෙයින් මොසායා රජු නැවතත් ජනතාව අතරට යැවීය; එසේය, ඔහු ලිඛිත වචනය පවා ජනතාව අතරට යැවීය. තවද මෙසේ කියමින්, ලියන ලද වචන මේවා විය:

5 බලව, අහෝ මාගේ ජනතාවෙනි, නැතහොත් මාගේ සහෝදරයෙනි, මක්නිසාද මම නුඹලාට ගරුසරු කරන බැවින්, මක්නිසාද නුඹලා රජ කෙනෙකු ලැබීමට ආශා කරන්නාවූ බැවින් – එනම් නුඹලා කැඳවනු ලැබූ කාරණය සලකා බලනවාට මම කැමැත්තෙමි.

6 දැන් මම නුඹලාට ප්‍රකාශ කරන්නේ එනම් රාජධානිය නිසි ලෙස අයිති තැනැත්තා එය ප්‍රතික්ෂේප කොට ඇති බවත්, තවද ඔහු මත රාජධානිය නොගන්නේය.

7 තවද දැන් ඔහු වෙනුවට වෙනත් අයෙකු පත් කරන්නේ නම්, බලන්න නුඹලා අතර එහි මතභේද ඇතිවන්නේ යැයි මම බිය වන්නෙමි. තවද කවරෙකු දන්නේද රාජ්‍යය අයිති මාගේ පුත්‍රයා, කෝප වී මේ ජනතාවගෙන් කොටසක් ඔහු පසුපස ඇදගනිමින්, නුඹලා අතර යුද්ධ සහ මතභේද ඇති කරමින්, එය බොහෝ ලේ වැගිරවීමටත්, තවද ස්වාමීන්වහන්සේගේ මාර්ගයන් මුළා කිරීමටත් සලසන්නේය, එසේය, තවද බොහෝ ජනතාවගේ ප්‍රාණයන් විනාශ වන්නේය.

8 දැන් මම නුඹලාට කියන්නෙමි අප ප්‍රඥාවන්තව තවද මේ දේවල් සලකා බලන්නෙමු, මක්නිසාද මාගේ පුත්‍රයාව විනාශ කිරීමට අපට අයිතියක් නොමැත, නැතහොත් ඔහු වෙනුවට වෙනත් කෙනෙකු පත් කළහොත් ඔහුව විනාශ කිරීමටද අපට අයිතියක් නැත්තේය.

9 තවද මාගේ පුත්‍රයා නැවතත් ඔහුගේ උඩඟුකමට හා නිෂ්ඵල දේවලට හැරෙන්නෙහු නම්, ඔහු පැවසූ දේවල් ඔහු සිහිපත් කර, තවද රාජධානියේ ඔහුගේ අයිතිය ඉල්ලා සිටින්නේනම්, ඔහුට සහ එසේම මෙම ජනතාවට බොහෝ පාපයන් කිරීමට සලස්වන්නේය.

10 තවද දැන් අප ප්‍රඥාවන්තව තවද මෙම දේවල්වල ඉදිරිය බලා සිටින්නෙමු, තවද එනම් මෙම ජනතාවගේ සමාදානය උදෙසා හේතු තිබෙන්නාවූ දේ කරන්නෙමු.

11 එසේහෙයින් මාගේ ඉතිරිව ඇත්තාවූ දවස්වලදී මම නුඹලාගේ රජු වන්නෙමි; එසේවූවත්, අපගේ නීතියට අනුව මෙම ජනතාව විනිශ්චය කිරීම සඳහා අප විනිශ්චයකරුවන් පත් කරමු; තවද අප මෙම ජනතාවගේ කටයුතු අලුතින් සකසන්නෙමු, එනම් දෙවියන්වහන්සේගේ අණපනත් වලට අනුකුලව මෙම ජනතාව විනිශ්චය කරනු පිණිස, අප විනිශ්චයකරුවන් ලෙස ප්‍රඥාවන්ත මනුෂ්‍යයන් පත් කරන්නෙමු.

12 දැන් එනම් මනුෂ්‍යයෙකුව දෙවියන්වහන්සේ විසින් විනිශ්චය කරනු ලැබීම මනුෂ්‍යයෙකු විසින් කිරීමට වඩා යහපත් වන්නේය, මක්නිසාද දෙවියන්වහන්සේගේ විනිශ්චයන් සැමවිටම සාධාරණ වන්නේය, එහෙත් මනුෂ්‍යයාගේ විනිශ්චයන් සැමවිටම සාධාරණ නොවන්නේය.

13 එසේහෙයින්, නුඹලාගේ රජවරුන් වීමට සාධාරණ මිනිසුන් සිටිය හැකි නම්, ඔවුන් දෙවියන්වහන්සේගේ නීති පිහිටුවමින්, උන්වහන්සේගේ අණපනත් වලට අනුව මෙම ජනතාව විනිශ්චය කරන්නේ නම්, එසේය, නුඹලාගේ රජවීමට නුඹලාට මනුෂ්‍යයන් සිටින්නේ නම්, මෙම ජනතාව සඳහා මාගේ පියා වූ බෙන්ජමින් කළාක් මෙන් වූවත් – මම නුඹලාට කියන්නෙමි, මෙය නිරතුරුවම මෙසේ විය හැකි නම්, නුඹලාව පාලනය කිරීමට සැමවිටම රජවරුන් සිටීම යෝග්‍ය වන්නේය.

14 තවද නුඹලාට දෙවියන්වහන්සේගේ අණපනත් ඉගැන්වීම පිණිස, මම මා සතු සියලුම බලය හා හැකිවන, තවද දේශය මුළුල්ලේහිම සමාදානය පිහිටුවාලීම පිණිස, එනම් එහි යුද්ධ හෝ මතභේද නොමැතිව, සොරකම් කිරීම් නොමැතිව, කොල්ලකෑම් නොමැතිව, මිනීමැරුම් නොමැතිව, හෝ කිසිම ආකාරයක අයුතුකම් නොමැතිවීම උදෙසාය.

15 තවද කවරෙකු වුවද අයුතුකම් කළේ නම්, අපගේ පියවරුන් විසින් අපට ලබා දුන් නීතියට අනුව, ඔහු විසින් කළාවු අපරාධයට අනුව මම ඔහුට දඬුවම් කර ඇත්තෙමි.

16 දැන් මම නුඹලාට කියන්නෙමි, එනම් මක්නිසාද සියලු මනුෂ්‍යයන් සාධාරණ නොවන්නාවු නිසා එනම් නුඹලාව පාලනය කිරීම සඳහා රජෙකු හෝ රජවරුන් සිටීම යෝග්‍ය නොවන්නේය.

17 මක්නිසාද බලව, එක් දුෂ්ඨ රජෙක් කොපමණ අයුතුකම් කිරීමට සැලැස්සුවේද, එසේය, තවද එය කෙතරම් බලවත් විනාශයක්ද!

18 එසේය, නෝවා රජු, ඔහුගේ දුෂ්ඨකම් සහ ඔහුගේ පිළිකුල්කම්ද, තවද එසේම ඔහුගේ ජනතාවගේ දුෂ්ඨකම් සහ පිළිකුල්කම් ද සිහිකරන්න. බලව කොපමණ බලවත් විනාශයක් ඔවුන් මත පැමිණියේද; තවද එසේම ඔවුන්ගේ අයුතුකම් නිසා ඔවුන්ව වහල්භාවයට ගෙන ආවෝය.

19 තවද එය ඔවුන්ගේ සර්ව – ප්‍රඥාවන්ත මැවුම්කරුවාණන්ගේ මැදිහත්වීම නොවන්නට, තවද මෙය ඔවුන්ගේ අවංක පසුතැවිල්ල නිසා නොවේ නම්, ඔවුන් මේ දක්වාම වහල්භාවයේ සිටීම වැළැක්විය නොහැකි වන්නෝය.

20 එහෙත් බලව, ඔවුන්ව උන්වහන්සේ ගළවා ගනු ලැබුවේ මක්නිසාද ඔවුන් උන්වහන්සේ අභිමුඛයෙහි යටහත් වූ නිසාවෙන්ය; තවද ඔවුන් උන්වහන්සේට බලවත් ලෙස මොරගැසූ නිසා උන්වහන්සේ ඔවුන්ව වහල්භාවයෙන් ගලවාගත් සේක; තවද මෙසේ ස්වාමීන්වහන්සේ උන්වහන්සේගේ බලය කරණකොටගෙන මනුෂ්‍ය දරුවන් අතරේ සෑම අවස්ථාවන්හිදී ක්‍රියා කරන්නාවූ අතර, එනම් උන්වහන්සේ කෙරෙහි විශ්වාසය තබන්නාවුන් වෙතට දයාවේ හස්තය දිගුකරන සේක.

21 තවද බලව, දැන් මම නුඹලාට කියන්නෙමි, බොහෝ මතභේද, සහ බොහෝ ලේ වැගිරීමකින් මිස, නුඹලාට දුෂ්ඨ රජෙකු සිංහාසනයෙන් පහ කළ නොහැකි වන්නේය.

22 මක්නිසාද බලව, ඔහුට අයුතුකමෙහි ඔහුගේ මිත්‍රයන් සිටින්නේය, තවද ඔහු අවට ඔහුගේ රැකවලුන් තබන්නේය; තවද ඔහු තමාට පෙර ධර්මිෂ්ඨකමින් රජකම් කළාවූ අයවලුන්ගේ නීති ඉරා දමන්නේය; තවද ඔහු දෙවියන්වහන්සේගේ අණපනත් ඔහුගේ පයට යටින් පාගා දමන්නේය;

23 තවද ඔහු නීතීන් පනවන්නේය, තවද ඒවා ඔහුගේ ජනතාව අතරට යවන්නේය, එසේය, ඔහුගේම දුෂ්ඨකමේ නීති අනුව; කවරෙකු වුවද ඔහුගේ නීතිවලට කීකරු නොවන්නේ නම් ඔහුව විනාශ කර දමන්නේය; තවද කවරෙකු වුවද ඔහුට විරුද්ධව කැරලිගසන්නේ නම් ඔහුගේ සේනාව ඔවුන්ට විරුද්ධව සටනට යවනු ලබන්නෝය; තවද ඔහුට හැකි නම් ඔහු ඔවුන්ව විනාශ කරන්නේය, තවද මෙසේ අධර්මිෂ්ඨ රජෙකු සියලු ධර්මිෂ්ඨකමේ මාර්ග මුළා කරන්නේය.

24 තවද දැන් බලව මම නුඹලාට කියන්නෙමි, එනම් එවැනි පිළිකුල් සහගත දේවල් නුඹලා මත පැමිණීම යෝග්‍ය නොවන්නේය.

25 එසේහෙයින්, මෙම ජනතාවගේ හඬින් නුඹලාව තෝරා ගනු ලැබුවාවූ, විනිශ්චයකරුවන්, අපගේ පියවරුන් විසින් නුඹලා හට දී ඇති, තවද ස්වාමීන්වහන්සේගේ හස්තයෙන් ඔවුන්ට දෙන ලද, එම නිවැරදි වූ, නීතිවලට අනුව නුඹලාව විනිශ්චය කරනු ලබන්නෝය.

26 දැන් එනම් එය ජනතාවගේ හඬ නිවැරදි දේට පටහැනි කිසිම දෙයකට ආශා කිරීම සාමාන්‍ය දෙයක් නොවන්නේය; එහෙත් එනම් ජනතාවගෙන් සුළු කොටසක් නිවැරදි නොවූ දේට ආශා කිරීම සාමාන්‍ය දෙයකි; එසේහෙයින් මෙය නුඹලා පිළිපැද සහ එය නුඹලාගේ නීතිය බවට පත් කර – නුඹලාගේ කටයුතු ජනතාවගේ හඬින් කරගැනීමටය.

27 තවද ජනතාවගේ හඬින් අයුතුකම තෝරා ගන්නාවු කාලය පැමිණෙන්නේ නම්, එවිට එය දෙවියන්වහන්සේගේ විනිශ්චයන් නුඹලා මත පැමිණෙන්නාවූ කාලය වන්නේය; එසේය, එවිට එය, උන්වහන්සේ මෙතෙක් බැහැදැක්කා මෙන් බලවත් වූ විනාශයකින් නුඹලාව මෙම දේශයේ බැහැදකින කාලයක් වන්නේය.

28 තවද දැන් නුඹලාට විනිශ්චයකරුවන් සිටින්නේ නම්, තවද ඔවුන් දෙනු ලැබුවාවූ නීතියට අනුව නුඹලාව විනිශ්චය නොකරන්නේ නම්, ඔවුන්ව නුඹලාට උසස් විනිශ්චයකරුවෙකු විසින් විනිශ්චය කරනු ලැබීමට සැලැස්විය හැක.

29 නුඹලාගේ උසස් විනිශ්චයකරුවන් ධර්මිෂ්ඨ විනිශ්චයකින් විනිශ්චය නොකරන්නේ නම්, නුඹලාගේ පහළ විනිශ්චයකරුවන්ගෙන් ස්වල්ප පිරිසක් එක්රැස් කිරීමට නුඹලා සලස්වන්න, තවද එවිට ඔවුන් නුඹලාගේ උසස් විනිශ්චයකරුවන් ජනතාවගේ හඬට අනුව විනිශ්චය කරනු ඇත්තේය.

30 තවද මම නුඹලාට ස්වාමීන්වහන්සේ කෙරෙහි භය ඇතුව මෙම දේවල් කරන ලෙසට අණ කරන්නෙමි; තවද මේ දේවල් කරන ලෙසත් මම නුඹලාට ආඥා කරන්නෙමි, තවද නුඹලාට රජෙක් නොමැත්තේය; එනම් මෙම ජනතාව පාපයන් සහ අයුතුකම් සිදුකරන්නේ නම් ඔවුන් ඔවුන්ගේම හිස මත පිළිතුරු ලබාගන්නේය.

31 මක්නිසාද බලව, මම නුඹලාට කියන්නෙමි, බොහෝ ජනතාවගේ පාපයන්ට හේතු වූයේ ඔවුන්ගේ රජවරුන්ගේ අයුතුකම් නිසාය; එසේහෙයින් ඔවුන්ගේ අයුතුකම් ඔවුන්ගේ රජවරුන්ගේ හිස් මත පිළිතුරු ලබාගන්නේය.

32 තවද දැන් එනම් මම මෙම අසමානතාවය තවදුරටත් මෙම දේශයෙහි නොවිය යුතු වීමට ආශා වන්නෙමි, විශේෂයෙන්ම මාගේ මෙම ජනතාව අතර; එහෙත් එනම් මෙම දේශය නිදහසේ දේශයක් වීමට මම කැමැත්තෙමි, තවද සෑම මනුෂ්‍යයෙකුම ඔහුගේ අයිතීන් සහ වරප්‍රසාද එක සමානව භුක්ති විඳීමින්, එනම් ස්වාමීන්වහන්සේට සුදුසු යැයි පෙනන තාක් කල් අපට ජීවත් වීමටත් දේශය උරුම කර ගැනීම පිණිස, එසේය, පොළෝ තලය මත අපගේ මතු යම් පරම්පරාවක් දේශයේ ජීවත් වනතාක්ය.

33 තවද මොසායා රජු ඔවුන්ට තවත් බොහෝ දේවල් ලිවීය, ධර්මිෂ්ඨ රජෙකුගේ සියලු පරීක්ෂාවන් සහ කරදර, එසේය, ඔවුන්ගේ ජනතාවගේ ප්‍රාණයේ සියලු වේදනාවන්, තවද එසේම ඔවුන්ගේ රජුට ජනතාවගේ සියලු මැසිවිලි නැඟීම් ද විස්තර කළේය; තවද ඔහු ඒ සියල්ල ඔවුන් හට පැහැදිලි කර දුන්නේය.

34 තවද එනම් ඔහු මෙම දේවල් සිදු නොවිය යුතු බව ඔවුන්ට කීවේය; නමුත් එනම් ඒ බර සියලු ජනතාව මත පැමිනෙන පිණිසත්, එනම් සෑම මනුෂ්‍යයෙක්ම ඔහුගේ කොටස ඉසිලිය යුතු බවත් ය.

35 තවද ඔවුන් පාලනය කිරීමට අධර්මිෂ්ඨ රජෙකු සිටීමෙන්, ඔවුන්ට විඳින්නට වන්නාවු සියලු අවාසීන් ඔහු ඔවුන් හට එසේම විස්තර කළේය.

36 එසේය, ඔහුගේ සියලු අයුතුකම් සහ පිළිකුල්කම්ද, තවද සියලු යුද්ධයන්ද, තවද මතභේදයන්ද, තවද ලේ වැගිරීම්ද, තවද සොරකම් කිරීමද, තවද කොල්ලකෑමද, තවද වේශ්‍යාකම් කිරීමද, තවද ගණන් කළ නොහැකි සියලු ආකාරයේ අයුතුකම්ද – එනම් මෙම දේවල් මෙසේ නොවිය යුතු බව ඔවුන්ට පවසමින්, එනම් ඒවා දෙවියන්වහන්සේගේ අණපනත් වලට පැහැදිලිවම විරුද්ධ බව ඔහු ඔවුන් හට කීවෝය.

37 තවද දැන් එය මෙසේ සිදු විය, මොසායා රජු මෙම දේවල් ජනතාව අතරට යැවිමෙන් පසු ඔහුගේ වචනවල සත්‍යතාවය ඔවුන්ට ඒත්තු ගියෝය.

38 එසේහෙයින් ජනතාව රජ කෙනෙකු සඳහා වූ ඔවුන්ගේ ආශාවන් අත්හැරියෝය, තවද මුළු දේශය මුලුල්ලේම සෑම මනුෂ්‍යයෙකුටම සමාන අවස්ථාවන් තිබිය යුතු බවට අතිශයින් උත්සුක විය; එසේය, තවද සෑම මනුෂ්‍යයෙක්ම ඔහුගේ ස්වකීය පාපයන් සඳහා පිළිතුරු දීමට කැමැත්ත පළ කළේය.

39 එසේහෙයින්, එය මෙසේ සිදු විය, ඔවුන්ගේ විනිශ්චයකරුවන් කවුරුන්දැයි සම්බන්ධව ඔවුන්ගේ හඬ නඟන පිණිස, එනම් ඔවුන් දේශය මුලුල්ලේ සමූහයක්ව එක්රැස් වුයේ, ඔවුන්ට දී තිබුනාවූ එම නීතියට අනුව ඔවුන්ව විනිශ්චය කිරීම පිණිසය; තවද ඔවුහු බෙහෙවින් ප්‍රීතියට පත් වුයේ, මක්නිසාද ඔවුන්ට දී තිබුනාවූ නිදහස කරණකොටගෙනය.

40 තවද ඔවුන් මොසායා කෙරෙහි දැඩි ප්‍රේමයෙන් ශක්තිමත්ව වර්ධනය වූවෝය; එසේය, ඔවුන් අන් කවර මනුෂ්‍යයෙකුටත් වඩා ඔහුව උසස් කොට සැළකුවෝය; මක්නිසාද ඔවුන් ඔහු දෙස වාසිය සොයන කෘර පාලකයෙකු ලෙස බැලුවේ නැත, එසේය, එම ලාභය ප්‍රාණය දූෂිත කරන්නේය; මක්නිසාද ඔහු ඔවුන්ගෙන් ධනය බලෙන් ලබා නොගත්තේය, නැතහොත් ඔහු ලේ වැගිරීමෙහි ප්‍රීති නොවීය; එහෙත් ඔහු දේශයහි සමාදානය පිහිටුවිය, තවද ඔහු ඔහුගේ ජනතාව සියලු ආකාරයේ වහල්භාවයෙන් ඔවුන්ව මුදවා ගැනීමට අවසර දුන්නේය; එසේහෙයින් ඔවුන් මිනුමකින් තොරව, එසේය ඔහුව උසස් කොට සැළකුවෝය.

41 තවද එය මෙසේ සිදු විය, එනම් ඔවුන්ව පාලනය කිරීමට ඔවුන් විනිශ්චයකරුවන් පත් කළාවූ අතර, නැතහොත් නීතියට අනුව ඔවුන්ව විනිශ්චය කරනු පිණිස; තවද මෙය ඔවුන් දේශය මුළුල්ලෙහිම කළෝය.

42 තවද එය මෙසේ සිදු විය, එනම් ඇල්මා පළමු ප්‍රධාන විනිශ්චයකරුවා ලෙස පත් කළේය, ඔහු එසේම උත්තම පූජකයා වූ අතර, ඔහුගේ පියා ඔහු වෙත තනතුර ප්‍රදානය කළේය, තවද ඔහුට සභාවේ සියලු කටයුතුවල වගකීම භාර දුන්නේය.

43 තවද එය මෙසේ සිදු විය, එනම් ඇල්මා ස්වාමීන්වහන්සේගේ මාර්ගයන්හි ගමන් කළේය, තවද ඔහු උන්වහන්සේගේ අණපනත් පිළිපැද්දේය, තවද ඔහු ධර්මිෂ්ඨ විනිශ්චයෙන් විනිශ්චය කළේය; තවද එහි දේශය මුළුල්ලෙහිම නොකඩවා සාමය පැවතුණේය.

44 තවද මෙසේ සරහෙම්ලා දේශය මුළුල්ලෙහිම, නීෆායිවරුන් ලෙස හඳුන්වනු ලැබූ සියලු ජනයා අතරේ විනිශ්චයකාරයන්ගේ පාලනය ආරම්භ විය; තවද ඇල්මා පළමු සහ ප්‍රධාන විනිශ්චයකරුවා වූයේය.

45 තවද දැන් එය මෙසේ සිදු විය, එනම් ඔහුගේ පියා අවුරුදු අසූ දෙකක් වූ විට මරණයට පත්විය, තවද ඔහු දෙවියන්වහන්සේගේ අණපනත් සම්පූර්ණ කිරීමට ජීවත් වූයේය.

46 තවද එය මෙසේ සිදු විය. ලීහායි ජේරුසලමෙන් පිටව ගිය දා සිට මුළු වසර පන්සිය නවයක කාලයක සිට; එනම් ඔහුගේ රාජ්‍යය පාලනයේ තිස් තුන්වන අවුරුද්දේ, හැට තුන්වන වියේදි, එසේම මොසායා ද මරණයට පත්විය.

47 තවද මෙසේ නීෆායි ජනතාව රාජ්‍යය පාලනය අවසන් විය; තවද මෙසේ ඔවුන්ගේ සභාවේ ස්ථාපනකරු වූ ඇල්මාගේ, දවස්ද අවසන් විය.