ශුද්ධලියවිලි
මොසායා 8


8 වන පරිච්ඡේදය

ඇමන් ලිම්හායිහි ජනතාව හට උගන්වයි – ඔහු ජෙරඩයිට්වරුන්ගේ තහඩු විසි හතර පිළිබඳව ඉගෙන ගනී – දර්ශන දකින්නන් විසින් පුරාණ වර්තා පරිවර්තනය කළ හැකිය – කිසිදු ත්‍යාගයක් දර්ශන දැකීමට වඩා විශාල නොවේ. ක්‍රි.පූ. 121 දී පමණ.

1 තවද එය මෙසේ සිදු විය, එනම් ලිම්හායි රජු තම ජනතාවට කතා කර අවසන් වූ පසු, මක්නිසාද ඔහු බොහෝ දේ ඔවුන්ට කී අතර මා ඉන් කිහිපයක් පමණක් මෙම පොතේ ලියා ඇත, ඔහු තම ජනතාවට සරහෙම්ලා දේශයේ සිටින ඔවුන්ගේ සහෝදරයන්ට අදාළ සියලු දේවල් කීවේය.

2 තවද ඇමන් සමූහය ඉදිරියේ සිට ගැනීමට ඔහු සැලස්වූවේය, තවද සෙනිෆ් දේශයෙන් පිටතට ගිය කාලයේ පටන් ඔහු ද දේශයෙන් පිටතට එන තෙක් ඔවුන්ගේ සහෝදරයන්ට සිදු වූ සියල්ල ඔවුන්ට විස්තර කිිිරීමට සැලස්වූවේය.

3 තවද ඔහු බෙන්ජමින් රජු ඔවුන් හට ඉගැන්වූ අවසාන වචන ද ඔවුන්ට විස්තර කළේය, ඔහු කී සියලු වචන ඔවුන්ට වැටහෙන පිණිස, ලිම්හායි රජුගේ ජනතාවට ඒවා පැහැදිලි කළේය.

4 තවද එය මෙසේ සිදු විය, එනම් ඔහු මේ සියල්ල කළ පසු, ලිම්හායි රජු සමූහයා විසුරුවා හරින ලද අතර, ඔවුන් සෑම කෙනෙකුම තම තමන්ගේ නිවසට ආපසු යාමට සැලස්වූවේය.

5 තවද එය මෙසේ සිදු විය, එනම් ඔවුන් සරහෙම්ලාවෙන් පිටත් වූ කාලයේ සිට ඔහුගේ ජනතාව පිළිබඳ වාර්තාව ඇති තහඩු, එනම් ඔහු ඒවා කියවන පිණිස, ඇමන් ඉදිරියට ගෙන එන ලෙසට ඔහු සැලැස්වූවේය.

6 දැන්, ඇමන් වාර්තාව කියවූ විගස, ඔහුට භාෂා අර්ථකතනය කළ හැකි දැයි දැන ගැනීමට රජු ඔහුගෙන් විමසුවේය, තවද ඇමන් ඔහුට එය කළ නොහැකි බව කීවේය.

7 තවද රජු ඔහුට මෙසේ කීවේය: මාගේ ජනතාවගේ පීඩාවන් ගැන ශෝකයෙන් සිටීම නිසා, මාගේ ජනතාවගෙන් හතළිස් තුන් දෙනෙක් වනාන්තරය වෙත යාමට මම සැලැස්වූවෙමි, එනම් එමඟින් ඔවුන් සරහෙම්ලා දේශය සොයා ගන්නා පිණිස, එනම් වහල්භාවයෙන් අපව ගලවා ගන්නා ලෙස අප අපගේ සහෝදරයන් හට ආයාචනා කරන පිණිසය.

8 තවද ඔවුන් දින ගණනක කාල පරාසයක් පුරාවට වනාන්තරේ අතරමංව සිටියෝය, නමුත් ඔවුන් උද්‍යෝගිමත් විය, තවද ඔවුන් සරහෙම්ලා දේශය සොයාගනු නොලැබ එහෙත් මෙම දේශයට නැවත පැමිණියෝය, ජලයන් බොහෝමයක් ඇති භූමියක ගමන් කොට, මනුෂ්‍යයන්ගේ ද මෘගයන්ගේ ද ඇටකටුවලින් වැසී ගිය දේශයක් සොයාගනු ලැබීය, තවද එසේම සෑම ආකාරයකම ගොඩනැගිලිවල නටඹුන්වලින් වැසී ගිය, ඊශ්‍රායලයේ සමූහයා මෙන් බොහෝ ජනතාවක් විසුව ජනාවාස වූ දේශයක් සොයාගනු ලැබුවෝය.

9 තවද ඔවුන් කී දේ සත්‍ය බවට සාක්ෂියක් ලෙසට ඔවුන් කැටයම්වලින් පිරී ගිය තහඩු විසිහතරක් ගෙනාවෝය. ඒවා පිරිසිදු රන්වලින් යුක්ත විය.

10 තවද බලව, ඔවුන් ළයවැස්මයන් ද ගෙනාවෝය, ඒවා විශාලය, තවද ඒවා පිත්තලවලින් ද තඹවලින් ද සාදා ඇත, තවද ඒවා පරිපූර්ණ තත්වයෙන් තිබුණි.

11 තවද නැවතත්, ඔවුහු අසිපත් ගෙනාවෝය, එහි මිටවල් විනාශ වී තිබුණි, තවද ඒවායේ තලයන් මලකඩ හේතුවෙන් විනාශ වී තිබුණි; තවද තහඩුවල භාෂාව හෝ කැටයම් අර්ථකථනය කිරීමට හැකි කිසිවෙක් දේශයේ නොමැත. එබැවින් මම නුඹට කීවෙමි: නුඹට පරිවර්තනය කළ හැකි ද?

12 තවද මම නුඹට නැවතත් කියමි: පරිවර්තනය කළ හැකි කවුරුන් හෝ ගැන නුඹ දන්නේ ද? මක්නිසාද මෙම වාර්තා අපගේ භාෂාවට පරිවර්තනය කළ යුතු බවට මම කැමැත්තෙමි; මක්නිසාද, සමහර විට, මෙම වාර්තා පැමිණි, විනාශයට පත්වූ ජනතාවගේ ඉතිරි වූවන් ගැන දැනුමක් අපට ඒවා ලබා දෙනු ඇත; නැතහොත්, සමහර විට, විනාශයට පත්වූ මෙම ජනතාව ගැන දැනුමක් ඒවා අපට ලබා දෙනු ඇත; තවද ඔවුන්ගේ විනාශයට හේතුව දැන ගැනීමට මම කැමැත්තෙමි.

13 දැන් ඇමන් ඔහු හට කීවේය: මට නිසැකවම නුඹ හට කිව හැක, අහෝ රජතුමනි, වාර්තා පරිවර්තනය කළ හැකි මනුෂ්‍යයකු පිළිබඳව; මක්නිසාද ඔහුට බැලිය හැකි දෙයක් ඔහු සතුව ඇත, තවද පුරාණ කාලයේ සියලු වාර්තා පරිවර්තනය කළ හැකිය; තවද එය දෙවියන්වහන්සේගෙන් ලැබුණු ත්‍යාගයකි. තවද ඒවා අර්ථකතනයන් හඳුන්වනු ලැබේ, තවද ඔහුට ආඥා කරනු ලැබුණහොත් මිස අන් කිසිවෙකුට ඒවා දෙස බැලිය නොහැක, නැතිනම් ඔහු නොබැලිය යුතු දේ බලා විනාශ විය යුතුය. තවද ඒවා තුළින් බැලීමට අණ කරනු ලැබුවාවූ කවුරුන් ද, ඔහු දර්ශන දකින්නා යයි හඳුන්වනු ලැබේ.

14 තවද බලව, සරහෙම්ලා දේශයේ සිටින ජනතාවගේ රජු මේ දේවල් කිරීමට අණ කර ඇති මනුෂ්‍යයා වේ, දෙවියන්වහන්සේගෙන් මෙම උසස් ත්‍යාගය ලැබී ඇති තැනැත්තා වේ.

15 තවද රජු පැවසුවේ දර්ශන දකින්නා අනාගතවක්තෘවරයෙකුට වඩා ශ්‍රේෂ්ඨ බවයි.

16 තවද ඇමන් පැවසුවේ දර්ශන දකින්නා යනු එළිදරව් කරන්නෙකු ද අනාගතවක්නෘවරයෙකු ද වන බවයි; තවද මීට වඩා මහඟු ත්‍යාගයක් කිසිඳු මනුෂ්‍යයකුට තිබිය නොහැක, දෙවියන්වහන්සේගේ බලය ඔහු සතු වීම මිස, එය කිසිඳු මනුෂ්‍යයෙකුට කළ නොහැක; එහෙත් දෙවියන්වහන්සේ විසින් ඔහුට ලබාදුන් බලවත් බලයක් තිබිය හැකිය.

17 එහෙත් දර්ශන දකින්නෙකුට අතීතයේ සිදු වූ දේ ගැන ද, සිදුවන්නට ඇති දේවල් ද දැනගත හැකිය, තවද ඒවා මඟින් සියල්ල එළිදරව් වනු ඇත, නැතහොත්, ඒ වෙනුවට, රහසිගත දේ ප්‍රකාශිත කරනු ලබන්නේය, තවද සැඟවුණු දේ ආලෝකයට පැමිණෙන්නේය, තවද නොදැන සිටි දේ ඔවුන් තුළින් දන්වනු ඇත, තවද එසේම වෙනත් ආකාරයකින් දැනගත නොහැකි දේවල් ඔවුන් තුළින් දන්වනු ඇත.

18 මෙලෙස දෙවියන්වහන්සේ මාර්ගයක් සපයා ඇත එමඟින් මනුෂ්‍යයා, ඇදහිල්ල තුළින්, බලවත් හාස්කම් සිදු කරන ලෙසට; එබැවින් ඔහු ඔහුගේ සමාන ජීවයන් හට දැඩි ප්‍රතිලාභයක් බවට පත්වන්නේය.

19 තවද දැන්, ඇමන් මේ වචන කියා අවසන් වූ පසු රජු බොහෝ සෙයින් ප්‍රීතිමත් වූ අතර, දෙවියන්වහන්සේට ස්තූති කරමින් මෙසේ කීවේය: නිසැකවම මෙම තහඩු තුළ විශාල අභිරහසක් අඩංගු වන අතර, තවද මෙම අර්ථකතනයන් මනුෂ්‍ය දරුවන්ට එවැනි සියලු අභිරහස් එළිදරව් කිරීමේ අරමුණින් සූදානම් කර ඇත්තේය.

20 අහෝ ස්වාමීන්වහන්සේගේ කාර්යයන් කෙතරම් පුදුමාකාර ද, තවද උන්වහන්සේ කෙතරම් කල් උන්වහන්සේගේ ජනතාව සමඟ ඉවසන්නේ ද; එසේය, තවද මනුෂ්‍ය දරුවන්ගේ අවබෝධය කෙතරම් අන්ධ හා නොබිඳිය හැකිද; මක්නිසාද ඔවුන් ප්‍රඥාව සොයන්නේ නැත, ඇය ඔවුන් කෙරෙහි පාලනය කළ යුතු බවටත් ඔවුන් ආශා නොකරනු ඇත!

21 එසේය, ඔවුුුන් එඬේරාගෙන් පලා යන හීලෑ නොවූ රෑනක් සේ, තවද විසිර යන්නේය, තවද පසු පස හඹා එනු ඇත, තවද වනයේ මෘගයන් විසින් ගොදුරු කර කා දමනු ඇත.