ශුද්ධලියවිලි
මොසායා 6


6 වන පරිච්ඡේදය

බෙන්ජමින් රජු ජනතාවගේ නම් වාර්තා කර, ඔවුන්ට ඉගැන්වීමට පූජකවරුන් පත් කරයි – මොසායා ධර්මිෂ්ඨ රජෙකු මෙන් රාජ්‍ය පාලනය කරයි. ක්‍රි.පූ. 124–121 පමණ.

1 තවද දැන්, බෙන්ජමින් රජතුමා ජනතාවට කථාකොට අවසන් කළ පසු, එනම් ඔහු දෙවියන්වහන්සේ සමඟ උන්වහන්සේගේ අණ පනත් පැවැත්වීමට ගිවිසුමකට ඇතුළත්වූ සියලු අයවලුන්ගේ නම් ලබා ගැනීම යෝග්‍යයයි සිතුවේය.

2 තවද එය මෙසේ සිදුවිය, එනම් කුඩා දරුවන් හැර, ගිවිසුමට ඇතුළත් වී, ක්‍රිස්තුස්වහන්සේගේ නාමය ඔවුන් වෙතට නොගත් එක් ප්‍රාණයෙක්වත් එහි නොවීය.

3 තවද නැවත, එය මෙසේ සිදු විය, එනම් බෙන්ජමින් රජු මේ සියලු දේවල් අවසානයක් කළ පසු, තවද ඔහුගේ ජනතාවගේ රජු සහ පලකයා වීමට ඔහුගේ පුත් මොසායා කැප කරනු ලැබුවේය, තවද ඔහුට රාජධානිය සම්බන්ධව සියලු වගකීම් දෙනු ලැබුවේය, තවද ජනතාවට ඉගැන්වීම සඳහා පූජකවරුන්ද පත් කරන ලැබුවේය, එනම් ඒ කරණකොටගෙන ඔවුන් දෙවියන්වහන්සේගේ අණ පනත් ඇසීමට සහ දැනගැනීමටය, තවද ඔවුන් කරනු ලැබුවාවූ පොරොන්දුව සිහිකිරීමට ඔවුන්ව කළඹවන පිණිසය, ඔහු ජනසමූහය විසුරුවා හැරියේය, තවද ඔවුහු නැවත සියලු දෙනාම, ඔවුන්ගේ පවුල්වලට අනුව, ඔවුන් තමන්ගේ නිවෙස්වලට හැරී ගියෝය.

4 තවද මොසායා ඔහුගේ පියාගේ ස්ථානයේ රාජ්‍ය පාලනය කිරීමට පටන් ගත්තේය. තවද ඔහු රාජ්‍ය පාලනය ආරම්භ කරනු ලැබුවේ ඔහුගේ තිස්වන වසරේදීහීය, එනම් ලීහායි ජෙරුසලම හැර දමා අවුරුදු හාරසිය හැත්තෑ – හයක පමණ කාලයක් සම්පුර්ණ වු විටය.

5 තවද බෙන්ජමින් රජු අවුරුදු තුනක් ජීවත්වී තවද ඔහු මරණයට පත් විය.

6 තවද එය මෙසේ සිදුවිය, එනම් මොසායා රජු ස්වාමීන්වහන්සේගේ මාර්ගයන්හි ගමන් කළේය, තවද උන්වහන්සේගේ විනිශ්චයන් සහ ව්‍යවස්ථාව පැවැත්වූවේය, තවද උන්වහන්සේ ඔහු හට අණ කළ සියලු දේවල් වලදී උන්වහන්සේගේ අණ පනත් පිළිපැද්දේය.

7 තවද මොසායා රජු ඔහුගේ ජනතාවට පොළොවේ වගා කිරීමට සැලැස්සුවේය. තවද එනම් එය කරණකොටගෙන ඔහු තමාගේ ජනතාව හට බරක් නොවන පිණිසත්, එනම් ඔහුගේ පියා කළා වූ සියලු දේවල් වලට අනුකූලව කරන පිණිසත්, ඔහුද එසේම, ඔහු විසින්, පොළොව වගා කළේය. තවද ඔහුගේ මුළු ජනතාව අතරේ අවුරුදු තුනක කාලයක් තුළ එහි මතභේද නොවීය.