20 වන පරිච්ඡේදය
නෝවාගේ පූජකයන් විසින් සමහරක් ලේමන් ජාතික දියණියන් පැහැරගනු ලැබේ – ලේමන්වරුන් ලිම්හායි සහ ඔහුගේ ජනතාවට එරෙහිව යුද්ධ කරති – ලේමන්වරුන්ගේ හමුදාව පසුබට වී සන්සුන් කරනු ලැබේ. ක්‍රි.පූ. 145–123 පමණ.
1 දැන් ශෙම්ලොන් හහි ලේමන්වරුන්ගේ දූවරු ගායනා කිරීමට, නැටීමට සහ ප්‍රීති වීමට ඔවුනොවුන්ම එක්රැස් වූ ස්ථානයක් විය.
2 තවද එය මෙසේ සිදු විය, එනම් දවසක් ඔවුන්ගෙන් කිහිපදෙනෙකු නටන්නටත් ගයන්නටත් එක්රැස් වූවෝය.
3 තවද දැන් නෝවා රජුුුගේ පූජකයින්, නීෆායිගේ නගරයට ආපසු යාමට ලැජ්ජාවට පත්ව, එසේය, තවද ජනතාව ඔවුන් මරා දමනු ඇතැයි බියෙන්, එබැවින් ඔවුන්ගේ භාර්යාවන් හා ඔවුන්ගේ දරුවන් වෙත යාමට ඔවුන් අධෛර්යමත් වූවෝය.
4 තවද වනාන්තරයේ රැඳී සිටිනු ලැබ, තවද ලේමන්වරුන්ගේ දියණියන් සොයා ගනු ලැබ, ඔවුන් වැතිරී ඔවුන් දෙස බලා සිටියෝය;
5 තවද ඔවුන්ගෙන් කිහිපදෙනෙකු නර්තනයේ යෙදීමට රැස්ව සිටිනා විට, ඔවුන් සැඟව සිටි ස්ථානවලින් ඉදිරියට පැමිණ ඔවුන්ව රැගෙන වනාන්තරයට ගෙන ගියෝය; එසේය, ලේමන්වරුන්ගේ දියණියන් විස්සක් හා සතරක් ඔවුන් වනාන්තරයට ගෙන ගියෝය.
6 තවද එය මෙසේ සිදු විය, එනම් ලේමන්වරුන් ඔවුන්ගේ දියණියන් අතුරුදහන් ව ඇති බව දැනගත් විට, ඔවුන් ලිම්හායි ජනතාව සමඟ කෝපයට පත් විය, මක්නිසාද ඔවුහු ඒ ලිම්හායි ජනතාව යැයි සිතුවෝය.
7 එබැවින් ඔවුන් ඔවුන්ගේ සේනාවන් පිටත් කර යැව්වෝය; එසේය, රජු පවා තම ජනතාව ඉදිරියෙන් ගියේය; තවද ඔවුන් ලිම්හායි ජනතාව විනාශ කිරීම සඳහා නීෆායි දේශයට ගියෝය.
8 තවද දැන් ලිම්හායි ඔවුන්ව කුළුණේ සිට දුටුවේය, යුද්ධය සඳහා ඔවුන්ගේ සියලු සුදානම් ද පවා ඔහු දුටුවේය; එබැවින් ඔහු ඔහුගේ ජනතාව රැස් කළේය, තවද කෙත්වතුවල ද කැලෑවේ ද ඔවුන් වෙනුවෙන් සැඟව සිටියේය.
9 තවද එය මෙසේ සිදු විය, එනම්, ලේමන්වරුන් පැමිණි විට, ලිම්හායි ජනතාව ඔවුන්ගේ රැඳී සිටින ස්ථානවලින් ඔවුන්ට පහර දෙන්නට පටන් ගත්තෝය, තවද ඔවුන්ව මරා දමන්නට පටන් ගත්තෝය.
10 තවද එය මෙසේ සිදු විය, එනම් සටන බොහෝසෙයින් දරුණු විය, මක්නිසාද ඔවුන් සිංහයන් තම ගොදුර වෙනුවෙන් සටන් කරනවා මෙන් සටන් කළෝය.
11 තවද එය මෙසේ සිදු විය, එනම් ලිම්හායි ජනතාව ඔවුන් ඉදිරියේ ලේමන් ජාතිකයින්ව පලවා හරින්නට පටන් ගත්තෝය; එහෙත් ඔවුන් ලේමන්වරුන් මෙන් ගණනින් අඩක්වත් නොවීය. නමුත් ඔවුන් ඔවුන්ගේ ජීවිත වෙනුවෙන් ද, ඔවුන්ගේ භාර්යාවන් වෙනුවෙන් ද, ඔවුන්ගේ දරුවන් වෙනුවෙන් ද සටන් කළෝය; එබැවින් ඔවුන් වෙර දරා මකරන් මෙන් ඔවුන් සටන් කළෝය.
12 තවද එය මෙසේ සිදු විය, එනම් ඔවුන්ගේ මිය ගිය සංඛ්‍යව අතර ලේමන්වරුන්ගේ රජු ද සොයා ගැණුනි; එසේ වූවත් ඔහු මිය නොගොස්, තුවාල ලබා තවද පොළොව මත දමා ගොස් තිබුණි, ඔහුගේ ජනතාවගේ පලා යෑම එතරම් වේගවත් විය.
13 තවද ඔවුන් ඔහුව රැගෙන ඔහුගේ තුවාල බඳින ලදී, තවද ලිම්හායි ඉදිරියට ඔහුව ගෙනැවිත්, මෙසේ කීවෝය: බලව, මෙන්න ලේමන්වරුන්ගේ රජු; ඔහු තුවාල ලබා ඔවුන්ගේ මිය ගිය අය අතර වැටී සිටියේය, තවද ඔවුන් ඔහුව දමා ගොස්ය; තවද බලව, අපි ඔහුව නුඹ ඉදිරියට රැගෙන ආවෙමු; තවද දැන් අපි ඔහුව මරණයට පත් කරමු.
14 එහෙත් ලිම්හායි ඔවුන්ට මෙසේ පැවසුවේය: නුඹලා ඔහුව නොමරා, නමුත් මා ඔහු දකිනු පිණිස ඔහු මෙහි රැගෙන එව. තවද ඔවුන් ඔහු රැගෙන ආවේය. තවද ලිම්හායි ඔහුට මෙසේ පැවසුවේය: මාගේ ජනතාවට විරුද්ධව යුද්ධයට නුඹ කුමන හේතුවක් නිසා පැමිණියේ ද? බලව, මාගේ ජනතාව මා නුඹ හට කළා වූ දිවුරුම කඩ කර නොමැත; එබැවින්, නුඹ මාගේ ජනතාව හට කළා වු දිවුරුම කඩ කළ යුත්තේ ඇයි?
15 තවද දැන් රජු මෙසේ කීවේය: මාගේ ජනතාවගේ දියණියන් නුඹේ ජනතාව ගෙන ගිය බැවින් මම දිවුරුම කඩ කළෙමි; එබැවින්, මාගේ කෝපයෙන් මම මාගේ ජනතාව නුඹගේ ජනතාවට විරුද්ධව යුද්ධයට පැමිණීමට සැලැස්සුවෙමි.
16 තවද දැන් ලිම්හායි මෙම කාරණාව ගැන කිසිවක් අසා තිබුණේ නැත; එබැවින් ඔහු කීවේය: මම මාගේ ජනතාව අතරේ සොයන්නෙමි තවද යම්කෙනෙක් මේ දේ කළේ ද ඔහු විනාශ වන්නේය. එබැවින් ඔහු තම ජනතාව අතරේ සෝදිසි කිරීමක් සැලැස්වූවේය.
17 දැන් ගිඩියොන් මේ දේවල් අසා, ඔහු රජුගේ කපිතාන් වන බැවින්, ඔහු ඉදිරියට ගොස් රජුට කතා කොට: මම නුඹෙන් ආයාචනා කරමි, තවද මෙම ජනතාව සෝදිසි නොකරන්න, තවද මේ දෙයට ඔවුන්ට චෝදනා නොකරන්න.
18 මක්නිසාද මේ ජනතාව විනාශ කිරීමට උත්සාහ කළ, නුඹේ පියාගේ පූජකයන් නුඹට සිහිපත් නොවන්නේ ද? ඔවුන් වනාන්තරයේ නොවේ ද? තවද ලේමන්වරුන්ගේ දියණියන් සොරකම් කළ අය ඔවුන් නොවේ ද?
19 තවද දැන්, බලව, තවද මෙම කාරණා ගැන රජුට පවසන්න, එනම් ඔහු තම ජනතාවට පවසාවි ඔවුන් අප කෙරෙහී සන්සුන් වන පිණිස; මක්නිසාද බලව ඔවුන් දැනටමත් අපට විරුද්ධව පැමිණීමට සූදානම්ව සිටිති; තවද බලව එසේය ඇත්තේ අප කිහිප දෙනෙක් පමණි.
20 තවද බලව, ඔවුන් ඔවුන්ගේ විශාල සේනා සමඟ පැමිණෙති; තවද රජු ඔවුන් අප වෙත සන්සුන් කරනවා හැර, අප විනාශ විය යුතුය.
21 මක්නිසාද අපට විරුද්ධව අනාවැකි කියූ, අබිනඩායිගේ වචන ඉටු වී නොමැති ද – තවද මේ සියල්ල අප ස්වාමින්වහන්සේගේ වචනවලට ඇහුම්කන් නොදී අපගේ අයුතුකම්වලින් හැරී නොයන නිසා ද?
22 තවද දැන් අපි රජු සන්සුන් කරමු, අපි ඔහු හට කළ දිවුරුම ඉටු කරමු; මක්නිසාද අප අපගේ ජීවිත අහිමි කර ගන්නවාට වඩා වහල්භාවයේ සිටීම යහපත් වන්නේය; එබැවින්, අපි මෙතරම් රුධිරය වැගිරවීම නතර කරමු.
23 තවද දැන් ලිම්හායි රජුට ඔහුගේ පියා පිළිබඳ සියලු දේ ද, තවද වනාන්තරයට පලා ගිය පූජකයන් ගැන ද රජුට දැන්වීය, තවද ඔවුන්ගේ දියණියන් රැගෙන යාම ඔවුන් හට පැවරුවේය.
24 තවද එය මෙසේ සිදු විය, එනම් රජු තම ජනතාව කෙරෙහි සන්සුන් විය; තවද ඔහු ඔවුන්ට කතා කොට: ආයුධ නැතිව, මාගේ ජනතාව හමුවීමට පිටත්ව යමු; මාගේ ජනතාව නුඹගේ ජනතාව මරන්නේ නැති බවට මම නුඹට දිවුරුමක් සහතික කරමි.
25 තවද එය මෙසේ සිදු විය, එනම් ඔවුන් රජු පසුපස ගොස් ලේමන්වරුන් හමුවීමට ආයුධ නොමැතිව පිටත්ව ගියෝය. තවද එය මෙසේ සිදු විය, එනම් ඔවුහු ලේමන්වරුන් මුණගැසුුණි; තවද ලේමන්වරුන්ගේ රජු ඔවුන් ඉදිරියෙහි වැඳ වැටී, ලිම්හායි ජනතාව වෙනුවෙන් ආයාචනා කළේය.
26 තවද ලේමන්වරුන් ලිම්හායිගේ ජනතාව දුටු විට, ඔවුන් ආයුධ නැතිව සිටි බව, ඔවුන් හට ඔවුන්ට අනුකම්පාව ඇතිව ඔවුන් කෙරෙහි සන්සුන් වී, තවද ඔවුන්ගේ රජු සමඟ සාමයෙන් තම දේශයට ආපසු ගියෝය.