2 වන පරිච්ඡේදය
බෙන්ජමින් රජතුමා ඔහුගේ ජනතාව අමතයි – ඔහු ඔහුගේ රාජ්‍ය කාලයෙහි සමානත්වය, සාධාරණත්වය සහ ආත්මිකත්වය විස්තර කරයි – ඔහු ඔවුන්ට ඔවුන්ගේ ස්වර්ගික රජුන්ට සේවය කිරීමට උපදෙස් දෙයි – දෙවියන්වහන්සේට විරුද්ධව කැරලිගසන්නෝ සංවේගයේ නොනිවෙන ගින්නෙන් දුක් විඳිනු ලබන්නෝය. ක්‍රි.පූ. 124 පමණ.
1 තවද එය මෙසේ සිදු විය, එනම් මොසායා ඔහුගේ පියා ඔහුට අණ කළ ලෙස කළ පසුව, තවද දේශය මුළුල්ලේම ප්‍රකාශයක් කළේය, එනම් ඔවුන් හට බෙන්ජමින් රජු කථා කරන්නා වූ වචන ඇසීමට දේවමාළිගාවට යාම සඳහා, එනම් ජනතාව ඔවුන් සියල්ලෝම දේශය මුළුල්ලේම එක්ව රැස්වූහ.
2 තවද එහි බලවත් සංඛ්‍යාවක් විය, එනම් ඔවුන්ට ගණන් නොකිරීමට පවා වූ ඉතා බොහෝමයක් අය විය; මක්නිසාද ඔවුහු බෙහෙවින් වර්ධනය වී තවද දේශයෙහි බලවත් ලෙස වැඩි වූහ.
3 තවද මෝසෙස්ගේ නීතියට අනුව එනම් ඔවුන් පූජාවන් සහ දවන පූජාවන් ඔප්පු කිරීමට, ඔවුන් ඔවුන්ගේ රැලවල් වලින් කුලුඳුලන්ද ගෙන ගියෝය.
4 තවද එසේම එනම් ඔවුන්ව ජෙරුසලම් දේශයෙන් පිටතට ගෙන ආවා වූද, ඔවුන්ගේ සතුරන්ගේ අත්වලින් මුදවා ගත්තා වූද, ඔවුන්ගේ ගුරුවරුන් වීමට ධර්මිෂ්ඨ මනුෂ්‍යයන් පත් කළා වූද, එසේම ඔවුන්ගේ රජු ලෙස ධර්මිෂ්ඨ මනුෂ්‍යයෙකු පත් කළා වූද, සරහෙම්ලා දේශයේ සාමදානය පිහිටුවූවද, තවද ඔවුන්ට දෙවියන්වහන්සේගේ අණපනත් පිළිපැදීමට ඉගැන්වුවද දෙවි වූ ඔවුන්ගේ ස්වාමීන්වහන්සේට ස්තූති කරන පිණිසත්, එනම් ඔවුන් ප්‍රීති වෙමින් දෙවියන්වහන්සේට සහ සියලු මනුෂ්‍යයන්ටත් ප්‍රේමයෙන් පිරී සිටින පිණිසත්ය.
5 තවද එය මෙසේ සිදු විය, එනම් ඔවුන් දේවමාළිගාව වෙත පැමිණි විට, ඔවුන් ඔවුන්ගේ කූඩාරම් අවට පිහිටුවෝය, සියලු මනුෂ්‍යයන් ඔහුගේ පවුල් වලට අනුව, ඔහුගේ භාර්යාව ඇතුළුව, තවද ඔහුගේ පුත්‍රයන්ද, තවද ඔහුගේ දියණියන්ද, තවද ඔවුන්ගේ පුත්‍රයන්ද, තවද ඔවුන්ගේ දියණියන්ද, වැඩිමහල්ලා සිට බාලයා දක්වා, සෑම පවුලක්ම එකිනෙකාට වෙන් වෙන්ව සිටියෝය.
6 තවද සෑම මනුෂ්‍යයෙකුම ඔහුගේ කූඩාරමේ එහිවූ දොර දේවමාළිගාව ඉදිරිපිටට තිබෙන ලෙස, ඔවුන් ඔවුන්ගේ කූඩාරම් දේවමාළිගාව වටා පිහිටුවෝය, එනම් එය කරණකොටගෙන ඔවුන් කූඩාරම තුළ සිටිමින් බෙන්ජමින් රජතුමා ඔවුන් හට පවසන්නා වූ වචන අසන පිණිස ය.
7 මක්නිසාද ජනසමූහයා ඉතා මහත් වූ හෙයින් බෙන්ජමින් රජුට ඔවුන් සියලුදෙනාටම දේවමාළිගාවේ පවුරු සීමාව තුළ ඉගැන්වීමට නොහැකි විය, එසේහෙයින් ඔහු කුළුනක් ඉදිකිරීමට සැලසුවේය, එනම් ඒ කරණකොටගෙන ඔහුගේ ජනතාව වෙත ඔහු කථා කරන්නා වූ වචන ඇසිය හැකි වනු පිණිසය.
8 තවද එය මෙසේ සිදුවිය එනම් ඔහු ඔහුගේ ජනතාවට කුළුනේ සිට කථා කිරීමට පටන්ගත්තේය; තවද ජනසමූහයේ බලවත්කම නිසාවෙන් ඔවුන්ට ඔහුගේ සියලු වචන ඇසීමට නොහැකිවිය; එසේහෙයින් එනම් ඔවුන්ටද ඔහුගේ වචන ලබාගැනීමට, ඔහුගේ හඬ ශබ්දය නොඇසෙන මානයේ සිටින්නන්ට ඔහු කථා කළ වචනය ලියවා යැවීමට සැලසුවේය.
9 තවද ඔහු පවසමින්, ලිවීමට සැලැස්වූ සහ කථා කළාවූ වචන මේවා විය: මාගේ සහෝදරයනි, එනම් මා නුඹලාට අද දවසේදී කථා කරන්නාවූ වචන ඇසෙන්නා වූ නුඹලාටය, තම තමන්ව එක්රැස් කරගත්තා වූ සියලු අයවලුන්ටය; මක්නිසාද මා නුඹලාට මෙතැනට පැමිණීමට අණ කළේ මා කථාකරන්නාවූ වචන සුළුකොට තැකීමට නොව, එහෙත් එනම් නුඹලා මා හට සවන් දෙමින්, තවද නුඹලා අසන පිණිස නුඹලාගේ කන් ද, නුඹලා තේරුම්ගන්නා පිණිස නුඹලාගේ හදවත් ද, තවද එනම් දෙවියන්වහන්සේගේ අභිරහස් නුඹලාගේ දැකීමට එළිදරව් කරන පිණිස නුඹලාගේ මනස ද විවෘත කරනු පිණිසත් ය.
10 නුඹලා මෙතැනට පැමිණ එනම් මට භය වීමට, හෝ එනම් නුඹලා මම මැරෙනසුලු මනුෂ්‍යයෙකුට වැඩියයි මම පිළිබඳව සිතීමට මම නුඹලාට අණ නොකළෙමි.
11 නමුත් මා නුඹලා මෙන්ම, ශරීරයෙන් සහ මනසින් සියලු ආකාර දුර්වලකම් වලට යටත් අයෙකි; එහෙත් මා මෙම ජනතාව විසින් තෝරාගනු ලැබ, තවද මාගේ පියා විසින් කැපකරනු ලැබ ද, තවද මෙම ජනතාව වෙත පාලකයෙකු සහ රජෙකු වීමට ස්වාමීන්වහන්සේගේ හස්තයෙන් අවසර ලැබුවෙමි; තවද ස්වාමීන්වහන්සේ වෙතින් මා හට ලබා දී ඇති, සියලු බලයෙන්, මනසින් සහ ශක්තියෙන්, නුඹලාට සේවය කිරීම පිණිස, උන්වහන්සේගේ සම කළ නොහැකි බලයෙන් ආරක්ෂා කර රැකගනු ලැබුවෙමි.
12 මම නුඹලාට කියමි, එනම් නුඹලාගේ සේවය උදෙසා මාගේ දවස් ගත කිරීමට මම දුක්පීඩා වින්දෙමි, තවද නුඹලා වෙතින් මෙම කාලය දක්වා වුවත්, රත්‍රන් හෝ රිදී හෝ කිසි ආකාරයක පොහොසත්කම් නොසෙවුවෙමි.
13 එනම් නුඹලාව ඇඳිරිගෙවල් වල සිර කිරීමට හෝ, එනම් නුඹලා එකෙකු අනෙකාව වහළුන් කිරීමටද, නොහොත් එනම් නුඹලා මිනීමැරීමටද, නොහොත් කොල්ලකෑමටත්, නොහොත් සොරා කෑමටත්, නොහොත් කාමමිථ්‍යාචාරයේ යෙදීමටවත් මා ඉඩ නොදුන්නෙමි; නැතහොත් නුඹලා කිසිදු ආකාරයේ දුෂ්ඨකමක් කිරීමටද මම ඉඩ නොදුන්නෙමි, තවද උන්වහන්සේ නුඹලාට අණ කළ සියලු දේවල් පිළිබඳව, නුඹලා ස්වාමීන්වහන්සේගේ අණ පනත් පැවැත්විය යුතු බව ඉගැන්වූවෙමි –
14 තවද මම වුවත්, තවද එනම් නුඹලා බදු වලින් බර නොකරන පිණිසත්, තවද එනම් එහි නුඹලාට දරා ගැනීමට අපහසු කිසිවක් නොතිබෙන පිණිසත්, මාගේ ස්වකීය හස්තයෙන් නුඹලාට සේවය කරන පිණිස මම විසින්ම වෙහෙසුනෙමි – තවද මම නුඹලාට පවසන ලද සියලු දේවල් උදෙසා, නුඹලා නුඹලා විසින්ම මේ දවසේ සාක්ෂිකරුවන් වන්නෝය.
15 එහෙත්, මාගේ සහෝදරයනි, මම මෙම දේවල් සිදු කරන ලද්දේ මා පාරට්ටු කරගැනීමට ද නොව, නැතහොත් මෙම දේවල් කියන්නේ එනම් ඒ කරණකොටගෙන නුඹලාට මා වරද තැබීමට ද නොවේය; එහෙත් මා මෙම දේවල් පවසන්නේ එනම් මෙම දවසේ දෙවියන්වහන්සේ ඉදිරියේ මට පැහැදිලි හෘද සාක්ෂියකින් පිළිතුරු දීමට හැකි බව නුඹලා දැනගන්නා පිණිස ය.
16 බලව, මම නුඹලාට කියන්නේ එනම් මක්නිසාද මම මාගේ දවස් නුඹලාගේ සේවය සඳහා ගත කළ බව නුඹලාට කී හෙයිනි, මක්නිසාදයත් මම දෙවියන්වහන්සේගේ සේවයෙහි පමණක් යෙදී සිටි නිසාවෙන්, මම පාරට්ටු කරගැනීමට ආශා නොවන්නෙමි.
17 තවද බලව, නුඹලා ප්‍රඥාව ඉගෙන ගන්නා පිණිස බලව මෙම දේවල් නුඹලාට කියන්නෙමි; එනම් නුඹලා නුඹලාගේ සහෝදර මනුෂ්‍යයන්ගේ සේවයෙහි යෙදී සිටින විට නුඹලා දෙවියන්වහන්සේගේ සේවයෙහි පමණක් යෙදී සිටින බව නුඹලා ඉගෙන ගන්නා පිණිස ය.
18 බලව, නුඹලා මා නුඹලාගේ රජුවීමට කැඳවා ඇත; නුඹලාගේ රජු ලෙස කථා කරන්නාවූ මා, නුඹලාට සේවය කිරීමට වෙහෙසෙමින් එසේ කරන්නේ නම්, එවිට නුඹලා එකිනෙකාට සේවය කිරීමට යුතු නොවන්නේ ද?
19 තවද බලව එසේම, නුඹලා රජු ලෙස කථාකරන්නා වූ, මාගේ සියලු දවස් නුඹලාගේ සේවයෙහි ගත කෙරුවාවූ, මම, තවමත් දෙවියන්වහන්සේගේ සේවයෙහි යෙදි සිටින්නේ නම්, නුඹලා කෙරෙන් කිසි ගුණ ස්තූතියක් වන්නේ නම්, අහෝ නුඹලාගේ ස්වර්ගීක රජුන්ට නුඹලා කෙතරම් ස්තූතිවන්ත විය යුතුද!
20 මම නුඹලාට කියන්නෙමි, මාගේ සහෝදරයනි, නුඹලාව මැවුවාවූද, නුඹලාව ආරක්ෂා කරමින් සහ රැකගනිමින්ද, නුඹලාගේ ප්‍රීතියට ඉඩ සලස්වාලමින්ද, නුඹලා එකිනෙකා සමඟ සමාදානයෙන් ජීවත්වීමට ඉඩ ලබා දුන්නාවූද, එම දෙවියන්වහන්සේට නුඹලාගේ මුළු ප්‍රාණයේ ඇත්තාවූ සියලු ස්තූතිය සහ ප්‍රශංසාව ලබා දෙන්න –
21 මම නුඹලාට කියන්නෙමි, එනම් පටන්ගැන්මේ සිටම නුඹලා මැවුවාවූ, තවද දවසෙන් දවස නුඹලාව රැකගනිමින්, එනම් නුඹලාගේ ස්වකීය කැමැත්තට අනුකුලව නුඹලාට ජීවත් වීමට සහ ක්‍රියා කිරීමට, නුඹලාට හුස්ම ලබා දෙමින්, තවද එක මොහොතක සිට අනෙකට නුඹලා හට පිහිට වෙන්නාවූ තැනැන්වහන්සේ හට සේවය කරන්නේ වුවද – නුඹලා නුඹලාගේ මුළු ප්‍රාණයන්ගෙන් උන්වහන්සේ හට සේවය කළ ද නුඹලා නිෂ්ප්‍රයෝජන සේවකයෝ යැයි, මම කියන්නෙමි.
22 තවද බලව, එනම් උන්වහන්සේ නුඹලාගෙන් බලාපොරොත්තු වන්නේ උන්වහන්සේගේ අණ පනත් පිළිපැදීම පමණි; තවද නුඹලා උන්වහන්සේගේ අණ පනත් පිළිපදින්නේ නම්, නුඹලා දේශයේ සමෘද්ධිමත් වන බවට උන්වහන්සේ නුඹලා හට පොරොන්දු වී ඇති සේක; තවද උන්වහන්සේ කිසිවිටෙකත් උන්වහන්සේ පැවසූ දෙයින් වෙනස් නොවන්නේය; එසේහෙයින්, නුඹලා උන්වහන්සේගේ අණ පනත් පිළිපදින්නේ නම් උන්වහන්සේ නුඹලාට ආශීර්වාද කොට නුඹලාව සමෘද්ධිමත් කරන සේක.
23 තවද දැන්, පළමු කොට, උන්වහන්සේ නුඹලාව මවා ඇති සේක, තවද නුඹලාට නුඹලාගේ ජීවිතය ලබා දී ඇති සේක, ඒම නිසාවෙන් නුඹලා උන්වහන්සේට ණය ගැත්තෝ වන්නෝය.
24 තවද දෙවනුව, උන්වහන්සේ හට අවශ්‍ය වන්නේ එනම් නුඹලාට උන්වහන්සේ අණ කළ ලෙසට නුඹලා කිරීමය. මක්නිසාද නුඹලා එසේ කරන්නේ නම්, උන්වහන්සේ සැණෙකින්ම නුඹලා හට ආශීර්වාද කරන සේක; තවද එසේහෙයින් උන්වහන්සේ නුඹලා ගෙවා ඇත්තේය. තවද නුඹලා දැනටත්, ඉදිරියටත්, තවද සදාකාලයෙන් සදාකාලයටත් උන්වහන්සේ හට ණය ගැති වන්නේය; එසේහෙයින්, කුමක් සඳහා නුඹලා පාරට්ටු කරගන්නෙහුද?
25 තවද දැන් මම අසන්නෙමි, නුඹලාට නුඹලා ගැන කිසිවක් පැවසිය හැකිද? නැත යයි, මම නුඹලාට උත්තර දෙමි. නුඹලා පොළොවේ දූවිල්ල මෙන් වන්නේය කියා නුඹලාට එසේ කිව නොහැක්කේය; එහෙත් නුඹලාව පොළොවේ දූවිල්ලෙන් මවා ඇත්තේය; එහෙත් බලව, එය අයත් වන්නේ නුඹලාව මවනු ලැබු තැනැන්වහන්සේට ය.
26 තවද මම, නුඹලා නුඹලාගේ රජු ලෙස හඳුන්වන්නාවූ, මම පවා, නුඹලාට වඩා යහපත් නොවන්නෙමි; මක්නිසාද මමද එසේම දූවිල්ලෙන් වන්නෙමි. තවද මම වයසට ගොස් ඇති බවත්, මෙම මැරෙනසුලු රාමුව එහි මව වූ පොළොවට භාර දීමට ආසන්න බවත් නුඹලා දකින්නෝය.
27 එසේහෙයින්, මම දෙවියන්වහන්සේගේ විනිශ්චය ලැබීමට සිටගන්නා විට නුඹලා සම්බන්ධයෙන් දෙවියන්වහන්සේ මට අණ කළා වූ දේවල් පිළිබඳව, එනම් මා නුඹලාට කී ලෙසම මම නුඹලාට සේවය කළ බවත්, මම දෙවියන්වහන්සේගේ අභිමුඛයෙහි නිරවුල් හෘදය සාක්ෂියක් ඇතුව ගමන් කරමින්, එනම් මම නිර්දෝෂී භාවයෙන් පෙනී සිටීමටත්, තවද එනම් නුඹලාගේ ලේ මා මතට නොපැමිණෙන පිණිසත්, මා මෙම අවස්ථාවේදී පවා එනම් නුඹලාව එකට එක්රැස් වීමට සැලැස්විය යුතුවන්නේය.
28 මම නුඹලාට කියන්නෙමි මම මාගේ සොහොනට බැස යාමට යන මෙම කාල පරිච්ඡේදයේදී, එනම් මම සමාදානයෙන් බැස යන පිණිසත්, තවද මාගේ අමරණීය ආත්මය සාධාරණ වූ දෙවියන්වහන්සේගේ ප්‍රශංසාවන් ගායනා කිරීමට ඉහළින් ඇති ගීතිකා කණ්ඩායමට සම්බන්ධ වන පිණිසත්, එනම් මම නුඹලාගේ ලෙයින් මාගේ වස්ත්‍ර ඉවත් කර ගැනීම පිණිස මම නුඹලාව එකට එක්රැස් වීමට සැලැස්වූවෙමි.
29 තවද තවදුරටත්, මම නුඹලාට කියන්නෙමි එනම් මම නුඹලා එක්රැස් වීමට සලස්වනු ලැබුවේ, එනම් මට තවදුරටත් නුඹලාගේ ගුරුවරයා හෝ නුඹලාගේ රජු වීමට නොහැකි බව නුඹලාට ප්‍රකාශ කරන පිණිස ය.
30 මක්නිසාද මේ අවස්ථාවේදී වූවත්, නුඹලාට කථා කිරීමට උත්සාහ කරන විට මාගේ සම්පුර්ණ රාමුව බෙහෙවින් වෙව්ලන්නේය; එහෙත් දෙවි වූ ස්වාමීන්වහන්සේ මා හට උපකාර කරන සේක, තවද එනම් මා නුඹලාට කථා කරන පිණිස අවසර දී, එනම් මාගේ පුත්‍ර වූ මොසායා නුඹලා කෙරෙහි රජෙකු සහ පාලකයෙකු බව, මෙම දවසේදී නුඹලාට ප්‍රකාශ කළ යුතු බවට මා හට අණ කළ සේක.
31 තවද දැන්, මාගේ සහෝදරයනි, එනම් නුඹලා මෙතෙක් කළ ඇති ආකාරයටම නුඹලා කරනවාට මම කැමැත්තෙමි. නුඹලා මාගේ අණ ද, තවද මාගේ පියාණන්ගේ අණ ද පිළිපැද, තවද සමෘද්ධිමත් වූවාක් මෙන්, තවද නුඹලාගේ සතුරන්ගේ අතට නොවැටී සිටීමටද, නුඹලා මාගේ පුත්‍රයාගේ අණ හෝ ඔහු විසින් නුඹලාට වෙතට දෙනු ලබන්නාවු දෙවියන්වහන්සේගේ අණ පනත් පවා පිළිපදින්නහු නම්, නුඹලා දේශයේ සමෘද්ධිමත් වනු ඇත, තවද නුඹලාගේ සතුරන්ට නුඹලා කෙරෙහි බලයක් නොමැති වන්නේය.
32 එහෙත්, අහෝ මාගේ ජනතාවෙනි, නුඹලා අතර මතභේද ඇති නොවීමටත්, මාගේ පියා වූ මොසායා විසින් පැවසු පරිදි, නපුරු ආත්මයට කීකරු නොවීමටත් නුඹලා වග බලාගන්න.
33 මක්නිසාද බලව, එම ආත්මයට කීකරු වීමට කැමති තැනැත්තාට දුක් වීම එහි ප්‍රකාශ කොට ඇත්තේය; මක්නිසාද ඔහු කීකරු වීමට කැමතිවන්නේ ඔහුට නම්, තවද ඔහුගේ පාපයේ රැඳී සිටිමින් මරණයට පත් වුහොත්, ඔහු තාමාගේම ප්‍රාණයට සදාකාලික විනාශය පානය කරන්නේය; ඔහු තමාගේම දැනුමට පටහැනීම දෙවියන්වහන්සේගේ ව්‍යවස්ථාව උල්ලංඝණය කර ඇත්තේය, මක්නිසාද ඔහුට සදාකාලික දඬුවමක් ලෙස ඔහුගේ වේතනය ලැබෙන්නේය.
34 මම නුඹලාට කියන්නෙමි, එනම් නුඹලාගේ කුඩා දරුවන් මිස මෙම දේවල් සම්බන්ධයෙන් උගන්වා නැති කිසිවෙක් නුඹලා අතරේ නොවන්නේය, එනම් නුඹලා සතු සියල්ලද සිටින්නාවූ සියල්ලන්ද උන්වහන්සේ හට පිරිනමන පිණිස, එනම් නුඹලා නුඹලාගේ ස්වර්ගික පියාණන්වහන්සේ හට සදාකාලිකවම ණයගැති යැයි දන්නෝය; තවද අපගේ පියා වන, ලීහායි, ජෙරුසලම හැර ගියාවූ කාලය තෙක්, ශුද්ධ වූ අනාගතවක්තෘවරුන් විසින් කථා කරන ලද අනාවැකි අඩංගු වාර්තා සම්බන්ධයෙන් උගන්වා ඇත්තේය;
35 තවද එසේම, එනම් මේ දක්වා අපගේ පියවරුන් විසින් සියල්ලම පවසා ඇත්තේය. තවද බලන්න, එනම් ඔවුන්ද එසේම, ස්වාමීන්වහන්සේ ඔවුන්ට අණ කළාවූ දේ කථා කළෝය; එසේහෙයින්, ඒවා සාධාරණ හා සත්‍යය වන්නේය.
36 තවද දැන්, මාගේ සහෝදරයනි, මම නුඹලාට කියන්නෙමි, එනම් මෙම සියලු දෙවල් නුඹලා විසින් දැනගෙන සහ උගන්වනු ලැබුවාට පසු, එනම් නුඹලාට කථා කරනු ලැබු දෙයට පටහැනිව සහ පව් කරන්නේනම්, නුඹලා නුඹලාවම එනම් ස්වාමීන්වහන්සේගේ ආත්මයෙන් ඉවත් කරගන්නෝය, එනම් නුඹලාව ප්‍රඥාවන්ත මාර්ගයන්හි රැගෙන යාමට, ආශිර්වාදයන් ලබාගැනීමට, සමෘධිමත් වීමට සහ ආරක්ෂා කිරීමට එය හට නුඹලා තුළ ස්ථානයක් නොලැබෙන්නේය –
37 මම නුඹලාට කියන්නෙමි, එනම් මෙය කරන්නාවූ මනුෂ්‍යයා, ඔහුම දෙවියන්වහන්සේට විරුද්ධව කැරළි ගැසීමට පිටතට පැමිණෙන්නේය; එසේහෙයින් ඔහු නපුරු ආත්මයට සවන් දෙමින් කීකරු වන අතර, තවද සියලු ධර්මිෂ්ඨකමට සතුරෙකු බවට පත්වන්නේය.
38 එසේහෙයින් එම මනුෂ්‍යා පසුතැවිලි නොවී, තවද දෙවියන්වහන්සේ හට සතුරෙකු ලෙස රැඳී සිට මරණයට පත් වන්නේ නම්, දිව්‍යමය සාධාරණත්වයේ ඉල්ලීම් ඔහුගේ අමරණීය ප්‍රාණය ඔහුගේම වරදකාරිත්වය පිළිබඳ තියුණු හැඟීමකට අවදි කරන අතර, එය ඔහුව ස්වාමීන්වහන්සේගේ අභිමුඛයෙන් හැකිලීමට හේතුව වන්නේය, තවද එහි ගිණිඳළු සාදාකාලයෙන් සාදාකලයට ඉහල නගින්නාවු අතර, නොනිවෙන ගින්නක් වැනි, වේදනාවකින්ද, සංවේගයකින් සහ වරදකාරිත්වයකින් ඔහුගේ ළය පුරවන්නේය.
39 තවද දැන් මම නුඹලාට කියන්නෙමි, එනම් කරුණාව එම මනුෂ්‍යා කෙරෙහි අයිවාසිකම් නොකියන්නේය; එසේහෙයින් ඔහුගේ අවසාන විනාශය වන්නේ නිමක් නොමැති වද වේදනා – විදීමටය.
40 අහෝ, සියලුම මහළු පුරුෂයන් වූ නුඹලා, තවද එසේම තරුණ පුරුෂයන් වූ නුඹලා, තවද මාගේ වචන තේරුම් ගත හැකි කුඩා දරුවන් වූ නුඹලා, මක්නිසාද මම නුඹලාට තේරුම් ගත හැකි වන පරිදි සරලව නුඹලාට කථා කර ඇත්තේය, එනම් පාපයට තුළට වැටි සිටින්නන්ගේ භයානක තත්වය සිහිපත් කිරීමකට නුඹලා අවදි වන පිණිස මම යාච්ඤා කරන්නෙමි.
41 තවද තවදුරටත්, දෙවියන්වහන්සේගේ අණ පනත් පිළිපදින්නාවූු අයගේ ආශීර්වාදමත් හා සන්තෝෂවත් ස්වභාවය පිළිබඳ නුඹලා සලකා බලනවාට මම කැමැත්තෙමි. මක්නිසාද බලන්න, ඔවුන් ලෞකික හා අධ්‍යාත්මික යන සෑම දෙයකදීම ආශීර්වාද ලබා ඇත්තෝය; තවද ඔවුන් අවසානය දක්වා ඇදිහිලිවන්තව සිටින්නේ නම් ඔවුන්ව ස්වර්ගය තුළට ලබාගන්නේය, එනම් එමගින් ඔවුන් දෙවියන්වහන්සේ සමඟ නිමක් නැති – සතුටකින් වාසය කරනු ඇත්තේය. අහෝ එනම් මෙම දේවල් සත්‍ය බව මතක තබාගන්න, මතක තබාගන්න; මක්නිසාද දෙවි වූ ස්වාමීන්වහන්සේ එය පවසා ඇති සේක.